IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘කිසිවෙකුත් නැත‘‘ තීරයක් ඡන්ද පත්‍රිකාවට එක්කිරීමට යෝජනාවක්

(රංජන් කස්තුරි)
 
මැතිවරණයකදී කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොමැති නම් ඔවුන්ට කතිරය ගැසීම සඳහා ‘‘කිසිවෙකුත් නැත‘‘ යනුවෙන් තීරයක් ඡන්ද පත්‍රිකාවට අලුතින් එක්කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

තරුණයන් පිරිසකගෙන් ඉදිරිපත් වී ඇති එම යෝජනාවට කොමිෂන් සභාව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ නමුත් ඒ සඳහා නව නීති සම්පාදනය කළ යුතුබවද ඔහු කීය.

පාර්ලිමේන්තුවෙන් නව නීති සම්පාදනයක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් එම ක්‍රියාවලිය සකස් කළ යුතු බවද සභාපතිවරයා කීය.



අදහස් (56)

‘‘කිසිවෙකුත් නැත‘‘ තීරයක් ඡන්ද පත්‍රිකාවට එක්කිරීමට යෝජනාවක්

lanka Sunday, 16 June 2019 04:12 PM

ලංකාව වැනි රටකට ඉතාමත් යෝග්‍ය යෝජනාවක්...

:       0       92

Nasrudin Sunday, 16 June 2019 05:41 PM

‘‘කිසිවෙකුත් නැත‘‘ මේක අනියම් බලපෑමක් වෙන්නේ නැද්ද ඡන්දෙ දන්නා එපා කියලා.

:       41       28

Raveendra Sunday, 16 June 2019 05:47 PM

ඉතාම වටිනා අදහසක් කරුණාකර හැකි ඉක්මනින් මෙම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින්නෙමු.

:       276       452

kapila Sunday, 16 June 2019 05:58 PM

මෙය ඉතා කාලෝචිතය. එහෙම නැතිව හොරෙක් වෙනුවට තව හොරෙක් පත් කරන ක්‍රමයක් දැන් තියෙන්නේ.

:       33       153

chandima Sunday, 16 June 2019 06:36 PM

ඔය යෝජනාව පාර්ලිමේන්තුවෙන් නම් සම්මත වෙන්නේ නැහැ. රටේ තුනෙන් දෙකක්ම ඒකට කැමති උනත් පාර්ලිමේන්තුවේ ඡන්දෙ දෙන්නේ එයාලට " බදු රහිත වාහන, සින්ගප්පුරුවේ සෞඛ්‍ය රක්ෂණ, වාර්ෂික විදේශ සවාරි, තනතුරේ මීළඟ ප්‍රති ලාභියා නම්කිරීම, කැමති කෙනෙකු ලවා කොන්තරාත්තුව කරගැනීමට වාර්ෂික අය වැය ප්‍රතිපාදන" ඇතුළු පැකේජය ලබාදෙන පක්ෂ නායකයාගේ කීමට අනුවනේ.

:       0       51

lalith Sunday, 16 June 2019 06:46 PM

ඡන්ද කොමසාරිස් තුමනි ඔය පාර්ලිමේන්තුවෙන් සම්මතකරණ වැඩේ හරියන්නේ ප්‍රජාතන්ත්‍ර වාදේ තියන රටවලට. අපේ තියෙන්නේ වෙනත් වාදයක්.

:       0       54

Mahee Sunday, 16 June 2019 08:32 PM

පාර්ලිමේන්තුවෙන් නම් ඕක සම්මත වෙන්නේ නෑ මේ සම්මජ්ජාතියේදී. නාගානන්ද මහතාණෙනි, හැකි නම් මේ උදව්වත් අපට කරදෙන්න.

:       2       61

ranjith Sunday, 16 June 2019 10:12 PM

හොද යෝජනාවක් මේකෙන් දැනගන්න පුළුවන් මේ ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ජනතාවගේ තියෙන අප්‍රසාදය

:       0       68

M.R.Wijetunga Sunday, 16 June 2019 11:34 PM

ඉතා හොඳ අදහසක්. මෙය අනිවාර්යෙන්ම ඇතුලත් කල යුතුයි.

:       0       72

Bamunuarachchi Monday, 17 June 2019 12:48 AM

එහෙම තීරයක් දාන එක හොඳයි නැතිනම් අපි කුරුටු ගාන එකනේ කොරන්නේ.

:       0       122

sarath Monday, 17 June 2019 12:49 AM

චන්දය අපි කෙසේ දැම්මත් පත්වෙලා එන්නේ මනාප ගත්ත පිරිස ( අවම මනාප ප්‍රමාණයක් ස්ථාපිත වියයුතුයි .පළාතේ ඉන්න හොඳම මදාවියෝ ටික ඡන්ද ලැයිස්තුවට දැම්මහම මිනිස්සු අසරණයි. මනාප දුන්නත් නොදුන්නත් මනාප ලිස්ට් එකේ උඩින් ඉන්න හොරු ටික කොහොමත් එනවා. මේ මනාප ක්‍රමේ නිසා තමයි මේ තරම් පහත්, රටට ආදරයක් නැති , ඉදිරි දැක්මක් නැති ඔලමොට්ටල යෝ ටිකක් පාර්ලිමේන්තුවට යන්නේ

:       0       29

koralage Monday, 17 June 2019 01:16 AM

මේ ජරා දේශපාලනය තවදුරටත් ජනතාවට ඉවසන්න බැරි බව තමා පෙනෙන්නේ. වෙනත් නායකත්වයක් හෝ වෙනත් නව එකමුතුවක් එන්නේ නැත්නම් මේ දැන් ඉන්න කිසිම කෙනෙකුට ඡන්දය දෙන්න හිතට එකඟව කාටවත් පුලුවන්ද ? ප්‍රතිපල ගැන්නහම මේ බව දැනගන්න පුළුවන් වේවි

:       0       31

du Monday, 17 June 2019 01:37 AM

ඉතා වැදගත්. ඉදිරපත් වූ නම් නුසුදුසු බව මෙයින් තහවුරු වේවි. සටහන හා බැඳුනු නීතිමය තත්වයද පැවතිය යුතුයි. නැත්නම් නියමිත ඡන්ද සංඛ්‍යාව නැතිව නැවත නැවතත් ඡන්දය තියන්න වේවි. ඒක වියදම් සහිත ගැටුම්කාරී වේවි. නියමිත ඡන්ද ප්‍රමාණයට වඩා නුසුදුසු ඡන්ද ප්‍රතිශතය වැඩි වූ විට අදාළ පක්ෂවලට විරුධව නීතිමය පියවරක් ගත හැකි විය යුතුයි. නැතුවනම් මේ දේශපාලුවෝ හැදෙන් නැහැ. බොහෝ පළාත්සභා ඡන්දය අවලංගු කර දමලා තියෙනවා සුදුසු අය නැති නිසා.

:       0       28

Perakum Monday, 17 June 2019 01:43 AM

තරුණ පිරිසගේ අදහස ඉතා කාලෝචිතයි අති විශිෂ්ඨයි. නව පරපුර නගා සිටවමු.

:       0       50

chamila Monday, 17 June 2019 01:54 AM

ඡන්ද වංචාවකට මුලපිරීමක්

:       112       99

jaya Monday, 17 June 2019 02:11 AM

ඒ ප්‍රතිශතය 10% වඩා වැඩි උනොත් අයෙත් ඡන්දයක් තියන්න. ඉන්දියාවේත් මේක අත්හදා බැලුවා

:       1       21

රවින් Monday, 17 June 2019 02:35 AM

හොඳ අදහසක් යස අදහසක්. එහෙම ඡන්දය දැම්මොත් හොර ඡන්ද දාන්නත් බැහැ. අනවශ්‍ය සුදුසුකම් තියන උදවිය පාර්ලිමේන්තු යවන්න වෙන්නෙත් නැහැ.

:       0       22

Cisco Monday, 17 June 2019 02:41 AM

ඡන්ද පොලට යන ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. අනෙක සමහර සංඛ්‍යා ලේඛන ඔස්තාර්ලා කරන විග්‍රහ බොරු කියල කියන්නත් පුළුවන්.

:       0       22

Sam Monday, 17 June 2019 03:09 AM

එවිට ජනාධිපති සඳහාත් "කිසිවෙකුත් නැත" තේරීපත් වේ

:       0       8

saliya Monday, 17 June 2019 03:26 AM

ජය ලබන්නා 50% කට වඩා ලැබිය යුතු නිසා පැහැදිලි අවසන් ප්‍රතිපලයකට බාධාවක් විය හැක . මීටත් වඩා අස්ථාවර තත්වයක් ඇති විය යුතු නැත .

:       107       91

janahitha Monday, 17 June 2019 03:29 AM

‘‘කිසිවෙකුත් නැත‘‘ පොහොට්ටු පක්ෂයේ ඡන්ද කැඩීමට පසුගිය දා රැස්වුණ ප්‍රධාන දේශපාලන කල්ලියක වැඩක් යෝජනාවක් තීරණයක්

:       322       309

සඳුන් Monday, 17 June 2019 03:30 AM

කාලෝචිත යොජනාවක්. බුද්ධිමත් තරැණයින්ට උපහාරය. මේ ආකාරයට ජනතාවගේ විරෝධය මැතිවරණ අපේක්ෂකයින්ට හෝ මැතිවරණ ක්‍රමයට ප්‍රජාත්‍රන්තවාදීව ප්‍රකාශ කළ හැකියි. ඡන්ද පත්‍රිකා තව දුරටත් කටුගාන්න අවශ්‍ය නෑ. කෙසේහෝ මෙය ක්‍රියාත්මක කළ හොත් ප්‍රජත‍න්ත්‍රවාදයේ ඉදිරි පිම්මක් සනිටුහන්කළ රටක් ලෙස අප රට වැජබෙනවා. යහපාලකයිනි කොරහත් බිඳගෙන යන එකේ මෙන්න අවස්ථාවක්.

:       3       104

Nana Monday, 17 June 2019 03:37 AM

ඔව් තිබිය යුතුමය. එවිට ඡන්ද ප්‍රතිශතය 90% වනු ඇත. 30% පමණ එවැනි ඡන්ද වැටෙනු ඇත.

:       2       102

Indunil Monday, 17 June 2019 03:45 AM

හොද වැඩක්

:       7       18

චමින්ද Monday, 17 June 2019 03:45 AM

මෙවැනි වැදගත් යෝජනා සඳහා නීති සකස්කල යුතුයයි කියන අය ඡන්ද ගණන්කිරීමේ නිරතවන නිළධාරීන් ඉතා දැඩිපීඩනයකට පත්කරවන ඡන්දපොළ නියෝජිතයින් වැඩිකිරීමට ඉදිරිපත්න කරන ස්වාධින අපේක්ෂක ලැයිස්තු අඩුකිරීමට කිසිම උනන්දුවක් නොමැතිවීම කණගාටු දායකයි. බොහෝ පක්ෂ තමතමාගේ ඥාතීන් හෝ සහෝදරයින් නමින් ස්වාධීන ලැයිස්තු ඉදිරිපත් කරනවා.මේවාටත් නීති සැකසිය යුතුමයි.

:       1       33

San80 Monday, 17 June 2019 03:47 AM

ඉතාම හොද තීරණයක්. අපිට උන්ව ඕනෑම නෑ කියල කෙලින්ම කියන්න පුළුවන් බොරුවට කුරුටු ගාන්නේ බලි අදින්නේ නැතුව.

:       32       52

සරණයි Monday, 17 June 2019 03:48 AM

එක නම් හොඳ යොජනවක්. නැත්නම් හිස් එවාට කතිරේ හොරෙන් ගහනවා .

:       1       21

JAYATH Monday, 17 June 2019 03:58 AM

මේක නම ඉතා අගනා -මහාර්ඝ - වටිනාම යෝජනාවක්. මොකද මුන් 225 ඇතළු සංහතියම දැන්මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ ( පුද්ගලික වාසි තකා කඩේ යන පිරිසක් හැර ). එතකොට සමාජ ව්‍යාපාරයක් දියත් කලතහැකි ,කව්රුවත් එපා කියල .ඒක හැරව්ම් ලක්ෂයක් කරගෙන, අලුත් ව්‍යවස්තාවක් හදාගෙන, මේ රටේ දේශපාලනය අලුතින් ලියන්න පුළුවන් නම් මේක සුන්දර රටක් කරත හැකි. ඒක අයිති මේ රටේම මිනිස්සුන්ට මිසක් මාලදිවයින් හරි, ඉන්දීය හරි ජනතාවට නොව...

:       0       36

ajith Monday, 17 June 2019 04:06 AM

මෙය පත්‍රිකාවට ඇතුළු කළහොත් පත්වන දේශපාලකයින් බහුතර ඡන්දයෙන් පත් නොවන්න පුළුවන්. එක බයානක දෙයක්. ඒ වෙනුවට මැතිවරණ වල ඡන්ද ප්‍රතිශතය ඉහල දැමීමට සෑම දෙනාටම ඡන්දය දැමීම අනිවාර්ය කල යුතුයි. ලංකාවේ මැතිවරණ වල ඡන්ද ප්‍රතිශතය තිබෙන්නේ පහල මට්ටමක. දියුණු රටවල ඡන්දය නොදැම්මොත් දඩ මුදලක් ගෙවිය යුතුයි.

:       38       0

sharm warnMonday, 17 June 2019 08:04 AM

දැනටමත් ජාතික ලැයිස්තුවෙන් පැරදුණු එවුන් ටික ඇතුළට රිංග ගන්නවා නම්.. ඡන්දයකින් පත් කරන්න කොහෙත්ම සුදුසු නැති අය ඡන්දෙ ඉල්ලනවා නම්... බහුතර තියා සුලුතර ඡන්දයක්වත් දෙන්න පුළුවන්ද? ඡන්දයක් තිබුණු තරමට පත් කරන්න සුදුසු අය ඉන්නවද? ඡන්ද ප්‍රතිශතය පහළට වැටෙන්නේ ඡන්ද දායකයින්ට දේශපාලකයන් ගැන තියෙන කලකිරීම නිසා. ඔය දඩ කතාව සද්දෙන් කියන්න එපා. මේ තියෙන දඩ ටිකත් ගෙවා ගන්න බැරුව අපි ඉන්නේ... මේ අයට ජෝගි නටන්න සල්ලි නැති නිසා එහෙම දඩයකුත් ගහයි අනිත් ගමන..

:       0       13

sharm warn Monday, 17 June 2019 04:07 AM

බොහොම හොදයි. එතකොට වෙන වෙන දේවල් ලියලා තෝරා ගන්න කිසිවෙකුත් නැති බව පෙන්නුම් කරන්න ඕනේ නැහැ ..

:       0       13

shan Monday, 17 June 2019 04:07 AM

මෙය ඉතාම කාලෝචිත ක්‍රියාවක් මන්ද රටේ අද පවතින කිසිම දේශපාලන පක්ෂයක කිසිම දේශපාලකයෙක් රටේ මජනතවගේ ඡන්දය ලබා ගැනීමට කිසිම අයුරකින් සුදුස්සන් නොවන්නේය. ඒ නිසා අද ජනතාව කිසිම අරමුණක් නොමැතිව කාලය ගත කරයි. මේට වඩා හොදයි අපේ රටට විද්‍යුත් ඡන්ද ක්‍රමය හදුන්වා දෙන්න එය බොහෝ නිවැරදිව මේ කාර්ය සිදු කරයි.

:       0       13

shan Monday, 17 June 2019 04:07 AM

මෙය ඉතාම කාලෝචිත ක්‍රියාවක් මන්ද රටේ අද පවතින කිසිම දේශපාලන පක්ෂයක කිසිම දේශපාලකයෙක් රටේ මජනතවගේ ඡන්දය ලබා ගැනීමට කිසිම අයුරකින් සුදුස්සන් නොවන්නේය. ඒ නිසා අද ජනතාව කිසිම අරමුණක් නොමැතිව කාලය ගත කරයි.

:       0       9

shan Monday, 17 June 2019 04:07 AM

මෙය ඉතාම කාලෝචිත ක්‍රියාවක්.

:       19       30

දිලුම් Monday, 17 June 2019 04:08 AM

ඉතා හොඳ යෝජනාවක්. එතකොට දැනගන්න පුළුවන් 225ට ජනතාව දක්වන ප්‍රතිචාරය. කරන්න දෙයක් නැතිකමට තමන්ගෙ නමින් හොර ජන්ද දාන එක වලක්වන්න මිනිස්සු ගිහිං කාට හරි ගහල එන එක මේකෙන් නවතිනවා. අනික මේකෙන් හොඳ සමීක්ෂනයක් කරන්න පුළුවන් ලංකාවේ දේශපාලනය සම්බන්ධව මිනිසුන් දරන මතය සම්බන්ධයෙන්. මේ යන ක්‍රමය කොතරම් මිනිසුන් පිලිගන්නවාද නොපිලිගන්නවාද යන්න දේශපාලුවන්ට අවබෝධකරගෙන හැදෙනව නම් හැදෙන්නට මෙවැනි මැතිවරණයක ප්‍රතිඵල භාවිතා කරන්න පුළුවන්.

:       0       20

ranjan Monday, 17 June 2019 04:08 AM

එක ඉරකින් නම් ටික කැපෙන්න ඉරක් ගහන්න. මම නම් කලින් කලේ ඒ විදියට. අලුතෙන් තීරයක් දානවනම් එය හොද ප්‍රවනතාවයක්. මොකද ඔක්කම හොරුනේ.

:       49       56

තරිඳු Monday, 17 June 2019 04:43 AM

කැම්පස් එකේ දී සයිමන් අයියට ඡන්දය දීමේ සිරිතක් තිබුණා.

:       0       2

එස් ජී පල්ලී Monday, 17 June 2019 04:48 AM

මෙහෙම කරන්න දෙන්න එපා. අවම වශයෙන් කැමති අපේක්ෂකයාට ඡන්දය දෙන්න. මේක ඡන්දය වර්ජනය කිරීම හා සමානයි. මේකෙන් භයානක ප්‍රතිඵල අත්විදින්න සිද්ද වෙයි. දූෂකයෙක්ට වුනත් එයාගේ හැලයෝ දාල දිනන්න පුළුවන්.

:       74       28

චේතියසේන Monday, 17 June 2019 04:49 AM

බැරිවෙලාවත් "කිසිවෙකුත් නැත" වැඩිම ඡන්දය ලැබුවොත්?

:       0       38

සුසන්ත Monday, 17 June 2019 05:14 AM

ඉතාම වටිනා යෝජනාවකි. සභාපතිතුමනි ඔබගේ දැඩි අවධානය යොමු වේවා.......!

:       0       8

chandana Monday, 17 June 2019 05:32 AM

යෝජනාව ගෙනාපු අය නම් නොදන්නාකමට වත් කියන්න පුලුවන්. ඒත් මැතිවරණ කොමිසමත් එකඟ වීම තමයි පුදුමය. එහෙම නම් ඒක මැතිවරණයක් හෝ ඡන්දයක් වෙන්නේ කොහොමද. වරණය කියන්නේ තෝරා ගැනීම නම් තෝරා නොගැනීම ඒකෙන් හැඟවෙන්නේ නැහැනේ. එතකොට මැති හරණය වෙනවනේ. ඡන්දය කියන්නේ කැමැත්ත නම් ප්‍රකාශ විය යුත්තේ කැමැත්ත නේ. අකමැත්ත නෙවෙයි නේ. (මොකක් හරි දෙයක් ගැන කියලා ඒකට කැමැති අය මේ දවසේ මේ වෙලාවට මෙන්න මේ තැනට ඇවිල්ලා අරන් යන්න කියලා දැනුම් දුන්නම එතනට ඇවිත් ඒ දෙයට කැමැති අය ඇවිල්ලා ඒක අරගෙන යනවා මිසක් ඒක එපා කියලා යන්න කවුරුවත් එන්නේ නැහැනේ) අකමැති නම් ප්‍රතික්ෂේප කරනවා නම් ඡන්ද පොලට එන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙම කරහම හොර ඡන්ද වැටෙනවා නම් ඒක වැලැක්වීමට කටයුතු කිරීම මැතිවරණ කාර්ය මණ්ඩලය වග බලා ගතයුතුයි. කිසිවක් විපරීත කරන්න එපා. අපේ රටේ තියෙන්නෙම තමාට ප්‍රකාශිතව අයිති කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී පසුගාමී වෙමින් අදාල නැති නෙවැදගත් කාරණාවලට ප්‍රමුඛතාවය දීම නෙවෙයිද.

:       103       217

gamini Monday, 17 June 2019 06:20 AM

කිසිවෙකුත් නැත වැඩි ප්‍රතිශතය ආවොත් හමුදාවට ආරාධනා කරමු රට බාර ගන්න.

:       0       9

Anura Monday, 17 June 2019 06:30 AM

කිසිවෙකුත් නැත යනු නම ලැයිස්තුවේ නැති කෙනෙකු නිසා ලැයිස්තුවේ නැති කෙනෙක් පත්කිරීමට මැතිවරණ කොමිසමට සිදුවනු ඇත.

:       5       0

සේන Monday, 17 June 2019 06:31 AM

යෝජනාව හොඳයි. ඒත් කිසිවෙක් නැත කියන එක බලය පවතින ආණ්ඩුව හොරකම් කරගැනීමේ වෙට්ටුවක් වෙන්න පුලුවන්. දැන්නම් රටේ සිදුවන කිසිම දෙයක් ගැන තඹ දොයිතුවක විශ්වාසක් නෑ. ඔක්කොම හොර තක්කඩි .

:       1       28

Gon Harak Monday, 17 June 2019 06:34 AM

කවුරුත් නැති නම් අපෙන් කවුරුහරි නම් කරන්න අපෙන් කිරි බීලා වැඩ අරගෙන මරාගෙන කනවා

:       0       0

Kumara Monday, 17 June 2019 07:41 AM

හොද යෝජනාවක් ,මගේ අදහස නම් මනාපය වගේම අමනාපයත් සටහන් කරන්න තවත් කොටු පේලියක් තිබ්බනම් හරි

:       27       1

[email protected] Monday, 17 June 2019 07:56 AM

මෙම ක්‍රමය දෙනට ඉන්දීයාවේ ක්‍රියාත්මක වෙනවා, මෙයින් කෙරෙන්නේ හොර ඡන්ද දැමිම වලකාලිම.

:       0       13

lion Monday, 17 June 2019 07:56 AM

ඉතාම සරලයි, එකෙකුටවත් නොදී ඡන්දෙ අවලංගු වෙන විදිහට කටුගලා දමන්න, නව නීති හදන්න කරදර වෙන්න ඕනි නැහැ

:       1       43

upul Monday, 17 June 2019 08:54 AM

රට පටලවන්නේ ඇයි..? ඡන්දය දෙන්න සුදුස්සෙක් නැත්තං ගෙදරට වෙලා හිටපියව්...

:       50       30

indika galgodage Monday, 17 June 2019 09:01 AM

මෝඩ අදහසක්...

:       33       37

sashika Monday, 17 June 2019 09:56 AM

මේ යෝජනාවට ගොඩක් අය කැමති බව පේනවා.. නමුත් මෙතැනින් වෙන දේ තමයි ප්‍රධාන පක්ෂ වල අයට කැමති නැති බවට සලකුණු වෙන එකත්, පොඩි පක්ෂවල ප්‍රතිශත ඉහළ යන එකත්, උදාහරණයක් විදිහට ටී.එන්.ඒ., එස්.එල්.එම්.සී. වගේ අය වැඩි ප්‍රමාණයක් අතුළට යන එක... එතකොට අපි කබලෙන් ලිපට වැටෙනවා.

:       52       0

Sunil Monday, 17 June 2019 09:56 AM

ඉතාම වටිනා අදහසක්.... කරුණාකර හැකි ඉක්මණින් මෙම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින්නෙමු.

:       14       54

chandana Monday, 17 June 2019 10:57 AM

මැතිවරණයක් තියන්නේ ඉදිරිපත් වන අයගෙන් සුදුසුම කෙනා තෝරන්නයි. අපේ රටේ ඉන්න සිංහල හරක් වැරදිලාවත් එක දිගට ඡන්ද දෙක තුනක කිසිවකුත් නැත. ගොඩට ඡන්ද දාලා ඒක බහුතරය වුනොත්. බෙදුම්වාදීන් ටික මේ කිසිම බේදයක් නැතුව බෙදුම්වාදයට උඩගෙඩි දෙන අපේක්ෂකයෙක්ට ඡන්දේ දීලා පත්වෙලා රට බෙදයි. මැතිවරණ වියදමත් අපරාදේ. රටත් අනාතයි.

:       0       0

chandana Monday, 17 June 2019 11:02 AM

දුරදිග නොබලන අය මේ අදහස දැන් අගය කරන නමුත් මෙහි දුර්විපාක දැක අනාගතයේ දිනයක රට තවතවත් අගාධයට යනු දැක අපරාදේ අපි රැවටුණායි කියමින් දුක් වනු ඇත. ඡන්දය දුන් හැට දෙලක්ෂය මෙනි...

:       0       0

sam-UK Monday, 17 June 2019 12:25 PM

මෝඩ අදහසක්, කිසිවෙක් නැත්තම් ඡන්දය අවලංගු කරනවා. මේකට කතිරේ ගැහුවා කියලා අපිට කැමති කෙනෙක් පත් කරගන්න පුළුවන්ද? මේකේ ප්‍රතිශතය බලලා ඡන්දය අවලංගු කරලා පක්ෂවලට වෙන අපේක්ෂකයන් දාලා නැවත ඡන්දය තියන්න වෙන විදිහටම කරනවා නං හොඳයි. නැත්තන් තවත් සමහර ඡන්ද කඩන්න පොළඹවන කපටි වැඩක් විතරයි.

:       0       0

BamunuarachchiMonday, 17 June 2019 02:24 PM

ඡන්ද කොමසාරිස් මේ ගැන දීර්ඝ විස්තරයක් ටීවී නාලිකාවක කළා ඒ කතාවට සවන් දුන්නා නම් ඔහොම කියන්නේ නැත..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1588 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 778 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 649 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 332 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 570 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 524 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site