IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘ශාරීරික දඬුවම් පාසල්වල තහනම් කිරීමට නීති ගේනවා‘‘

(මනෝජ් හර්ෂික)

ශාරීරික දඬුවම් හෙවත් කෝප්‍රල් පනිශ්මන්ට් පාසල් තුළ තහනම් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු සුදානම් කරමින් සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.

6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් විෂය මාලාවට නීති අධ්‍යාපනය එකතු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් කියයි.

නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවන බවත් නීතිය නොදැනීම නිසා නොයෙකුත් අපරාධ හා ප්‍රශ්න රාශියක් සිදුවන බවත් දරුවන්ගේ යහපත සඳහා මේ ලෙස කටයුතු කරන  බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (24)

‘‘ශාරීරික දඬුවම් පාසල්වල තහනම් කිරීමට නීති ගේනවා‘‘

Bamunuarachchi Wednesday, 11 September 2019 01:54 PM

ඔව් පුතාලා දූලා ඕගොල්ලන්ට ඕනේ විදිහට හැදෙන්න. ගුරුවරු සිලබස් එක කවර් කරාවි. පුළුවන් කෙනා ඉගෙන ගන්න බැරි කෙනා පුළුවන් කෙනාටත් පන්තියේ ඉගෙන ගන්න නොදී ඉන්න. එහෙමනේ පන්ති වල වෙන්නේ. විනය කියාදෙන්නේ පාසල්වලදී ඒ විනය කඩෙන විට දරුවන්ට දඬුවම් කිරීමට සිදුවෙනවා. අපි හැම දෙනාම වාගේ පාසල්වල දඬුවම් විඳපු අය. දැන් අපි ඒ දඬුවම් ගැන අපේ දරු මුණුබුරන්ට කියනවා. අපට දඬුවම් කල ගුරුවරුන් ආදරයෙන් සිහිපත් කරනවා. අනාගතයේ විනයක් නැති මිනිසුන් හැදීම පටන ගෙන වගේ. ළමයි ඉන්න එපැයි ළමයින්ගේ විනය ගැන හිතන්න. මේ උන්දැ හදන්නේ හැඳි නොගා හොද්ද හදන්නයි. කාලාවරෙන්කෝ...

:       2139       733

MaheshWednesday, 11 September 2019 03:40 PM

අපි ගුටිකාලා හැදුණා! ඒක එක ක්‍රමයක් පමණි. දියුණු රටවල් ඊට වඩා ගොඩක් හොඳ ක්‍රම භාවිතා කරනවා..! ළමයෙක් ඉතාම නරකට හැසිරෙනවා නම් කළයුත්තේ එසේ හැසිරීමට හේතු සොයා බලා ඊට පිළියම් කිරීමයි.

:       289       573

BamunuarachchiThursday, 12 September 2019 01:42 AM

ගුරුවරු දඬුවම් කරන්නේ කීපවරක් කියලා බැරි තැන. ඔබ ඉස්කෝලේ ගියානේ ගුරුවරුන්ගෙන් දඬුවම් වින්දානේ... දැන් ඔහෙට වෙලා තිබෙන පාඩුව කියන්න. මම ගුරුවරයෙක් නම් මෙම නීතිය අනුව පන්තියට එනවා සිලබස් එක කවර් වෙන්න උගන්වනවා. පන්තියේ අනික් ළමයින්ට හිරිහැර කරන ළමයින් දිහා බල්ලා අහක බලා ගන්නවා. ඔවුන් ගුටිකෙලි කර ගත්තාම ඒ දිහා හිනාවෙලා බලා මගේ ඉගැන්වීම කරගෙන යනවා. උඹලාට ඕනේ නම් ඉඳගෙන ගනින් බැරිනම් එ්ත් ඉගෙන ගනින් කියලා...

:       72       60

sanaThursday, 12 September 2019 06:13 AM

ඔය ගල් බමුණා වගේ නැහැදිච්ච මිනිස්සු බිහිවෙලා තියෙන්නේ ඒ ගහලා හදන්න ගිය නිසා තමයි.

:       4       124

KobaThursday, 12 September 2019 07:47 AM

මේ ගල්බමුණට පිස්සු, ඇත්තෙන්ම මේ මරණ දඬුවමට පක්ෂ එකෙක් හැටියට මෙහෙම අදහස් පලකරන එකේ ඒ හැටි පුදුමයකුත් නැහැ.

:       0       0

BamunuarachchiFriday, 13 September 2019 04:39 PM

අැයි මොනවද මේ කියන්නේ? මරණ දඬුවමට රටේ ජානධිපතිත් කැමතිනම් මම මොන බම්බුවකටද අකමැති වෙන්නේ?

:       1       0

ජෝන් සිල්වාFriday, 13 September 2019 01:51 AM

බමුණා අදහස් දෙන සෑම අවස්ථාවකම පොහොට්ටුවට කඩේයාම කළත් මේ වෙනුවෙන් ඉදිරිපත් කළ අදහස් සියල්ලම ඉතාමත්ම නිවැරදියි. හැඳි නොගා හැදුව ‌හොද්ද රස නැහැ කියලා පැරණි කියමනක් තිබුණේ දඬුවම් නොකර හැදූ දරුවත් ඒවගේ කියලයි. දඬුවම් නොකර හදන දරුවන් අනාගතයේ සමාජයට බරක් වෙනවා. දැන් ඉතින් වතුවල දළු කඩන්න පිරිසකුත් ඇතිකරන්න මෙහෙම කරනවද දන්නේ නැහැනේ...

:       0       2

BamunuarachchiFriday, 13 September 2019 04:50 PM

ස්තූතියි.. ! අපි ඇත්ත ඇති සැටියෙන් දකිමු. මගේ අදහස් වැරදියි කියා පෙන්වනවා වෙනුවට මගේ නමට බැනීම දුර්වලකම හා තර්ක කිරීමේ නොහැකියාව පෙන්වීමක්. අපේ ගුරුවරු තර්ක ශාස්ත්‍රය අපිට ඉගැන්වූවා, කන මිරිකලා ප්‍රස්තුතයට අදාලව කතාකරන්න ඉගැන්වූවා. ඒ ගුරුවරුන්ට පින් සිදුවෙන්න ඕනේ. ගුරුවරු දැක්කාම වාහනයෙන් බැහැලා ගිහිල්ලා කතා කරනවා. ඒ අපිව මානසිකව නොවට්ටා සමාජයේ කෙලින් සිට ගන්න කියා දුන් නිසා.. එකම දුක ඒ ගුරුවරු තාමත් ගමන බස් එකේ නිසා...

:       26       2

Bamunuarachchi Wednesday, 11 September 2019 01:59 PM

නෝනා ශාරීරික දඬුවමට වඩා බොහොම දරුණුයි මානසික දඬුවම. පන්තියේ ළමයෙකුට ගුරුවරයා කී වොත් මම ඔයළමයා ගැන සොයන්නේ නැහැ. ඔය ළමයාට ඕනේ විදිහට හැදෙන්න කියා... එතැනින්ම ඒ ළමයා මානසිකව කඩා වැටෙනවා. මේ ගුරුවරයා මා ගැන සැලකීමක් නැහැ කියා. පන්ති කට් කරන ළමයා ගැන සිනහවෙන් බැලුවොත් ඒ ළමයාගෙන් අනාගතය ඉවරයි. නෝනා ඉස්කෝලේ ගිහිල්ලා තිබෙනවාද?

:       357       383

Kamal Wednesday, 11 September 2019 07:03 PM

බමුණුආරච්චි මහතා ඔක්කොම වපර ඇහින් බලන්නේ ඇයි?

:       131       291

bamunuarachchiThursday, 12 September 2019 01:49 AM

හලෝ වපර මිනිස්සුත් හරියට දකිනවා. ඒ මිනිස්සුන්ට දේවල් උඩුයටිකුරු වෙලා පෙනෙන්නේ නැත. ඉස්සෙල්ලාම එ්ක ඉගෙන ගන්න. මම කිව්ව කරුණු වැරදියි කියා කියන්න. එයයි මෙතැනට අවශ්‍ය. ගුරුවරයෙක් ළමයෙකුට ශාරීරික දඬුවම් දීලා හරි ඉගැන්නුවොත් ඒ ළමයා වැඩිහිටියෙක් වෙලත් ඒ ගුරුවරයාට ගරුකරනවා. නමුත් මානසිකව දඬුවම් දීලා ළමයා කඩා වැට්ටුවොත් කවදා හෝ එ් ළමයා ගුරුවරයාට ශාප කරනවා.

:       14       55

sena Wednesday, 11 September 2019 02:29 PM

අනේ නිකං ඉන්න මැඩම්, ඔබතුමී අරක කරනවා මේක කරනවා කියකිය කීයක් දේවල් කීවද? එ්ත් මොකුත් වුනේ නැහැ. දැන් යන්න ලැහැස්තිවෙලා තවත් බොරු කියනවා.

:       140       294

karthini mas Wednesday, 11 September 2019 03:38 PM

පාසල් වල විනය බැලීමට පොලිසිය යොදා ගැනීම තමයි වඩාත්ම සුදුසු. දරුවන්ට වරද වටහා දී පොලිස් නීතිය අනුව දඬුවම් ද කරන්න පුළුවනි.

:       32       131

Cisco Wednesday, 11 September 2019 04:06 PM

ගුරුවරුන්ගෙන් දඬුවම් නොදුන්නා නම් අද ඔබතුමිය කොහේද ඉන්නේ? නරකම රස්සාව වන දේශපාලනයේ වත් නැහැ නේද?

:       420       455

ශ්‍රී Wednesday, 11 September 2019 04:10 PM

ළමා මනස දූෂණය වෙන නානාප්‍රකාර හිරිකිත ටෙලිනාට්‍යය දිගට හරහට රූපවාහිනී නාලිකාවල විකාශය වෙනවා. ඒවා නරඹන දරුවන් පාසල් තුළ ඒවා ක්‍රියාත්මක කිරීමට පෙළඹෙන විට ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද? එවැනි ටෙලි නාට්‍යය තහනම් කරන්න නීති හදාගන්න බැරි ඔහේ අපට බයිලා කියනවා.. පුළුවන් නම් මහලොකු අධිකරණ අමාත්‍ය තුමිය නම් දෙරණ නාලිකාවේ විකාශය වන කසිකබල් නාට්‍ය තහනම් කරලා පෙන්වන්න. ඒක කරගන්න බැරිනම් ඔය අධිකරණ ඇමතිකම....!!! 

:       18       262

Chanak los angeles Wednesday, 11 September 2019 09:08 PM

අන්න තොණ්ඩුව වැටුණු කෙනා හිරගෙදර සෙල් ෆෝනුත් තියාගෙන දොස්තරවරියට හා ජේලර්ලාට සල්ලි දාන පිරිනමමින් කුමාර ජීවිතයක් ගෙනියනවලු. පොහොට්ටු අපේක්ෂකයා කියනවා රටේ තිබිය යුත්තේ එක නීතියක් කියා. මම හිතන්නේ මේ සිද්ධිය ආරංචි වෙලා වෙන්න ඇති ඔහු එහෙම කියලා තිබෙන්නේ... ඉතින් ඒ ගැන සොයා බැලුවොත් නරකද?

:       0       0

chandima Wednesday, 11 September 2019 10:36 PM

තව මාස කීපයක් ඔහොම්ම කරකර ඉන්න නෝනා.

:       0       0

Sarasi Wednesday, 11 September 2019 11:21 PM

ගුරුවරු හදන්න කලින් අන්න අර ටෙලි නාට්‍ය ව්‍යවසනය නවත්වන්න. මේ ඊයේ ප්‍රචාරය වුන ටෙලි නාටකයේ උසස්පෙළ සිසුවා, වරදට අවවාද කරන්න තමන්ගේ කාමරයට පැමිණි මව්පියන් අතින් ඇදගෙන ගොස් කාමරයෙන් එළියට දමා දොර වසනවා. මොහුගේ චරිතය ඉතා සුපිරි ආදර්ශමත් පාසල් පෙම්වතෙක්... හෙට අනිද්දාට අපේ දරුවන් පාසල් වයසේදීම මව්පියන් ගෙවල්වලින් එළියට ඇද දැම්මා කියා අසන්න ලැබේවි... මේවායේ සිටින ගුරුවරියන්ගේ චරිත රූපරාජිනි තරඟයට යන බාලිකාවන් මෙන් තොරොම්බල් කරත්ත බවට පත්කර ඇත.

:       0       121

Prabha Wednesday, 11 September 2019 11:57 PM

ශිෂ්‍ය නායක ක්‍රීඩා ගුරුවරුන්ගෙන් වන හිරිහැර ගැනත් සොයාබලන්න.

:       0       0

Jehaan Thursday, 12 September 2019 01:28 AM

දැන් දැන් පාසල් ළමයින් ඉලක්ක කර ගනිමින් ඉතා නොමනා ටෙලි නාට්‍ය ගණනාවක් විවිධ නාලිකා වලින් ප්‍රචාරය වෙනවා. පාසල් ප්‍රේමය අධ්‍යාපනයේම කොටසක් බව ඔප්පු කරන්න කිසිම හිරිකිතයක් නැතිව වැරදි සමාජ පූර්වාදර්ශ ටෙලි නාට්‍යවලට ඇතුළත් කරලා. අපිත් ගොළු හදවත, ගැහැණු ළමයි නරඹලා තිබෙනවා. එහෙත් ඒ කතා වල සමාජයට වැරදි ආදර්ශ සපයන පාසල් පෙම්වතුන් සිටියේ නැහැ. කුසුම් කිව්වේ මට අම්මා කෙනෙකුට දුක් දෙන්න බැහැ. අපි මේක නවත්වමු නිමල් අයියේ කියා. එ්කට දැන්..? බඳින්නත් කලින් අනාගත නැන්දම්මට “පට්ට ගේමක්” දෙන්න සෙට් වෙන පාසල් වීරවරියන්...

:       0       137

සංජීව Thursday, 12 September 2019 04:15 AM

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් බන්ධනාගාර, පොලීසි, උසාවිත් හදන්න ඊළඟ අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරන්න ඇමතිතුමියනි...

:       0       21

amali Thursday, 12 September 2019 04:43 AM

බමුණුආරච්චි කණගාටු නොවන්න. නූගත් කෙනා කැමැති නැහැ තවත් කෙනෙක් ඉගෙන ගන්නවට. එයා කැමති අනිත් අයත් එම වලටම වැටෙනවට...

:       2       14

Sugath Premalal Thursday, 12 September 2019 04:51 AM

අහෝ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට ගිය කලක්..!!! මම දැනට වසරකට පෙර මම අධ්‍යාපනය ලැබූ පාසලට ගියෙමි. කියන්න දුකයි ළමයින්ගේ හැසිරීම ගැන කියලා වැඩක් නැහැ. ඔවුන්ගේ විවේක කාලය තුළ ඔවුන් හැසිරෙන්නේ ළඟදීම විවාහ වෙන්න යන පෙම්වතුන් ලෙස... ගුරුවරුන්ට කිසිම ගරුත්වයක් නැහැ. පාසල් නිලඇඳුම් ස්ලිම් ෆිට් වෙලා... කොණ්ඩ කපන්න කවුරුත් කියන්නේ නැහැ. විනය කියන එක අැත්තෙම නැහැ. මොකක්ද දැන් ලංකාවට වෙලා තියෙන්නේ. කොහොම තිබුණු රටක්ද?

:       0       46

Sujeeva Thursday, 12 September 2019 06:56 AM

අද දේශපාලකයින්ට විනයක් නැහැ. පාරක් තොටක විනයක් නැහැ. නීතිය ක්‍රියාත්මක තැන්වල විනයක් නැහැ. විනය චුට්ටක් හරි තියෙන්නේ පාසල්වල සහ ගෙදර, දරුවන්ට... පාසලේදී ළමයෙක් තව ළමයෙක්ට පහර දුන්නොත් ඒ දරුවට දඬුවම් කරන්න බැහැ කියන්නේ, තවත් එම ජාතියේ අයට ඉඩදෙනවා කියන එක. හරියට කුඩු ගෙන ආ අයට දඬුවම් නොකර දේශපාලකයින් සුරතල් කරනවා වගේ.. එ්කෙන් වෙන්නේ තවතව කුඩු මුදලාලිලා බෝ වෙන එක... වර්තමාන දේශපාලකයින්ට ඕනේ ඔවුන්ගේ පස්සේ යන රැකියා විරහිත මැරයන් පාසල්වලින් බෝ කරගන්න මිසක් උගත්, තරුණ පරම්පරාවක් බිහිකරන එක නෙවේ. තව ටික දවසකින් මව්පියන්ටත් දරුවන්ට දඬුවම් කරන්න බැරිවෙන්න නීති ගෙනේවි... මේ රට තවදුරටත් පිරිහෙන එක සහ ලෝකයේම කුණු රට වෙන දවස වැඩි ඈතක නැහැ. සියලු දෙය අනිත්‍යයි. හැකිතරම් හොඳට අපේ දරුවන්ට හොඳ, නරක කියාදීලා පිටරටකටවත් යවමු...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 203 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1558 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1290 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 745 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1832 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 91 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site