IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘පොදු අපේක්ෂකයාට පෙර රටට ගැළපෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි’

(ඩයනා උදයංගනී)

පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට පෙර රටේ ගැටළු විසඳිය හැකි පුළුල් දේශපාලන සන්ධානයක්, එහි දේශපාලන, ආර්ථික, සමාජ වැඩපිළිවෙළ, සහ එය ක‍්‍රියාවට නංවන නායකත්ව මඩුල්ල රටට ප‍්‍රකාශ කළ යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එම වැඩපිළිවෙළ ඉදිරිපත් වූ පසු ඒ මත පොදු අපේක්‍ෂකයකු ගොඩනැගෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ අනාගත නායකයා තීරණය කරන්නේ දේශපාලන පක්‍ෂයක් නොව ලක්‍ෂ 50ක් වන කිසිම පක්‍ෂයකට නොබැදුණු මධ්‍යස්ථ ජනතාව බවද ඇමැතිවරයා කීවේය.

ඒ නිසා එක එක පක්ෂවලින් අපේක්ෂකයින් ඉදිරිපත් කරනවාට වඩා වැදගත් වන්නේ එම ලක්ෂ 50 ට අවශ්‍ය වැඩපිළිවෙළක් හා ඒවා ක‍්‍රියාත්මක කරන්නේ කවුද යන්න තීරණය කිරීම බව ද  පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ගාල්ල කොටුවේ, ‘ගෝල් දි ගොල්’ ශාලාවේ පැවැති ‘ජාතික මග’ ගාල්ල දිස්ත‍්‍රික් සමුළුවට එක් වෙමිනි.



අදහස් (11)

‘පොදු අපේක්ෂකයාට පෙර රටට ගැළපෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි’

amila Sunday, 21 July 2019 09:54 AM

මෙවලට රැවටිලා ඇති වෙලා තියෙන්නේ එත් අපේ මිනිස්සු පාඩමක් ඉගෙනගන්නේ නෑ. රටට ඕන වෙන කව්රුත්ම නෙමේ ඊළඟ අවුරුදු 5 ම හරි අරගෙන කමක් නෑ දේශපාලන ව්‍යුහය වෙනස් කරලා දේශපාලනේට පිවිසෙන්න අවම සුදුසුකමට උපාධියක් තිබීම අනිවාර්ය කරන්න පුළුවන් හැකියාවක් තියෙන නායකයෙක්. ඊට පස්සේ ජන්දෙකින් උගතුන් ටිකක් පාර්ලිමේන්තු ගියායින් පස්සේ රට හැදිල්ල ගැන අපි කතා කරමු. පාසලෙන් කට්ටි පැනල සාමාන්‍ය පෙළවත් සමත් නැති නූගතුන්, මැරයන්, ජඩයන්, පාතාලයන්, හොරුන්, ස්ත්‍රී දූෂකයන්, හැම තැනම නිදි කිරා වැටෙන බල ලෝභී සීයලගෙන් සමන්විත පිරිසක් පාලනය කරන රටකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් සංවර්ධනයක් නැත.

:       2       309

Ravindra Balangoda Sunday, 21 July 2019 10:07 AM

මෙයත් රට වටේ රැස්වීම් තිය තිය යන්නේ අපේක්ෂකයෙක් වෙන්න තමයි, මෙයා කියන ඔය ඡන්ද ලක්ෂ 50න් මෙයාට ලක්ෂයක්වත් ලැබෙන්නේ නෑ.

:       9       534

ලසන්තMonday, 22 July 2019 01:15 AM

කරන වැඩය හරියට කරන වැඩියෙන් ප්‍රසිද්ධියක් නොකරන නාස්තිය හා දූෂණයෙන් තොර මෙතුමා ගැන අශුභවාදී අදහස් දැරීම සුදුසු නැහැ. මෙතුමා වැනි කෙනෙක් රටේ නායකත්වයට ආවොත් මේරට ලොව සුරපුරක් වෙන්ව පුළුවනි.

:       22       18

Asanka Sunday, 21 July 2019 10:16 AM

අනේ බොරු ආත්මාර්ථකාමී කටුසු දේශප්‍රේමියෝ ඔහේ පැත්තකට වෙලා ඉන්නවා , මේ පර රටේ මිනිස්සු අවශ්‍ය දේ කරයි. යන එන මන් නැති බොරු දේශප්‍රේමියා කටුස්ස පරාදයි. එක එක පැතිවලට මුක්කු ගහනවා දිව හැරෙන හැරෙන අතට දේශ ප්‍රේමි කතා කියනවා. අපි ඔහේ අදුනගෙන බොහෝ කල්

:       33       679

Raveendra Sunday, 21 July 2019 10:35 AM

අම්මපා.... ‍මෙයත් දැන් " තල් අත්තට බොරළු හලනවා " වගේ එකපාරටම කෑකෝ ගහන්නේ මොකද ???

:       40       241

Prabha Sunday, 21 July 2019 01:39 PM

මෙතෙක්කල් වැඩ කරේ ප්‍රතිපත්තියක් නැතුවද?

:       0       119

indra Sunday, 21 July 2019 05:20 PM

මොන වැඩ පිළිවෙලවල් ගෙනාවත් මේ රජය රටට කරපු විනාශය වහන්න බෑ, සන්ධාන හදාන කොහොම එකතු උනත් ඡන්දය දෙන්නේ ජනතාව. මේ සන්ධාන ගත වෙන නායකයන් රට හදන්න එන අය නෙවේ, තමන්ගේ සැප විහරණය හොයමින් ඉන්න අය. අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් මේ නටන නාඩගම කාටද පුළුවන් නතර කරන්න? මගේ රට ඉපදෙන්න සිටින පරම්පරාව ගැන හිතනකොට දුකයි. රටේ සියලු ජනතවගෙන් ඉල්ලන්නේ ඔබේ කැමැත්ත රැකියාවකට, ගෙයකට , ඉඩමකට පාටකට මුල් කර ගන්න එපා නුපන් දරුවට හොද රටක් දැයක් ඉතිරි කරන්න.

:       0       201

Vidya Sunday, 21 July 2019 11:28 PM

නගානන්ද කොඩිතුවක්කු එම ප්‍රකාශය දැනටමත් කරලනේ තියෙන්නේ

:       1       3

sisira Sunday, 21 July 2019 11:31 PM

ඕක ඉතින් මෙයා ආපු දා ඉඳන් ගහන බයිලා එකනේ. තව ඔහේ ටික දවසක් බයිලා ගහයි. වේදිකාවෙන් හූ හඬ මැද බැසයන දවස බොහොම ලඟයි.

:       0       3

AHINSAKA Sunday, 21 July 2019 11:58 PM

අර පහු ගිය දවසක රාජගිරියේ ඒකචාරී නිශාචර දඩාවතේ යනකොට වාහනයට යට කළ බව කියන අබ්බගාත වී ජීවිතයේ සොදුරු තාරුණ්‍ය ගත කරණ අහිංසක දරුවා එහෙම බලන්න ගියේ නැතෙයි ලොක්ක?

:       0       3

Chanak los angeles Monday, 22 July 2019 04:51 AM

ඕවා කරන්න නොවේද ඔබලා මහජන මුදල් වලින් යැපෙමින් සියලුම වරප්‍රසාද ලබමින් පාලන බලයේ ඉන්නේ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 776 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 324 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 318 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 243 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 393 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 423 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site