IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘19 වැනි සංශෝධනය යළි වෙනස් කිරීමට එජාපය කැමතිලු’

(නිමල කොඩිතුවක්කු)

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කළ යුතු වෙනස්කම් පිළිබද රජය සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදි අද(02) පැවැසීය.
 
පක්ෂයේ අනුමැතියට යටත්ව එම වෙනස්කම් සිදුකිරීමට  බලාපොරොත්තු වෙන බවත්  කිරිඇල්ල මහතා   සඳහන් කළේය.
 
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.
 
“දැන් ආණ්ඩුවෙන් කියනවා 19 වන සංශෝධනය  අවහිරයක් කියලා. මේ සංශෝධනයේ මොනවද වෙනස් කරන්න තියෙන්නේ කියලා අපි රජයෙන් අහනවා.
 
ඒ වගේම මොනවද වෙනස් කරන්න  ඕන කියලා අපි රජයත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්.   අපිට එක හෙළා කියන්න බැහැ මේක අහෝසි කරන්න සහයෝගය දෙනවා කියලා. අපිට පෙනුනොත් යම්කිසි අඩුපාඩුවක් තියෙනවා කියලා අපි එයට අවධානය යොමුකරලා අපේ පක්ෂයේ අනුමැතියට යටත්ව අපි ක‍්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (43)

‘19 වැනි සංශෝධනය යළි වෙනස් කිරීමට එජාපය කැමතිලු’

Bamunuarachchi Monday, 02 December 2019 11:10 AM

නාහෙටත් උඩින් වතුර ගියාම යූඇන්පී කාරයින්ට මොළේ පෑදිලා... අපේ සර්ලාගේ මතේ හරි කියලා ආයෙත් ඔප්පු වුණා...!

:       789       1008

සෙන්දේMonday, 02 December 2019 11:30 AM

ඇත්තටම 19 තියෙන අහිතකර වගන්ති මොනවද? ජනාධිපතිට ඕනෑතරම් වාර ගණනක් ඉල්ලන්න පුළුවන් එකද? කොමිෂන් සභා බලාත්මක වීමද?

:       270       483

Lakmal Monday, 02 December 2019 02:33 PM

19 වැනි සංශෝධනයේ තිබෙන ලොකුම අවුල නම් රටේ ජනතාවගෙන් මිලියන 22ම අකමැති වුවත් පාර්ලිමේන්තුවේ 150ක කැමැත්ත නොමැති නම් ආණ්ඩුව හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වීමයි.

:       723       823

vinivida Monday, 02 December 2019 11:47 AM

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසමත්කමක් නොව එය පසුගිය වර්තමාන ජනාධිපතිවරයාගේ සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ 17 වැනි සංශෝධනය නැතිකොට 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලද්දේ "life time president" වීමට සිතාගෙනයි. 17 වැනි සංශෝධනයේ තිබූ සියලු ස්වාධීන කොමිසම් 18 වැනි සංශෝධනය මගින් බල රහිත කළේය. නැවත ජාතික රජය මගින් 17 වැනි සංශෝධනයේ වටිනාකම දන්නා සහ ප්‍රජාතන්ත්‍රය අගයන සියලුදෙනා 19වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කොට බලාත්මක කරන ලද්දේය. සියලු ස්වාධීන කොමිසම් යළිත් බල ගැන්වූයේය. යළිත් 19ය නැති කිරීමට රාජපක්ෂවරුන් උත්සාහ කරන්නේ නම් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසා ප්‍රජාතන්ත්‍රවාදය වචනයට සහ ව්‍යවස්ථාවට පමණක් සීමාකොට ඉතාම සූක්ෂමව ලංකාව මිලිටරිකරණය හෝ රාජපක්ෂකරණය කිරීමට ගන්නා උත්සාහයකි. වත්මන් ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ඡන්දය ලබාදී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පවත්වාගෙන යාම සඳහා මිස ජනාධිපතිවරයාට වුවමනා ආකාරයට රට ගෙනයාම කියා සිතා සිටිනවා නම් එය වැරදි වටහා ගැනීමකි. ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ සහ දේශපාලකයන් 19 වැනි සංශෝධනය නැතිකර ගැනීමට යළිත් පාර්ලිමේන්තුව තුළදී අවස්ථාවක් ලබා නොදෙනු ඇත.

:       1219       1191

CiscoTuesday, 03 December 2019 03:06 AM

කවුරුත් 18 වැරදි කිව්වත් ජනාධිපතිවරයෙකුට වාර දෙකකට වැඩ වැඩිය ඉන්න පුළුවන් ඡන්දෙන් දිනුවොත් පමණයි. එය ප්‍රජාතන්ත්‍රවාදී නොවේද? මහින්දව 2015 පරද්දපු එකේ ඕනෑම ජගතෙක් ඡන්දෙන් පරද්දන්න පුළුවන් කියල ඔප්පුකලා. එමනිසා 18 සම්පුර්ණයෙන් අහෝසි කරන එක වැරදි. අනෙක 19 වන සංසෝදනය නිසා ජනතාවට කොපමණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අගමැතිවරු එපා වුනත් සල්ලි දීලා මන්ත්‍රීවරු ගන්න පුලුවන්නම් අවුරුදු පහම ඉන්න පුළුවන්. එය ප්‍රජාතන්ත්‍රවාදීද?

:       297       296

mohanTuesday, 03 December 2019 06:10 AM

බමුණු මහතාණනි, 19 වන සංශෝධනයේ ඇති වැරදි මොනවාද? ලක්මාල් මහතාණෙනි, මිලියන 22 ම පවතින ආණ්ඩුවට කැමති උනත් ජනාධිපතිවරයාගේ හිතුමතයට අනුව පමණක් පොදු ජනතාව විසින් පිහිටවනු ලද ආණ්ඩුව වසරක් ගිය විට විසුරුවා හැරීමට තිබු බලය 19 න් අහෝසි කළ බව ඔබ දන්නවාද?

:       129       136

max Monday, 02 December 2019 11:19 AM

19 යනු රටේ ඉදිරි ගමන බකල් කරන තිරිංගයක්... පහුගිය අවුරුදු 5 පුරා අප අත්වින්දේ එයයි. හිටපු ජනාධිපති මෛත්‍රී පවා කීපවරක් ඒ බව සඳහන් කළා. පොලිස්පති ඉවත් කිරීමට නොහැකි රාජ්‍ය නායකයෙක් බිහිවූයේත්, මැතිවරණවලට එරෙහි සාමාජිකයින් සිටින මැතිවරණ කොමිසම් අපට ලැබුණෙත්, මෙම එක පවුලක් ඉලක්ක කොට පමණක් සකස් කළ ව්‍යවස්ථා උප්පරවැට්ටිය නිසා. එසේම, රටට හතුරු NGO පසුබිමක් සහිත නීතීඥවරුන් විසින් සකස් කළ මෙම ලියැවිල්ල රටේ යහපත් අය වෙනුවෙන් ඉවත් කළ යුතුමයි. දේශපාලඥයකු නොවන වෘත්තීයවේදියකු වන වර්තමාන ජනාධිපතිවරයාට රට නිවැරදි මාවතට ගැනීම අරබයා නිසි වැඩපිළිවෙලක් ඇති බව පෙනුණත්, ඊට අවශ්‍ය බලය නිසි ලෙස නොමැති වන්නේත් මෙම 19 නමැති උගුල නිසාය. ස්වාධීන කොමිසම් සභා යනු බොරු මවාපෑම් පමණි. මැතිවරණ කොමිසමක් තිබුණාට, ඕනෑවටත් වඩා පමාවෙමින් පැවතී මැතිවරණ නිසිකලට පවත්වන්නට ඊට නොහැකි වීමත් "ස්වාධීන" මිථ්‍යාව අපට පසක් කරයි.

:       1495       3508

චේතියසේනMonday, 02 December 2019 12:31 PM

ඉතාම හොඳ කොමෙන්ට් එකක්...!

:       198       556

Piyal Tuesday, 03 December 2019 02:41 PM

චේතියසේන ඔබ වැනි උපන්ගෙයි වහලුන්ට අවශ්‍ය තමන් ප්‍රිය කරන ජාතිවාදී පාලකයෙක් අතින් පාලනය වී ජීවිත කාලයම ගෙවා දමන්න මිස වෙන කුමටද? කොමිසන් සභා කුමටද. මැතිවරණය පවා මේ තරමට සාධාරණව තිබ්බේ මැතිවරණ කොමිසම නිසා. මේ අයට එනම් වත්මන් පාලකයින්ට 19 සංශෝධනය එපා වෙලා තියෙන්නේ ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමේ සීමාව වාර 2 දක්වා අඩු කිරීම සහ ජනාධිපතිගේ ඒකාධිපති බලතල අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට පවරා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරු සංශෝධන 19 තුලින් ගෙන ඒම නිසාය. එය අඩුපාඩුවක් වන්නේ කෙසේද ? ඒත් ගතානුගතිකව සිතන වහලුන්ට "අපේ සර්ලගේ මතේ" මිස වෙන මතයක් ගැන සිතීමට විචාර බුද්ධියක් තිබේද ?

:       5       2

NuwanMonday, 02 December 2019 01:48 PM

100% ක්ම ඇත්ත. හොඳ විග්‍රහයක්...

:       130       574

bandaraMonday, 02 December 2019 03:20 PM

නියම විග්‍රහයක්... ස්වාධීන යයි කියපු මැතිවරණ කොමිසමට බෑ පළාත් සභා මැතිවරණය පවත්වන්න. ඉතින් කොච්චර ස්වාධීන වුණත් ඇති වැඩක් තියෙනවද?

:       13       298

සමන්තMonday, 02 December 2019 05:02 PM

මුල් කාලයේ රට රටවල් සිටි වහලුන් කොයි තරම් වහල් භාවයට ඇලුම් කලාද යත්, තමන් විසින්ම ස්වයංවාරණ පනවාගෙන එයින් වින්දනය ලැබුවේය​. මේද එවැන්නෙකි. 19 වැනි සංශෝධනය කියවා හෝ තිබේ දැයි සැක සහිතය​. රාජ්‍ය නායකයාට පොලිස්පති හෝ ඉවත් කිරීමට නොහැකිවීම ගැන සතුටු වනවා වෙනුවට දුක් වන්නේද ඔලුවක් නැති වහලුන්මය​.

:       317       431

Concerned Tuesday, 03 December 2019 01:58 AM

බැරිකම කියන්නේ නැතුව 19 ට බනිනවා. අයියයි මල්ලියි එකතුවුණාම ඕනවට වඩා බලය තියනවා.

:       238       124

යාපාTuesday, 03 December 2019 04:41 AM

ඉතා හොද විග්‍රහයක්. ඒ වගේම තමයි ස්වාධීන කියපු අධිකරනය කරපු කියපු දේවල් ස්වාධීන කියපු පොලිසිය ප්‍රසිද්ධියේ නීතිය නමපු හැටි මුලු රටම අකමැතිවෙලත් අගමැති අයින් කරන්න බැරිඋන හැටි.

:       0       176

ramaTuesday, 03 December 2019 09:56 AM

සම්පූර්ණ ඇත්ත. පොලිස්පති කොච්චර පක්ෂග්‍රාහී වුනත් ආරක්ෂක ඇමතිව වෙනස් කරන්න බෑ. තමන් පත් කරපු ජාතික ලැයිස්තු මන්ත්‍රී කෙනෙක් අනෙක් පැත්තට ගියාට අයින් කරන්න බෑ. මැතිවරණ එපා කියන මැතිවරණ කමිෂන් වැඩක් නෑ. 20 වරක් ඉල්ලුවත් ජනාධිපති හොඳනම් ඔහු එන්නේ මහජනතාවගේ මනාපයෙන් නම් ඒක රටට හොඳයි. මේ 19 මොන පිස්සු විකාරයක්ද ?

:       0       9

Raveendra Monday, 02 December 2019 11:27 AM

අනේ අම්මපා.. අද කාලේ "ඕන ගොනෙකුට" ඕනෑදෙයක් "කරන්න", කියන්න පුළුවන්නේ හැබෑටම...

:       128       277

Mahee Monday, 02 December 2019 11:44 AM

පක්ෂය ඔය වැඩේට අකමැති වුණොත් කොටසක් කැඩිලා ආණ්ඩුවට එකතු වෙන්න පුළුවනි. අැයි දෙයියනේ, කතා කළොත් කියන්නේ අරක කලොත් නැත්නම් මේක නොකළොත් අපි සජිත් එක්ක යනවා. වෙනම පක්ෂ පිහිටවනවා. කඩාගෙන යනවා වගේ වචනනේ... කුට්ටිය ලැබෙන හැටියට වැඩ සිද්ද වෙයි කියලයි අපට හිතෙන්නේ...

:       0       30

Thusitha Monday, 02 December 2019 11:52 AM

රවීන්ද්‍ර මහතා වෙත, මා සිතන විදිහට ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් යනුවෙන් කිරිඇල්ල මහතා වරෙක කළ ප්‍රකාශය ඔබ නැවත නැවත උපහාසයට ගෙන ඇතැයි සිතමි. නමුත් එම කතාවේ යථාර්ථය ඔබ වැනි අයට නොතේරෙන ඔබගේ පාට කණ්ණාඩිය නිසා බව සිතමි. ඔබට අසල්වැසියා සමග ඕනෙම වෙලාවක රණ්ඩු විය හැක. නමුත් අමනාප වූ අයකු හිතවත් කර ගැනීම කොතරම් අපහසු කාරණයක්ද යන්න මඳකට සිතාබලන්න. එය මෝඩයින්ට කළ නොහැක.

:       354       43

පන්ඩුකාභයMonday, 02 December 2019 02:51 PM

ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී සන්විධානයක් සමඟ සටන් කිරීම අසල්වැසියන් සමඟ රණ්ඩුවීමක් ලෙස සිතීම කෙතරම් මන්දබුද්ධිකද?

:       40       592

RaveendraMonday, 02 December 2019 08:01 PM

තුසිත මයා වෙත, ඔබගේ අදස් වලට ගරු කරන්නෙමු. එනමුත් එම අදහස් අපගේ අදහස් සමග කිසි ලෙස සමපාත නොවෙන බව දැඩි ලෙස අප විශ්වාස කරන්නෙමු. මක්නිසාදයත් අප කිසිවිට වර්ණ කන්නාඩි පැළදගෙන අදහස් ප්‍රකාශ නොකරන බැවිනි. හොද දෙයට කව්රු කරත් අප එය අගයන්නෙමු. එලෙසින්ම වැරදි දෙයක් නම් එය ගෝඨා හෝ රනිල් හෝ ජවිපෙ කලත් අප නොබියව එය විවේචනය කරන්නෙමු. එමෙන්ම අප කිසිදු දේශපාලුවෙකුගෙන් සතේක දෙයක් අරගෙනත් නැත. එසේ ලබා ගැනීමට අදහසකුත් නැත. එසේ නම් මේ සියලුම දේශපාලුවන් මට මෙන් ඔබටද සදා ණයකාරයන්ය.

:       6       2

ThusithaTuesday, 03 December 2019 02:40 AM

Raveendra, මහතා හට මගේ අදහස් දැක්වීමෙන් සිත් තැවුලක් ඇති වී නම් පළමුව සමාව ඉල්ලමි. දෙවනුව ඔබගේ අදහස් වලට ගරු කරමි. පණ්ඩුකාභය වැනි අධි බුද්ධියෙන් සිටින රටක ඔබ වැන්නන් හට මා නැවත වරක් ගරු කරමි.

:       0       1

පුරවැසියා Monday, 02 December 2019 11:58 AM

"ඕන ගොනෙකුට" ඕනෑදෙයක් "කරන්න", කියන්න 19 වැනි සංශෝධනය යළි වෙනස් කිරීමට කිසිවකු කැමති නොවනු ඇත. 19 වැනි සංශෝධනය යනු ලංකාවේ පුරවැසියාට නැතිව තිබූ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඇති කරනු ලැබූවකි... 19 වැනි සංශෝධනය අහෝසි කිරීම යනු අධිකරණයේ, පොලිසියේ, මැතිවරණ කොමිසමේ සහ රාජ්‍ය සේවයේ තීන්දු තීරණ රජගෙදර සිට එක දුරකථන ඇමතුමකින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිට බලය යලි ලබාදීමය. එවිට මහාධිකරණ විනිසුරුවන් පවා පැය 24න් ගෙදර යැවීමට හැකියාව ලැබේ. ජනතාවගේ පරමාධිපත්‍ය ජනතාවට තබාගැනීම සහ ජනතාව ශක්තිමත් කිරීම 19 වැනි සංශෝධනයේ ඇති ප්‍රධානතම, වටිනාම සහ වැදගත්ම කරුණයි. 19 වැනි සංශෝධනය නැති කිරීම යනු ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලබාදී නැවත නිකමුන් වනවාට වඩා ජනතාවගේ ශක්තිය ඔවුත් සතුව තබාගැනීමට 19වැනි සංශෝධනය තබාගත යුතුමයි. 19 වැනි සංශෝධනය මගින් ජනතාව ලබා ඇති ජයග්‍රහණය නැති කර නොගන්න.

:       226       327

amila Monday, 02 December 2019 12:06 PM

මේ රට හදන්න නම් ගෝඨා එක දිගට අවුරුදු 25ක් වත් ජනාධිපති වෙලා ඉන්න ඕනෑ. එ්කට මොනවා හරි බාධා තියනවා නම් දැන්ම අයින් කරගන්න.. එ්ක හොඳයි.

:       749       1043

nishanMonday, 02 December 2019 04:27 PM

කියන කතා, මේ රට හදන්න නම් ගෝඨා එකදිගට අවුරුදු 25ක් වත් ජනාධිපති වෙලා ඉන්න ඕනෑ කියලා, ඔහුගේ වයස කීයද කියලා බලන්න වන්දනා කරන්න කලින්... රාජපක්ෂ පවුල විතරක්ද හැමදාම රජ වෙන්න ඕනෑ..

:       0       0

Ranga Monday, 02 December 2019 12:28 PM

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන අවුල් මොනවද කියලා අහන මෝඩ මිනිස්සු ඉන්න රටක්... ඒකට කමක් නැහැ.. ඒ අවුල් මොනවද කියලා දන්නේ නැතුව අත උස්සපු අය ඉන්දෙද්දී... එකක් දෙකක් පැහැදිලි කරන්නම්... අගමැතිගේ නිර්දේශය මත ජනාධිපති විසින් පත්කිරීම් සිදු කිරීම. මේ දේ කරන්න ඕනේ නම් ඡන්දයක් තියලා ජනාධිපති කෙනෙක් පත් කරන්න ඕනේ නෑනේ.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේම ඡන්දෙන් ජනාධිපතිව පත්කරගෙන අගමැතිට ඕන පත්වීම් ටික කරගත්තම ලේසියිනේ... මේ මගුලෙන් වෙන්නේ අගමැති එක පක්ෂයකින් ඇවිත් ජනාධිපති වෙන පක්ෂෙකින් ආවම දෙන්න දෙපැත්තට ඇදලා රටට කෙලවන එකයි... ඒක ගිය ආණ්ඩුවම මනා ලෙසම ඔප්පු කරා.. ජනාධිපතිට අගමැති පත් කිරීමේ බලය තිබුණාට ඉවත් කරන්නට බලය නොතිබීම. නීතියේ මූලධර්මවලම තියෙන දෙයක් පත්කිරීමේ අයිතිය ලද්දාට ඉවත් කිරීමේ අයිතියද තිබෙන බව.. ඒක නැති කිරීම හරියට නිකන් ජනාධිපතිට බලය දෙනවා වගේ තමන් පඹයා කරගන්න කෙනාව තමන්ම පත් කරගන්න. විධායක ජනාධිපති ක්‍රමය කියන එක ඩිගෝල් විසින් ප්‍රංශයේ මුලින් ඇති කරේම ව්‍යවස්ථාවේ බලය තියෙන කොට නිරන්තරයෙන් ආණ්ඩු අස්ථාවර වෙන නිසා...19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලතල නිසා ඒක වෙන හැටි නිරන්තරයෙන්ම දකින්න..

:       102       432

Wijebahu Tuesday, 03 December 2019 03:40 AM

ඔය කියන්නේ අගමැති වෙනත් පක්ෂයකින් ආවොත් ජනාධිපත්ට ඕන වෙලාවක අයින් කරන්න පුළුවන් ඕන කියන එකද? එතකොට අගමැති පත් කරන්නේ ජනතාව නෙවෙයිද? ඔයා ඔය මෝඩ කතාව කියන්නේ නෑ අගමැති ඔයාගේ පක්ෂේ වෙලා ජනපති අනිත් පැත්තේ හිටියනම්.

:       17       67

Ranga Monday, 02 December 2019 12:29 PM

විධායක ජනාධිපති ක්‍රමය කියන එක ඩිගෝල් විසින් ප්‍රංශයේ මුලින් ඇති කරේම ව්‍යවස්ථාවේ බලය තියෙන කොට නිරන්තරයෙන් ආණ්ඩු අස්ථාවර වෙන නිසා...19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලතල නිසා ඒක වෙන හැටි නිරන්තරයෙන්ම දකින්න ලැබුණනේ.. රටක පාලන විධිවිදාන සකස් කරන්න ඕනෑ ඒ රටේ සංස්කෘතිය, මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, චර්යා රටා අනුවයි. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ 19 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා කියන්නේ අපේ රට ලෝක බල කේන්ද්‍රියන්ට ලියලා දුන්නා වගේ තමයි... කේවල ඡන්ද ක්‍රමයක් තිබ්බා නම් තව විශ්වාස කරන්න තිබ්බා... ඒ තිබිලත් අතීතයේදී දිගු කලක් රට පාලනය කරේ සමගි පෙරමුණ රජය විතරයි. ආසියාතික රටවල මිනිසුන් තාමත් බ්‍රිතාන්‍ය වගේ පාලන රටාවකට සුදුසු වෙන විදියේ මානසික හැඩ ගැසීමක් නැහැ.. ආසියාවේ සංවර්ධිත තත්වයට ලඟා වන රටවල් පවා යම් ඒකාධිපති දේශපාලන රටාවක ප්‍රිය වන්නේ ඔය කියන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල ගැටලු නිසයි. උදාහරණ ලෙස වයස අවුරුදු 90 වන මහතිර් මොහොමඩ්ව නැවත අගමැති ලෙස මලයාසියානු ජනතාව පත් කරගෙන තිබීමයි. අපේ රටේ පාලන බලය එහා මෙහා කිරීම හරියට දාම් බෝඩ් එකේ ඉත්තන් එහා මෙහා කරනවා වගේ ලේසි දෙයක්...

:       1       25

chandima Monday, 02 December 2019 01:03 PM

රටක කෝටි දෙක හමාරක් ජනතාවට කිසිම වැඩක් නොකර අවුරුදු හතර හමාරක් ගතකරපු ආණ්ඩුවක් තවත් මස හයක් රට අකර්මණ්‍යව තබාගැනීමට ව්‍යවස්ථාවෙන් ඉඩ සැලසෙනවා නම් ඒ ව්‍යවස්ථාව වෙනස් කළ යුතු නැතිද? සෑම වසර පහකටම වරක් ආණ්ඩු වෙනසක් සිදුවූ විටකදී මේ ආකාරයට මාස හය බැගින් රට අකර්මණ්‍යව තබන ව්‍යවස්ථාවක් වෙනස් කළ යුතු නැතිද?

:       217       346

anura Monday, 02 December 2019 01:07 PM

අර අරලියගහ මන්දිරයේ හමුවුණු ෆයිල් එකේ නම තියෙනවද දන්නෑ.

:       0       84

nimal Monday, 02 December 2019 02:03 PM

19 සංසෝදනය කිරීමට ප්‍රථම, ඔය එක්සත් ජාතික පක්ෂයේ සිටින වයසක උදවිය අයින් වෙලා ගෙදර ගියොත් සුබයි. එයට අයත් වන්නේ කරු ජයසූරිය, කිරිඇල්ල, ඔවුන් ඔක්කොම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළයුතු කාලයයි මේ...

:       112       64

nishanMonday, 02 December 2019 04:29 PM

එතකොට මහින්ද, ගෝඨා, වාසු බබාලා වෙන්න ඇති...

:       229       203

බද්රානි Monday, 02 December 2019 02:56 PM

ගෝත්‍රික රැලක් ජීවත් වෙන රටකට අවශ්‍ය වන්නේ, ගෝත්‍රික පාලනයකි. පාලක පක්ෂයට විරුද්ධ වෙන සියලුම ගෝත්‍රික අයටත් වැසියන් සියල්ලන්ගේම හිස ගසා දැමීමයි කළ යුත්තේ. රාජාණ්ඩු පාලනයක් මිස වෙන විසඳුමක් ලංකාවට අවශ්‍ය නැත. තුනෙන් දෙක පමණක් නොවේ... හතරෙන් හතරම ලබාදී ඇතිකළ යුත්තේ එවන් ධර්මිෂ්ඨ පාලනයකි.

:       21       141

ruwan kotuwelle Monday, 02 December 2019 05:32 PM

නාගානන්ද කට කැඩෙනකන් කීවේ ඕක තමා මහජනතාවගේ පරමාධිපත්‍ය ඒ අයට දීලා තියනකල් එකෙතුවෙලා හරි ඒ අයට ඕන දේ කරනවා

:       0       1

vidya Monday, 02 December 2019 06:33 PM

ඔය ව්‍යවස්ථාවට එකතුකරන්න මේ ටික, රිලවුන් සහ වඳුරන් මෙන් පැත්තෙන් පැත්තට පැනීම නතර කිරීම, නූගත් බුද්ධියක් නැති වාචාල දොඩොන අය පාර්ලිමේන්තුවට එවීම වැලැක් වීම. අගමැති ධූරය සහ ජනාධිපති ධූරය දෙවතාවකට සීමා කිරීම. පළාත් සභා වැසීම, පන්සල් පල්ලි වලට ලැබෙන මුදල් විමධ්‍යගත කොට දුප්පත් පන්සල් පල්ලිවල සේවයට යෙදීම. නැතිනම් අපට ආයෙමත් අබසරණ තමයි.

:       1       4

Shan Monday, 02 December 2019 06:34 PM

රටට මොනවද කලේ එකක් කියන්නකෝ.

:       0       9

chandima Monday, 02 December 2019 11:11 PM

ඒ වගේම ලක්මාල්, ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට ආපු පැරදුනු මන්ත්‍රී කෙනෙකුට වුනත් ගානක් දීලා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දෙ අරන් රටේ විධායක පාලකයා වෙන්න පුළුවනි. ඒ විතරක්ද? මුළු රටම ප්‍රතික්ෂේප කලත් අවුරුදු හතර හමාරක් බලයේ ඉන්න පුළුවනි.

:       40       66

ලුම්බිණි Tuesday, 03 December 2019 12:43 AM

19 වැනි සං‌ශෝධනය ‌ගෙන ආවේ ජනාධිපතිවරයාට තිබෙන අත්තනෝමතික විධායක බලතල ඉවත් කර ඉන් විශාල ප්‍රමාණයක් අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවටත් ස්වාධීන ‌කොමිෂන් සභා ‌වෙතටත් ‌බෙදී යන අන්දමටයි. මේක තේරුම් ගන්න බැරි අයට මොනවා කිව්වත් පලක් නැත. පසුගිය ආණ්ඩුව වැඩ අවුල් කර ගත්තේ 19 වරදින් නොව එය ක්‍රියාත්මක කල මිනිසුන්ගේ වරදින්.

:       1       63

de silva Tuesday, 03 December 2019 01:00 AM

ඔය කරන්න යන ව්‍යවස්ථා වෙනසේදී කිසිම වැඩකට නැති මුදල් විනාශ කරන පළාත්සභා අහෝසි කරන එකත් කරන්න බැරිද? මෛත්‍රිපාල ඔක්කොම අනාගත්තේ ව්‍යවස්ථා අවුලක් නිසා නොව ඔහුගේ නොහැකියාව නිසාය, දැනට තිබෙන තත්වය අනුව ගෝඨාභය මහත්මයට කිසිම ප්‍රශ්නයක් නැතුව රට කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් ගොඩ නැගී තිබෙන බව පෙනේ, කවුරුත් ඔහුට අකුල් හෙලන්නේ නැත. 19 තිබෙන ස්වාධින කොමිෂන් සභා බලගැන්වීම වැනි දේවල් ඉවත් නොකළ යුතුය, ලබන වසරේ මාර්තු දක්වා ඔහුට කැමති විදිහකට රට කරගෙන යන්න පුළුවන්. දැනට කෙරෙන විදිහට ඇමති මණ්ඩලය නාස්තිය වැනි දේවල් අඩුකොට රට ඉදිරියට අරගෙන ගියොත්, ලබන වසරේදී මහා මැතිවරණේදී ජනතාව නැවත ඔහුට බලය දේවි.

:       0       95

Perera Tuesday, 03 December 2019 02:04 AM

ඔය මොනවා කලත් ලංකාව එරිලා තියෙන මඩ ගොහොරුවෙන් එලියට ගන්න සක්කරයා හරි වයිමා හරි එන්න ඕනා.

:       0       22

eresh S kumara Tuesday, 03 December 2019 04:59 AM

ඕන ගොනෙකුට පුලුවන්ද ?

:       42       55

siri Tuesday, 03 December 2019 08:05 AM

මට නම් හිතෙන්නේ දැන් මේ ගොනා හැරෙන්නේ තැඹිලි පැළේට කියලයි.

:       1       1

fasmy Tuesday, 03 December 2019 09:23 AM

ජන්දය දිනපු මනුස්සයන්ට ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරන්න එපා.රටේ යහපත තකා ඔය දේවල් වෙන්න ඕන.

:       0       0

ramaTuesday, 03 December 2019 11:46 AM

මොනවද 19 වෙච්ච හොඳ දේවල් රට ආපස්සට ගියා අවුරුදු 5 කින්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 193 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 334 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 60 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 516 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1460 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3699 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site