IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අගමැතිගේ ඉල්ලීම විග්නේෂ්වරන් ප්‍රතික්ෂේප කරයි

(රොමේෂ් මධුෂංඛ)

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතා පෙරමුණ සමඟ තනිව සාකච්ජා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම පක්ෂයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසීය.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විසින් උතුරු නැගෙනහිර දේශපාලන ගැටලුව වෙනුවෙන් විසඳුම් ඉල්ලා යෝජනාවලියක් ජනාධිපති අපේක්ෂකයින් වෙත ලබාදීමට පියවර ගෙන ඇති අවස්ථාවක අදාළ සියලු පක්ෂ එක්ව සාකච්ඡාවක් සිදුකරන්නේ නම් පමණක් තම පක්ෂය ද එක්වන බවට එක්සත් ජාතික පක්ෂ නායකයාට දැනුම් දුන් බවද සී.වී.විග්නේශ්වරන් මහතා කීය.

කණ්ඩායමක් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ පහක් එකාබද්ධව එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් හට කරුණු 13 ක් ඇතුළත් යෝජනාවලියක් සකස් කර ඇති අතර ජනාධිපතිවරණයේ දී සහය දීම සම්බන්ධයෙන් එම කණ්ඩායම සමඟ පමණක් සාකච්ජා කිරිමට තම පක්ෂය බලාපොරොත්තු වන බවද විග්නේශ්වරන් මහතා පැවසීය.

විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලැබෙන යෝජනාවලිය වෙනුවෙන් එකඟතාවය ප්‍රකාශ කරන අපේක්ෂකයා වෙනුවෙන් පමණක් දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීම මත සිදුකළ සාකච්ජාවකින් පසුව  ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජනතා පෙරමුණේ නායක සි.වි.විග්නේශ්වරන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර හා ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරුන් විසින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපත් කළ කොන්දේසි 13 කින් යුතු යෝජනාවලිය වෙනුවෙන් සාමුහික කැමැත්ත පළ කරමින් අදාළ යෝජනාවලිය වෙනුවෙන් පසුගියදා අත්සන් කිරීම සිදුකෙරිණි.



අදහස් (37)

අගමැතිගේ ඉල්ලීම විග්නේෂ්වරන් ප්‍රතික්ෂේප කරයි

Perera Monday, 21 October 2019 06:34 AM

මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ... ඇයි හැමෝම එකතුවෙලා එකට ජීවත් වෙන්න බැරි? අර කෑල්ල මට ඕනෙ... මේක මට ඕනෙ කියකියා ඉන්නවා. දෙමළ අය හැමෝම එහෙමද කල්පනා කරන්නේ..? නැත්නම් මේ අය විතරක්ද?

:       1       336

sujithMonday, 21 October 2019 07:35 AM

මම කියන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා සාකච්ඡා කරලා දෙන්නටම එකඟ වෙන්න පුළුවන් පොදු කරුණු වලට විතරක් එකඟ වෙන්න ඕනේ...

:       266       32

samanMonday, 21 October 2019 08:53 AM

විගී, සපෝට් කරන්නේ වාසු මස්සිනාට ඒ කියන්නේ පොහොට්ටුවට...

:       738       755

Kumar (Gulf) Monday, 21 October 2019 06:00 PM

මේ ඉන්දියාවේ ඕනාකමට කරන අය, ලංකාවේ දෙමල මිනිස්සුන්ට මේ අසනීපෙ නෑ.

:       1       77

සරත් Monday, 21 October 2019 06:46 AM

කලයුත්තේ ප්‍රදාන පක්ෂ දෙකම මෙම යෝජනා ප්‍රතික්ෂේප කිරීමයි.

:       12       667

සමන් - ඕමානයMonday, 21 October 2019 07:59 AM

රනිල්ගේ කූට අදහස නම් පැහැදිලියි. අනෙකුත් ප්‍රදේශ වල රට වැසියන්, තමන්ගේ ඡන්ද දායකයින්, ආධාර කරුවන් හා දේශපාලකයින්ගේ ඇස් වසලා, උතුරේ දෙමල පක්ෂ සමග තනියෙන් සාකච්ඡා කරලා, හෙමින් සීරුවේ එම පක්ෂ වල ඉල්ලීම් සියල්ලටම එකඟ වෙන්න. එතකොට දකුණේ ඡන්ද කැඩෙන්නේත් නෑ. දෙමල ඡන්ද ටිකත් ලැබෙනවා. බලයට ආවොත් ඉල්ලීම් ටික ඔක්කොම දෙනවා.

:       602       1357

JagathMonday, 21 October 2019 11:07 AM

ජනතාව ඉතාමත් බුද්ධිමත් බව ඔබගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා..

:       25       297

tikiriWednesday, 23 October 2019 11:03 PM

මෙයාල කරන්නේ සුළු ජාතීන්ට නොයෙකුත් පොරොන්දු දීල බලයට ආපුවම ඒවා ඉෂ්ඨ නොකර ඉන්නවා . ඊට පස්සේ සුළු ජාතින් ඒවා ඉල්ලලා කලබල ඇති කරන්ට පටන් ගන්නවා . එතකොටත් නිහඬව ඉන්නවා . ඊට පස්සේ මහා ජාතිය සමග ප්‍රශ්න ඇතිවෙනවා . මෙයාල ඒවා වැඩි කරනවා . රටේ කලබල ඇතිවෙනවා . ඒවා වළක්වන්න නොයකුත් නීති ගෙනත් කොහොම හරි විපක්ෂය මර්ධනය කරගෙන සාධාරණ මැතිවරණ නොපවත්වා පුළුවන් තරම් කල් ඇදගෙන යනවා .

:       0       0

nimal Monday, 21 October 2019 07:07 AM

මෑතකාලයේ ඉතාම අන්තවාදීව කටයුතු කළ මෙයත් එක්ක මොන ගනුදෙනුද?

:       1       445

saman Monday, 21 October 2019 07:18 AM

රනිල්, සුහන්තිරම් දෙන්නා එකතුවෙලා දෙමළ ජනතාව රවට්ටලා ඔවුන්ගේ ඡන්ද ටික මංකොල්ල කාලා සජිත් දිනවන වැඩපිළිවල මේ සැරේ අවුල් වෙන්න වගේ යන්නේ...

:       432       304

Purawasiya Monday, 21 October 2019 07:21 AM

රටේ කරුමෙකට මේ එකමුතුකම මහා ජාතියට නැහැනේ...!

:       40       544

RaveendraMonday, 21 October 2019 10:45 PM

ඔබගේ අදහස් පරම සත්‍යකි. අපේක්ෂකයන්ගේ ගණන අනුවමත් එය මනාව පැහැදිලි නොවන්නේද? ප්‍රතිපල භයානක වනු ඇත.

:       0       8

ranga Monday, 21 October 2019 07:25 AM

රටේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට නම් ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයන් මෙම යෝජනා ප්‍රතික්ෂේප කළයුතුයි.

:       1       319

TharakaMonday, 21 October 2019 05:50 PM

රංග මේ වෙනකොට ගෝඨාභය මේ සියළුම යෝජනා ප්‍රතික්ෂේප කලා පමණක් නෙමෙයි අඩුම තරමේ සාකච්චා කරන්නවත් සුදුසු නැති බව ප්‍රකාශ කලා. නමුත් මෙතන වෙන්නේ වෙන දෙයක්. සමහරවිට සජිත් මේ යෝජනා ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඒ දකුණේ ඡන්ද වලට බලපාන නිසා. නමුත් අගමැති විදිහට රනිල් මේ යෝජනා වලට රහසේම එකග වෙනවා බලයට ආපු ගමන් අලුත් ව්‍යවස්තාවක් හරහා මේ පොරොන්දු ඉටු කරන බවට. සිංහල මිනිස්සුනේ මේ පාර නම් ආපහු රැවටෙන්නනම් එපා

:       730       843

lanka Monday, 21 October 2019 07:40 AM

හරි මොකද්ද ඉල්ලන්නේ? අපිටත් බලන්න ඉදිරිපත් කලොත් ජනතාව හැටියට ඒවා සාධාරණද කියල බලන්න පුළුවන්

:       2       48

Raveendra Monday, 21 October 2019 08:02 AM

මොහු කියන්නෙත් සටකපටි බැවින් මුවූන්ගේ කිසියම් හෝ තීරණයක් තිබේද... එය මිනිසුන්ගේ සමගියට , දියුණුවට, රටේ දියුණුවට නම් නොවන බව ඉරහද මෙන් විස්වාසය....

:       0       140

vijitha Monday, 21 October 2019 08:27 AM

රංග මුළු රටම ඔබ සමග. රටේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට නම් ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයන් මෙම යෝජනා ප්‍රතික්ෂේප කළ යුතුයි.

:       1       136

Champika Monday, 21 October 2019 08:44 AM

රට ගැන සිතලා මේ අයව හරි මගට ගෙනයා හැකි නිර්භීත අපේක්ෂකයාට ඡන්දය දෙන්න.

:       2       217

Dias Monday, 21 October 2019 08:47 AM

මේක ජාත්‍යන්තර ගුණ්ඩුවක්. මේ අය බලන්නේ ඡන්දයට පසුව පිටරට අය ගෙනැවිත් පොරොන්දු ඉටු කරවු කියන්න...

:       60       207

lalithm Monday, 21 October 2019 08:50 AM

බොහෝ අදහස් දක්වන බොහෝ අයවලුන් කියන්නේ දෙමල මුස්ලිම් පක්ෂ එක්ක කතා කරන අය දේශ ද්‍රෝහියෝ කියලා. එතකොට ඒ මිනිස්සු ශ්‍රී ලාංකිකයෝ නොවේද? ජනපති තෝරන්න ඕනේ රටේ හැමදෙනාගේම ඡන්දයෙන් මිසක් බොරු බණ දෙසන අයගේ ඡන්දයෙන් විතරක් නොවේ. සජිත් වේවා, ගෝඨා වේවා රට කරන්න යනවා නම් හැමදෙනාගේම ජනපති මිස කට්ටියකගේ නායකයා නොවිය යුතුයි. රට කඩන්න හදන්නේ මෙහෙම කියන අයවලුන්...

:       806       437

Amila Monday, 21 October 2019 08:53 AM

හාමු විසින් තමන්ගේ අපේක්ෂකයා පරද්දන්න කරන වැඩ දැක්කහම හිනාත් යනවා. පක්ෂ නායකකමට මෙහෙමත් පෙරේතකමක්....

:       43       53

සෙනෙවිරත්න Monday, 21 October 2019 01:04 PM

රනිල් ගැන මතයක් නොදරමි. එසේවුවද හිඟන්නන් පත්කර සියලු සාරය උර​ බොනවාට වඩා හාමු පැලැන්තිය හොඳයි.

:       0       24

max Monday, 21 October 2019 08:54 AM

මේ වගේ භයානක බෙදුම්වාදී හෙවනැලි නිසා තමයි රටට ගෝඨා වැනි ඍජු නායකත්වයක් අවශ්‍ය කරන්නේ. රනිල් බලයේ ඉන්නවා කියන්නේ ඉල්ලන්නත් කලින් දීලා. මේ පාර බේරුනේ මෛත්‍රීපාලත් පැත්තක හිටි නිසා...

:       807       1610

කපුරු හාමි Monday, 21 October 2019 09:18 AM

ඔය එකෙක්වත් බලයට එන්ඩ හදන්නෙ රටට ආදරේ කට නෙවෙයි. තියෙන බලතන්හාවට. බලය ගන්නකම් කෙරුවෙ ජනතාව ගොනාට අන්දවපු එක. පහුගිය ආණ්ඩුව කාලේ පවුල් පාලනේ කරපු හරියත් අපි නොදන්නවා නෙවෙයි .

:       247       440

waruna Monday, 21 October 2019 09:19 AM

යෝජනා මාලාව උතුරේ ඡන්ද වලක්වන්න මහින්දලා එක්ක කරන විග්නේශ්වරන්ගේ ගේමක්. මහින්දලා දන්නවා උතුරේ ඡන්ද ටික වලක්වා ගත්තොත් කෙලින්ම ගොඩ කියල.

:       1047       567

Mahee Monday, 21 October 2019 02:27 PM

දැන් මේ පින්තුරේ කොයි එක්කෙනාද විග්නේශ්වරන් කියන්නේ? දන්නැති හින්දයි අහන්නේ...? ඇඳුම් පැළඳුම් ඔක්කොම එහෙම එකවගේ හින්දා මට ටිකක් පැටලිලා...

:       0       104

Kumara Monday, 21 October 2019 02:41 PM

මෙයාලට කෑලි කෑලි ඕනෑ නම් ඉන්දියාවෙන් ඉල්ල ගන්න තමයි වෙන්නේ...

:       0       60

ලියනගේ Monday, 21 October 2019 06:23 PM

මෙහි අදහස් ප්‍රකාශ කර ඇති බොහෝ දෙනෙකු නියම යථාර්තය කුමක්ද කියා නොදැන අදහස් ප්‍රකාශ කර තිබේ.

:       6       5

Dasa P Monday, 21 October 2019 07:25 PM

අනේ අපිටත් ඔබල වගේ නායකයෝ සිටියානම් අපි කොතරම් වාසනාවන්තද ?

:       0       0

Indunil Monday, 21 October 2019 11:58 PM

ලියනගේ මහත්තයා අපිට කියලා දෙන්නකෝ එහෙනං, හිතේ තියාගෙන ඉන්නෙ නැතුව !

:       1       0

kalu Tuesday, 22 October 2019 02:23 AM

අවාසනාවකට වගේ මේ රටේ ඉන්න මිනිස්සු මොන ජාතියේ වුනත් ඔවුන් ලාංකිකයෝ, හැබයි ඔවුන් දිහා මේ රටේ බහු ජාතිය අද වෙනකන් බැලුවේ දෙමළ හා මුස්ලිම්, මේකේ ප්‍රතිපලයේ වාසි විඳින්නෙ දේශපාලුවෝ, කාලෙන් කාලෙට ආර්ථිකයත් කාගෙන මැරෙන්නේ මිනිස්සු. මේ රටේ ප්‍රතිශතයක් විදිහට බැලුවොත් මිනිස්සු මෝඩයි, නැතිනම් දැන දැන හොරු, මංකොල්ලකාරයෝ, පාර්ලිමේන්තුවට යවලා දුක් විඳීද

:       1       2

lal fernando Tuesday, 22 October 2019 04:38 AM

මේ අයගේ යෝජනා බල්ලට දාලා කෙලින් වැඩ කරන්න ගෝඨාභය එනවා. මේක එක නීතියක් තියෙන රටක් ඒ වගේම දැන් හරි පිළිවෙලට ක‍රන්න ඕන වෙලාව.

:       1       2

de silva Tuesday, 22 October 2019 06:06 AM

මහා පක්ෂ දෙකේම අපේක්ෂකයෝ දෙන්න ඔය ඉල්ලීම් වලට එකඟ නොවී සිටිය යුතුය , ලංකාවේ සිටින්නේ ද්‍රවිඩ ජාතිකයෝ පමණක් නොවේ , සිංහල , මුස්ලිම් , බර්ගර් ජාතිකයනුත් ලංකාවේ ජිවත් වෙනවා , ආණ්ඩු ක්‍රම ව්‍යාවස්තාවට අනුව රටේ සියලු ප්‍රදේශයකම සියලන්න්ටම එක සමාන අයිතිවාසිකම් තිබෙන්න ඕනේ. ඔය බෙදුම් වාදී මානසිකත්වයෙන් මිදී තම ප්‍රදේශවල ජිවත් වන ජනතාවගේ දියුණුවට කටයුතු කිරීමට ද්‍රවිඩ නායකයන් හිතට ගන්න ඕනේ ? මේක අකමැති ද්‍රවිඩ ජාතිකයන් ඉන්නවනම් තමිල්නාඩුවට ගිහින් පදිංචි වෙන්න.

:       0       17

Bandula. Wednesday, 23 October 2019 08:02 AM

මේ අයගේ දුවල පුතාල සිංහල දෙමළ කසාද කරගන්න කොට එක හොදි, මේ අහිංසක මිනිසුට ජාතිවාදය වපුරන්නේ , අපේ ප්‍රදාන පක්ෂ 2 ම මේ අයගේ ඉල්ලීම් විසිකරන්න, අහිංසක මිනිසුන්ට සලකන්න ඒ ඇති.

:       0       0

shasi kumar Wednesday, 23 October 2019 11:10 AM

මෙතන අදහස් දක්වලා තියෙන ගොඩක් සහෝදරවරුන් ඔය යෝජනාවලිය කියවලා බලලාද යෝජනා ප්‍රතික්ෂේප කරන්න කියන්නේ ? මෙන්න මෙකයි අපේ ප්‍රශ්නේ තමන් ඉතන, තමන් විසින් මවා ගත්ත දේ විස්තරය හරි අනිත් මිනිසුන්ට ඇහුම්කන් දෙන්නත් කැමති නෑ.

:       0       0

leel gunawardena Wednesday, 23 October 2019 06:12 PM

බොහොම රහසිගතව ජාතිවාදය ඉදිරියටම ගෙනගිය විග්නේශ්වරන් කොළඹට වෙලා සෑහෙන කාලයක් එල්ටීටීඊය සමග කටයුතු කළා. ඒ බව වාසුදේව දන්නවා ඇති. ඒ වගේම සිංහලයන් පෙන්නන්න බැරි එකෙක් එක්ක මොන සාකච්ඡාද?

:       0       0

de silva Thursday, 24 October 2019 11:02 AM

මේ ප්‍රශ්න විසඳන්න නම් ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම පුරවැසියන්ට සමාන ලෙස සැලකිය යුතුයි. එක එක ජනකොටසට වෙනවෙන නීති නොපැනවිය යුතුය. එක එක පළාත්වලටද විශේෂ නීති අවශ්‍ය නැත. යම්කිසි පුද්ගලයෙකුට හෝ ජනකොට්ඨාශයකට ඔහුගේ ජාතිය, ආගම නිසා යම්කිසි අසාධාරණයක් වෙනවා නම් පැමිණිලි කිරීමට කාර්යාලයක් හැම දිස්ත්‍රික්කයකම ආරම්භ කළ යුතුය. ජාතින් භේද කරන්න කටයුතු කරන පුද්ගලයින්ව ඉක්මනින් හිරගෙට යවන්න කටයුතු කළ යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 376 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 794 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 618 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1454 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2937 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1893 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site