IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විනිසුරුවරුන් 14කගේ නම් හේතු නැතිව ප්‍රතික්ෂේප කරලා


 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් මේ වන විට විනිසුරුවරුන් 14 දෙනකුගේ නම් ප්‍රතික්ෂේප කර ඇතැයි ද, ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීමට හේතුව දැනුම් දී නැතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
ජනාධිපතිවරයා මේ බව කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන විවාදයේදී ය.
 
සේවා කාලයට අදාළව උසස්වීම් ලබා නොදෙනවා නම් එලෙස නොදීමට හේතුව එම විනිසුරුවරුන් දැන ගත යුතු බව ද ජනාධිපතිවරයා කීවේය. තමා කතා කරන්නේ දැනට පත් කර සිටින විනිසුරුවරුන් නොවන බවත්, තමා කතා කරන්නේ පත් නොකළ හරින ලද පිරිස ගැන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

‘‘ඒ විනිශ්චයකාරවරුන්ට ව්‍යවස්ථා සභාවවත්, අගවිනිසුරුවත් කාවවත් අහම්බෙන්න බෑ. එයාලට හම්බෙන්න පුලුවන් මාව විතරයි. ඔවුන් කියනවා මම තමයි නම් කපන්නේ කියලා. මුලින් එහෙම හැඟීමක් තිබ්බා. විනිශ්චකාරතුමකුගේ නමක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරනවා නම් තමාගේ සේවා කාලයට අදාලව උසස්වීම ලබා නොදෙන්නේ ඇයි කියලා දැනගන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. විනිශ්චකාරවරයෙක් කිය්නනේ පොඩි කෙනෙක් නෙමෙයි.  අපිටත් උසස්වීමක් ගන්න කාගේ හරි පස්සේ යන්න වෙයිද කියා විනිසුරුවරුන් ප්‍රශ්න කරනවා‘‘ යැයි ද ජනාධිපතිවරයා කීවේය.
 
‘‘අද චෝදනාවක් තියෙනවා ව්‍යවස්ථා සභාව දේශපාලනී කරණය වෙලා කියලා. වැටත් නියරත් ගොයන් කා නම් කාටද කියමිත ඒ කතාව කියා කතාවක් තිබෙනවා.‘‘යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 



අදහස් (38)

විනිසුරුවරුන් 14කගේ නම් හේතු නැතිව ප්‍රතික්ෂේප කරලා

කරුණාපාල Thursday, 21 February 2019 11:42 AM

අනේ! ඇත්තද? ඒක එහෙම නම්, සොරි අර කතාවක් තියනවනේ " බැරි සිල් නොගනින් අබරෝ" කියල.

:       17498       4135

Cisco Thursday, 21 February 2019 11:46 AM

මෙතුමාගේ බොහෝ කතාවලට මගේ එකඟතාවයක් නැති උවත් මෙහි යම් සත්‍යයක් ඇති බව පෙනෙනවා. මොකද මමත් වැඩ කරන්නේ අර්ධ රාජ්‍ය සේවයක. ඒවයෙත් උසස්වීම් සහ අනෙකුත් දීමනා දෙන්නේ ප්‍රධානියාට හිතවත්නම් පමණයි.

:       632       6750

game ekaThursday, 21 February 2019 10:06 PM

මේකේ කතාව වෙනස් මෙයා මේ අඩන්නේ මෙයාගේ කට්ටිය ටික පත් කර ගන්න බැරි වෙච්ච හින්දා. මෙයාට කැමති විදිහට ව්‍යවස්ථාව කඩන්න බැරි වුන එකේ දුක

:       1774       401

HafeelFriday, 22 February 2019 07:15 AM

එක තමයි,ව්‍යවස්ථා විරෝදී වැඩ කරළ දැන් මේවා ගැන කතා කරලා වැඩක් නැහැ.

:       1762       194

sena Thursday, 21 February 2019 11:54 AM

ඔය කියන ව්‍යවස්ථා සභාවේ කිසිම පක්ෂෙක වැඩි බලයක් නැහැ කියනවානේ ඉතින් ඕක දේශපාලනිකරණය වෙන්නේ කොහොමද. වෙන මොකදෝ අව්ලක් මෙතන තියෙනවා වගෙයි පෙන්නේ.

:       2984       589

lanka Thursday, 21 February 2019 12:01 PM

කෙනෙක් යම් රැකියාවක දීර්ගතම කාලයක් නියතුව සිටියාද යන්නට වඩා, කෙනෙකුගේ දක්ෂකම උසස් වීම් සඳහා සැලකිය යුතු බවයි මගේ හැගීම. කෙසේ වෙතත්, විනිසුරුකරුවන්ගේ නම් හේතු රහිතව ප්‍රතික්ෂේප කිරීම වලංගු කරුණක් නොවේ. ව්‍යවස්ථා සභාවට එවැනි වගකීමක් දැරිය නොහැකි නම් එම සභාව අවලංගු කර දැමීමට කාලය පැමිණ ඇත.

:       1344       14357

මංජුල බිරැට් Thursday, 21 February 2019 12:25 PM

කතාව නියමයි

:       571       3162

namal Thursday, 21 February 2019 01:51 PM

ජනාධිපතිතුමා ජාතියේ මුර දේවතාව

:       1380       3740

tharindi Thursday, 21 February 2019 03:53 PM

ඒක එහෙම තමයි. කමිටුවක් කියන්නේ තීරණ ගැනීමේ බලයත් එක්කයි 19 යේ ප්‍රතිපල

:       1080       206

Bandara Thursday, 21 February 2019 05:04 PM

අනිවාර්ය විශ්‍රාම ගන්නවට වඩා එක හොඳයිනේ.

:       816       4

parakkrama Thursday, 21 February 2019 06:30 PM

මාධ්‍ය තුලින් හෙළිකිරීමට, විවෘතව කතා කිරීමට නොහැකි, සදාචාරාත්මක නොවන අසාධාරණ තීන්දු , තීරණ , ගනුදෙනු හා හැසිරීම් රටා ගැන සලකා බැලුවා විය හැකියි. අතීතයට එබී බැලුවොත් ජනාධිපතිතුමන්ට මේවා නොපෙනෙනවා විය නොහැකියි. කෙනෙකු නොගැලපේ නම්, අසමත් නම්, කන් කෙඳිරි ගෑමකට පත් නොවන්නට සිතා කටයුතු කිරීම යෙහෙකි. එත් එක පැහැදිලි යටි අරමුණක් ඇති බව පෙනේ. ඒ අනුව , කෙනෙකුව යම් අධිකරණයකින් වැරදිකරු බවට තීන්දු වී දඬුවම් නියම වුවාට පසු අභියාචනයක් මගින් වෙනත් අධිකරණයකින් ගොඩ යාමට මැනවින් කටයුතු සැකසෙන වගකි.

:       783       164

dan Thursday, 21 February 2019 06:47 PM

සුදු ඇදගත් කපටි ඒකාධිපති පක්ෂග්‍රාහී කතානායකයා වගකිව යුතුයි.

:       296       1627

sirimal Thursday, 21 February 2019 06:54 PM

කවුරු හරි " අඬන්නා වලපෙන්නා සහ නලාව " කියල කියන එකනම් සාධාරණ නැහැ ඔන්න.

:       1760       7

pradeep Thursday, 21 February 2019 07:13 PM

ඔබ තුමා අතිගරු ජනාධිපතිතුමාය. මේවා නිවැරදි කිරීමට ඔබට බලය සහ අවස්ථාව ඇත.

:       930       10

සනත් Thursday, 21 February 2019 07:57 PM

කකුළුවා නටන්නේ මුට්ටිය රත්වෙනකම් විතරයි.

:       6       40

ranjth Thursday, 21 February 2019 10:28 PM

හිටපු අගවිනුසරුවරිය එලියට දාපු ක්‍රමයට වඩා හොදයි නේද දැන් තියෙන විදිය

:       1778       164

Asaranaya Thursday, 21 February 2019 11:16 PM

ඕකම මම කිව්වා මා ගැන. මාව විශ්‍රාම ඇරියේ ඇයි කියලා දැනගන්න මට අයිතියක් තියෙන බව. කෝ ජනපති තුමා ඒකට ගත් උත්තර දුන්නෙ නැහැ. මේ කාගෙත් හිත උනු වෙන්නෙ ලොකු. මිනිස්සු ගැන ව්තරයි.

:       1767       32

Nuwan Thursday, 21 February 2019 11:53 PM

අගමැති, කතානායක විතරක් නෙවෙයි විපක්ෂ නායක පවා එකම පැත්තක ඉදිද්දි පත්කරපු මේ සභාව ඉල්ලාඅස්වෙලා අලුතින් පත්කරන එක තමා සදාචාරය .

:       59       19

rocky Friday, 22 February 2019 12:56 AM

ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ජනාධිපති වරයෙක් තවදුරත් තබාගෙන ඉන්න රටක් මේක.

:       2210       97

Pandith Friday, 22 February 2019 02:38 AM

ව්‍යවස්ථා සභාවට පරණ රෙජිමයට කත් ඇදපු අය යෝජනා කිරීම තමයි මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ. මොකද පරණ රෙජීමය කාලෙ ව්‍යවස්ථා සභාත් නැහැ, ඔය පත්වීම් ඔක්කොටම ආවේ ඒ අයගේ ගැත්තෝ. ඔය ඉස්සරහට එන නඩු වහගන්න තමයි මේ දැන් දගලන්නේ.

:       1803       771

Amila Friday, 22 February 2019 03:31 AM

ඉල්ලා අස්වෙලා ගෙදර යන්නකෝ අදෝනාවක් නොවී. ඉස්සරත් අරක කරන්න දුන්නේ නෑ මේක කරන්න දුන්නේ නෑ කිය කිය හිටියා දැනුත් එහෙමයි.

:       1775       59

චන්දා Friday, 22 February 2019 03:36 AM

එක්තරා ආගමික කල්ලියකට ඕනා විධියටයි වැඩ වෙන්නේ, ලංකාවේ අධිකරණ, දේශපාලන, ආර්ථික, ක්‍රිකට් අංශත් මේ භුවල්ලන්ට යටත්.

:       43       43042

sam Friday, 22 February 2019 04:05 AM

එක තනතුරක් සඳහා නම් හතරක් එව්වාම තුනක් ප්‍රතික්ෂේප වෙනවා. තනතුරු කිහිපයකට නම් දුසිමක් විතර යැව්වත් අවශ්‍ය ප්‍රමාණය තෝරාගෙන ඉතුරු නම් ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කරපු පුද්ගලයින්ගේ 'අඩුපාඩු' ප්‍රසිද්ධ කිරීමෙන් ඔවුනට යහපතක් වෙන්නේ නැහැ. මෙයා සෞඛ්‍ය ඇමති කාලෙත්, ජනපති කාලෙත් අනුන්ගේ වැරදි ගැන කියා කියා හිටියා මිසක් කරපු දෙයක් නැහැ

:       1413       164

සමන්ත Friday, 22 February 2019 04:11 AM

ව්‍යවස්ථා සභාවට එරෙහිව කරනු ලබන සියලුම ප්‍රකාශ, චෝදනා, අපවාද කවුරුන් විසින්, කුමක් අරභයා කලද , දේශපාලන භේදයෙන් තොරව සියලුම මහජනතාව විසින් පිළිකුලෙන් යුතුව බැහැර කොට, හෙලා දැකිය යුතුය. විවිධ අපචාරයන්, දේශපාලන අතකොලු සහ පිළිකුල් ක්‍රියාවන්ට මුල්වූ සමහර විනිසුුරු විනිසුරුවරියන් සම්භාන්දහව ව්‍යවස්ථා සභාව විසින් ගෙන ඇති සියලුම තීන්දු, තීරණ නිවැරදිය. එහි ජනාධිපතිගේද, අගමැතිගේද, විපක්ෂයේද, මහින්දගේද, සිවිල් සංවිධාන වලටද අයත් සියලු නියෝජිතයන් ඇති බැවින් මෙය ජන්ධිපත් විසින් හිතේ අමාරුවට කියන කතා ලෙස බැහැර කල යුතුය. ඒ මක් නිසාද යත්, ව්‍යවස්ථා සභාව අද මෙන් හෙටද රකින්නේ ඡන්දය දුන්, රජය පත් කල ජනතාව බැවිනි. එය ජනාධිපති ගේ අතකොළුවක් නොවේ.

:       488       221

C.K.Lankaputhra. Friday, 22 February 2019 04:22 AM

ඉතාමත් අසාධාරණ විධියට අග විනිසුරුවරිය එලියට දාපු අය දැන්....

:       901       222

Dayan Friday, 22 February 2019 04:41 AM

මම හිතන විදියට මීට වඩා උගත් සහ බුද්ධිමත් කෙනෙක් අපේ ජනාධිපති හැටියට පත්කර ගත යුතුයි....

:       486       217

dhamneth Friday, 22 February 2019 05:19 AM

ප්‍රදානම කරුණ තමයි යම් තනතුරකට පත්කරන හෝ පත්වෙන පුද්ගලයට එම තනතුර කරගෙනයාමට දැනුම හා බුද්ධිය තිබිය යුතුයි.මිට දසක කීපයකට පෙර මා පුවත්පත් වලින් දුටුවා එදා පත්වුන පොලිස්පතිවරයා කොස්තාපල්වරයෙකු ලෙස මුල් පත්වීම ලබාගත් නිලධාරියෙක් කියා ඔහුගේ දක්ෂතාවයට හෝ වාසනාවට පොලිස්පතිවුනට සෑම පොලිස් කොස්තාපල්වරයෙකුටම පොලිස්පතිවෙන්න පුලුවන්ද? කියමනක් තියනවා නේද මෙනි අ කෝල් ෆෙව් අ සිලෙක්ටෙඩ් කියා.

:       996       2

aa Friday, 22 February 2019 07:00 AM

ඔබනේ ව්‍යවස්ථාවත් විනාස කරේ ?

:       415       223

sandy123 Friday, 22 February 2019 07:10 AM

දයාන් - හිතන්න දෙයක් නැහැ. අප කලයුත්තේ එයමයි. නමුත් රටට ආදරය කරන බුද්ධිමතුන් තරග කරයිද? ඉල්ලනවානම් ස්වාධීනව ඉල්ලන්නත් ඕනේ. එකට ඉන්න අය ඉඩ දෙයිද?

:       0       0

Bishan Friday, 22 February 2019 07:28 AM

මං මේ ඇත්තමයි කියන්නෙ මේ රට හදන්න පුළුවන් එකම ජනාධිපති අපේ සිරිසේන ජනාධිපති. ඊලග පාරත් මෙයාව අපි කොහොම හරි පත්කරමු.

:       1       57

sandy123 Friday, 22 February 2019 07:41 AM

ළමයිනේ කියන්න බලන්න චුරු චුරු ජනාධිපති කව්ද කියලා.... වෙන කවුරුද අපේ වත්මන් ජනාධිපති මිසක්.

:       2       155

Rata Perata Friday, 22 February 2019 07:43 AM

ප්‍රතික්ෂේප මිනිස්සු බලයේ ඉන්නකොට ඔහොම තමා.

:       0       160

nishan Friday, 22 February 2019 09:20 AM

ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ ජනාධිපති කෙනෙකුයි මේ කතා කරන්නේ... කොහෙන්ද හිනා වෙන්න ඕනෑ?

:       965       236

Jaya Friday, 22 February 2019 02:40 PM

මේ අර්බුදයෙන් රටේ නීතියට ප්‍රජාවට වෙන හානිය ගැන නොහිතා පාට කන්නාඩි දාගෙන එහාටයි, මෙහාටයි... චෝදනා කරකර ඉන්න ජනතාවක් හා දේශපාලකයන් ඉන්න රටක මොන නීතිය හා සදාචාරයද?

:       997       0

N Saturday, 23 February 2019 07:29 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යනු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීම සඳහා පක්ෂ බේදයකින් තොරව සම්මත කරගත් ඓතිහාසික නීතියක් යැයිද එය විවේචනය කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැත්තේ කාටදැයි ඉතා පැහැදිලිව පෙනෙන්නේයැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණමඩුවේදී අද (22) පැවැසීය. ව්‍යවස්ථාදායක සභාව කරන පත්වීම් හෝ ප්‍රතික්ෂේප කිරීම් සම්බන්ධයෙන් හේතු දැක්වීම් නොකරන්නේ 1947 වසරේ සිට පැවතෙන අතීත සම්ප්‍රදාය අනුව බව කී අග්‍රාමාත්‍යවරයා මෙරට අධිකරණ සේවා කොමිසම මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ පත්වීම් දෙනවිට හෝ ප්‍රතික්ෂේප කරන විට 1947 වසරේ සිට කිසිඳු හේතුවක් ඉදිරිපත් නොකළ බවද කීය. මේ තත්ත්වය වෙනස් කරන්නට ගියොත් අධිකරණ සේවා කොමිසම දෙන සෑම තීරණයකටම හේතු දෙන්නට වනු ඇතැයිද එවිට විවිධ වාද විවාද ඇතිවීම වැළැක්විය නොහැකි යැයිද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

:       0       0

rocky Saturday, 23 February 2019 02:05 PM

මේ කාටත් ජුවල් ගිහින් තියෙන්නේ චූටි නංගියාගේ නම අනුමත නොවෙච්ච එක ගැන. ජනාධිපතිතුමා දැන් වැඩ කරන්නේ මහින්දගේ පියන් හැටියට වගෙයි..!

:       0       1

Ananda S Sunday, 24 February 2019 12:08 PM

මේකේ කතාව වෙනස්... මෙයා මේ අඬන්නේ මෙයාගේ කට්ටිය පත් කරගන්න බැරි වෙච්ච හින්දා. මෙයාට කැමති විදිහට ව්‍යවස්ථාව කඩන්න බැරි වුණු එකේ දුක....

:       0       0

parakkrama Sunday, 24 February 2019 03:48 PM

යුක්තිය සාධාරණය අපේක්ෂා කල හැටදෙලක්ෂයක් දෙනා බලා සිටින චූදිතයින් හට දඬුවම් නියමවූ විට අභියාචනයකින් ඔවුන් නිදොස්කොට නිදහස්කරගැනීමට යොදාගැනීමේ ගැලවුම්කාර චූටි නංගි පත්කරගැනීමට නොහැකි වීම මෙසේ අඬන්නට ප්‍රධාන හේතුව නේද? ඇය සහ අයගේ ඇතැම් කෙරුවාවන් ගැන කියැවෙන, මේ රටේ අති බහුතරයක් දෙනා දන්නා නොයෙකුත් කතා හා සාක්ෂි අතිගරු උතුමාණන් නොදන්නා සේ ඇයව නම් කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේද? කිසියම් කාර්යයකට ප්‍රතිඋපකාර වශයෙන්, ඇයගේ දියණියගේ විවාහ මංගල්‍ය අරබයා රුපියල් දසලක්ෂයක් හා මර්සිඩීස් බෙන්ස් කාර් එකක් මහින්ද පිරිනමා ඇති බව ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල දක්වා තිබුණලු නේද? ව්‍යවස්ථාදායක සභාවේ අසුන්ගන්නේ අඳ, ගොළු, බිහිරන් හෝ නූගතුන් හෝ එහෙයියන් හෝ නොවෙයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 13 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1195 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 384 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 457 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 364 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 33 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site