IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


වෝහාරික විගණනය විවෘත කරන්නැයි ජවිපෙ කතානායකගෙන් ඉල්ලයි

(බිඟුන් මේනක ගමගේ )

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ වෝහාරික විගණන වාර්තාව කතානායක බලතල පාවිච්චි කර විවෘත කරන්නැයි කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

රටම කැළඹූ මහ බැංකු බැඳුම්කර සිදුවීම ගැන දැනගැනීමට රාජ්‍ය මූල්‍ය පාලන බලය හිමි පාර්ලිමේන්තුවට අයිතියක් ඇතැයි ද ඒ අනුව කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළේ යැයි ද පොදු ව්‍යාපාර කාරක සභාවේ හිටපු සභාපති ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිත් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට අද (14) පැවැසීය.

අදාළ වෝහාරික විගණන වාර්තා මෙම අවස්ථාවේ විවෘත නොකරන හැටියට නීතිපතිවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතත් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා කතානායකවරයා බැවින් පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලයට වගකීමට කරු ජයසූරිය මහතා බැඳී සිටින්නේ යැයි හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අවධාරණය කර කීය.

මුදල් ඇමැතිවරයා හැටියට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද මෙම වාර්තාව ප්‍රසිද්ධ කිරීමට බලය ඇතත් ඔහු ද එම වගකීමෙන් මිදීසිටින්නේ යැයි කී හෙතෙම ඒ වෙනුවට අගමැතිවරයාගේ ආර්ථික උපදේශකවරයකු වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා එම වාර්තාව ගැන විවේචනාත්මක පුවත්පත් ලිපි රචනා කරමින් සිටින්නේ යැයි ද චෝදනා කළේය.

අගමැතිගේ ආර්ථික උපදේශකවරයා හැටියට කබ්රාල් මහතා කළයුත්තේ පුවත්පත්වලට ලිපි ලිවීම නොව අදාළ වාර්තාව වහාම විවෘත කර ජනතාවට ඇත්ත දැනගැනීමට සලසන්නැයි අගමැතිවරයාට උපදෙස් දීම යැයි හඳුන්නෙත්ති මහතා පැවැසීය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලදී අතීතයේ සිට ප්‍රශ්න හටගෙන ඇති බවට නැගෙන චෝදනා හමුවේ ආණ්ඩුව කළයුත්තේ ජනතාවට නොබියව මුහුණ දීම යැයි ද එම පියවර නොගෙන ආර්ථික උපදේශකයන් ලවා වෝහාරික විගණන වාර්තාවට තැලීම සමාන කළහැක්කේ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් හැටියට යැයි ද හඳුන්නෙත්ති මහතා කීය.

ඒ අනුව අදාළ වෝහාරික වාර්තා තම බලය පාවිච්චි කර විවෘත කරන්නැයි කතානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතවම ඉල්ලා සිටින්නේ යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

වෝහාරික විගණනය විවෘත කරන්නැයි ජවිපෙ කතානායකගෙන් ඉල්ලයි

siri Tuesday, 14 January 2020 02:09 PM

කොහොම හෙළි කරන්නද? එකේ 2015 ට ඉස්සර වෙච්ච මහා පරිමානයේ කටයුතු ගැනත් විස්තර ඇතුලත් වෙලා කියලනේ කියන්නේ. ඕකත් හරියට අර "රන්ජන්ගේ හඬපට ප්‍රචාරය කරන එක නවත්වන්න කියල දේශපාලඥයෝයි හාමුදුරුවරුයි කියන්න පටන් අරගෙන තියෙන්නේ ඒගොල්ලොන්ගේ කතාත් පටි ගත වෙලානිසා වත්ද " කියල කියන එක වගේ තමයි ඉතින්.

:       0       1

Mahee Tuesday, 14 January 2020 02:43 PM

අපොයි දෙවියනේ ලෝකේ ලොකුම කිල්ලෝටේ කොහොම එලියට දාන්ඩද? ඕකෙ හුණු නැත්තේ සමහරවිට ජ,වී,පෙ ට විතරක් වෙන්න පුළුවන්. බැඳුම්කරේ මොකක්ද කියලා හිතෙයි.

:       0       1

Rohana Wednesday, 15 January 2020 04:29 AM

රුපියල් කෝටි 150ක් වියදම් කරලා වෝහාරික විගණනයක් කලේ මොකටද? කාගේ හරි කීමට මේක යට ගහන්න හදනවා නම් මෙය ජාතික අපරාධයක්... තමන් නිවැරැදි නම් කලින්ම මේ ගැන පුවත් ප්‍රකාශ නිකුත් කරන්නේ නැතිව අධිකරණය ඉදිරියේ තම නිර්දෝෂීබව ප්‍රකාශ කළ හැකියි නේද? එතකොට සේවකයින්ට අයත් සේ. අ. අරමුදලටත් සාධාරණයක් ඉටුවෙනවා නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 15 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 73 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1177 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 500 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 638 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 387 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1492 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site