IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශෂී වීරවංශගේ නඩු විභාගය අප්‍රේල් මාසයට කල් යයි

(නිමන්ති රණසිංහ)
       
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් ගමන් බලපත‍්‍රයක් සකස් කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට අදළ නඩු දෙකෙහි වැඩිදුර විභාගය ලබන අපේ‍්‍රල් මස 04 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (14) නියෝග කළාය.
 
 
පැමිණීල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරන නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දීලීප පිරිස් මහතා විදේශ ගතවීම හේතුවෙන් සාක්ෂි විභාගය කල් තබන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
 
 
එමෙන්ම, මෙම සිද්ධියට අදාළ පැමිණීල්ලේ සාක්ෂිකරුවකු වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සාක්ෂි ලබා දීම සදහා අද (14) අධිකරණය හමුවෙ පෙනී සිටියහ. ඒ අනුව ලබන අපේ‍්‍රල් මස 04 වැනිදා ඔහුටද අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් නඩුව එදින තෙක් කල් තැබිණී.
 
 
මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටි අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මිය අද (14) අධිකරණයේ පෙනී සිටියාය.
 
 
වර්ෂ 2010ක් වූ සැප්තැම්බර් මස 13 වන දින සහ 2015 පෙබරවාරි මස 26 අතර කාලය තුළදී අධිකරණ බලසීමාවේ පිහිටි කොළඹදී චූදිත විසින් අංක ඞී 3642817 දරන අවිධිමත් ශී‍්‍ර‍්‍ර ලංකා ගමන් බලපත‍්‍රය නීත්‍යානුකූල බලයක් නොමැතිව තම සන්තකයේ තබා ගැනීමෙන් 1993 අංක 16, 1998 අංක 42 සහ 2006 අංක 31 දරන (සංශෝධීත) පනත් වලින් සංශෝධිත 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45 (1) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට රහස් පොලිසිය විසින් චූදිතට එරෙහිව එලෙස නඩු පවරනු ලැබීය.



අදහස් (4)

ශෂී වීරවංශගේ නඩු විභාගය අප්‍රේල් මාසයට කල් යයි

prabha Thursday, 14 March 2019 01:34 PM

මේ නඩුව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්

:       0       0

Hafeel Thursday, 14 March 2019 03:58 PM

පොහොට්ටුවේ කට්ටියේ වැඩි වෙලාවේ ගත වෙන්නේ උසාවිවල, පොලීසියේ, බන්ධනාගාරවල.

:       0       0

Mahee Thursday, 14 March 2019 05:42 PM

මේකට නම් විදේශවලින් කවුරුත් ගෙන්න ඕන වෙන එකක් නැහැ.

:       0       0

rocky Friday, 15 March 2019 01:43 AM

ඕක සාමාන්‍යයෙන් එක දිගටම කල් යන නඩුවක්! විභාගයට ගන්නකොට විත්තිකාරි පරලොව ගිහින් තියේවි!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 12 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 53 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 118 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 161 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 315 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 706 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site