IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ජාත්‍යන්තර ඇගයීමක්

(ටී. කේ. ජී. කපිල)

 
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2020 දෙසැම්බර් 04 දක්වා වූ ඉදිරි වසර දෙකක කාලයක් සඳහා ජාත්‍යන්තර මෙහෙයුම් නිරුපද්‍රතා විගණන සහතිකය (IOSA) හිමි කරගෙන තිබේ.
 
මෙම සහතිකය ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රවාහන සංගමය (IATA) මගින් කරන ලද ඇගයීමකින් සහ නියාමනයකින් අනතුරුව පිරිනමා තිබේ.
 
මෙම සංගමයට ලෝකයේ රටවල් 120 ක ගුවන් ගමන් සේවා 290 ක් සම්බන්ධ වන අතර, එය ලෝක ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනයෙන් 82% ක කොටසක් ද හිමි කරගෙන සිටී.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිරිනමන මගී සුවපහසුව, ඔවුන්ගේ ආරක්ෂාව සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග, මගී විශ්වසනීයත්වය, ගුවන් යානාවල සහ සිය සේවාවල කාලණුගතිකත්වය පදනම් කර ගනිමින් එහි කළමනාකාරීත්වය සහ පාලන පද්ධතිය ඇගැයීමකට ලක් කරමින් මෙම විගණන සහතිකය පිරිනමා තිබේ. 
 
ඉකුත් 2006 වසරේ දී මෙම නිරුපද්‍රතා සහතිකය දිනා ගත් පළමු ආසියානු කලාපයේ ගුවන් සේවය වූයේ ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි.
 
 
 



අදහස් (5)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ජාත්‍යන්තර ඇගයීමක්

ROSHAN Thursday, 17 January 2019 12:12 PM

සතුටට කරුණකි නමුත් මම ලංකාවට එනකොට ගමනේ දුර පැය 10. ආසනවල හැඩය දුන්නක් වගේ මැද්දෙන් ඇතුලට නැමිලා හරිම අපහසුයි පැය 10 එකදිගට ඉදගෙන එන්න කොන්ද රිදෙනවා. මොනවා උනත් ශ්‍රීලන්කන් තමයි එන්නේ. මේය වෙනත් ගුවන් සමාගම් වල නොතිබුණු දෙයක්.

:       0       8

kumara Friday, 18 January 2019 04:59 AM

සතුටු වෙන්ඩ පුළුවන් කරුණක්.උඩින් කියා ඇති දේවල් හරි. අඩු ගාස්තු ගුවන් යානා වල මීට වඩා හොඳ ආසන තියෙනවා. අපි ශ්‍රී ලන්කන් තෝර ගන්නේ දේශීය නිසා පමණි. 75% පිටරට දේවල් පිළිගන්වන්නේ. පිරිසිදුකම මදි.

:       1       3

chandimaMonday, 21 January 2019 12:28 AM

කුමාර මල්ලි, මේකේ වැඩේ කියන්නේ, දේශීය දේවල් කියල කිරිබතුයි, ලුනුමිරිසුයි, මාළු හොදියි, දුන්නමත් මුන් බනිනවා. සුද්දෝ එන්නත් කලින් ලංකාව එපා කරවනවා කියනවා. තිරිඟු පිටි වලින් හදන පාන් බනිස් දුන්නම රටින් ගෙනාපු තිරිඟු පිටි කියනවා. ප්ලේන් එක වෙන රටකට ගිහින් ආපසු එද්දී ආහාරපාන ඒ රටවල් වලින් ගත්තේ නැතිනම් යද්දී අපහු එන ගමනටත් අරගෙන යන්න වෙනවා. ඒරටවල් වලින් ලංකාවේ දේශීය කෑම ගන්න ගියොත් අස්ප ගණන් ගෙවන්න වෙනවා. වෙනත් ජාත්‍යන්තර ගුවන් සේවා වල ප්ලේන් ප්‍රයිවෙට් බස්වගේ, රෝද බිම තියන්න වෙලාවක් නැහැ දුවනවා. නමුත් අපේ යානාවලට තියෙන ගමනාන්ත බොහොම ටිකයි එව්වත් එක්කල බලද්දී. ඉතින් තියෙන හැටියට වැඩේ කරගෙන යද්දී ඔයාට ඔයතරම්ම දේශීය කැක්කුමක් තියෙනවනම් එව්වා ඉවසා දරාගෙන කරන ටිකට ප්‍රසංස කරන්න. මේ කියන්නේ ඔව්වගේ ලොකු ලොක්කෝ ඒ හම්බ වෙන සොච්චමෙන් සුරසැප විඳිමින් කුට්ටිගණන් ගසාකන එක ගැන නොවෙයි.

:       0       2

chandima Monday, 21 January 2019 12:10 AM

ඔහොම ටිකක් අගය කරලා ගත්ත ගමන් අපේ හරක් දුවගෙන ගිහින් ලෝකේ තියෙන හොඳම ගුවන් යානා තොගයක් වැඩිම මිලකට අරන් අයෙත් සැහෙන කාලෙකට ගොඩ එන්න බැරිවෙන්න වලට ඇදල දානවා. කුට්ටි ගන්න ඒ අය ගනුදෙනුවෙන් ලොකු කුට්ටියකුත් කඩා ගන්නවා. අන්තිමේ ගෙවාගන්න බැරුව අතිනුත් කයිට් කරගෙන වන්දිත් ගෙවනවා ඔඩරේ කැන්සල් කරලා. මහබැංකුව නැතිනම් භාණ්ඩාගාරේ එව්වට කර ගහපුවම රටේ මිනිස්සු අන්තිමට වන්දිය ගෙවනවා. කුට්ටිය ගත්ත අය අත්පුඩි ගහ ගහ බලන් ඉන්නවා.

:       0       1

vipula Tuesday, 22 January 2019 03:18 AM

මට රවී කරුණානායක මතක් වෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 726 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 138 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 947 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 973 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1299 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1164 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site