(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව යළිත් ජාතික ආණ්ඩුවක පිහිටුවීමට යන බවට පැතිර යන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කර නව ආණ්ඩුවක් පිහිටුවීම මිස යළිත් එක්සත් ජාතික පක්ෂය හා ආණ්ඩු පිහිටුවීමේ කිසිදු අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා මේ වන විටත් ප්‍රධාන කරුණු 20ක් යටතේ සිදුකරමින් පවතින බව කී තිලංග සුමතිපාල මහතා දෙපාර්ශවයම එක්ව ඉදිරි ජනාධිපතිවරණය සඳහා එකම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම තම කණ්ඩායමේ අරමුණ බව ද කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ ඒ වෙනුවෙන් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට මාධ්‍ය වාර්තා කර තිබුණත් මෙතෙක් ඔවුන් එවැනි තීරණයක් ගෙන නැතැයිද සුමතිපාල මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අයවැය පරදවන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය නොදුන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශවයේ ඇතැම් මන්ත්‍රීවරුන් චෝදනා කරන බව කී තිලංග සුමතිපාල මහතා මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ආණ්ඩු පෙරළියෙන් පසු අග්රාමාත්යධූරයෙන් ඉවත්වූයේ අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් රට අරාජික වන නිසා බව ඔවුන්ට අමතක වී ඇතැයිද කීවේය.
සැම විටම දේශපාලන වශයෙන් ලැබෙන වාසි ගැන සිතා තීන්දු ගත නොහැකි බව කී සුමතිපාල මහතා අයවැයට විරෝධය පා ඡන්දය භාවිතා නොකර සිටීමට පමණක් තීරණය කළේ රට ගැන සිතා බව සඳහන් කළේය.
අයවැය ඔස්සේ ආණ්ඩු පෙරළන ක්‍රියාදාමයකට යාමේ අවශ්‍යතාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘එජාපය සමඟ ආණ්ඩු පිහිටුවීමේ අදහසක් ශ්‍රීලනිපයට නැහැ’
sirimal Tuesday, 26 March 2019 12:46 PM
ඔය කතාව සමහරවිට තව සති දෙක තුනකින් වෙනස් වෙන්නත් පුළුවන්. කීයද ඔට්ටු?
fasmy Tuesday, 26 March 2019 02:07 PM
මොන පිස්සුද අපි සෙට් වෙන්නේ ඔයාලා ඔක්කොම එකට තියලා පරද්දලා ගෙදර යවන්න වසර 71ක් කරන්න බැරි වුන වැඩේ අලුත් කට්ටියකට දීලා කරන්න අපේ උත්සාහය. ඔක්කොම හිටියා ඇති කරුණාකරලා පව් නොදී ගෙදර යන්න.
chandima Tuesday, 26 March 2019 02:51 PM
තිලංග මහත්තයෝ ආණ්ඩු පිහිටුවන්න එකතු වුනත් එකයි, යන්තම් දිනුවහම කට්ටියක් යවල මුක්කුවක් ගැහැව්වත් එකයි. ඒ කාලේ තමයි අපි ඔව්වට රැවටුනේ? ඔන්න බිහොම ඉස්සර කලේ නම්, ඒ කියන්නේ අර ඔට්ටු දාපු මිනිස්සුන්ට වැඩිපුර ගෙවන්න වුනාම බුකිය ගිනිගන්න කාලේ නම් ඔව්වට මිනිස්සු රැවටෙනවා. දැන් රවට්ටන්න බැහැ.
himal Tuesday, 26 March 2019 04:52 PM
ඒ පැත්තෙන් මේ පැත්තට පැනපු මෙයා කියන ඒවා කොහොමද පිළිගන්නේ? අනික පොහොට්ටුවයි ශ්‍රීලනිපයයි අමුතුවෙන් සන්ධානගත වෙන්න දෙයක් නෑ. කොහොමත් සන්ධානේ හිටපු අයම තමයි පොහොට්ටුවේ ඉන්නේ.
arjuna Wednesday, 27 March 2019 01:54 AM
පින් මන්ත්‍රීතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන තීරණ ගන්න හැකිද?
Shehan Wednesday, 27 March 2019 08:19 AM
පින් ඇමති
Hafeel Wednesday, 27 March 2019 08:23 AM
යු එන් පි එකේ රවී කරුණානායක වගේ තමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙයා. ඇත ගාන්න සේරම විනාශයි. ක්‍රිකට් එක විනාශ කළා.
sirimal Wednesday, 27 March 2019 09:20 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඉන්නා අය ගැන විනය නීති ක්‍රියාත්මක කරන්න කොන්දක් නැත්තේ මොකද කියලා පහදා දෙන්න පුළුවන් නම් ඔය කයිවාරුවලට වැඩිය වටිනවා. හම්බන්තොටදී ඌව පළාතේ මන්ත්‍රීවරයෙක් කීවා නේද ඔය කතාවේ අනිත් පැත්ත? ඇහෙන්න ඇතිනේ?
Deepal Nirosh Wednesday, 27 March 2019 10:13 AM
එහෙනම් හොඳයි... ලැජ්ජා බය තියනවා වගේ...