IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ෆේස්බුක් සාදයකින් 30ක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරු මිතුරියන්ගේ මත්ද්‍රව්‍ය සාදයක් වටලා එහි සිටි තරුණියන් 9 දෙනෙකු ඇතුළු 30 දෙනෙකු අත්අඩංගුවට ගත්බව මීගොඩ පොලීසිය පවසයි.

මොවුන් ළඟ තිබී අයිස්, ඈෂ්, ගංජා සහ විදේශීය දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගත්බව පොලිසිය සඳහන් කරයි.

අම්පාර, අනුරාධපුර, රත්නපුර, ගාල්ල සහ කොළඹට තදාසන්න ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 20-30 අතර වියේ පසුවන්නෝ වෙති. 

මුහුණු පොතෙන් හඳුනා වසර 2ක් පිරීම නිමිත්තෙන් මෙම සාදය සංවිධානය කර ඇති අතර ඒ සඳහා රුපියල් 1000ක ඇතුළුවීමේ ගාස්තුවක්ද ගෙවා ඇති බව පොලීසිය කියයි.

මෙසේ පැමිණි පිරිස ගොඩගම ප්‍රදේශයේ උත්සව ශාලාවකට ඊයේ (08) රාත්‍රී පැමිණ මීට සහභාගිවී ඇති අතර, අධික ඝෝෂාකාරී බව හේතුවෙන් මීගොඩ පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට ලද තොරතුරක් මත බුද්ධි අංශ නිලධාරීන් ලවා තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී තරුණයින් 21 දෙනෙකු සහ තරුණියන් 9 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. පසුව පැමිණි පිරිසගේ ලේඛන පරීක්ෂා කිරීමේදී 75 දෙනෙකු සහභාගි වූ බවද අනාවරණය විය.

මොවුන් අද (09) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මීගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (5)

ෆේස්බුක් සාදයකින් 30ක් අත්අඩංගුවට

ලුම්බිණි Saturday, 09 November 2019 10:00 AM

මේක ඉතාම වැරදි වැඩක්. මීට වඩා දහස් ගුණයක් වැරදි වෙද්දී නිහඬව ඉන්න පොලිසිය මොනවද මේ කරන්නේ?

:       63       349

MaheeSaturday, 09 November 2019 12:44 PM

ඔබේ න්‍යාය අනුව රටේ සියලුම මහාපරිමාණ මත්ද්‍රව්‍ය මැඩලා ඉවරකරනතුරු කසිප්පු නොඇල්ලිය යුතුයි. සියලුම මිනීමැරුම් විසඳන තුරු තුවාල කිරීම් වැනි අපරාධ ගැන නොසෙවිය යුතුයි. මහබැංකු මංකොල්ල නඩුව ඉවරවන තුරු ග්‍රාමීය බැංකු කැඩීම වැනිදේ ගණන් නොගෙන සිටිය යුතුයි. ඒකත් නරක නෑ.

:       0       1

lalithm Saturday, 09 November 2019 10:00 AM

මෙච්චර ප්‍රසිද්ධියක් දී වැටලීම් කරද්දීත් මේ වගේ සාද මෙහෙ පවත්වන්න පුළුවන් වෙන්නේ දේවල් දෙකක් හින්දා වෙන්න ඕනේ.1. මේවා සංවිධානය කරන්නේ මහා බලගතු දේශපාලනය පිටුපසින් තබාගෙන. 2. මේවට සහභාගි වෙන අය රටේ සිදුවෙන මොනම දෙයක් වත් දන්නේ නැති වැටලීම් ගැනවත් නොදන්නා මතට පමණක් යටත් මුග්ධයින් රැලක්. මට නම් හිතෙන්නේ සහභාගි වෙන මොවුන් මතෙන් විකල් වූවන් පමණයි. කණගාටුදායක වුණත් මොවුන් සමාජයෙන් තුරන් කළ යුතුයි.

:       32       155

Amila Saturday, 09 November 2019 11:12 AM

ෆේස්බුක් එක මේකට අදාල නෑනේ. සංවිධානය කරපු මිනිස්සු තමයි අල්ලගන්න ඕනෑ. වෙලාවට ෆේස්බුක් හදපු මනුස්සයා අපේ රටේ නැත්තේ. නැත්තම් මිනිහවත් අපේ පොලිසියේන් අල්ලන් යනවා ශුවර්...

:       5       393

අමල් Sunday, 10 November 2019 02:54 AM

උසාවියෙන් දඬුවම් නියම වූ මිනීමරුවන් නිදහස් කරන අතර ෆේස්බුක් සාදයකින් 30ක් අත්අඩංගුවට.... මෙවන් ගොන් රටක අන්තර්ජාතික අධිකරණයක අවශතාවය දැනේ.

:       0       22

ඔබේ අදහස් එවන්න

දියත

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 9 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 174 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 202 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 506 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 349 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 854 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site