IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ඉස්ලාම් ත්‍රස්තවාදය මැඩලීමට බුද්ධි මෙහෙයුම් ඕනෑ’

(නාලක සංජීව දහනායක)

ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (13) පැවසීය.

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි යුද්ධය ගොඩබිමින්, මුහුදින් හා ගුවනින් මෙහෙයවුවද අලූත් ත‍්‍රස්තවාදී උවදුර මර්දනය කිරීමට ප‍්‍රධාන වශයෙන්ම බුද්ධි මෙහෙයුම් දැඩි කළ යුතු බවද අගමැතිවරයා කීය.

ඉස්ලාම් ත‍්‍රස්තවාදය නතර නොකිරීම ලංකාවට පමණක් නොව කලාපයටම තර්ජනයක් වන බව කී අගමැතිවරයා අවට රටවල් ද එම අවදානම හොදින් තේරුම්ගෙන තිබෙන නිසා ත‍්‍රස්තවාදයට එරෙහි ඔවුන්ගෙන් සහයෝගය බලාපොරොත්තු විය හැකි බවද පැවසීය.

කොළඹ, නෙළුම්පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී අද (13) පැවැති ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 13 වැනි පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමින් අග‍්‍රමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙහිදී මෙරට ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් මෙන්ම ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, නේපාලය,  ඕමානය, පාකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සුඩානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල විදේශීය ශිෂ්‍ය නිළධාරීන් 157 දෙනෙකු උපාධි හිමිකර ගන්නා ලදී.

 



අදහස් (19)

‘ඉස්ලාම් ත්‍රස්තවාදය මැඩලීමට බුද්ධි මෙහෙයුම් ඕනෑ’

eresh S kumara Friday, 13 December 2019 11:08 AM

ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, ඕමානය, පාකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සුඩානය යන රටවල් ඔය කතාව හොදින් අහගෙන හිටියද දන්නේ නෑ.

:       123       349

sharm warnFriday, 13 December 2019 12:59 PM

ඒ ගොල්ලෝ අහගත්තේ නැති වුණත් අපි අහගෙන ඉන්න ඕනෑ විතරක් නෙමෙයි.. මෙතන කතා කරන්නේ මුළු ලෝකෙටම හිසරදයක් වෙලා තියෙන "ඉස්ලාමීය ත්‍රස්තවාදය" ගැන මිසක් ඉස්ලාම් භක්තිකයින් ගැන නෙමෙයි කියලත් අපි තේරුම් ගන්න ඕනෑ. පෞද්ගලිකව මම මහින්දට කඩේ යන්නේ නැහැ. නමුත් මෙතැනදී පොදු වශයෙන් අපි හැමෝම බැට කාපු අප්‍රේල් මාසේ වෙච්ච දේ ගැන සහ ඒ හා සමග ලොව පුරා සිදුකරන ඝාතන ගැන පමණයි මම අදහස් කරන්නේ...

:       70       804

siri Friday, 13 December 2019 11:27 AM

ඡන්දයක් ළඟ එනවා වගෙයි...

:       1233       547

maxFriday, 13 December 2019 11:59 AM

කුහකකමේ සීමාවක් තියෙන්න ඕනෑ නැද්ද සිරි...?

:       121       552

siriFriday, 13 December 2019 01:20 PM

විදුලි පුටුව දැන් ටිකක් පරණ වැඩියි. ඒ නිසා අලුත් දෙයක් නිර්මාණය කරගත්තා වගෙයි පෙනෙන්නේ.

:       759       736

karuFriday, 13 December 2019 01:07 PM

ඔව් ඔව්, හැකි නම් අහිංසක මුස්ලිම් කොල්ලෝ කීප දෙනෙක්ට වෙඩි තියලා කියාවි.. මේ ත්‍රස්තයන් ගහන්න ඇවිල්ලා කියලා. විරෝදාර හමුදාව වහාම ක්‍රියාත්මක වුණා. නැත්නම් තවත් කටුවාපිටියක් වෙනවා." කියලා.

:       1503       825

kamaniFriday, 13 December 2019 04:16 PM

සහරාන්ව බුද්ධි අංශයට ගත්ත එක්කෙනා තමයි දැන් රටේ ලොක්කා. ඒ කියන්නේ මෙයාගේ සහෝදරයා...

:       763       1161

ravinFriday, 13 December 2019 06:27 PM

ඇත්ත කමනි, මේ කට්ටියම තමයි ඔය ත්‍රස්තයින්ව ඒ කාලේ කොටින්ගේ ඔත්තු හොයන්න කියලා හමුදාවට බඳවා ගත්තේ. ඊට පස්සේ මේ ගොල්ලන් කියන කියන දෙය ඒ අය කරන්න ගත්තා. කටුවාපිටිය ඇතුළු දේවස්ථාන ගණනාවකට පහර දුන්නේ මේ අය නොදැනද...? අලි සබ්රි කියන මේ ගොල්ලන්ගේ ගජ පෙරකදෝරුවාම කීවානේ ඒ ගොල්ලොමයි අර මුස්ලිම් දොස්තර සාෆි ගේ වඳ සැත්කම් කතාව හැදුවේ කියලා.

:       364       1724

samanMonday, 16 December 2019 08:22 AM

කමනි... සහරාන්ව බුද්ධි අංශයට ගත්තා කියලා දන්නවා... ඒ විශ්වාසයට වෙන්න ඇති බෝම්බ ගහන වෙලාව තැන ඔක්කොම කියලා ගහන විදියත් කිව්වට පස්සේ දන්නේ නෑ වගේ හිටියේ...

:       0       0

Mahesh Friday, 13 December 2019 02:17 PM

අගමැතිතුමනි, මූලධර්මවාදී කණ්ඩායම් තමයි බොහෝවිට අවසානයේ ත්‍රස්තවාදීන් වෙන්නේත්... ඒකනිසා සියලුම පිළිගත් ආගම්වලින් කැඩී ගොස් ආගමික කණ්ඩායම් ලෙස කටයුතු කරන කල්ලි සොයා ඒවා තහනම් කරන්න එක්කෝ මර්ධනය කරන්න. අනික බුර්කාවත් තහනම් කරන්න...

:       321       565

රාජුන් Friday, 13 December 2019 09:19 PM

අද ලොකෙම පිළිඅරන් තියෙන්නේ මුස්ලිම් ත්‍රස්තවාදය මුල් දුවපු, ලෝකයේ මෙතෙක් බිහිවූ ත්‍රස්තවාදී කණ්ඩායම් අතරින් වඩාත්ම මූල්‍ය සම්පත් ඇති, ඉතාම භයානක පෙළගැස්මක් ලෙස. එය මුල් දුවන්නට පෙර නැතිකළ යුතු යැයි සිතන එක හරි... බුදධි අංශයේ මෙහෙයුම් පටන් ගන්න තිබුණේ මීට බොහෝ කලකට පෙරයි.

:       1       94

CHANDA Friday, 13 December 2019 11:52 PM

අපේ සංස්කෘත සබ්බ්‍යත්වයට වින කරමින් ඉන්න තවත් වර්ගයක අන්තව්වාදී මූලධර්මවාදී විදේශ නඩ ගැනත් හොයන්න

:       1       45

Bamunuarachchi Saturday, 14 December 2019 12:53 AM

හමුදා බුද්දි අංශ වෙහෙසට පත් කොරන්න එපා සිංහල අපි දෙන්නම් වැඩේ දකුණු ඉන්දියාවටම දුවන්න. ගියසැරේ තිබුනේ හම්බ ආන්ඩුවක් නිසා අපිට මුකුත් කරන්න බැරි වුණා.

:       92       4

ranaSaturday, 14 December 2019 02:39 AM

තොසේ කඩෙන් කන දෙමල මිනිස්සුන්ට බනින කස්ටිය නේ මේ ? ඉන්දියාවේ හිඟමනේ ,

:       15       56

BamunuarachchiMonday, 16 December 2019 05:16 PM

ප්‍රශ්නය සිංහල අපි විසඳන්නම් කීවාම රිදුණාද? මොවුන්ගෙන් ලංකාවට සිංහලයාට වුණු සෙතක් කියන්න බලන්න...

:       0       0

Nishan Saturday, 14 December 2019 02:24 AM

තව සෙට් එකක් බන්දගත්තා නම් හරි පඩි ගෙවලා ඊළඟ බෝම්බ වැල පුපුරුවන්න.

:       50       1032

සජිත්Monday, 16 December 2019 08:25 AM

බෝම්බෙ ගහලා මාස 6යි. ගෝඨාභය පඩි ගෙව්වා කියලත් දන්නවා. හැබැයි අඩුම ගානේ අර ත්‍රස්වාදියා එක්ක සාකච්ඡා කරපු අය හිටපු පාර්ලිමේන්තු කමිටුවෙන්වත් නිකමටවත් ඇහුවේ නෑනේ.. නඩු දාන්න පුලුවන්නේ ඉතින් ඔයාටම...

:       0       0

බි කේ නිශාන්ත Saturday, 14 December 2019 04:04 AM

මෙම අදහස් දක්වන පිරිස් අතරත් පේනවා ත්‍රස්තයින්ට මොනතරම් ලෙන්ගතුකමක්ද තියෙන්නේ කියලා. අගමැතිතුමනි! ඔබතුමාට මේ දේ කරන්න පුළුවන් ත්‍රස්ථවාදීන් හඳුනාගන්න පුළුවන් වෙන්නේ ත්‍රස්තයින් ගැන දැනුමක් අැති අයට හැර මන්ද බුද්ධිකයින්ට නෙම‍ෙයි.

:       21       110

isurandi Saturday, 14 December 2019 06:14 AM

සියලුම කටයුතු සඳහා රටේ ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ සක්‍රීය කළයුතුයි කිව්වත් නොකිව්වත්...

:       2       12

ඔබේ අදහස් එවන්න

දියත

සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2287 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 54 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 180 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 152 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 170 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 45 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site