ශ්‍රී ලංකාවේ පසුගිය පාස්කු ඉරිදා දින සිදුකරන ලද විනාශකාරී ප්‍රහාරය හා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පල්ලියේ මාරාන්තික වෙඩිතැබීම අතර සබඳතාවක් ඇති බවට තම රජයට කිසිදු බුද්ධි අංශ තොරතුරක් ලැබී නොමැති බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් මහත්මිය පවසයි.
ඕක්ලන්ඩ්හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නවසීලන්ත අගමැතිනිය මේබව පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රුවන් විජේවර්ධන මහතා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධව නවසීලන්ත අගමැතිනිය මෙම අදහස් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේදී විශාල පිරිසකට මරු කැඳවමින් පල්ලි හා හෝටල් වල සිදුකරන ලද බෝම්බ ප්රහාරයන් සම්බන්ධ මූලික විමර්ශනවලින් හෙළිවී ඇත්තේ එය පසුගිය මාර්තු 15 දින නවසීලන්තයේ මුස්ලිම් පල්ලියේ මාරාන්තික වෙඩි තැබීමට පළිගැනීමක් ලෙස සිදුකරන ලද්දක් බව එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.
මෙවන් දාම බෝම්බ ප්‍රහාරයක් එතරම් කෙටි කාලයක් තුළ සැලසුම් කිරීමට හැකියාවක් ඇද්ද යන්න සම්බන්ධව ආරක්ෂක විශේෂඥයින් හා විශ්ලේෂකයින් ප්‍රශ්න කරන බවද විදෙස් මාධ්‍ය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ක්‍රයිස්චර්ච් වෙඩිතැබීම්-ලංකාවේ ප්‍රහාර අතර සබඳතාවයක් ඇතිබවට තොරතුරු ලැබී නැහැ’
Indhika Wednesday, 24 April 2019 07:14 AM
ඔය සිද්ධි දෙක කිසිසේත්ම සම්බන්ධයි කියලා මම නම් හිතන්නේ නැහැ. ක්‍රයිස්චර්ච් සිද්ධිය වෙලා තාම වැඩි දවසක් නැහැ. ලංකාවේ සිද්ධිය ගොඩක් කල් ඉඳලා සැලසුම් කරපු එකක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපේ ලංකාවේ අය තම තමන්ගේ අඩුපාඩුකම් වහගන්න සිද්ධි දෙක සම්බන්ධ කරන්නේ...
ගල්කටස් Wednesday, 24 April 2019 07:28 AM
ගරු මැතිණියනි, කලබල නොවන්න මේ සිරිලංකාව අපේ මහ අය කෙබර කෙලින්නේ කියලා ජනතාව නම් දන්නවා. කලින් දැනගෙන හංගන් හිටියෙත් අපෙ මහා අයම තමයි. දැන් බයිලා කියවනවා..
Nuwan Wednesday, 24 April 2019 07:47 AM
අපේ මෝඩ දේශපාලකයෝ නවසිලන්තේ මේකට ඈඳාගත්තට බුද්ධිමත් මිනිස්සු දන්නවා මේක තවත් ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක් බව...
ලසන්ත Wednesday, 24 April 2019 07:49 AM
එහෙ අගමැතිණිය ලබුණු තොරතුරු, ලැබෙන තොරතුරු, විය හැකි, විය නොහැකි සියලු දේ පිළිබඳ අවධානයෙන්. මෙහෙ ලියුමක් ආවත් පහළට පහළට යොමුකරලා, කියවන්නේ පහළම මට්ටමේ ඉන්න ක්ෂණිකව කිසිවක් කිරීමට බලයක් නැති නිලධාරීන්...
anura Wednesday, 24 April 2019 08:08 AM
අපේ රටේ වගකිවයුත්තෝ හිතාගෙන ඇති මෙහෙ අයව ගොනාට අන්දනවා වාගේ විදේශිකයන්වත් එලෙස කරන්න පුළුවන් කියලා.
wimal Wednesday, 24 April 2019 09:03 AM
හරියට හරි ඔබතුම්යගේ කතාව, මේහේ ඉන්නේ පඹයින් වගේ ඇමතිලා...
amara Wednesday, 24 April 2019 09:05 AM
ජාත්‍යන්තර අනුකම්පාවක් ලබා ගැනීමටද? එ්ත් නවසීලන්තය ඊට ඉඩදී නැති බව පෙනේ...
Sugath Wednesday, 24 April 2019 09:42 AM
ආණ්ඩුවටත්, ඉහළ නිලධාරීන්ටත්, ලැජ්ජාව ගෑවිලාවත් නැහැ.
උදය Wednesday, 24 April 2019 12:01 PM
හිතාගෙන ඉන්නෙ ප්‍රති ප්‍රහාරයක් කියලා. පව් ..
Bamunuarachchi Wednesday, 24 April 2019 05:26 PM
එහෙම සම්බන්ධයක් නැති බව අපි දනිමු. අපේ දේශපාලකයෝ ඔවුන්ගේ ගැලවීමට මේ සම්බන්ධකම් ඉදිරිපත් කරනවා. ඔබලගේ රටේ ඉන්න ඒ වීරයාට මගේ උපහාරය... ඔහුගේ නඩුවට මම ඩොලර් කීපයකින් ආධාර කිරීමට මැලිවන්නේ නැත...