IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ජනපති - අගමැතිට මැතිවරණය පැවැත්වීමේ වුවමනාවක් නෑ’

විනීතා එම් ගමගේ

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දේශපාලන වේදිකාවල කථා කරමින් සිටියත් දෙදෙනාටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වුවමනාවක් ඇතැයි පෙනෙන්නට නැති බව පැෆරල් සංවිධානය පවසයි.

පළාත් සභා හතක නිල කාලය අවසන්ව ඇති බවත් බස්නාහිර පළාත් සභාවත් මේ මස 20 වැනිදායින් අවසන් වන බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මේ වනවිට කටයුතු කළ යුතුව ඇතත් කිසිදු පාර්ශවයකට උවමනාවක් ඇති බවක් නොපෙනෙන්නේ යැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා  පැවැසීය.

මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බව කී හෙට්ටිආරච්චි මහතා එය ජනතා විරෝධී කටයුත්තක් බව ද කීය.

මැතිවරණය ඉල්ලා අධිකරණය ඉදිරියට යා හැකි වුවත් අධිකරණ ක්‍රියාවලියක් තුළින්ද විශාල කාලයක් ගතවන බව හෙතෙම සඳහන් කළේය. 

මේ වනවිට පළාත් සභා 9න් හතක් ම පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් යටතේ බව පෙන්වා දුන් පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා බස්නාහිර පළාත්සභාවද ලබන 20 වැනිදා සිට ආණ්ඩුකාරවරයා යටතට පත්වන බව පෙන්වා දුන්නේය.

 



අදහස් (16)

‘ජනපති - අගමැතිට මැතිවරණය පැවැත්වීමේ වුවමනාවක් නෑ’

dharmatileke Friday, 12 April 2019 10:10 AM

පළාත් පාලනේ ඕනේ නැහැ. නූගත් මිනිස්සු පත්වෙලා උගත් මිනිස්සුන්ගේ තැන නැතිකරනවා...

:       110       449

YesFriday, 12 April 2019 11:53 AM

ඇත්තටම ඔව්, මුදල් හා සම්පත් ඉතුරුයි.

:       23       74

HafeelSaturday, 13 April 2019 12:28 AM

ඇත්තටම පළාත් සභා එවිල්ල මැති ඇමැතිලාගේ පවුල්වලට පෙර පාසල්. රටට හෝ ජනතාවට හෝ කිසිසේත්ම වටින්න නැහෙ.

:       0       29

CiscoSaturday, 13 April 2019 08:00 AM

පළාත් සභා නැති කල යුතු බව ගැන අපිත් එකඟයි. නමුත් ආණ්ඩුව ඡන්ද තියන්නේ නැත්තේ පරදිනවට තියෙන බයට මිසක් අවන්කවම පළාත් සභා අහෝසි කරන්න තියෙන්නේ කැමැත්තට නොවේ.

:       0       241

kalani withanage Friday, 12 April 2019 11:17 AM

ප්‍රජාතන්ත්‍රවාදය යනු හිස් වචන ගොඩකි...

:       0       96

සිරිබිරිස්Saturday, 13 April 2019 12:42 AM

මේ කථාව ඇත්ත පසුගිය කාලයේ පළාත්සභා ඡන්ද පැවැත්වුනේ හිටපු පාලකයින්ට වාසිවෙන ලෙසට කඩින්කඩ ක්‍රමයට. මෙනිසා හිටපු පාලකයින්ගේ හා හිතවතුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය රැකුනත් ජනතාවගේ අදහස් යටවී මානව හිමිකම් අහිමිවුනා. ජනතාව පළාත් සභාවලට කැමති නැහැ

:       106       45

ravi Friday, 12 April 2019 11:29 AM

ගරු ජනාදිපතිතුමණනි, ගරු අගමැතිතුමනි... අපේ රටේ ජනතාවට.. කාලා, බීලා, ඇඳලා ලෙඩක්..දුකක්..කරදරයක් ..බයක්.. නැතුව ජීවත් වෙන්න පුළුවන් තත්වයකට මේ රට ලඟා වෙනවා නම්.. ඡන්දයක් තැබීමට අපිටත් කිසිම වුවමනාවක් නැහැ... !

:       115       109

රවින් Friday, 12 April 2019 11:32 AM

හා එතකොට දකුණේ ආණ්ඩුකාරකම...?

:       0       16

raviFriday, 12 April 2019 01:32 PM

.. එතකොට .. හොම්බට හැටක් (60) .

:       18       164

Lal Friday, 12 April 2019 01:12 PM

දෙන්නම බයයි ඡන්දෙට....

:       45       240

Chanak Los angeles Friday, 12 April 2019 07:47 PM

අපිට සතුටුයි මුදල් නාස්තිකරලා අනවශ්‍ය ඡන්ද නොතියා ඉන්න එකට. බමුණට ඕනෙද අපේ හිතේ තිබෙන සන්තෝෂය ?

:       132       34

rasika Friday, 12 April 2019 09:05 PM

මොනම මැතිවරණයක් උනත් නියමිත වෙලාවට තියන්නේ නැති එක වැරදි දෙයක්. හැබැයි මේකෙන් හොදින්ම තේරෙනවා පළාත් සභා කියන්නේ සම්පූර්ණ බොරුවක්. ලංකාවට ගැලපෙන්නේ නැහැ වගේම කිසිම වැඩක් නැහැ. නිකම් සල්ලි නාස්තියක් විතරයි. තවත් හොරු රැලක් ජනතාව නඩත්තු කරනවා. පළාත් සභා අහෝසි කරන්න ඕනේ.. ඔය විදියටම පාර්ලිමේන්තුවෙන් පත් කරන ආණ්ඩුකාරයෙක් යටතේ පාලනය උනානම් හරි. පාර්ලිමේන්තුවේ ඉන්නේ අපේ නියෝජිතයන්නම් ඔවුන් පත් කරන ආණ්ඩුකාරවරයා මගින් පලත්සභා පාලනේ උනාට මොකද.. එකෙන් මුදල් නාස්තියත් , අනවශ්‍ය ප්‍රශ්නත් නැති වෙනවා.

:       5       35

de silva Saturday, 13 April 2019 05:59 AM

පළාත්සභාව වෙනුවෙන් අපේ බදු මුදල් නාස්ති කරන එක වහාම නතර කරන්න

:       0       43

ajith Monday, 15 April 2019 03:51 AM

පළාත් සභා ක්‍රමය වහාම අහෝසි කලයුතුයි. මේක මහජන මුදල් නාස්ති කරන කූට ව්‍යාපාරයක්.

:       0       48

fasmy Monday, 15 April 2019 06:53 AM

පළාත් සභා අහෝසි කරමු

:       0       46

de silva Tuesday, 16 April 2019 06:47 AM

කරුණාකර පළාත් සභා අවශ්‍යද නැද්ද කියල ජනතාවගේ මතය දැනගන්න ජනමත විචාරණයක් පවත්වන්න .

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 9 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 5 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1372 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 285 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1393 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1378 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site