IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘මාර්තු හයට පෙර ණයවර ලිපි විවර කළ පිරිස වාහන බද්දෙන් නිදහස්’

(රන්ජන් කස්තුරි
 
ආනයනික වාහන සඳහා වැඩිකළ බද්ද මාර්තු 06 වැනිදාට පෙර ණයවර ලිපි විවෘත කර ඇති ගිණුම්හිමියන්ට බල නොපාන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
 
පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළ දිනට පසුදින එනම් මාර්තු 6  වැනිදායින් පසුව ණයවර ලිපි විවෘත කරන්නන්ට  වැඩිකළ වාහන බදු අදාළ වන බවද මුදල් ඇමතිවරයා කීය.
 
එන්ජිම සහ කුටි සවිකළ චැසි ලෙස ආනයනය කරනු ලබන වාහන මත අයකළ නිෂ්පාදන බද්ද සහ කිලෝග්‍රෑම් 2000ට නොවැඩි  භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවයක් සහිත කුඩා ලොරි රථවල නිෂ්පාදන බද්ද මෙවර අයවැයෙන් අඩුකළ බවද මුදල් ඇමතිවරයා කීය.



අදහස් (9)

‘මාර්තු හයට පෙර ණයවර ලිපි විවර කළ පිරිස වාහන බද්දෙන් නිදහස්’

de silva Wednesday, 13 March 2019 12:29 PM

ඔය විදිහට මධ්‍යම පන්තිකයෙකුට වාහනයක් ගන්න බැරිවෙන විදිහට පුළුවන්තරම් බදු ගහන්න , අන්තිමේදී පාතාල කාරයෝ , කුඩුජාවරම් කාරයෝ , රජයේ ලොකු නිලධාරියෝ සහ දේශපාලකයෝ පමණක් අලුත් වාහන වල යාවි , මේ රටේ ඉදිරියට ජීවත්වෙන්න පුළුවන් ඔය කියන පුද්ගලයන්ට පමණි සාමාන්‍ය අපි බෝට්ටුවක නැගල හරි හොඳ රටකට පනිමු එහෙම බැරිනම් , අරාබි රටකට හරි යමු . කවද හරි ඡන්දයක් ඒවිනෙ එතකොට දකින්න පුළුවන් ජනතා ප්‍රතිචාරය .

:       124       154

Sanath KandyTuesday, 19 March 2019 09:38 AM

වාහනයක් ගත්තට වැඩක් තියෙනවද අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට යන්න බැරි තරමට පාරවල් තදබදයෙන් පිරිලා තියෙද්දී. මේ අය කරන බදු වලින් පොදු ප්‍රවාහන සේවා වැඩි දියුණු කරනවානම් වැඩි දෙනෙකුට පෞද්ගලික වාහනයක අවශ්‍යතාවයක් නැති වෙයි.

:       0       114

chandima Wednesday, 13 March 2019 01:31 PM

ඔය බදු සම්භාරේම ගහපුවම වෙන රටක අධි සුඛෝපබෝගී වාහනයක් ගන්න තමයි ලංකාවේ මිනිහෙකුට ඉතාම පහළ මට්ටමේ කුඩා වාහනයක් ගන්න වෙන්නේ. එතකොට ඒ කුඩා වාහනයක කුලී ගාස්තුව වෙන්නෙත් පිටරටක ඉහළ පෙලේ සැප පහසු කුලී රථයක් අයකරන ගණනමයි. ලංකාවට ඔය වැඩි වැඩියෙන් එන සංචාරකයින්ට යන්න වෙන්නේ තමන්ගේ රටේ හොඳ සැප පහසු වාහනයකට ගෙවන ගණන ගෙවල පුංචි වාහනයක හිර වෙලා. ඉතින් එකපාරක් අාපු කෙනා ආයෙත් එයිද අපේ රටට? එවුන්ට කියන්නේ රටේ සංචාරක ව්‍යාපාරේට අතදෙන මහඟු අයවැයක් කියල නේද? අපනයන භාණ්ඩ නිපදවන්නටත් වෙන්නේ ඒ සන්තෑසියමයි. තමන්ගේ කර්මාන්ත ශාලාවේ අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරලා, අපනයන භාණ්ඩ වරායට ප්‍රවාහනය කරලා ඉවර වුණාම, භාණ්ඩයේ මිල අහස උසට නැගලා. ඉතින් කොහොමද රුපියලේ අගය අඩු කළා කියලා නිෂ්පාදන වියදම අඩු වෙන්නේ? අති දක්ෂ මුදල් ඇමති කෙනෙක්? දැන් අවුරුදු 30ක් නැතිනම් 40ක් උන්නා කියලා සහතිකේකුත් දුන්නා නේද? පනහේ සහතිකෙත් දීල මිසක් ගෙදර නම් යවන්න එපා. තව උත්සවයක් තියලා තීරු බදු රහිත වාහන බලපත්‍ර දෙකකුත් දෙන්න ජනතාවට සේවය කරන්න.

:       22       167

de silva berlin Wednesday, 13 March 2019 04:37 PM

චන්දිම මහතාගේ අදහස් මමත් අනුමත කරමි, හයර් කුලී වැඩි නිසා සංචාරකයෝ සාමාන්‍ය මගී බස් රථවල යන්න පුරුදු වෙති. එහෙම යනකොට ඔවුන් කොත්තු කඩවලින් කන්නත්, කොහේ හෝ තිබෙන අඩු මිල ගණන් කාමරවල ඉන්නත් පුරුදු වෙති. එහෙම වුනහම ලංකාවේ ඩොලර් 2000-3000 වියදම් කරන්න එන සංචාරකයා වියදම් කරන්නේ ඩොලර් 800-1000 විතර. සමහර සංචාරකයෝ ඉන්ටෙර්නෙට් බ්ලොග් ලියති මේවා කියවන සංචාරකයන් ලංකාවට ආවහම කරන්නෙත් මේ ටිකමය .

:       34       15

lanka Wednesday, 13 March 2019 06:02 PM

මා සිතන විදියට මෙහි පරමාර්ථය වැඩි වැඩියෙන් බදු මුදල් එකතු කිරීම නොව, විදේශ ණය ආපසු ගෙවීමටවත් ප්‍රමාණවත් නැති රටේ විදේශ මුදල් සංචිතය ආරක්ෂා කර ගැනීමයි. මේ නීතිය සාමාන්‍ය පුරවැසියන්ට සහ දේශපාලකයින්ට එකසේ බලපෑ යුතුයි.

:       2       30

Akila Thursday, 14 March 2019 04:04 AM

හු එන්ඩ් පී එකෙන් දාන මුදල් ඇමතිලා ඔක්කොම දන්නෙ අය කරගන්න ඕනේ නම් වාහන බද්ද, සිගරට් බද්ද, අරක්කු බද්ද ..ඔයටික වැඩිකරන්න තමයි , එතනින් එහාට හිතන්න මොලයක් නැහැ , තව අවුරුදු 10 ක් විතර මේ ගොල්ලෝ හිටියොත් මරුටි කාර් එකකුත් කෙල කෝටියක් වෙයි

:       57       32

NissankaTuesday, 19 March 2019 11:25 AM

කොයි ආණ්ඩුවත් ඒ ටික තමා කරේ. ඔයාලට අමතක ඇති පහුගිය ආණ්ඩුව බදු වැඩි කරලා එක පාරටම බදු අඩු කළා ටික දවසකට. තමන්ගේ පෞද්ගලික පාවිච්චියට ගෙනාව අලුත්ම වාහන ටික ගොඩ බාගන්න. වැඩේ කරගෙන පහුවදාමා ආපහු බදු වැඩි කරා.

:       0       70

de silva Friday, 15 March 2019 03:25 AM

අඩුම තරමින් දේශපාලකයන්ට දෙන තීරුබදු සහනය 3000 CC වලට අඩු වාහන වලට පමණක් සිමා කරන්න, එතකොට රටේ මුදල් ඉතුරු වෙනවා මෙන්ම, අපට පාරේ බැහැල ගමනක් බිමනක් යන්න පුළුවන් , ඇමතිලා යන සහ වර්ගයේ ජීප් රථයක් ප්‍රමාණය ලොරි භාගයක් විතර ඇති , ඒවා එන්නේ ලොරි මෙන් නොවේ පැයට කිලෝමීටර් 80-120 අතර වේගයකින් ,

:       57       72

samantha dubai Saturday, 23 March 2019 08:07 PM

මේවා සැලසුම් කරලා කරන දේවල්. බදු වැඩි කරන්න කලින් එයාලගේ හිතවතුන් දන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 104 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1029 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 480 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 263 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 178 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 320 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site