IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘31 ට පෙර නව සන්ධානය පිහිටුවනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානය පිහිටුවීම සහ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 31 වැනිදාට පෙර සිදුකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය.

සන්ධානය  සම්බන්ධයෙන් පැන නැගී ඇති ප‍්‍රශ්න සියල්ලක්ම මේ වනවිට අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමින් පිහිටුවන  නව සන්ධානයේ මහ ලේකම්ධූරය, මූලස්ථානයේ ලිපිනය  සහ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ නව පුළුල් සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවති අතර සන්ධාන නායකත්ව මණ්ඩලය එකඟතාව මත අවසන් තීරණය ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (16)

‘‘31 ට පෙර නව සන්ධානය පිහිටුවනවා‘‘

saliya Friday, 23 August 2019 02:41 PM

ඉදිරියට එන්න... උගතෙක්, දක්ෂයෙක් ඉදිරිපත් කරන්න බල කරන්න. ගොනා බඳින කණුවක් බලයට ගේන්න එපා. කලින් සැරේ කරපු වැඩෙන් කන පරිප්පු හොඳටම ඇති...

:       16       118

විජිත් Saturday, 24 August 2019 03:39 PM

වෙන කව්රුත් අවශ්‍ය නැහැ.දැන් නව බලවේගය බිහිවෙලා ඉවරයි...එන් පි එම් කියන්නේ ඒකයි. දොස්තර විනයා ආරියරත්න, ආචාර්ය අජිත් කොලොන්නේ, හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ,නාගානන්ද කොඩිතුවක්කු, හිටපු අල්ලස් කොමසාරිස්තුමිය දිල්රුක්ෂි වික්‍රමසිංහ......වැනි ශ්‍රී ලංකාවේ සිටින ඉහලම වුර්තිකයින්ගේ සහභාගිත්වයෙන් පිහිටුවා ගත්ත ප්‍රභලම සංවිධානයක්.සමාජ මාධ්‍යවල සිටින අයටනම් මේ අය අලුත් අය නොවෙයි.ළඟදීම දවසක කොළඹ විශාල රැස්වීමක් පවත්වා ඒ අයගේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා.එදාට ඔබ සැමගේ සහභාගිත්වය සහයෝගය ලබාදෙනමෙන් අපේ මේ ලස්සන එහෙත් අභාග්‍යමත් රටේ නාමයෙන් ඉල්ලා සිටිනවා.

:       13       41

sumedha de silvaSunday, 25 August 2019 08:19 AM

විජිත්, අපිත් ඔය සංවිධානය සමග ඉන්නවා. ඒ අයගේ වියවස්තව නියමයි. මේ දියවන්නාවේ ඉන්න නාකි, කපටි අලුගුත්තේරු හොරු ඔක්කොම ඒ වගේම ඔවුන්ගේ පස්ස පැත්ත සෝදන ' වහල්ලුන්' රැලත් මේ සැරේ නම් හැඳිගෑවිලාම යාවි. අපේ මේ පණිවිඩය දැන් හැම ගෙයක් ගානෙම ගිහින් වටහා දෙනවා. ඔබ කිව්ව විදිහට ළඟදීම කොළඹ ඒ අයගේ ප්‍රථම රැස්වීම පවත්වනවා. එයින් පසු ඒවටා ඇතිවන ජන ගඟ බලාගන්න පුළුවනි. ඇත්ත, මේ අපට ලැබෙන අවසාන අවස්ථාවයි... එක්කෝ රට දිව්‍ය ලෝකයක් වේවි..!!! නැත්නම් මේ නරි රැලත් එක්ක නැතිවෙලාම යාවි... ඇමෙරිකන්, චීන හමුදා රටේ හැම පැත්තක්ම ටිකෙන් ටික අල්ලා ගනීවි...

:       15       36

සවින් Sunday, 25 August 2019 08:21 AM

මම නාගනන්ද මහත්මයාට තමයි ඡන්දය දෙන්නේ. මේ පාර මගේ පන්තියේ හිටපු යහළුවෝ ඔක්කොමත් එතුමාට ඒ වගේම ඔබ කිව්ව සංවිධානයට තමයි පක්ෂව ඉන්නේ..

:       3       22

siraj Friday, 23 August 2019 03:37 PM

ඡන්දේ ළංවෙනකොට ජාතික, ආගමික ආලය වැඩිවීමක් බලාපොරොත්තු වන්න.

:       61       72

Chandra Friday, 23 August 2019 04:40 PM

ආපෝ, බලෙන් ඉල්ලන අය නම් කළොත් පරණ කෙරුවාවට වැඩිය අනාථ වෙනවා.

:       129       226

chandima Friday, 23 August 2019 10:58 PM

සන්දාන නොගහ කොහොමද අගමැතිකම බේරාගන්නේ?

:       0       0

mp Saturday, 24 August 2019 01:46 AM

ඔහෙලගේ හෙළ උරුමය මකබෑවුනාද?

:       0       4

aruna Saturday, 24 August 2019 04:13 AM

දැනට තිබෙන පක්ෂවල එන්න අයගෙන් සුළු පරිසක් පමණයි රටට වැඩක් ප්‍රයෝජනයක් ගත හැක්කේ. එබැවින් අඩුමතරමින් ජාතික ලයිතුව ඉජ්නේරු හා තාක්ෂණික ප්‍රවීණයන්ගෙන් බහුතරය හා කළමනාකරණ හා මුදල් යන පැති වලින් පිරවීමට කටයුතු කල යුතුය. එය ඔබට පහසුවෙන් හැක. එවිත තිබෙන මෙම ප්‍රශ්න විසද සංවර්දනය කල හැක. ජය.!!

:       0       0

Keppetipola Saturday, 24 August 2019 06:07 AM

හැමදාම චම්පිකගේ වැඩේ ඡන්දයක් ලං වෙනකොට අලුත් සංධාන, අලුත් වැඩපිළිවෙලවල් හදන එක. මෙච්චර කල් එක එක්කෙනාගේ නැට්ටේ එල්ලිලා හදපු කිසිම දෙයක් චම්පිකට වාසිවුණාට රටත්, ජනතාවත් විනාශය කරා යන එක විතරයි වුනේ.. චම්පික හිතන් ඉන්නේ ජනතාව කන්නේ තණකොළ කියලා.

:       106       146

arunaSaturday, 24 August 2019 07:53 AM

ඔහු ඉතා බුද්ධිමත් යමක් කළ හැකි නායකයෙක්. ඔහු අත්දැකීම් සමග බොහෝ සෙයින් දියුණුවී ඇති බවයි පෙනෙන්නේ. එම නිසා මොහුටත් අවස්ථාවක් ලබාදිය යුතුයි. ඔය කියන විනාශයක් රටට වෙලා නැහැ. විශාල අනපේක්ෂිත ප්‍රශ්න හා අභියෝග හා ව්‍යවසනයෙන් මැද රට යම් තත්වයකින් පවත්වා ගැනීමට හැකිවී තිබෙනවා. ඒ නිසි ලෙස අර්බුද කළමනාකරණ කර ගැනීමට හැකිවී තිබෙනවා.

:       238       205

sisira Saturday, 24 August 2019 06:43 AM

බාලගිරි දෝෂයද මහත්තයෝ?

:       16       7

sirimal Saturday, 24 August 2019 08:14 AM

ඔබතුමාගේ නමත් ලැයිස්තුවට දාගන්න නේද ඔය දඟලන්නේ? අපේක්ෂකත්වය ලැබුණොත් හොඳට හිටී...

:       20       56

nimal Saturday, 24 August 2019 08:51 AM

සජිත් වැඩ කරන්නේ ප්‍රේමදාස අගමැති යුගයේ (1977-1987) පරිදිමයි. පුංචි ගෙවල්, ඉතා පටු (මගී) පාලම් තමයි විවෘත කරන්නේ. ඒවා ඉදිරි අවුරුදු 10ක් තුළ කඩලා හදන්න වෙනවා.

:       5       155

සේන Saturday, 24 August 2019 10:41 AM

සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමත්, උන්වහන්සේ ජාතිය පිබිදවූත් පිනෙන් සිංහල බෞද්ධ ඡන්දවලින් පාර්ලිමේන්තුවට ගොස්, බල තණ්හාවෙන්, මාන්නයෙන්, වෛරයෙන් ඉදිමී පුපුරා ගිය, දේශපාලන කුණු බක්කියට දැමිය යුතු පුද්ගලයෙකි. උගත්කම්වලින් ඵලක් ගත නොහැක්කේ අකුසල මූල ප්‍රබල නිසාවෙනි.

:       29       110

AmilaSunday, 25 August 2019 06:35 AM

හරියට ධර්මය ඉගෙනගන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 0 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 154 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 34 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 15 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 56 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 488 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site