IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘‘පරාජය දැක වියරු වැටී සිටින පිරිස් බොරු ප්‍රචාර යවමින් ජනතාව බිය ගන්වනවා‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

පරාජය දැක ඉන් වියරු වැටී සිටින පිරිස් බොරු ප්‍රචාර යවමින් ජනතාව බිය වද්දමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (22) පස්වරුවේ පැවැසීය.

ඇතැම් කණ්ඩායම් නැති බියක් ඇති කරමින් මාපියන් හා දරුවන් බිය වැද්දීමට කටයුතු කරමින් සිටින බව ද මුදල් අමාත්‍යවරයා කීවේය.

මුදල් අමාත්‍යාංශයේදී හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම කරුණු සඳහන් කළේය.
එහිදි අමාත්‍යවරයා මෙසේ ද කීය.

“ දකුණු පළාත් සභාවේ සහකාර අධ්‍යාපන ලේකම්වරයෙක් යැවූ ලිපියක් අනුව සඳුඳා දිනයේදී දකුණු පළාතේ විදුහල්පතිවරුන්, මාපියන් කැඳවා පාසල් තුළ හදිසි මෙහෙයුම් කළ යුතු බව ප්‍රකාශ කර තිබෙනවා. මෙය සිදුව තිබෙන්නේ සඳුඳා දිනයේදී. නැවත ගුරු දෙගුරු රැස්වීම් පවත්වන ලෙසත් පාසල් දරුවන්ගේ බෑග් සෝදිසි කරන ලෙසත් එහිදි උපදෙස් දී තිබෙනවා.

මේ නිසා මාතර දිස්ත්‍රික්කය තුළත් දකුණු පළාතේ පාසල් දරුවන් තුළ, මාපියන් තුළ දැඩි බියක් සහ නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ සහකාර අධ්‍යාපන ලේකම්වරයා යැවූ ලිපිය නිසයි. ඔහු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටත් මේ ලිපිය යවා තිබෙනවා.

ඔහු මෙම ලිපිය යවා තිබෙන්නේ ජනාධිපති ලේකම්වරයා පසුගිය කාලයේදී යවන ලද පොදු චක්‍රලේඛන පදනම් කරගෙනයි. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ආරක්ෂාව සම්බන්ධයෙන් අප්‍රේල් 21 වැනිදායින් පසුව පොදු චක්‍ර ලේඛන තුනක් යවා තිබෙනවා. ඔහු එහිදි ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත්කම සිහිපත් කර තිබෙනවා. එහෙත් යළි හදිසි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවක් ඔහු සඳහන් කර නැහැ.

මම මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගෙන් විමසීමක් කළා. මම රහස් පොලිසියේ ප්‍රධානියාට කතා කළා. බුද්ධි අංශයේ ප්‍රධානියාට කතා කළා. දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයාට කතා කළා. අධ්‍යාපන අමාත්‍යවරයාට සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කතා කළා. මෙවැනි ලිපියක් යැවීමට අවශ්‍යතාවක් නැති බව ඔවුන් සඳහන් කළා. හදිසි තත්ත්වයක් නැති බව ඔවුන් තහවුරු කළා

පසුගිය කාලයේදී ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සියයට 95කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව බුද්ධි අංශ නිලධාරීන් මට තහවුරු කළා. අද බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්ව සිටිනවා. ඒ වගේම රටවල් බොහෝමයක් රතු නිවේදන ඉවත් කරගෙන තිබෙනවා.

හදිසි තත්ත්වයක් තිබෙනවා මෙවැනි ලිපියක් යවන්න ඕනේ දකුණු පළාත් ආණ්ඩුකාරවයා. එහෙමත් නැතිනම් අධ්‍යාපන අමාත්‍යවරයා. එහෙත් මේ ලිපිය යවා තිබෙන්නේ සහකාර අධ්‍යාපන ලේකම්වරයෙක්.

මේ නිසා අපට විශාල සැකයක් ඇති වෙනවා. මේ ලිපිය සත්‍ය වශයෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් යවන ලද ලිපියක් ද නැතිනම් ජනාධිපතිවරණය මුල් කරගනිමින් හිතාමතා නොසන්සුන්තාවක් ඇති කරන්නට යන කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද කියන ප්‍රබල සැකය අපට තියෙනවා. දේශපාලන වාසි ගන්නට කරන ක්‍රියාවක් ද කියන සැකය අපට තියෙනවා. ඒ නිසා මම වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මේ සම්බන්ධයෙන් හදිසි ලිපියක් යවා පැමිණිල්ලක් කළා. මෙම සිදුවීම ගැන සොයා බලන්නැයි මම ඔහුගෙන් ඉල්ලා සිටියා.

දකුණු පළාත තුළ පමණක් නොව රට තුළ භීෂණයක් ඇති කරන්නට ඇතැම් පිරිසක් උත්සාහ කරමින් සිටින බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. පරාජයෙන් වියරු වැටී සිටින යම් යම් කණ්ඩායම් ජනතාව බිය ගැන්වීමට උත්සාහ කරනවා. නැති බියක් ඇති කරමින් මාපියන් දරුවන් නොසන්සුන් කරන්නට උත්සාහ කරනවා. මේ වගේ වෙළෙඳ දැන්වීමක් ද තියෙනවා. මෙය වෙළෙඳ දැන්වීමත් සමඟ යන කුමන්ත්‍රණයක් කියන සැකය අප සතුව තිබෙනවා.

මෙවැනි නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කිරීම ගැන රහස් පොලිසිය, බුද්ධි අංශයේ නිලධාරීන් පුදුමයට පත්වුණා.

මෙවැනි සිදුවීම් වාර්තා වුණාම අම්මලා තාත්තලා බය වෙනවා. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ජනතාවට දොස් කියන්න බැහැ. මෙවැනි ලිපියක් ලැබුණාම ඒ අනුව පියවර ගන්න විදුහල්පතිවරුන්ට චෝදනා කරන්න බැහැ. ඒ නිසා මේ ආකාරයේ ව්‍යාජ බිය ගැන්වීම් පිළිබඳ තොරතුරු ලැබුණාම ඒවා පතුරුවන, පදනම් විරහිත ප්‍රකාශ කරන, බොරුවට ජනතාව බිය වද්දන පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමේ වගකීමක් ආරක්ෂක අංශවලට තිබෙනවා.

අද තිබෙන ත්‍රස්තවාදී ජාලය නිසා නිව්යෝක්, වොෂින්ටන්, ලන්ඩන්, පැරිස් ආදී ලෝකයේ ඕනෑම අගනුවරකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තිබෙනවා. ලංකාවේ අපිත් මේ දේවල්වලට මුහුණ දුන්නා. පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රහස් පොලිසිය, බුද්ධි අංශ ලෝකයේ අනෙකුත් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශවල සහාය ගනිමින් අයි.එස්. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම වැළැක්වීමට පියවර ගෙන තිබෙනවා. ඉතාම කෙටි කාලයක් තුළ එම පියවර ගෙන තිබෙනවා.

ජනතාව ලෙස අපිත් අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම ත්‍රස්තවාදීන්ගේ මුවාවෙන් රට තුළ භීෂණය, නොසන්සුන්තාව ඇති කිරීමට ක්‍රියා කරන අය ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ. ආරක්ෂක අංශ හා බුද්ධි අංශත් බොරු ප්‍රචාර යවන අය පිළිබඳවත් අවධානයෙන් ඉන්න ඕනේ”.



අදහස් (0)

‘‘පරාජය දැක වියරු වැටී සිටින පිරිස් බොරු ප්‍රචාර යවමින් ජනතාව බිය ගන්වනවා‘‘

ඔබේ අදහස් එවන්න

දියත

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 9 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 174 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 203 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 506 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 349 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 854 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site