දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 1 ක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (16 වැනිදා) සමත් විය.
ලකුණු 304 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 304 ක් ලබාගත්තේය.
තරගය සහ තරගාවලිය සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා
http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගය ජයගනී
sandy123 Saturday, 16 February 2019 01:32 PM
උණුසුම් සුබ පැතුම්...!!! කුසල් ජනිත්ගේ නොපසුබට හුදකලා සටන අගය කරමි.
samanSunday, 17 February 2019 01:25 AM
කණ්ඩායම භේද-බින්න කරන කුලල් කා ගන්න ජේෂ්ඨයන් සියලු දෙනා ඉවත් කර කුසල් ජනිත් වැනි දක්ෂතා දක්වන කිපදෙනත්, ඉතිරි අය දැනට දක්ෂතා දක්වන ශ්‍රීලංකා ඒ කණ්ඩායමේ සහ යොවුන් ක්‍රීඩකයන්ගෙන් තෝරා ගන්න. එවිට ඉදිරි තරඟ කීපයක් පරාද වුනත් නුදුරු අනාගතෙයේ හරි හොඳ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමක් හැදේවි
Raveendra Saturday, 16 February 2019 01:36 PM
පුතේ නුඹලාට අපගේ උණුසුම් සුබ පැතුම් !!!
Ruhunu Saturday, 16 February 2019 01:40 PM
කුසල් නැතිනම් අපි අද ඒ මැච් එකත් පරදිනවා.
ශිරාන් Saturday, 16 February 2019 03:11 PM
කුසල් මෙන්ඩිස් - කුසල් ජනිත් කොහොමද වෙනස...? බැරි වෙලාවත් කුසල් මෙන්ඩිස් මේක කරානම් හැට පනිනකන් ටීම් එකේ තියාගන්නවා..
sarath perth Saturday, 16 February 2019 02:00 PM
විශිෂ්ටයි...! නොපසුබට වීර්ය ජයග්‍රහණයේ තේමාවයි. උණුසුම් සුභපැතුම්...!!!
kule Saturday, 16 February 2019 02:48 PM
බාධක මැඩගෙන අධිෂ්ඨානයෙන් ජයග්‍රහණය කරා ගමන්ගත් කුසල් ප්රමුඛ ලක් දරුවන්ට උණුසුම් සුබපැතුම්..!!!
Missaka Saturday, 16 February 2019 03:44 PM
මෙය අපිට හොඳ පාඩමක්!. අවසන් විකට්ටුව වෙනතුරු සටන අවසන් නොකළ යුතුය යන්න නැවතත් සනාථ කරපු ඉනිමක්.... කුසල් පෙරේරාගේ සුපිරි ඉනිමක් සහ පරිණත භාවය මැනවින් ඔප්පු කිරීමක්. ඔහු අවසන් ක්‍රීඩකයාව ඉතා හොඳින් ආරක්ෂා කරගත්තා සේම, අවසන් ක්‍රීඩකයා ඔහුගේ වගකීම මැනවින් ඉෂ්ඨ කළා. අවසන් ක්‍රීඩකයන් හට බැටින් ගැන අවබෝධය මදි තවම...
dhamneth Saturday, 16 February 2019 04:36 PM
මේ ලකුණු 304න් 201ක්ම ලබාගෙන තිබෙන්නේ දෙදෙනෙකු විසින්. අනිත් 9 දෙනාම ලබාගෙන තිබෙන්නේ ලකුණු 103. මේ 9 දෙනා අතර සිටින අනිකුත් පිතිකරුවන් තමන්ගේ තත්වය ආරක්ෂා කරගැනීමට මිට වඩා ගොඩක් සැලකිලිමත් විය යුතුයි.
larry Saturday, 16 February 2019 04:39 PM
චන්දිමාල් එපා
sirimal Saturday, 16 February 2019 04:59 PM
තරුණ කණ්ඩායමට ජයවේවා.
සමන්ත Saturday, 16 February 2019 05:54 PM
අපි සතුටු වෙනවා. හරීන්ටත් ඒ ගෞරවය ලැබෙනවා.
sam Saturday, 16 February 2019 09:12 PM
සුභ පැතුම්. ඊළඟ මැච් එක පරාද නොවුනොත් ඩ්‍රෝ කරගත්තොත් ඇති දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් සීරියස් එකක් දිනාපු පළමුවැනි ආසියානුවන් විය හැකි බව ක්‍රික්ඉන්ෆෝ එකේ තිබුනා.
Senarath Sunday, 17 February 2019 03:31 AM
කුසල් කරපු දේ ඉතාම වටිනවා. ඒවගේම ඒ පළමු තරගයේදීම කඩුලු 5ක් ගනිපු යෞවනය කරපු දේත් කුසල් ගේ ඉනිම වගේම වටිනවා. ඒ දේ නොකලානම් අපිට ලැබෙන්නේ මෙයට වඩා වැඩි ලකුණු ගණනක් හඹා යන්න. ඒ නිසා ඔහුවත් අගයන්න .
theshan Sunday, 17 February 2019 03:42 AM
මගේ තාත්තා කියපු දෙයක් තමයි, ක්‍රිකට් කියන්නේ අන්තිම බොලේ වෙනකන් කියන්න බැරි අවිනිශ්චිත ක්‍රීඩාවක් කියලා. ඇත්තටම සතුටු වෙනවා.
isurandi Sunday, 17 February 2019 04:36 AM
මේ අයට බැරිකමවත්, නොහැකියාවවත් නෙමෙයි මෙතන මුලිකම හේතුව වී තිබෙන්නේ, තම තමන් කෙරෙහි ආත්ම විස්වාසය හා කැපකිරීම තියෙනවනම් ඕනෑම දෙයක් ජයගත හැකිය යන්නනයි මගෙනම් හැගීම. පරාජයෙන් ලැබෙන අමිහිරි අත්දැකීම මෙන්ම ජයග්රහණයේදී ලබන තෘප්තියත් කියා නිම කල නොහැක.