(සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකට රෝහල් සායනික අපද්‍රව්‍ය නීතිවිරෝධීව බැහැර කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය සඳහන් කළාය.
එසේ වුවත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු රෝහලකින් මෙම සායනික අපදව්‍ය බැහැර කර නැති බවත් අධ්‍යක්ෂකවරිය පැවසුවාය.
හම්බන්තොට එලල්ල ප්‍රදේශයේ කැලයක විශාල වළවල් කපා මෙම අපදව්‍ය වළදමා තිබුණද යම් යම් කොටස් භූමිය මත දක්නට ලැබුණු හෙයින් රෝහල් මගින් ඉවත් කරනු ලබන සායනික අපදව්‍ය බව හඳුනාගෙන ඇත. ඊයේ (18) ගොන්නොරුව කැපූ වැව ආසන්නයේ ද රෝහල් අපදව්‍ය පිලිස්සීමක් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවත්, එම ස්ථානය නිරීක්ෂණය කිරීමට තමා එම ස්ථානයට යන බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රජයේ රෝහල් වල බලධාරීන්ගෙන් විමසීම් කළ විට කිසිදු රෝහලකින් මෙවැනි සායනික අපදව්‍ය බැහැර කිරීමක් සිදු කර නැති බවත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල්වල මෙතරම් විශාල ප්‍රමාණයක සායනික අපද්‍රව්‍ය එක් රැස් නොවන බවද අධ්‍යක්ෂවරිය කීවාය.
මෙම සායනික අපද්‍රව්‍ය හම්බන්තොට දිස්ත්‍රික්කයට පිටත රෝහලකින් රැගෙන එන්නට ඇති බවට සැක කරන අතර, රෝහල් සායනික අපද්‍රව්‍ය මෙලෙස පරිසරයට මුදා හැරීම සම්පූර්යෙන්ම නීති විරෝධි ක්‍රියාවක් බවද, මෙය පරිසරයට, සතා සිව්පාවට මිනිසාට තර්ජනයක් බවද, අධි තාපයකින් යුතුව පිළිස්සිමට සායනික අපද්‍රව්‍ය බැහැරකරන අයට උපදෙස් ලබාදී තිබෙන බවද ඇය සඳහන් කළාය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් රැසකම සායනික අපද්‍රව්‍ය අධි දහනයක් යටතේ පිළිස්සීම සඳහා අවශ්‍ය උපකරණ සවි කර ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සායනික අපද්‍රව්‍ය බැහැරකිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණ