IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


’මධු මාධව වරද පිළිගෙන ඉල්ලා අස්වුණා’

(විනීතා එම් ගමගේ)

පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායකවරයා ලෙස කටයුතු කළ මධු මාධව අරවින්ද මහතා ගම්පහ දී කළ ප‍්‍රකාශයකින් පක්ෂයකට සිදුවන හානිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පෙන්වා දීමෙන් පසු ඔහු සමාව ගෙන සියලු තනතුරු වලින් ඉල්ලා අස්වූ බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.


ඔහු කළ වරදට තමන් විසින්ම දඩුවම් කරගත් ඔහු නිහතමානී මිනිසෙකියැයි තමන් විශ්වාස කරන බවත් මීට වඩා බරපතල වැරදි කළ මිනිසුන් ඒවා නොකළ බව කියන රටක මෙසේ නිහතමානි වීම ගැන ගරු කළ යුතු යැයි ද හෙතෙම සදහන් කළේය.

පාර්ලිමේන්තු ව තුළ විවිධ ජාතිවාදී ප‍්‍රකාශ සිදුවූ බවත් ඒවායින් වන හානිය පෙන්වා දුන්නත් කිසිම අවස්ථාවක ඒ ගැන කනගාටුව පළ කිරීමක් පවා සිදු නොවූ බවත් පෙන්වා දුන් ගම්මන්පිල මහතා මහ බැංකු හොරකම සිදුකළ පිරිස් වෙනුවෙන් පොත් ලියු රටක පුංචි වරදක් කර පුංචි මිනිසෙක් එම වරද පිලිගෙන ඉල්ලා අස්වී ඇති බවත් එවැනි මිනිසුන්ට ගරු කළ යුතු බවත් කියා සිටියේය.
     
මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කළේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය මුලස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (25)

’මධු මාධව වරද පිළිගෙන ඉල්ලා අස්වුණා’

Buddika Thursday, 10 October 2019 01:11 PM

ඔහෙත් ඉල්ලා අස්වෙලා තොලොංචි වෙලා පුළුවන් නම් එ්ක රටට කරන විශාල සේවයක්...

:       3310       4343

Chathuri Thursday, 10 October 2019 01:19 PM

එතකොට තමන් අතින් සිදුවූ වැරදිවලට සමාව අරගෙන ඉල්ලා අස්වෙන්න තරම් කොන්දක් නැත්ද? නායකයෙක් විදියට රටට මොනවද කෙරුවේ...? මහින්දයට අදටත්, හෙටටත් කඩේ යන එක විතරයි කරන්නේ.., ඔය පක්ෂය අමතක කොට, වැටුපක් ගන්න රැකියාවක් කෙරුවා නම් නරකද? නිකම් පව් පුරවා ගන්නේ නැතිව...

:       734       1726

සුමනදාස Thursday, 10 October 2019 01:23 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැර අනෙක් සියලු මහජනයා ගොන්නු කියලා හිතුවද? කරපු වරද වහන්න කොහේදෝ යන කතා අහන්න තරම් සිංහලයා මෝඩ නැහැ...

:       227       787

sirimal Thursday, 10 October 2019 01:28 PM

ලැජ්ජා නහරය කපාගත්තද? අස් උනාට අදහස් වෙනස් කරගෙන නැහැනේද මහත්තයෝ?

:       123       730

විජිත් Friday, 11 October 2019 05:14 AM

හරි ආදර්ශමත් මිනිහෙක් වගේ කතා කරන්නේ. මේ අයට සලකන හැටි රටේ මහා ජනයා තීරණය කරයි මේ පාර.

:       0       5

rim Thursday, 10 October 2019 01:35 PM

ඔබතුමාට මේක පුංචි වරදක් උනාට මුස්ලිම් ජාතියට කළේ ලොකු වරදක්. ඔහු මුලු මුස්ලිම් සමාජයෙන්ම සමාව ගත යුතුයි. ඡන්දය බලාගෙන නිකම් මිනිස්සු රවට්ටනවා. කොහොමත් සුළු ජාතීන්ගේ ඡන්ද ගැන දෙවරක් හිතන්න වෙනවා. මේ වගේ කතා හින්දා තමයි 2015 ත් පැරදුනේ.හිත ඇතුලේ තියෙන දේ එලියට ආවා.

:       305       1013

Sapumal. Thursday, 10 October 2019 01:39 PM

නමට පමණක් පිරිසිදු වූ හෙළ කරුමය රටට කරුමයක් හා කන්දොස් කිරියාවක් වූයේ අද පමණක් නොවේ. එහි සිටිනුයේ පුහුතර්ක ගෙනෙන වාචාලයින්ය. ඔවුන්ට ඡන්ද පදනමක්ද නැත. අනුන්ගේ නැට්ටේ එල්ලීම හැර වෙන පැවැත්මක්ද නොමැත...

:       107       835

ලියනගේ Thursday, 10 October 2019 01:45 PM

මධු මාධව වරද පිළිගෙන ඉල්ලා අස්වුණා. මධු මාධව සහ ඔබ අතර කිසිම වෙනසක් නොමැත.

:       140       702

saliya Thursday, 10 October 2019 01:46 PM

ප්‍රභල මුස්ලිම් අයෙකු ගේ මැදිහත් වීමක් නිසා මෙය සිදුව ඇත. සිංහල ඡන්ද 65% ඉලක්කය ගන්නේ කෙසේද? මේ විදිහට ඔබ කියනා පරිදි සුළු වැරද්දක් නම් එළවලා දාල සිංහල ඡන්ද ගන්න පුලුවන්ද? ඔබලාත් සුළු ජාතික ඡන්ද හිඟා කනවා නේද?

:       112       524

Gunasena Thursday, 10 October 2019 01:47 PM

ඔයා මේ දවස්වල මාධ්‍ය සාකච්ඡා වලට කාලේ නාස්ති කරන්න එපා.ගෝඨා අමාරුවේ දාන්න වැඩ කරන්න තියෙනවා නේද?

:       113       245

isuru Thursday, 10 October 2019 02:00 PM

අයි මෙයත් අස්වෙන්නේ නැද්ද? කමක් නෑ අපි ඡන්දෙන් ඉවත් කරන්නම්.

:       103       413

Saman Thursday, 10 October 2019 02:24 PM

බ්‍රයන් ෂැඩික් ගෙන් ඔහේ සමාව ඉල්ලන්නේ කවද්ද?

:       1384       1039

Chanak los angeles Thursday, 10 October 2019 04:15 PM

ඡන්ද 200ක් නැති ගම්මන්පිලලා හොරුන්ට එකතුවෙලා ගොඩයන්න කල්පනාව... මොහු මේ බොරු කීවාට ගෝඨාගේ පුරුදු මව් භාෂාවෙන් ගම්මන්පිලලාට පලුයන්න දීලා තිබෙනවා. ඔහු අස්වුණා කීවාට 2015 ලැබුනේ නැහැ වගේම සුළුජාතික ඡන්ද සාටකයින්ට මේ පාර ලැබෙන්නෙත් නැහැ.

:       273       413

නල්ලපෙරුම Thursday, 10 October 2019 05:43 PM

තව දෙන්නයි නේද පක්ෂේ ඔක්කොම ඉන්නේ පරිස්සමින් පුතෙ

:       0       4

සෙනෙවිරත්න Thursday, 10 October 2019 07:30 PM

සුළු ජාතික චන්ද කපා ගැනිමට කල නාඨකයෙකි. එක්නැලිගොඩ කතාවත් හේතුවක් වන්නට ඇත. නොරැවටෙන්න. මේ පැසිස්ට්වාදීන්ට අහු වන්න එපා . හිට්ලර් බලයට පත්වූපසු ජර්මන් දේශපාලන කියවන්න මේ ඉත්හාසය නැවත සිදුවීමක් විය හැක.

:       0       3

බයියා Thursday, 10 October 2019 07:53 PM

මේ වගේ වාචාලයෝ නිසා තමයි පොහොට්ටුව පරවෙන්නේ... :(

:       0       5

Wicrama Friday, 11 October 2019 12:24 AM

මෙයාගේ වැඩේ මහරජාට ගොට්ට අල්ලන එක විතරයි මෙයා වගේ දේශ පාළුවෝ මුළු රටටම පිළිලයක් .

:       96       39

Mohamed Friday, 11 October 2019 02:19 AM

හරි හරි ඡන්දෙ ඉවර වුනු ගමන් උසස් වීම් සමග නැවත පත්වේවි

:       0       30

lalithm Friday, 11 October 2019 02:52 AM

පිරුණු කලේ දිය නොසැලේ කියපු එක හරියටම හරි. වැඩිපුර සද්දේ එන්නෙත් හිස් භාජනවලට තඩි බාපුවම නේද? මෙයත් ඒ වගේම තමා. තව ගොඩක් ත්‍රී වීල් පක්ෂවල කට්ටියත් එහෙම තමා. ප්‍රධාන පක්ෂ නායකයෝ සංවරව ඉන්නවා. මේ අය කච පච ගාලා ඡන්ද කීයක් හරි අඩු කරනවා.

:       0       10

sharm warn Friday, 11 October 2019 03:50 AM

ඉතින් ඕගොල්ලොත් එයාව ආදර්ශයට ගන්නකො... මුළු රටටම කිරි උතුරයිනේ.

:       0       40

Sugath Friday, 11 October 2019 03:53 AM

අනේ මහජනයා මෝඩයන් කියලා හිතාගෙන ඉන්න එපා

:       0       33

rohana Friday, 11 October 2019 04:03 AM

මෙහි ඔබතුමා කියපු දෙයක් තමා කල වරදට නිහතමානි ලෙස පිළිගත්තා.

:       1       1

වහල්ලු Friday, 11 October 2019 07:36 AM

මධු මාධවගේ කොන්ත්‍රාත් එක ඉවරයි. පැවරුණු රාජකාරිය උනේ හනුම වගේ රට ගිනි තියල ජාතිවාදී කෝලාහලය අවුස්සලා. බොරු මුස්ලිම් විරෝධී දේශප්‍රේමීත්වයක් ගොට්ට ආරෝපණය කර සිංහල ඡන්ද වලින් ඇමෙරිකානු පුරවැසිය ජනපතිකරවීම.

:       0       59

rohana kumara mendis. Sunday, 13 October 2019 11:06 AM

ඒ කියන්නේ මෙයාලගේ පක්ෂේ ඉන්නේ ඇති උතුම් පිවිතුරු කට්ටිය වෙන්නට ඕනි. අපි නොදන්නා මොණරතැන්න.

:       0       0

chanda daayakaya Monday, 14 October 2019 01:26 PM

ඕස්ට්‍රේලියන් ජාතිකයාගේ වංචාවට ඔයා අස්වුණාද? ගෝඨා පත්කරගන්න බලනවා.... නඩුකාරයින්ට බලපෑම් කරලා නඩු නවත්වගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 431 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 901 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1063 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 708 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 187 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1863 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site