කවිතා සුබසිංහ
කෝටි 500 දියමන්ති මංකොල්ලයේ ප්‍රධාන සැකකරු වන කැලුම් ඉන්දික නොහොත් “කැවුමා” අප්‍රෙල් 5 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (22) නියම කළේය.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පවසා සිටියේ සැකකරු මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයකු බවට ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වී ඇති හෙයින් මධූෂ්ට එරෙහි පතාල සාමාජිකයන්ගෙන් සැකකරුගේ ජීවිතයට මරණීය තර්ජන ඇති බවයි.
ඒ හෙයින් මහර බන්ධනාගාරයේ සිටින සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන ලෙසත්, මෙම මරණීය තර්ජන මහර හා මැගසීන් බන්ධනාගාර දෙකේ ඇති බැවින් එම බන්ධනාගාරය හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයකට සැකකරු මාරු කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තිබී සොයා ගනු ලැබ තිබේ.
සැකකරු බී 3171 දරණ නඩුවට අදාළව මාර්තු 27 වැනි දා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග ලබාදෙන ලෙස මහරගම පොලිසිය විසින් විවෘත අධිකරණයේදී දී ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.
විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විත්තිකරු වැලිකඩ හෝ කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට නියොග කළ අතර මහරගම පොලිසියේ ඉල්ලීමට අනුව මාර්තු 27 වැනි දා සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද අවසර ලබා දුන්නේය.
දොඩන්දූව වඩුගේ කැලුම් ඉන්දික සම්පත් නැමැත්තා කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී ඉකුත් 4 වැනි දා අත්අඩංගුවට ගෙන 5 වැනි දා මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා දී තිබු අතර 10 වැනි දා නැවතත් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 22 වැනි දා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනාට මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හි
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘කැවුමා’ තවදුරටත් රිමාන්ඩ්