මීළඟ දශකයේදී ගගනගාමීන් සඳට ගොස් එහි මතුපිට වැඩි කාලයක් ගතකරමින් ගවේෂණයෙහි නියැලෙනු දැකීමට ඔවුන් සැලසුම් කරමින් සිටින බව නාසා ආයතනය පවසයි.
සඳ මත වාසය කළ හැකි ලෙසින් ගගනගාමීන් එහි යැවීමට ඔවුන් සූදානම් බව නාසා ආයතනය වැඩිදුරටත් කියා සිටී.
1972න් පසු නැවත සඳ මතට ගොඩබැසීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේද අනුමැතිය ලැබී ඇති බවත් මෙය ඇමෙරිකාවේ අභ්‍යවකාශ සැලසුම්වල ඉදිරි පියවරක් බවත් නාසා ආයතනය පෙන්වා දෙයි.
පළමුව සඳටත් ඉන් පසු අඟහරු සහ සෙසු ග්‍රහලෝකවලටද මිනිසුන් යැවීමට ඔවුහු අදහස් කරමින් සිටිති.
නව තාක්ෂණික අත්හදාබැලීම් ක්‍රියාවෙහි යෙදවීමටත් සඳ මත විවිධ ස්ථාන ගණනාවක් ගවේෂණය කිරීමටත් ඔවුන් සූදානම් බවත් මෙවර ගගනගාමීන් එහි පා තබන්නේ එහි රැඳී සිටිමින් ගවේෂණය කිරීමට බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
(ස්කයි නිවුස් ඇසුරිනි)
(16844)
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සඳ මතට නැවත වරක් මිනිසුන් යැවීමට සැරසේ
sara Monday, 11 February 2019 05:00 AM
අපේ ආණ්ඩුව රෝකට් නැතිව අපිට තරු පෙන්නලා තියෙන්නේ
KANDEPOLA Monday, 11 February 2019 05:34 AM
මට තියෙන ප්‍රශ්නේ තමයි 1972න් පස්සේ අවුරුදු 47ක් හඳට යාගන්න ඇමෙරිකාවට බැරි වුනේ ඇයි කියන එකයි. එකට හේතුව දන්නා කෙනෙක් ඉන්නවා නම් පහදලා දෙන්න...
ravi Monday, 11 February 2019 05:51 AM
අර විදුලි සෝපානයේ හිරවෙලා හිටිය අයත්... මේ රොකට් එකට පැටෙව්වා නම් හොඳයි කියලා හිතුණා...
jayath Monday, 11 February 2019 06:00 AM
කන්දෙපොල මටහිතෙන විදියට මේකට හේතු 2 ක් තියෙන්න පුළුවන් 1) ඇමෙරිකාවට එය අනවශ්‍ය වීම 2) 1969 ජූලිවල ඇමෙරිකාව හඳට නොයෑම ඇමෙරිකාව එදා හදට නොගිහින් කලේ මවාපමක්ය කියල ප්‍රබල මතයක් ලෝකයේ තියනවා මේකට හේතුත් තියනවා පළමු එක තමයි එදා තිබුන තාක්ෂණයට අනුව එවනිදෙයක් කල නොහැකි වීම දෙවැන්න තමයි අර "සුප්‍රකට ඇමෙරිකානු කොඩියේ සෙවනැල්ල " අපි දන්නේ නැහැ හරියටම මොකද්ද ඇත්ත කියල නමුත් හඳට නොගිය කියල තියන තර්කත් බිඳින්න අමාරු ඒවා
රවින් Monday, 11 February 2019 06:15 AM
චීනා හඳ තරණය කෙරුවයින් පස්සේ කට ඇරිලා තියෙන්නේ. හඳේ කපු පැලත් හිටෙව්වනේද? ඔය 1972 කේ හඳට ගිය එකත් සැකයි කියලා අන්තර්ජාලයේ තියෙන්නේ.
මංජුල බිරැට් Monday, 11 February 2019 06:51 AM
ඔය නාසා ආයතනය කියන්නේ බොරු එයාලා කවදාවත් හොයා ගත්තද කුජ, රාහු මාරු වෙනවා. එහෙමත් නැත්නම් සෙනසුරු, සිකුරු මාරුවෙනවද..? නැහැනේ, එ්කට අපේ අය මාසය, දවස, පැය, තප්පරයට කියනවා.
Sapumal. Monday, 11 February 2019 07:14 AM
කන්දෙපොල සහ ජයත් මහත්වරුනි, හඳේ සිට එව්වායයි සැලකෙන ඡයාරුප ගැනත් පසුකාලීනව සැකයක් මතුවුනා බුද්ධිමතුන්ට. ඒ කියන්නේ පාසටහන් වල තිබූ දූවිලි තිබුනේ පිළිගත නොහැකි ආකාරයකටයි. ඒ අනුව ඒවා ව්‍යාජ ඒවා බවට සැක කෙරෙනවා. අපගේ රවින් මහතා පැවසුවා සේම චීනුන් ගිය නිසා වෙන්නත් පුළුවන් නැවත යන්නට සිතුනේ. ඒ කෙසේ වෙතත් හඳට ගිය කතාව මේ වනවිට සත්‍යයක් බව ලොව බොහෝ දෙනාගේ හිත්වල පැලපදියම්වී හමාරයි.
Sunil Monday, 11 February 2019 08:08 AM
පළමුව සඳ මතට පා තැබුවේ 1969 දී.
jayath Tuesday, 12 February 2019 08:12 AM
සපුමල් හරි ඕකත් එක්ක ඇඳුනු තව කතා ගොඩක් තියනවා අර කොඩිය චලනයවීම වගේ දේවල් - සුනිල් මහතාට කව්ද නැහැ කිව්වේ