IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සජිත්ගේ ඊළඟ රැස්වීම් මාතර සහ මාතලේදී

(නිමල කොඩිතුවක්කු)

‘‘සජිත් එනවා’’ තේමාවෙන් රටපුරා සංවිධානය කිරීමට සැළසුම් කර තිබෙන රැස්වීම් මාලාවේ ඊළඟ රැළි දෙක මාතර සහ මාතලේ දිස්ත‍්‍රික්ක ඉලක්ක කරමින් පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ නියේජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලමින්  දීප ව්‍යාප්තව පවත්වන රැලි මාලාවේ දකුණුලක රැළිය  ඉදිරි දින කිහිපයේ දී මාතර නගරය ඉලක්ක කරමින් සංවිධානය කරන  බව  රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.

'සජිත් එනවා' තේමාවෙන් බදුල්ල නගරයේ පැවැත්වූ රැළියේ සාර්ථකත්වය පදනම් කරගනිමින් මාතර සහ මාතලේ රැළ දෙක සංවිධානය කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

'සජිත් එනවා' රැළි තම මැතිවරණ කොට්ඨාසවලට ලබා දෙන ලෙසට සෑම දිස්ත‍්‍රික්කයකින්ම  මේ වනවිට ඉල්ලිම් ගලා එමින් තිබෙන බවද රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (31)

සජිත්ගේ ඊළඟ රැස්වීම් මාතර සහ මාතලේදී

Sugath Premalal Wednesday, 14 August 2019 09:43 AM

ශීර්ෂ පාඨයට අනුව එක සිද්ද වෙන්නේ නැහැ.. අපගේ සමීක්ෂණ අනුව 30%ක් වත් ගන්න බැහැ. වගකීමෙන් කියන්නේ...

:       918       1445

senaWednesday, 14 August 2019 02:13 PM

ගෝඨා උඩින් දිනනවා

:       171       667

chandimaThursday, 15 August 2019 02:08 AM

ඔන්න "සජිත් එනවා" කියනවා වෙනුවට "රනිල් යනවා" කිව්වොත් නම් ජනතාව පෝලිමේ එනවා ෂුවර්.

:       0       28

BamunuarachchiSaturday, 17 August 2019 03:20 AM

උග්‍ර එජාපයින් වන මගේ ඥාතීන් කීපදෙනෙක් ඊයේ සවස සිදුවූ සුහද හමුවීමකදී ඔවුන් මෙවර ඝෝඨාභයට කැමැත්ත ප්‍රකාශ කරන බව කිව්වා. මම ඔවුන් වෙනුවෙන් තව ජැක් ඩැනියල් බෝතලයක් කැඩුවා.

:       1       0

Raveendra Wednesday, 14 August 2019 09:50 AM

ආ.. මේ නම් කරන ලෙස ඉල්ලන රැස්වීම.. අපි නම් හිතුවේ දැන් ඔක්කොම හරි... මහගොනා තෝරන තරගයට මේ උන්දැගේ වටිනා කියන නම බන්දේසියක තියල දීලා ඉවරයි කියලා. අම්මේ අර පාස්කු දවසේ ඇඳයට හැංගිලා හිටිය හරින් මලයා දාපු උරචක්‍ර මාලාවේ ලොකු?

:       508       876

ranil Wednesday, 14 August 2019 09:50 AM

අනේ ඇයි ඔයාල "සජිත්!" කියන තේමාව තෝරාගත්තේ?

:       60       200

sam Wednesday, 14 August 2019 10:27 AM

එතකොට කරු එන්නේ කවද්ද? කොළඹට හිරු පායන්නේ නැද්ද? අනේ මන්ද කරු අයියත් අර ඔක්තෝබර් මාසේ වැඩ පෙන්නුවේ ගේමට එන්ටර් වෙන්නද කියලා. එහෙන් බෑණත් කියනවා උඩරට හීනයක් ගැන... නයි කයිද රෝස් පාන් කිව්වලු.

:       21       275

Raveendra Wednesday, 14 August 2019 10:29 AM

රනිල්, මයා වෙත.., ඔබ අදහස් කරන්නේ "උසකොට සජිත් " කියන තේමාව හොඳයි කියාද? නැත්නම් "අමාවක සජිත්" කියන තේමාවද ?

:       101       268

Ruhunu Wednesday, 14 August 2019 10:42 AM

සජිත් එනවා ... අපි යනවා..

:       5       346

de silva Wednesday, 14 August 2019 10:42 AM

රනිල් එනවා කියලා කිව්වොත් එක මැස්සෙක්වත් එන්නේ නැත...

:       649       707

Muhan Wednesday, 14 August 2019 10:44 AM

සජිත් ළඟ තියෙන්නේ අවුරුදු 30ට වඩා පරණ සටන්පාඨ. ඒවා තරුණයින්ට, උගතුන්ට, අනෙකුත් ජාතීන්ට වැඩක් නැහැ. සජිත් මේක ප්ලෑන් කරලා කරනවා නම් මේක රනිල් ලොක්කගේ ගේමක්. සජිත් මේක බොක්කෙන්ම කරනවා නම් මේක මහින්ද ලොක්කගේ ගේමක්.. මොනවා වුණත් සජිත් ආවොත් එජාපය හොම්බෙන් යනවා.

:       803       1266

sudath Wednesday, 14 August 2019 10:46 AM

පක්ෂයේ මෙතෙක් පැවති ඒකාධිකාරය බිඳ වැටිලා ප්‍රජාතන්ත්‍ර මාවතට වැටිලා... අනාගතය හොඳයි..

:       260       557

mp Wednesday, 14 August 2019 10:46 AM

ඔය කවුරුත් එන්නේ ඡන්දය ඉවරවෙන තුරු පමණයි. ඊට පස්සේ ජනතාව ඔය ජනතා සේවකයා පස්සේ යායුතුයි. ඒත් වැඩක් නැහැ.

:       0       196

sirimal Wednesday, 14 August 2019 11:16 AM

ඔබතුමාලා අර නාලිකාවේ කට්ටියගේ තල්ලුවෙන් කරන ඔය වැඩෙන් අන්තිමට වෙන්නේ සේරම අකුලාගෙන " සදා පූජිත සදාකාලික පරාජිතගම " කියලා තැනක පැලක් හදාගෙන ජීවත් වෙන්නයි. අර රැස්වීමෙන් පස්සේ "මෙච්චර කියලත් ඕ ලෙවල් සෙටිෆිකට් එක ගෙනාවේ නෑනේ... ගෙනාවා නම් අරුන්ගේ මඩ ගැහිල්ල එදායින්ම ඉවර කරන්න තිබ්බා. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා වගේ.. දැන් නම් මටත් සැකයි." කියලා අර බදුල්ලේ අඹ යාලුවා තැන්තැන් වල කියකියා යනවලු ඔන්න...

:       645       1009

saliya Wednesday, 14 August 2019 11:51 AM

සජිත් එනවටයි මෛත්‍රී කැමැති. කරුයි, සජිතුයි එනවට රනිල් කැමැති නැහැ. රනිලුත් කැමැති ගෝඨාට. ගෝඨා දින්නොත් නාමල් බේබිට ඉඩක් නැහැ. ගෝඨා එයාගේ තේරීමක් නොවේ. මහින්ද කැමැති ගෝඨා පරදිනවාට. මේක නම් පුදුම අච්චාරුවක්..

:       234       66

indikaThursday, 15 August 2019 05:47 AM

සාලිය ඔයා හොඳටම නිදිමරලද කොහෙද?. හොඳ නින්දක් දාන්න. එතකොට ඔය ඔක්කොම හරි යයි.

:       11       29

saliyaThursday, 15 August 2019 06:33 AM

මහින්ද, පුරවැසිභාවය ගැන සාක්කි ඉල්ලන කොට රනිල් ද්විත්ව පුරවැසි අයින් කරලා, අලුත් පාස්පෝර්ට් හදලා දුන්නේ මහින්දට පෙන්නන්න. මොකටද?

:       0       13

සඳුන් Wednesday, 14 August 2019 12:08 PM

සජිත් ජනාධිපතිවරණයෙන් ජයගන්නවට වඩාත් සතුටු වෙන්නේ සිරිසේන මහත්තයා. එතකොට තමයි ජනතාවට එතුමාගේ අගය දැනෙන්නේ...

:       3       203

සෑම් Wednesday, 14 August 2019 12:16 PM

හොර පාදඩ පවුලක තවත් එකෙක්... එක පවුලක එකෙක් එලවන්න දඟලනකොට තව එකෙක් සෙට්වෙන්න හදනවා. රටේ බත් කන හරක් දෙකට බෙදිලා ඉන්නේ... මෙයාට ඡන්දෙ දෙන්නේ මොනවා කළාටද මොනවා කරනවටද..?

:       743       958

Bishan Wednesday, 14 August 2019 02:17 PM

අද තියෙන්නේ පවුල් දෙකක් අතර තරගයක්. දෙන්නගෙන් සජිත් හොඳයි වගේ... හොඳ එඩිතර බවක් තියනවා. ගෝඨා නිකං පතෝල වගේනේ... කතාකරගන්නවත් බෑ.

:       449       176

Tharidu Perera Wednesday, 14 August 2019 02:38 PM

මේ මනුස්සයාට තියෙන හදිසිය. පක්ෂය තාම අනුමත කරලත් නැහැ. පක්ෂය අනුමැතිය දුන්නත් වැඩක් නැත. මහජනයගේ කැමැත්ත නැති නම් ...

:       452       795

Chanak los angeles Wednesday, 14 August 2019 04:06 PM

අපිට නම් පෙනෙන්නේ සජිත් යනවා කරු එනවා කියලයි .

:       2       31

Jand Wednesday, 14 August 2019 04:42 PM

මේ මනුස්සයාට ඡන්දෙ දීලා වැඩක් නෑ. ඉන්නේ තාම 80 ගණන් වල... කිසිම දැක්මක් නෑ චැනල් ටිකක් අල්ලගෙන නටනට පෙට්ටි ගෙවල් ගහගහ යනවා ඇරෙන්න. අනික දෙබිඩි චරිත රටේ නායකත්වයට ගැලපෙන්නේ නෑ. සිරිසේනට හපන්...

:       387       1275

ROHANA Wednesday, 14 August 2019 06:16 PM

බලය දීලා පස්සේ චුරු චුරු ගාන්න හදන්න එපා.

:       0       23

chandima Wednesday, 14 August 2019 09:55 PM

"සජිත් එනවා" කියපුවම ඔයතරම් ඉල්ලීම් ගලාගෙන එනවනම් ඔය රැස්වීම් වලට "රනිල් යනවා" කියල නම දැම්මනම් තව ගොඩක් කට්ටිය ගෙන්නගන්න තිබුණා.

:       0       18

vipula Thursday, 15 August 2019 06:22 AM

සජිත් නෙමෙයි මේ පක්ෂෙන් දෙවියන් වහන්සේ ආවත් අගමැති රනිල්. සිරිසේන පත්තරෙන් බලල සමහර තීන්දු තීරණ වෙනස් කළා. සජිත් ජනාධිපති වුණොත් රටේ මී හරක්ට අබසරණයි..

:       0       6

Rata Perata Thursday, 15 August 2019 06:47 AM

බල තණ්හාවෙන් මැරෙන්න එපා...

:       0       1

sirimal Thursday, 15 August 2019 09:25 AM

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වුවහොත් තමන් සමඟ එජාපයේ 8දෙනෙක් පොදුජන පෙරමුණට එකතු වෙනබවට රවී කරුණානායක මහින්ද රාජපක්ෂ මුණ ගැසී ප්‍රකාශ කළ බවට පැතිරෙන ආරංචිය බොරුවක්ද?

:       0       0

thilakasiri Thursday, 15 August 2019 10:36 AM

යමෙකු රටේ ජනපති වෙන්න පෙර ආදර්ශවත් විනයානුකූල බුද්ධිමත් පුරවැසියෙකු විය යුතුයි. පක්ෂයේ අනුමැතියෙන් තොරව තමන් පක්ෂයෙන් ඉදිරිපත් වෙන ජනපති අපේක්ෂකයා බව කියමින් රටවටේ යන සජිත් ඉවසීම හා විනයක් නැති මෝඩයෙකු ලෙස එජාපයේ හා රටේ බහුතරය කියති. ජනපති වුනොත් තාත්තට හපන් වෙයි කියලත් කියති. මීට අවුරුදු 26 කට පෙර සජිත්ගේ පියා ජේ.ආර්ට 1970 සිට පොලු දාපු හැටිත් 1977දී 5/6 කින් ජේ.ආර් බලයට පත්වූ පසු ආර්. ප්‍රේමදාසට අගමැති තනතුර දී තිබියදීත් ජේ.ආර්. ට ද්‍රෝහිකම් කරමින් තමා පණ්ඩිතයා වෙන්න හැදූ හැටිත්... සජිත්ගේ පියා ජනපති වූ හැටිත් ඉන්පසු අත්තනෝමතිකව ක්‍රියාකළ හැටිත් යටපත් වී තිබුණු වෙනත් කළු පැතිත් එලියට එන්න පටන්ගෙන ඇත. කොහොම වුණත් පියාට අවනම්බු නොකර අදට ගැලපෙන බුද්ධිමත් දේශපාලනඥයෙක් වෙන්න සජිත්ට තවමත් කල් ඇත. මෙවර ජනපතිවරණයට සජිත් ඉදිරිපත් වුණොත් පරාජයට පත්වන බව ස්ථිරයි. ඇරත් ජනපති වෙන ඕනෑම කෙනෙකු පාර්ලිමේන්තුව සමග සුහදව ක්‍රියාකර ප්‍රජාතන්ත්‍රවාදය උපරිම කරන විදිහ මිස හිතෙන දේවල් කරමින් රට ආපස්සට යවන්නට බැරි තත්වයට රනිල් ඇතුළු දේශපාලනඥයින් සියල්ල කර ඇත.

:       0       24

Bamunuarachchi Thursday, 15 August 2019 11:32 AM

ගතියක් නැහැ... ලැවරියම තමයි.

:       0       11

vidya Saturday, 17 August 2019 12:16 AM

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා කියනවා වගේ මේවා ඔක්කොම ළඟ පිකප් කොට මොඩෙල් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 132 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 288 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1218 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 161 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 367 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 339 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site