IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘බුල්බුල්’ සුළි කුණාටුව චණ්ඩ වෙයි

(ඩයනා උදයංගනී)

බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින ‘බුල්බුල්’ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය ඉදිරියේදී තව දුරටත් වර්ධනය වෙමින් ඉන්දියාවේ බටහිර බෙංගාල සහ බංග්ලාදේශ වෙරළ තීරය දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

එහි බලපෑමෙන් බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ඉතා රළු විය හැකි නිසා නොවැම්බර් 11 වැනිදා දක්වා එම මුහුදු ප‍්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

විශේෂයෙන්ම එම මුහුදු ප‍්‍රදේශයේ යාත‍්‍රා නොකරන ලෙස බහුදින ධීවර යාත‍්‍රාවලට දැනුම් දී ඇතැයි ඔහු පැවසීය.

බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ තද වැසි සමඟ පැයට කිලෝමීටර 80, 100 පමණ වේගවත් හා විටින් විට පැයට කිලෝමීටර 120 සිට 130 පමණ දක්වා ඉතා තද සුළං ඇති විය හැකි බැවින් මුහුදේ ස්වභාවය දළ රළු විය හැති බව ද එම ප‍්‍රකාශකයා කීවේය.

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල හෙට (09) පස්වරුවේ වැසි ඇතිවිය හැකි  අතර බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය.



අදහස් (0)

‘බුල්බුල්’ සුළි කුණාටුව චණ්ඩ වෙයි

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 10 0

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 135 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂා


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 563 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 213 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1429 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


රත්මලානේ කාමරයක ඝාතනයක්
2024 අප්‍රේල් මස 16 443 0

කාමර කුලියටදීමේ නිතරව සිටි පුද්ගලයකු නිවෙසේ නිදාගෙන සිටියදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනකු විසින් තියුණු ආයුධයකින් පහරදී අද(16) අලුයම ඝාතනය කර ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 137 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site