IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘‘රංජන්ගේ හඬපට ප්‍රචාරය වීම වැළැක්වීමට පියවර ගතයුතුයි‘‘

(මුදිතා දයානන්ද)

සමාජය තුළ විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන පරිදි තවදුරටත් රංජන්ගේ හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැළැක්වීමට විදුලි සංදේශ හා නියාමන කොමිසන් සභාව පියවර ගත යුතුව ඇතැයි  තොරතුරු හා සන්නිවේදන තාක්ෂන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (14) පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පොල්හේන්ගොඩ පිහිටි තොරතුරු හා සන්නිවේදන තාක්ෂන රාජ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් ඔහු මෙසේද පැවසීය.

      ‘‘රංජන් රාමනායක මන්ත්‍රීවරයා කරපු වැඩේ නිසා අද රට පුරා හැම තැනකම ඔහු විනිසුරුවරු, පොලිස් නිලධාරින් හා ඇතැම් මැති ඇමතිවරු සමඟ කළ දුරකතන සංවාද ගැන කතා කරන්න පටන් අරන්. ආගම්වලට අපහාස වන ආකාරයෙන් මේ සංවාදවලින් කියවෙන දේවල් ගැන අපි කණගාටුවට පත්වෙනවා. මේවා සමාජ මාධ්‍ය ඔස්සේ දිනපතා ප්‍රචාරය වීම බරපතල ගැටළුවක්.

රංජන් මේ කරපු දේ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය වහාම පියවරක් ගත යුතුයි. අද මේ සිදුවන දේවල් සම්බන්ධයෙන් වගකියන්න කිසිවෙක් නැහැ. මොකද හැමෝම බයයි ඔහු සතුව තියෙන හඬ පට වලින් තම තමන් ගැන මොනවා කියවෙයිද කියලා.

ඔහු වරදක් කර තිබේ නම් අවශ්‍ය පියවර ගන්නවා කියලා එජාපය කියනවා. දැන් ඔහු කර තිබෙන වරද හොඳටම පේන්න තිබියදි පියවරක් නොගන්නේ ඇයි? එජාපයේ ඉහළම නායකයාගේ සිට පහළට බොහෝ දෙනා මේවාට සම්බන්ධ කියලා අපිට සැකයක් ඇති වෙනවා.

එහිදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයට පුලුවන්කම තිබෙන්නේ රංජන් රාමනායක මහතා දුරකතන සංවාද රෙකෝඩ් කිරීම සම්බන්ධයෙන් පියවරක් ගන්නයි. ඒත් මේ හඬ පට එකින් එක දවසින් දවස මාධ්‍යවලට නිකුත් කරන්නන් සම්බන්ධයෙන් සොයා බලා පියවරක් ගැනීම වගේම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පියරවක් ගැනීමත් කළ හැක්කේ ආණ්ඩුවට නේද?

පිළිතුර - අපි විදුලි සංදේශ නියාමන කොමිසමට ඒ ගැන ක්‍රියාකරන්න කියලා අපි දැනුම් දී තිබෙනවා. අපිට සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න බැහැ. දැන් තිබෙන මාධ්‍ය සංස්කෘතිය තුළ ඒක කරන්න බැහැ. අපි එයින් එක තැනකට කොටු වෙනවා. තොරතුරු දැන ගැනීමේ පනත අනුව අපට තොරතුරු දැනගැනීම වළක්වන්න බැහැ.

 



අදහස් (6)

‘‘රංජන්ගේ හඬපට ප්‍රචාරය වීම වැළැක්වීමට පියවර ගතයුතුයි‘‘

Bamunuarachchi Tuesday, 14 January 2020 12:17 PM

එතකොට ජනතාව දැනගත යුතු නැද්ද? එයාගේ තරම ගැන එකකෙනාට වුවමනා විදිහට මඩ ගහන්න දෙන්න බැහැ. එයා නාගත්ත මඩ ජනතාවට බලාගන්න ඉඩදෙන්න ජනතාවට එයා ගැන තීරණ ගන්න.

:       1       0

mihira Tuesday, 14 January 2020 12:23 PM

ඔව් තව මොනවා එළියට එයිද කව්ද දන්නේ නේද?... නතර කරමු.

:       0       1

රවින් Tuesday, 14 January 2020 01:09 PM

දැන් දැන් තේරීගෙනයි එන්නේ "එනපොට හොඳ නැහැ කෙල්ල ගෙටගනින්" කියලා. කොහොමත් ඔය 225ටම අර කට කතාවට කියන" ලිප්ටන් උන්නැහේගේ ආච්චිටවත් කරන්න බැරි වුණුදේ කරන්න හෝ හිතන්න කල්යනවා.

:       0       1

Kamal Koyrala Tuesday, 14 January 2020 01:18 PM

වළක්වන්න අවශ්‍ය නැහැ. මහජනතාව පත්කළ මහජන නියෝජිතයින්ගේ සහ විධායක තනතුරු දරන්නන් කරන්නේ මොනවද කියා දැනගැනීමේ අයිතියක් තියෙනවා. යහපාලනය විතරක් නොවේ, අනිකුත් ආණ්ඩු කාලවලත් මෙසේම වුණු රෙකෝර්ඩින්ග්ස් නැතිවට ඇති හැකි අයගේ කෙලි සහ හොරුන් කුඩ්ඩන් මිනීමැරුම් වගේ දේවල් සිදුවුණා. ලංකාවේ පොඩ්ඩන් සදා අනාථයි.

:       0       1

dare Tuesday, 14 January 2020 01:35 PM

අමුතුවෙන් රන්ජන්ගේ හඩපට එන්න ඕනි නැහැ. මොලයක් තියන මිනිස්සු ඉස්සර ඉදන්ම දන්නවා නීතිය වල් වැදිලා කියලා. ඔය කොයි ආණ්ඩු ආවත් වැඩක් නැහැ. ආණ්ඩු වලටයි හෙන්චයියෝන්ට ඕනි විදියටයි නිතිය නැමෙන්නේ. අපි දන්නවා 225 ට ඕනි ඔය වගේ දේවල් එලි වෙන්නේ නැතුව මිනිස්සු ගොනා කරලා තියන්න.

:       0       1

විජිත් Tuesday, 14 January 2020 02:22 PM

නැහැ.ඔක්කොම හඬ පට ජනාතව අතරට යැවිය යුතුයි. එවිට මහාජනතාවට දැන ගන්න පුළුවනි ඔය සුදෝ සුදු පිරුවටයෙන් සැරසී, නොකිලිටි මලක් සේ ඉන්න ,දියවන්නාවේ ඉන්න නාරි මස් කන,මහජනතාවගේ ලේ උරාබොන තුච්ච නරි රැළගේ අමන වැඩ සියල්ලම. ළඟ එන ඡන්දයට කලින් කෙසේ හෝ මේවා ඔක්කොම සමාජ මාධ්‍ය ජාලයන්ට ලබාදීම කලොත් ඔය කොළ පාට,නිල් පාට පමණක් නොවෙයි රතුපාට කට්ටියටත් මහජනතාව නිසි පිළිතුරු දෙවි.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 8 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 29 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 78 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 232 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 420 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 331 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site