IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘කුඩු ගහන ඇමතිවරුන් 24කගේ ලැයිස්තුවක් දුන්නා’

 

(ඩයනා උදයංගනී)

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ තොරතුරු තමන් කතානායකවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (18) පැවසීය.

කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද කොකේන් ආදී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඟයන් මෙන්ම මෙරට ඉහළ රැකියා කරන ඇතැමුන්ද එම මත්ද්‍රව්‍ය භාවිත කරන බව සඳහන් කළේය. පරීක්ෂණවලට බාධාවක් නිසා තමන් එම නම් හෙළි නොකරන බව ද රන්ජන් රාමනායක මහතා පැවසීය.

රන්ජන් රාමනායක මහතා මේ බව පැවසුවේ මාදිවෙල පිහිටි සිය මන්ත්‍රී  නිල නිවසේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් ඇමතිවරුන් සිටින බවට රන්ජන් රාමනායක මහතා මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර ඒ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
 
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය  වර්ග 11ක් භාවිතා කරන්නේද යන්න පරීක්ෂා කිරීමේ රුධිර පරීක්ෂණයක් පෞද්ගලිකව කිරීමට වැයවන්නේ රුපියල් 4200ක් බව කී රාජ්‍ය  අමාත්යරවරයා කඩිනමින් තමාගේ රුධිර පරීක්වක් කර කතානායකවරයාට භාරදෙන බව ද කීවේය. තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවශ්‍යම සෙසු මන්ත්‍රීවරුන් සිටී නම් ඔවුන්ට ද රුධිර වාර්තාවක් ලබාදිය හැකි බව කී රන්ජන් රාමනායක මහතා එය අභියෝගයක් නොවන බව ද සඳහන් කළේය. 

වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බව කියන, පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුනක් නියෝජනය කරන පක්ෂ නායකයෙක්ද කොකේන් භාවිත කරන ඇමතිවරු අතර සිටින බව කී රන්ජන් රාමනායක මහතා මීගමුව ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරයෙක් මත්ද්‍රව්‍ ජාවාරමේ නිරත බවට ද තොරතුරු ලැබී ඇතැයි ප්‍රකාශ කළේය.

දේශපාලකයින් මෙන්ම ආගමික පූජකවරුන්ද මෙම මත්ද්‍රව්‍ය භාව කරන බවට තොරතුරු තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මාතලේ, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන දේශපාලනඥයින් තිදෙනෙකු එතනෝල් ජාවාරමට සම්බන්ධ බවටත්, මත් පෙති වර්ග ගෙන්වන ඇමති පුතුන් සිටින බවටත් තොරතුරු තිබෙන බව ද හෙතෙම කීවේය.

එක්සත් ජාතික පක්ෂ්ය නියෝජනය කරන්නන් අතර ද මත්ද්‍රව්‍ය  ලෝලීන් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් ඇමතිධූර හරහා කුඩු ව්‍යාපාර කර කොළඹින් තට්ටු නිවාස ගෙන සිටින අයත් සිටින බව කී රන්ජන් රාමනායක මහතා තමන්ට මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් විශ්වාස කළ හැක්කේ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර් ලතීෆ්, අපරාධ පරීක්ෂාණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශානි අබේසේකර මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු පමණක් බවද කීවේය.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය දුටු විට ඔවුන් කුමන හෝ මත්ද්‍රව්‍යයක් ගෙන ඇත්ද යන සැකය තමාටත් ඇතිවූ බව කතානායකවරයා තමන්ට පැවසූ බව ද රාමනායක මහතා ප්‍රකාශ කළේය.

කොකේන් මෙතරම් පැතිරීමට දේශපාලනඥයන්ගේ ඍජු සම්බන්ධයක් තිබිය යුතුය බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කරන විමර්ෂණ වෙනුවෙන් මෙන්ම මත්ද්‍රව්‍ය පාලනය සඳහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට තමන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බව ද කීවේය.

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක මහතා ද පාර්ලිමේන්තුවේ කුඩු ගහන මැති ඇමතිවරුන් සිටින බව සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබූ බව හෙතෙම වැඩිදුරටත් කීවේය.

ඩුබායිහි සිටින විශේෂ නියෝජිතයෙක් බව කියන අයෙකුට මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා දුරකථන ඇමතුමක් ගත් අතර එහිදී එම පුද්ගලයා දුරකථනය ඔස්සේ පැවසුවේ මාකඳුරේ මධුෂ් ඇතුළු ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයින්ට 2020 අගෝස්තු වන තුරු පොදු සමාවක් හෝ නොලැබෙනු ඇති බවයි. ඔවුන් වරදක් කර ඇත්නම් පොදු සමාවක් මගින් පිටුවහල් කිරීම පවා සිදුවන්නේ 2020 අගෝස්තු මස රාමදාන් සමයේදී බව ද එම නියෝජිතයා දුරකථනය ඔස්සේ පැවසීය.

මධුෂ් ඩුබායි වෙත ගොස් ඇත්තේ ‘අජිත්’ යන්න මුලට යෙදෙන නමකින් ශ්‍රී ලංකාවෙන් නිකුත් කළ ගුවන් ගමන් බලපත්‍රයකින් නිසා ඔහු පිටුවහල් කළ යුත්තේ ශ්‍රී ලංකාවට බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවට ආයුධ ගෙන ආ බවට රන්ජන් රාමනායක මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු පැවසුවේ තමන් ඕනෑම තැනකට යන්නේ ආරක්ව සම්බන්ධයෙන් සන්නද්ධව බවයි.

 

(ඡායාරූප -  චතුර එස් .කොඩිකාර )



අදහස් (55)

‘කුඩු ගහන ඇමතිවරුන් 24කගේ ලැයිස්තුවක් දුන්නා’

senaka Monday, 18 February 2019 03:03 PM

නියමයි.

:       6       552

LIYANAGETuesday, 19 February 2019 01:03 AM

රටක උත්තරීතර නීති සම්පාදනය කරනු ලබන ආයතනයේ සිටිනාවූ පිරිසගෙන් සමහරෙක් මත්ද්‍රව්‍ය මත් කුඩු පාවිචි කරන්නේනම් සහ මත්කුඩු ජාවාරම් කරුවන් සමග සම්බන්ද නම් රටේ අනාගත පරපුර වෙනුවෙන් රටේ අනාගතය සහ රටේ කිර්තිනාමය රැකගැනීම සදහා මොවුන් සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් ඉවත් කලයුතුමය. මැතිවරණවලදී ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කොට දේශපාලනයට පැමිණෙන මෙවැනි දුශිතයන්ගෙන් රටටවන හානිය සහ දැනටමත් කර ඇති හානිය සුලුපටු නොවේ. ලංකාවේ පොලිසිය ස්වාධීන නම්, අධිකරණය ස්වාධිනනම් දේශපාලන මැදිහත්වීම් වලින් නිතිය නවන්නට සුදානම් නොමැතිනම්, ලංකාවේ ඉහල දේශපාලන අධිකාරිය ඍජුව සිටින්නේනම් නිතිය අකුරට ක්‍රියාත්මක වනු නොඅනුමානය. සියලු දුෂිත ක්‍රියාකාරකම් හෙළිවෙමින් තිබෙන මේ මොහොතේ දුෂිත කුඩු දේශපාලකයන් දේශපාලනයෙන් ඉවත් කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නිතිය හමුවට ගෙන දඩුවම් දීමට රටේ නායකයන් රට වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් කරන වගකීමක් මෙන්ම යුතුකමකි.

:       0       115

දිනිඳු Monday, 18 February 2019 03:25 PM

රන්ජන් සංදර්ශන කරනවා කියලා සමහරු කිව්වට හෘද සාක්ෂියට එකඟව පොඩ්ඩක් හරි ඇත්ත කතා කරන්නේ ඔහු විතරයි.

:       177       1648

lanka Monday, 18 February 2019 03:48 PM

කුඩු වසංගතය රටේ බහුලව ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ 2009/10 වසර වල වන අතර, එය රාජ්‍ය රැකවරණය සහ අනුග්‍රහය නොමැතිව සිදුවූවා යයි සිතිය නොහැක. දැන් රජය මේ උවදුර මැඩලීම සඳහා පොලිසියට සහයෝගය දෙනවාද? එසේත් නැත්නම් රටේ මත් කුඩු ව්‍යාප්ත වන්නට ඉඩදී නිහඬව සිටිනවද යන්න ගැන පැහැදිලි ස්ථාවරයකට පැමිණිය යුතුයි. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ රජයේ ආයතනක් වන පොලිසියේ නිලධාරීන් තැනින් තැන මත්කුඩු ඇල්ලීමට ගොස් නිකරුනේ මරුමුවට පත්වී ඔවුන්ගේ දරු පවුල් අනාථවීම පමණි.

:       401       877

janatha anura Tuesday, 19 February 2019 03:15 AM

නැත. බහුලව ව්‍යාප්තිය 1978 පසුව විවෘත ආර්ථිකයෙන් ලැබුණ දායාදයකි.

:       386       632

lankaTuesday, 19 February 2019 10:33 AM

නැත. 80/90 දශක වල ලංකාවේ පාසල් ගොස් රැකියා කලෙමි. එකල ලංකාවේ කුඩු වසංගතයක් නොතිබුණි.

:       117       83

රවින් Monday, 18 February 2019 03:56 PM

පරීක්ෂණයට යන්නේ රුපියල් 4200 යිලු... අපේ කීදෙනෙක් හොර සහතික දීලා, ගිය ගණන වගේ අඩුම තරමින් දෙගුණයක්වත් ආපහු අපේම මුදලින් කඩාගනියි.. කලකන්නි ...

:       0       225

ජයන්ත මිලානෝ Monday, 18 February 2019 04:02 PM

නමුත්, එක කරුණක් කිවයුතුයි. රන්ජන් ඇමැතිතුමා නිර්භීතව එක දිගටම දූෂණ, වංචා හෙලිකරගෙන ආවා.... නමුත් මේ වෙලාවේ කැබිනට් ඇමැතිවරු ඇතුළු බලවත් පිරිසකගේ නම් හෙලිකර ඇති නිසා එතුමාගේ ජීවිතයට තර්ජනයක් ඇතිවිය හැකියි. මත්ද්‍රව්‍ය භාවිතය සහ මත් ව්‍යාපාරයන්හි යෙදෙන්නේ දූෂිත මිනීමරුවන් බැවිනි.

:       71       1067

Perakum Monday, 18 February 2019 04:20 PM

අපොයි දෙයියනේ අපි මේ ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ද? එහෙම නම් ඉතින් ඔතන පාතාලයොත් ඇති. නැතිනම් පාතාලයට කෙලින්ම සම්බන්ධ අය ඇති. අනේ අපට ගිය කලක්....! අපේ රට අගාධයට යන එක වලක්වන්න කවුරුත් නැද්ද...?

:       9       420

විජිත් Monday, 18 February 2019 05:10 PM

පැරකුම් මල්ලි, ඔයා ඒ බව දන්නේ අදද? මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම රට වැසියන් අපියි කියලයි මට නම් හිතෙන්නේ. දැන් දැන් මේ හොරු ඔක්කොමව එලවන්න රට වැසියන් අතරින්ම හඬක් නැගීගෙන එන බව පෙනෙනවා. අපි බලමු.. අපිට හැකි උපරිම සහය ඒ අලුත් " හඬට " දීලා අලුත්ම රටක් හදන්න අපි ඔක්කොම එකතුවෙමු.

:       106       708

BamunuarachchiWednesday, 20 February 2019 12:04 AM

විජිත එලවන්න අපි සියලු දෙනාම ලැහැස්ති ඇති නමුත් රට ඉදිරියට ගෙනියන්න පත් කරගන්නේ කාවද? අබලන් මුක්කුවක් ඉවත් කරන්න ඕනේ සවිමත් එකක් එතනට සුදාම් කරගෙන නැතිනම් වහලය අපේ හිසමත කඩා වැටෙනවා නේද?

:       0       14

MaheeMonday, 18 February 2019 06:51 PM

පැරකුම්, ඇස් හැර බලන්න. එහෙම රට බේරාගත හැකි බවට ක්‍රියාවෙන් ඔප්පු කල, ඔප්පු කරමින් ඉන්න එක්කෙනෙක් හෝ රටේ ඉන්නවා.

:       101       484

BamunuarachchiTuesday, 19 February 2019 02:06 AM

එහෙම කෙනෙක් පෙනෙනතෙක්මානේ නැත. ඉඟියක් දෙන්න අපි අදහස් ලියන්නම්.

:       585       114

kamaniTuesday, 19 February 2019 10:50 AM

කොහෙද අනේ එයා ඉන්නේ?

:       1       4

BamunuarachchiWednesday, 20 February 2019 01:40 AM

දකින එකම පුද්ගලයා ඝෝඨාභය රාජපක්ෂ මහතායි. වෙන කිසිවෙක් පෙනෙන තෙක් මානයේ නැත. ඉන්නවාම් නම කියන්න. එතුමා කීවා සම්ප්‍රදායික ක්‍රම වලින් කුඩු වසංගතය නැති කරන්න බැහැ කියලා. මොන ක්‍රමයෙන් හරි කුඩු සහ පාතාලය නැති කරලා නැවත කොළඹ ලස්සන කරනවානම් බොහොම හොඳයි. ඕල්කොට් මාවත දැන් පේමන්ට් වෙළෙන්දන්ට යටවෙලා. නැවත අනවසර ගොඩනැගිලි හැදෙනවා.

:       1       215

රාජුMonday, 18 February 2019 11:06 PM

පක්ෂය ‌තෝරා ඒවන්නේ ප්‍රදේශයේ සිටිනා දරුණු අපරාධකාරයෙක් දුෂකයෙක් ‌හොරෙක් පක්ෂය නිසා අපි එයාට ඡන්දය ‌දෙනවා ‌මේ ක්‍රමය නතර විය යුතුයි. ඒසේ නැතිනම් අපි ‌‌‌වෙනස් විය යුතුයි. නැතිනම් අපේ දරුවන්ටත් දකින්න ලැබෙන්නේ මේ අයම තමා

:       0       82

Raveendra Monday, 18 February 2019 04:35 PM

බැලුවම සුදු පිරුවට පෙරෝගෙන දත් ටික විරිත්ත ගෙන මෙන්ම උද්දච්ච මුහුනුත් තියෙන ජිවිතේට හිනාවක් නැති අය අතරින් කුඩු ගහන අය කවුද කියල දැනගන්න ලැබෙන එකත් පුරවැසියන් හැටියට අපි සතුටු වෙනවා

:       0       455

ලක් වැසියා Monday, 18 February 2019 05:13 PM

රටටත් හෙලි කරන්න.

:       0       206

kamal Monday, 18 February 2019 06:18 PM

ලැජ්ජයි එත් ඇත්තයි

:       0       178

chandima Monday, 18 February 2019 06:21 PM

මන්ත්‍රීලා පාර්ලිමේන්තු යවන්නේ කුඩු ලැයිස්තු හදන්න නොවෙයි, කුඩු කාරයෝ අල්ලන්න පොලිසියට නියෝග දීලා රට සංවර්දනයට අදාළ තීන්දු තීරණ වල යෙදෙන්න. රටට වැඩක් කරන්න.

:       808       140

hesa Monday, 18 February 2019 07:20 PM

මේ විදියට බලන කොට රටේ කී දෙනෙක්ද ඉතුරු වෙන්නේ? දැන් ඔය එක එක දවස් වලට හතු පිපෙනවා වගේ එනවනේ කරලියට. එයාලත් කතා කරන කොට වෙනස්නෙ. හැබැයි කට්ටිය දෝත වැඳලා පිලිගන්නවා ඒ අයව. බලන්නකෝ තව ටික දවසකින් එලියට ඒවි. අද කාවත් විශ්වාස කරන්න බැහැ.

:       0       199

chathuri Monday, 18 February 2019 09:49 PM

ඉතින් ඕකට ඔය තරම් කෑගහන්නේ බීපු දෙන්කෝ ඉගෙනගන්න අසරණ දරුවෝ නෙමේනේ ජනතාවට කරන ද්‍රෝහීකම් මතක් වෙනකොට කුඩු ගහන්න හිතෙනවා ඇති. මුණ දෙන්න බැරි එකට 255 ගහපු දෙන් මෙයාලව අල්ලා දුන්නත් මොවුන් නිදොස් වෙනවා මොවුන්ට බලය වැඩියි. මේ කට්ටිය ඉල්ලා අස් වෙන්නෙත් නැති නිසා පැදුරටත් නොකිය දවසක යයි. පව් ඒ අයට හිරිහැර නොකර මුල්ලකට වෙලා සිහින ලෝකේ පාවෙන්න දෙන්න

:       1       2

ranjith Monday, 18 February 2019 10:28 PM

රන්ජන් ගොන් කතා කියන්නේ නෑ... කිව්වොත් වටිනා කතාවක්

:       18       48

asoka Monday, 18 February 2019 11:39 PM

නියමයි මහත්තයෝ අපි සියලු රට වැසියන්ගේ ගෞරවය ඔබ තුමාට

:       20       99

Bamunuarachchi Monday, 18 February 2019 11:55 PM

දුන්නා කියලා දිවුරන්න. මට නම් සැකයි.

:       315       8

Bamunuarachchi Tuesday, 19 February 2019 01:03 AM

විජිත් මම ඊයේ ගියා කොළඹ අවට ප්‍රදේශයක නගර සභාවක නගරාධිපති කෙනෙක් හමුවන්න. හේතුව මෑතක සිට කුණු බැහැර කිරීමේ ප්‍රශ්නයක් මට තිබෙන්න නිසා. මගේ කරුණ පැහැදිලි කිරීම සඳහා මම ලිපියක් ලියාගෙන ගියා. හැබැයි එම ලිපියේ " මුග්ධ පාලකයින් පාලනය කරන රටක" කියන වැකිය ඇතුලත්වී තිබුනා. මම සුදානමින් ගියේ මේ සම්බන්දව නගරාධිපති මා සමග උරණ වී කතාවක් ඇති වුනොත් ඊට නිසි පිළිතුරු දීමටයි. පළාත් සභා ප්‍රාදේශීය සභා කාර්යාල ගැන ජනතාවගේ කිසිම පැහැදීමක් නැත. නමුත් මෙම නගරාධිපති නියම වෙලාවට ඔහුගේ කාර්යාලයට පැමිණියා පැමිණි විගසම මට කතාකලා. මම දීපු ලිපිය කියෙව්වා මම ලියා තිබුන ඉහත සඳහන් වැකිය සමග ඔහුද එකඟ වුනා. අන්තිමට තීරණය වුනේ මේ රට කිසිදාකවත් හදන්න බැරි රටක් හැටියටය. ඒ නගරාධිපති තුමා ලංකාවේ වයසින් බාලම වුවත් බොහොම විවෘත අදහස් ඇති නිහතමානී කෙනෙක් බව හැඟුනා.

:       284       30

kapTuesday, 19 February 2019 09:12 AM

ගම මහරගම වගේ. එයත් පොහොට්ටුවෙනේ. ආණ්ඩුවට බනින එක තරම් සතුටක් ඔයාට නැනේ

:       0       69

BamunuarachchiTuesday, 19 February 2019 11:53 PM

බළලා මැටියෙන් උනාම මොකද මීයෝ අල්ලනවානම් පොහොට්ටුවෙන් නොවෙයි හෙණ්ඩුවෙන් උනාම මොකෝ රට වැඩක් කොරනවානම්. මේ ආණ්ඩුවට බනින්න දේවල් ඔවුන් කරනවානම් බනිනේ නැතිව වෙන මොනවා කරන්නද? මහජනතාවට බදුබර පටවා 225 මන්ත්‍රී ඇමැතින්ගේ වැටුප් දීමනා වැඩිකර ගන්නාවිට, මහා බැංකුව කොල්ලකන්න පාර සදාදී මුළු ආර්ථිකයම උඩුයටිකළ මොවුන්ට බැනලා මදි. මොවුනට ජනතාවගේ තිබෙන කැමැත්ත පෙබරවාරි මස ප්‍රකාශ වුනා. ඉතිරිය නුදුරු අනාගතයේ දී බලමු. ඔබලාට තමන් බලයට පත්කළ ආණ්ඩුව රටට කල දෙයක් කියන්න පුලුවනිද? බැහැ අපිට පුළුවන් මහින්ද රජය මේ සිංහල රටේ දියුණුවට කල දේවල් කියන්න. ලිස්ට් එකක් දෙන්න පුළුවනි.

:       0       2

Bangomunu.Tuesday, 19 February 2019 09:30 AM

මෙයා අන්තවාදීව සිතනා කෙනෙක්. තමන්ගේ පක්ෂයේ අයගේ වැරදි පෙන්නුවොත් බොහෝ සේ කිපෙනවා. නිදහස් අදහස් නැහැ. සාධාරණ විවේචන රුස්සන්නේ නැහැ. තමන්ගේ වැඩක් කරගන්න තැනකට මේ වගේ ඕන්නැති වචන නොයොදන බව මොහු දන්නේ නැහැ. රණ්ඩුවක් ඇති කරගන්න හිතන් ගියේ. ඒත්, නගරාධිපතිතුමා තේරුම් ගත්තා වචන වලින්ම එන්නේ මොකටද කියා.එතුමා මෙතුමාට කැමැත්තෙන්ම ජය දීලා නිහඬ වුනා. සිංහයන් අර සමහර සතුන් සමග පැටලෙන්නේ නැහැනේ. කොහොම හරි මෙතුමා දිනාගෙන ආවා. නගරාධිපති තුමා සිය කැමැත්තෙන්ම පැරදුනා.

:       22       132

විජිත්Tuesday, 19 February 2019 10:37 AM

බමුණු, අර කියමනක් තියෙනවා නේද අඳුරු වලවකත් රිදී රේඛාවක් තියෙනවා කියලා. ඔබ කිව නගරාධිපතිතුමා ඇත්තටම අවංකවම යමක් රටට කරන්න උත්සහ කරන කෙනෙක් වෙන්න පුළුවනි. නමුත් එයාටත් ගොඩක් පහලින් සිටින නිලධාරීන් නිසා එතුමා කලකිරීමෙන් වෙන්න ඇති සිටින්නේ. අපේ රටේ පළාත් සභා ඇතිකළේ ජේ ආර් ගේ කාලයේ ඉන්දු ලංකා ගිවිසුම නිසානේ. කොටින්ගේ ඉල්ලීමකට ඉන්දියාවෙන් යෝජනා කලේ පළාත් සභායි. මුළු රටටම ඇඳිරි නීතිය දමලා ගිවිසුම අත්සන්කලාට පස්සෙ මොකද වුනේ? කොටියා කීවා පළාත් සභා මදි කියලා. ඒ වෙලාවෙම ලංකාවට තිබුනා ඒ ගිවිසුමෙන් අයින් වෙන්න. නමුත් අපි ඉන්දියාවට බයවුනා. මොකද අපිව බය කරලා තිබුනේ. අපේ පැත්තට හයියට හිටපු ඇමෙරිකාව හිමින් සැරේ කර ඇරියා. ඒ මොකටවත් නොවෙයි ඉන්දියාවේ තිබෙන විශාල වෙළඳ පොළ නිසා. සුදු අලියෙක්වුන පළාත් සභා අද රටේ සල්ලි කකා රටම විනාස කරනවා. එතනදිත් අපි අසරණයි.. මේ රටේ නායකයෙක් නැහැ ඉන්දියාවට යෝජනා කරන්න ඉන්දු ලංකා ගිවිසුමේ අසාර්ථකත්වය. රටට ආදරේ අය ඉන්නවා බමුණු. එත් ඒ අයව අකර්මන්‍ය කරලා. ඒ නිසා ඒ මිනිස්සු අපේ රටේ දේශපාලුවන්ට ශාප කරමින් තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා.

:       0       3

BamunuarachchiTuesday, 19 February 2019 11:27 PM

විජිත ඔබහරි මම එතනට යනකම් ඔහු කව්ද කියා දැනගෙන සිටියේ නැහැ දැනගන්න උවමනාවක් තිබුනෙත් නැහැ. මට ඔවුන් සමග ගනුදෙනුත් නැහැ. හමුවූ පළමු වතාවෙම කතාව සුහදව කෙරිලා ඔහුමට කීවේ පළමුව මෙම ආයතනය හදා ගන්න ඕනේ කියලා. ප්‍රාදේශීය සභාවල සේවය කරන නිලදාරීන් ජනතාවට සලකන ආකාරය ගැන ඔහුගේ නොපැහැදීම ප්‍රකාශ වුනා. පළාත් සභාව සුදු අලියෙක් බව දැන දැනම ඒවාට තවත් බලතල දෙන්නේ ඇයිද කියන ප්‍රශ්නය නැගෙනවා නේද?

:       0       0

BamunuarachchiWednesday, 20 February 2019 12:13 AM

විජිත ඇමරිකාව අපේ පැත්තට හිටියේ නැහැ. ජේ ආර් දුර්වල පාලකයෙකුත් නොවෙයි. එජාපයේ දුර්වලම පාලකයා රනිල්. ඒ දුර්වල කම නිසා හිටපු පාලකයින්ගේ වටිනාකම වැඩිවී පෙනෙනවා.

:       0       0

Sapumal. Tuesday, 19 February 2019 01:56 AM

රන්ජන්ගේ හෙලිදරව්වට අනේක වාරයක් ස්තුතියි. මේ හෙළිදරව්ව නිසා පාර්ලිමේන්තුවේ සමහර ඔළුගෙඩි වලට හෙන ගෙඩි පාත්වුනා සේ දැනෙනවා ඇති. රන්ජන් කලේ නියම වැඩේ නිසි වෙලාවට. කොයි පැත්තෙන් හෝ කුඩ්ඩන්ව පාතාලයන්ව පාර්ලිමේන්තු නොයැවීමට මේ නිසා ජනතාව දැනුවත් වෙනවා. තවත් කෙනෙකු පැවසුවාසේ මේවා ඔප්පු කිරීමට නම් රන්ජන් ඉතාමත් ආරක්ෂාකාරීව සිටිය යුතුයි. එබැවින් මෙය ඔප්පුකරන තුරු හෝ රන්ජන්ට වැඩි ආරක්ෂාවක් දිය යුතුයි.

:       14       141

Bamunuarachchi Tuesday, 19 February 2019 02:09 AM

පොලිසිය ඔය හොඳට කරන්නේ. ජනාධිපතිතුමාම ඒ ගැන කියලා තමයි පොලිසිය තමන් අතට ගත්තේ.

:       432       2

තරස්තයා Tuesday, 19 February 2019 02:19 AM

එතකොට මේ රටේ තියෙන නීතියක් කියන එකක් ගණන් ගන්නේ නැත්තේ , කුඩු ගහන නිසාද ?

:       0       332

Maime banda Tuesday, 19 February 2019 03:12 AM

රංජන් නුඹ තමා සැබෑම රටට ආදරේ කරන පුද්ගලයා සුබ ගමනක් අපි ඔබ සමගයි ජයවේවා

:       74       103

Lal Tuesday, 19 February 2019 04:05 AM

අයියෝ 24 ද? රට යන විදියට මම හිතුවේ 225 ගහනවා ඇති කියලා.

:       0       133

samank Tuesday, 19 February 2019 04:17 AM

අන්න! රන්ජන් මහත්තයෝ නියම තැනට ඇවිත් තියෙන්න. බුලත් කොලය, අලිය, අත, සීනුව,පොහොට්ටුව අපිට අදාලම නැහැ. අනික අර කතාවකුත් තියෙනවනේ "උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ" කියා.

:       1       113

Amila Tuesday, 19 February 2019 04:33 AM

ඊයේ ජනාධිපති ලේකම් කර්‍යාලයේ රියදුරෙක් කුඩුත් එක්ක අහුවෙලා තිබුණා. කවුද ඕවා ගෙන්නේ කියලා හිතා ගන්න පුලුවන් නේ !

:       0       360

Priya Tuesday, 19 February 2019 05:38 AM

පාර්ලිමේන්තු විහිලු

:       4       2

abaran Tuesday, 19 February 2019 05:58 AM

මම දකින විදියට මේ ඔක්කොම රගපෑම් විතරයි. නීති විරෝධිව ආයුධ රැගෙන පාර්ලිමේන්තුව ඇතුලට ගිහින් අනිත් අයට නීතිය පෙන්නන්ට හදනවා. ඒක අරන් ගියේ මගේ ජීවිතාරක්ෂාවට කිව්වහම මෝඩ මිනිස්සුත් රැවටෙනවා. අර කලින් කෙනෙක් සදහන් කරලා තියෙනවා වගේ නීති හදලා ඒවා ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන්ට නොදී සංදර්ශන පවත්වනවා..

:       124       107

නිමල් Tuesday, 19 February 2019 09:07 AM

නීති සම්පාදනය කරන, නීතියට අනුව වැඩ කරන අය සිටින, සෑම ආරක්ශාවක්ම සපයන, ආරක්ශාවෙ මර්මස්තානයක් වන පිරිසුදු උත්තරීතර පාර්ලිමේන්තුවට යමෙක් ආයුධ ගෙනියන්නේ ඇයි?

:       0       0

BamunuarachchiWednesday, 20 February 2019 06:07 AM

ඔබ ඔය කියන්නේ එංගලන්ත පාර්ලිමේන්තුව ගැනද ? අනේ හොඳා එහම පාර්ලිමේන්තුවක් තිබෙන බව පාඨක ජනතාවට කියා දීම ගැන. සමහරු "කොන්ෆෙල්ක් " දැක්කෙත් පාර්ලිමේන්තු ආවට පස්සේ.

:       0       0

ahamad Tuesday, 19 February 2019 06:01 AM

රන්ජන් ඔහොම යං

:       1       13

isurandi Tuesday, 19 February 2019 06:18 AM

කොහේ බැලුවත් දුෂණය වංචාව වැහි වහැලා. මොවුන්ට මේ ආත්මයේදීම පරිසන් දෙනවා කරන හොර වැඩවලට.

:       0       105

chitral Tuesday, 19 February 2019 06:45 AM

රන්ජන් රාමනායක දන්නවද ඕනෑම මත්ද්‍රව්‍ය පරීක්ෂණයක ප්‍රතිපල මත්ද්‍රව්‍ය අරගන පැය 24 ට පස්සේ නෙගටිව්‍ වෙනවා කියල.

:       0       1

Kamal Tuesday, 19 February 2019 07:29 AM

ඕකුන්ට ඡන්දෙ දෙන ජනතාවත් කුඩු ගහලද?

:       0       20

තරස්තයා Tuesday, 19 February 2019 07:59 AM

රට වෙනුවෙන් අවුරුදු ගානක් සේවය කරනවා කියලා මහජන මුදල් නාස්ති කරලා....... දුෂණයට භීෂණයට කඩේ ගිය අයගේ රුධිරය කොහොමත් නරක් වෙලයි තියෙන්නේ. පරීක්ෂා කලාට කිසිම ප්‍රතිඵලයක් ගන්න බැහැ. ඇගේ තියෙන්නේ මනුස්ස ලේ නෙමෙයිනේ......

:       0       535

නිමල් Tuesday, 19 February 2019 09:04 AM

මින් මතුවට චන්දෙ ඉල්ලන්න පෝස්ටර් ගහනකොට මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බවට පිළිගත් ආයතනයකින් නිකුත් කල සහතිකයේ පිටපතක් ද පෝස්ටරය සමග ප්‍රදර්ශනය කරන මෙන් සියලුම ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිමු. එය අනිවාර්ය කිරීමට ඇති හැකියාව ගැනත් සොයා බැලීමට බලධාරීන්ගෙන් ඉල්ලාසිටිමු. එසේ නොවන්නේ නම් එම අපේක්ෂකයින් හට චන්දය නොලැබෙනු ඇත. නිමල්

:       0       106

nuwan Tuesday, 19 February 2019 09:42 AM

මොහුව අපි රැක ගත යුතුයි.

:       0       2

gossip Tuesday, 19 February 2019 12:26 PM

අභීතයි, උත්කෘෂ්ටයි, අති අනර්ගයි

:       0       2

de silva Tuesday, 19 February 2019 12:43 PM

රන්ජන් කියන කතා වල ඇත්තක් තිබෙනවා. මේව මෝඩ කතා හෝ විරුද්ධ පක්ෂයට මඩ ගහන්න කරන දෙයකුත් නොවේ, පැත්ත ගියත් ඇත්ත කියන මනුස්සයෙක්

:       0       2

ranjith Tuesday, 19 February 2019 09:18 PM

පාර්ලිමේන්තුවේ ඔක්කොම මේ පරික්ෂාවට යොමු කරානම් හරි

:       0       1

Bamunuarachchi Wednesday, 20 February 2019 01:27 AM

de Silva රන්ජන් කීවද කොකේන් ගහන ඇමතියන් ඉන්නේ විරුද්ද පක්ෂයේ කියලා?

:       0       0

lolitha Wednesday, 20 February 2019 08:57 AM

කඩේ යන අය නිසා තමයි රට විනාස වෙන්නේ. ඔය එක්‌කෙනෙක්වත් රටට ආදරේ නෑ. ඒ අයට ඕන ඒ අයගේ බඩගෝස්තරය පුරවගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1496 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 715 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 605 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 322 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 554 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 507 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site