IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලාල්කාන්ත රිමාන්ඩ්

(අනුරාධපුර උපාලි ආනන්ද)
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථයට ගැටී කාන්තාවක හා ඇගේ ඥාතී දියණියක තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය නියෝග කළාය.

මෙම රිය අනතුර වන විට කේ.ඩී. ලාල් කාන්ත මහතා බීමතින් සිට ඇති බව පොලිසිය කළ මූලික ස්වසන පරීක්ෂණයේදී තහවුරු වී ඇති බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙන ලදි.



අදහස් (72)

ලාල්කාන්ත රිමාන්ඩ්

chamath Saturday, 02 March 2019 08:37 AM

නීතිය කතා කරන ජවිපෙ කාරයෝ මුළු රටටම කරන්නේ විනාශයක්...

:       2057       1830

JanithSaturday, 02 March 2019 09:23 AM

එතකොට රත්තරන්ලා තාපසයෝද?

:       49       1076

AravindaSaturday, 02 March 2019 09:42 AM

එහෙම කියන එක වැරදියි. ලාල්කාන්තට නීතිය ක්‍රියාත්මක විය යුතුයි, වගේම දියුණු දේශපාලන දර්ශනයක් තියන ජවිපෙත් දේශපාලන භූමියේ සිටිය යුතුයි...

:       317       712

liyanage Saturday, 02 March 2019 02:15 PM

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ ලාල් කාන්ත හිටපු දේශපාලන සභිකයකු බවත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේන් ඉවත්වී බොහෝ කල් බවත් පක්ෂය සහ නායකයන් සමග කිසිම ගනුදෙනුවක් නොකරන වගටත් එම නිවෙදනයේ වැඩිපුර සදහන්වේ.

:       21       581

SkSaturday, 02 March 2019 04:25 PM

නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩදීම විනාශය වෙන්නේ කොහොමද ?

:       1       136

ගල්කටස් Saturday, 02 March 2019 08:48 AM

බීමතින් සිටිය නිසා ලයිසන් එක මාස 03කට කැන්සල් කළ යුතුය. එමෙන්ම මෙම ප්‍රවණතාවය ලංකාවාසී සියළුම ජනතාවට එක හා සමාන විය යුතුයි. අැමතිලාට මන්ත්‍රීන්ට, පෝසතුන්ටද සමවිය යුතුමය.

:       2       536

RaveendraSaturday, 02 March 2019 09:31 AM

ගල්කටස් මයා වෙත, ඔබගේ අදහස් නිවැරදියි. සැමට එකසේ නීතිය ක්‍රියාත්මක වීම වඩාත් හිතකර වන්නේය. ළඟදී පොලිස් නිලධාරියකු අනතුරට ලක්කරපු පාදඩයන්ට නම් කුමක් හෝ ගෝනි සෙල්ලමක් වූ බව හොඳින් පැහැදිලි වන්නේය. එහිදී නම් තක්කඩි රෑනකටම ඇප ලැබීමත් පුදුමයක් නොවේද? කෙසේ වෙතත් " මේ රතු හැට්ට කාරයෝ" ටික රඟන්නේ තිබහට වතුරවත් නොබොන විදියටනේ...

:       535       474

ධනුෂ්කSunday, 03 March 2019 12:28 AM

අනික් පක්ෂ වල මැති ඇමතිවරු අතින් ඇත්තටම මේ වගේ අනතුරු වෙනවා අඩුයි. හතරගාතෙන් ගෙදර ගියත් ඔවුන්ට රියදුරු ඉන්නවා. හැප්පුනත් අහුවෙන්නේ රියදුරා. වෙලාවට ලාල්කාන්ත මහතාට රියදුරෙක් නෑ.

:       8       55

Chanak Los angelesSunday, 03 March 2019 12:35 AM

ඔබ මාස 3 ක් තහනම් කල යුතුයි කීවාම මට හිනා ගියා. බීමතින් රිය පැදවීමකට මෙරටේ නීතියෙන් අත්වෙන ඉරණම ඉතාම ඛේදජනකයි. එම නිසා පුද්ගලයා තම රියදුරු බලපත්‍රය පණ දෙවෙනි කොට ආරක්ෂා කරගන්නවා ..

:       0       21

Asanka Saturday, 02 March 2019 08:56 AM

මේකට නම් කිසිම සමාවක් දෙන්න බැහැ.

:       446       170

Hafeel Saturday, 02 March 2019 03:07 PM

ඇයි සමාව දෙන්න බැරි තරමට ලාල්කාන්ත කුඩු ගහලද? මිනි මරලද? මහ බැංකුව මංකොල්ල කාළද? මහජන මුදලින් දෙමව්පියන්ගේ සොහොන හැදුවද? රාජ්‍ය දේපල අවභාවිතා කළාද? ඇමතිකම් දරද්දී නෑදෑයන්ට නිවාස දුන්නද? මීට වඩා ලොකු චෝදනා තියන දේශපාලකයින්ට අද නීතිය ක්‍රියාත්මක වෙන්න නැහැ.

:       1416       1349

Chanak Los angelesSaturday, 02 March 2019 11:51 PM

හෆීල්, මත්වතුර බීලා අසිහියෙන් වාහනයක් පදවාගෙන යාම සොහොන් කොත් හදනවාට වඩා දරුණු ගනයේ අපරාධයක්. අහිංසක පුද්ගලයන් එම අනතුරුවලින් මරණය වගේම සදාකාලික අබ්බගාතයන් බවට පත්වෙනවා. අපිට කියන්නකෝ අවංකවම ඔබගේ පව්ලේ කෙනෙකුව කෙනෙක් බීමතින් වාහනයක් පදවාගෙන ඇවිත් හප්පලා සදාකාලික අබ්බගාතයෙක් කර දැමුවොත් ඔබ එතකොට ඉන්නේත් ඇයි ඔහුට සමාව දෙන්න බැරි කියන මතයේද කියා ?

:       239       201

RaveendraSunday, 03 March 2019 02:13 AM

හෆිල් මයා වෙත, ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. අවාසනාවකට "නීතියටත් බට පදුරු න්‍යාය" වැළදෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

:       35       66

Mahee Saturday, 02 March 2019 09:03 AM

මොනවා කරන්නද? දොස්තර නෝනා කෙනෙක් වුණා නම් ලාල්කාන්තටත් බීලා නැහැ කියලා සහතිකයක් ගන්න තිබුණා..

:       262       621

උදය Saturday, 02 March 2019 09:08 AM

මම බිව්වේ පීඩිත පංතියේ උන් බොන ඒවා බොලව්...

:       36       670

RaveendraSaturday, 02 March 2019 10:20 AM

අම්මපා...

:       46       28

kamani Saturday, 02 March 2019 12:15 PM

ඔබේ මොලේ අමාරුවක් එහෙම තියෙනවද...?

:       279       137

RaveendraSaturday, 02 March 2019 10:28 AM

දුප්පත් එකා බොනදේ දන්නවා ද... ඒවාට කියන්නේ බොකුදිරාස් බව දන්නවද... ගහපු ගමන් කරටිය තුනටිය කඩලත් යනවමද... ගැහුවා විතරයි දන්නේ මම පොලිසියේද...

:       21       162

කර්තෘ Sunday, 03 March 2019 02:03 AM

මාතෘකාවට අනුව විනීතව අදහස් දමන්න.

:       0       55

රජින්ද Saturday, 02 March 2019 09:18 AM

මුල-මැද-අග වරද්දවාගත් එකම පක්ෂය.. ජ.වි.පෙයි.!

:       481       535

Sama Saturday, 02 March 2019 09:23 AM

බැරිද අනේ අගමැතිතුමාට කතාකරලා බේරුමක් කරලා දෙන්න. දන්නා කියන අයනේ....

:       6       33

Mo77Saturday, 02 March 2019 02:59 PM

ඇයි? අපේ විමල් ගොයියගේ පාස් පෝර්ට් කේස් එක වගේද?

:       26       426

Ranjith Saturday, 02 March 2019 09:29 AM

අයියෝ ...මොවුන්ට මොලයක් නැහැ... කඩාගෙන ගිහින් .. වෙන එකෙක්ව ඩ්‍රයිවර් හැටියට දාන්න..

:       3       116

bandaSaturday, 02 March 2019 03:13 PM

මහින්දානන්දගේ පුතාට තියෙන මොලේ මෙයාට නෑ.

:       2       326

ඇත්ත සත්‍යපාල Saturday, 02 March 2019 09:35 AM

ඔවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට දුසිරිත දනන් දෙන - ඕවා වැද්දන් කියන බණ වැනි "තමා යහපත් යැයි සම්මත මාර්ගයේ පිහිටා සිට අනුන් හට අවවාද දෙනු .. දුදන වැසියා දෙන අවවාද කැලේ වසන වැද්දන් කියන බණ හා සමානයි ... (ලෝකෝපකාරය )

:       150       87

Aravinda Saturday, 02 March 2019 09:38 AM

ලාල්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       2       125

Amila Saturday, 02 March 2019 09:57 AM

දැන් ඔය පිරිසක් ඉන්නවා නේද ජෙවීපි එකට රට දීලා බලමු කියලා. එහෙම දුන්නත් වෙනසක් වෙන්නේ නෑ මොකද ඒකෙත් ඉන්නේ අනිත් පක්ෂ දේකේම වගේ කට්ටියක් කියන එක මේක තවත් හොඳ උදාහරණයක් !

:       519       1160

jayasiri Saturday, 02 March 2019 10:01 AM

මොහු ගැන තවත් කතා කළ යුතුද?

:       3       106

Jayantha Saturday, 02 March 2019 10:10 AM

ඔහු, බීමත්ව හිටියා කියලා කීවේ පොලිස් ප්‍රකාශක නොවේ. ඒ වගේම එය මාධ්‍ය ආයතන දෙකක් කරපු ප්‍රචාරයකි. මොනම තත්වයක් වුනත්, ලාල්කාන්ත, අනතුරින් පලා නොයෑමත්, පොලීසියට භාර වීමත්, නීතිය අනුව බන්ධනාගාර ගතවීමත් හොදයි. අනෙක් දේශපාලකයන් මෙන්ම පැයෙන් ඇප ගන්න තත්වයට නොපෙළඹීම ගැන අවංකව සතුටුයි.

:       43       1551

Nishantha Saturday, 02 March 2019 10:16 AM

පොහොට්ටු කාරයන්ට දැන් ඉතින් රජමගුල් තමයි.

:       48       570

samantha Saturday, 02 March 2019 10:28 AM

අර උස හීන්දෑරි ඇමතියා වගේ හප්පලා පලායන්නේ නැතුව පොලිසියට රාජකාරිය කිරීමට ඉඩදීම අගය කළ යුතුයි.

:       1       1032

RaveendraSaturday, 02 March 2019 11:57 AM

samantha මයා වෙත, ඔබ පවසන්නේ අර හින්දෑරි කඩවසම් " ගොඩක් සුදු කන්නාඩි නොදමන" සමනල වංශයට අයත් ලස්සන ගොයියා ගැන නේද? ඇත්තෙන්ම ඔබ පැවසු පරිදි මොහු අනතුරින් පසු පලානොගොස් පොලිසියට රාජකාරිය කිරීමට ඉඩ සැලැස්වීම අප ඉහළින්ම අගය කරන්නෙමු.

:       35       243

Wasudewa Saturday, 02 March 2019 10:30 AM

කෝ ජනතා විමුක්ති පෙරමුණේ තියෙනවයි කියපු හැදියාව සහ සදාචාරකම? නීතිය දැනදැන බීමතින් රිය පැදවීම ජනතා විමුක්ති පෙරමුණට විශාල කළු පැල්ලමක්... මේ සහෝදරයට මොකක්ද දෙන දඬුවම...?

:       307       526

RaveendraSaturday, 02 March 2019 11:25 AM

Wasudewa මයා වෙත, ඔබ කරුණු හරිහැටි නොදැන මෙසේ අවලාද, දොස් කීම වැරදි බව ඔබ නොදන්නේද? නැහැදිච්ච යක්කු ටිකක් "මේ රතු හැට්ට කාරයට " බලෙන් කට ඇරලා දහජරාව බඩ පිරෙන්න පොවලා වාහනේ රියදුරු අසුනේ හේත්තු කරලා තියලා, ඒ මදිවට කොහෙවත් යන කාන්තාවක් දරුවකු සමග මෝටර් සයිකලෙන් යනගමන් මේ ගොයියාගේ ත්‍රීවිලර් එකේ ඇවිත් වැදුණා ඔච්චරයි වෙලා තියෙනවා කියන්නේ ... රතු හැට්ටකාරයා ඇතුලේ..

:       605       1054

kanchanaSunday, 03 March 2019 07:32 AM

අයියෝ රවී, උදේ ඉඳන් රෑ වෙනකම් මෙතන කොටනවා. වෙන රස්සාවක් නැද්ද?

:       41       0

RaveendraMonday, 04 March 2019 01:55 AM

වචන ටිකෙන් රතු ගොට්ටෙක් වගේමනේ.. දවසම කොටන රස්සාවක් මට තියෙන්නේ... අනිකාගේ කෙටුමට ඇයි එබිකම් කරන්නේ. අනික කොටන දේ කුමකට සොයන්නේ...

:       0       102

පාල ගාල්ලගේ Saturday, 02 March 2019 10:41 AM

රත්තරංට එක නීතියක්, ලාල්කාන්තට තව නීතියක්.. මේ වැරදි කරන්නේ පොලිසියයි...

:       12       420

hesa Saturday, 02 March 2019 10:44 AM

කොට්ටෝරුවා හැම ගහටම කොට කොට යනවා.. තමාගේ ගහට කොටපු දාට වැඩ වරදිනවා

:       77       236

Prasad Saturday, 02 March 2019 11:47 AM

88-89කාලෙ දහස් ගණන් මිනීමැරුවා ඒ වට මොකුත් නෑ. දැන් ගෑනු දෙන්නෙක් හැප්පුවා කියලා ඔහෙලා මැරෙන්න හදනවා.

:       356       242

dias Saturday, 02 March 2019 12:06 PM

"ජවිපෙ ද මනුෂ්‍යයන්ය" කියලවත් කියමු නේද?

:       1       68

පිටිගල මිලානෝ Saturday, 02 March 2019 12:11 PM

රිමාන්ඩ් කළාම මෙයාගේ ඉඩම් ටික බලාගන්නේ කවුද?

:       51       68

බද්රානි Saturday, 02 March 2019 12:41 PM

කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත්, දේශපාලකයින් යනු, මුනිවරයින් හෝ ශුද්ධවන්තයින් නොවන බව රටේ ජනතාව පිළිගත යුතුයි. දේශපාලකයින්ගේ පුහු, සුරංගනා කට කයිවාරු ඉදිරියේ ඔවුන්ට වන්දනාමාන කරමින් අදහන බැතිමත් මෝඩ, ජනතාව මෙවැනි සිද්ධි දෙස, දේශපාලන කෝණයකින් බැලුවාට, රටේ බුද්ධිමත් නීතිගරුක ජනතාවට නම් මේ සිද්ධිය තවත් එක මාර්ග නීතිය උල්ලංඝනයක් පමණයි. බීමතින් රියපදවා අනතුරක් කරන රියදුරන්ට එක හා සමානව රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මගේ හැඟීමයි. අනෙකාගේ වරද දේශපාලන මෙවලමක් කරගෙන දේශපාලන ප්‍රතිපත්තිවලට හා පුද්ගලයින්ට අපහාස කිරීම, නින්දිත ක්‍රියාවක් ලෙස තමයි මා නම් දකින්නේ. පන්සල්, පල්ලි, කෝවිල්වලට නිතර රිංගන කුමන වර්ගයක හෝ දේශපාලකයින්ගේ සැබෑ නිරුවත හා ඔවුන් තුළ පවතින සැබෑ අශිෂ්ඨ ස්වභාවය ගැන තමයි මේ සිද්ධියෙනුත් අපට ඉගෙන ගත හැකි පාඩම වන්නේ.

:       19       328

raviSaturday, 02 March 2019 02:20 PM

අපේ රටේ මාර්ග නීති වලට නව සංශෝදනයක් අවශ්‍යයි !!! මේවගේ අනතුරුවල ලක්වන මනුස්සයින්ට ලැබෙන වන්දි මුදල් තව විසි තිස් ගුණයකින් වැඩිවිය යුතුයි .

:       0       77

විකුම් රංගන Saturday, 02 March 2019 07:35 PM

අනතුරක් සිදු උනාම අතින් වන්දි ගෙවන්න නම් වාහන රක්ෂණයක් අවශ්‍ය වන්නේ ඇයි? "THIRD PARTY " රක්ෂණයක් තිබුනත් විඳිත තුන්වන පාර්ශවයට වන්දි මුදල් ගෙවන්න රක්ෂණ සමාගම් බැදී සිටිනවා නේද? ගැටලුව වී තිබෙන්නේ, මේවා ගැන කතා කරන්න තරම් හෝ, රටේ ජනතාව දැනුවත් කරන්න තරම් ප්‍රබල ජනතා හිතවාදී, ජන මාධ්‍යයක් අප රටේ නොතිබීමයි. රටේ ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙන ගන්නා නීතිඥයින් ඇතුළු උගත්තු අහිංසක ජනතාවට පෙරලා පටවන්නෙත් ඔවුන් විසින් සිදුකරන වැරදී වල බරම තමයි. මෝඩයෝ බර උසුලයි කියන්නේ නිකම්ද? ඇයි ජන මාධ්‍යයන්ට මේවා ගැන ජනතාව දැනුවත් කරන්න බැරි?

:       0       33

Praba Saturday, 02 March 2019 01:14 PM

ඉහත අදහස් බැලුවාම පේනවා අපි කොච්චර මෝඩද කියලා? බීලා එළවනවා නම් නීතිය කාටත් පොදුයි. මහින්ද - රනිල්, මෛත්‍රී නඩයට නීතිය නැවෙන හැටි ඔහේ බලා ඉන්න අපිට ජවිපයට නීතිය හරියට ක්‍රියාත්මක වීම මාරයි. කුඩුකාරයෝ, නළු නිළියෝ, මැරයෝ ඡන්ද ලක්ෂ ගණන් ගන්න එක පුදුමයක් නෙමෙයි.

:       2       268

ravi Saturday, 02 March 2019 01:55 PM

කොහේ බැලුවත් සල්ලිකාරයෝ සහ එයාලගේ දරුවෝ නෑදෑයෝ හොඳට බීලා පාරේ යන අහිංසක මනුස්සයන්ට මෙවැනි අනතුරු සිද්ධ කරලා ඒ අයගේ මුළු ජීවිතයම විනාශ කිරීම වැළක්විය යුතුයි

:       0       102

Buddika Saturday, 02 March 2019 02:22 PM

වැරැද්ද කවුරු කලත් වැරැද්දක්. වටිනාම දේ ලාල්කාන්ත හප්පලා ගියේ නැ. නීතියට මුණ දුන්නා.

:       0       101

RaveendraSunday, 03 March 2019 05:17 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි . මොහු අතින් වරදක් උනා නමුත් මොහු පැනල ගියේ නැහැ. එය අප සියල්ලෝම ඉතා ඉහළින් අගය කරන්නෙමු. මෑතකදී පොලිස් නිලධාරියෙක්වත් යටකළ නොවත්වාම පැනල ගිය "මීහරක් පැටව් " ටික ඔය යස අගේට ඇපත් ලැබිල ඉහෙන් බහින රෝගයක් නැති උසාවියෙන් එලියට ගියේ මුසල මුණු ලේන්සුවෙන් වහගෙන ගියා මතකයිනේ. ඒවා සංසන්දනය කිරීමේදී මොහු පිළිබදව අප අවංකව අගය කරන්නෙමු.

:       3       108

NimalMonday, 04 March 2019 10:12 AM

පොළොන්නරුවේ සිටින ලොක්කෙකුගේ සහෝදරයෙක් දෙන්නෙක්වම හප්පලා, මරලා පැනලා ගිහින් පස්සේ ගිහින් බාරවුණා. දැන් ඒ ගැන කතාවක්වත් නැහැ ලාල්කාන්තට එවැනි සම්බන්ධ කම් තිබුණා නම් ඔහුටත් අද ඇප...

:       0       40

කෑගල්ලේ සමනයාThursday, 07 March 2019 04:14 AM

නීතියට ගරුකර වහනය නවත්වා පොලිසියට ගිය එක ගැන අපි ලාල්කාන්තට ස්තුති කල යුතුය. නමුත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් හැටියට ඔහු " මත් පැන් පානය නොකළ යුතුය". නැතහොත් ඔහුත් UNP/SLFP/හෙළ උරුමය වැනි අපත මන්ත්‍රී වරයෙක් වේවි. අපි ජවිපෙන් බලාපොරුත්තු වන්නේ එවැනි විනයක් නැති අය නොවේ.

:       0       58

sam Saturday, 02 March 2019 03:33 PM

වෙන ඇමති කෙනෙක් නම් මෙලහට එලියට ඇවිත් ඇති

:       1       51

prabha Saturday, 02 March 2019 04:23 PM

මගේ දැනුමේ හැටියට ලාල්කාන්ත කියන්නේ ජවීපෙ ඉන්න මේ පොළොවේ පය ගහල ඉන්න අතළොස්සෙන් කෙනෙක්

:       0       51

කරුණාපාල Saturday, 02 March 2019 04:28 PM

රවීන්ද්‍ර මහත්තයට, බද්රානිගේ හා ප්‍රබාගේ අදහස් ගැන මොකද හිතෙන්නේ? ඔය මහමුදලිලාට, ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු වුනාට රවීන්ද්‍ර මහත්තයලාට නම් ලැජ්ජාව තවමත් ලොකුයි කියල තමයි මම නම් තවමත් හිතන්නේ.

:       0       0

RaveendraSunday, 03 March 2019 05:33 AM

කරුණාපාල මය වෙත,(අපගේ මෙම අදහස් මොහුගේ රිය අනතුරට අදාල නැත.) අප තදින්ම විස්වාස කරනවා සමාජ විරෝධී, සමාජයට අහිතකර දෙයක් අපගෙන් සිදුවෙනවානම් අප අවංකවම ලැජ්ජවිය යුතුමය.( දියවන්න ඔයේ 225 වූ ගව රෑනට මෙය අදාළ නැත .මක්නිසාදයත් එම සතුන් කිසිදු වැරද්දක්, සමාජ විරෝධී කටයුතු නොකරන බැවින්) මෙය අප සියල්ලෝටම පොදුය. තවද අප කිසිවිට පාට කන්නාඩි පැළදගෙන කිසිදු ප්‍රශ්නයක් දෙස නොබලන බවත් එසේ කිරීමෙන් අපටම හානියක් වෙනවා හැර වෙන කිසිදු සෙතක් නොවන බව වැඩිදෙනෙකු නොදැන සිටීම කනගාටුවකි. අපට හැකිනම් මහත්මා ගතිගුණවලින් පරිපුර්ණ, මනසින් උසස් මහත්මයාව නිහතමානිව අගය කිරීමටත් පුරුදු ෙවමු.........

:       0       110

ධනුෂ්කSunday, 03 March 2019 02:30 PM

ඔබ වෙලාවකට මහත්මා ගති ගැන කතා කරනවා. හැබැයි ඔබගේ භාෂා විලාශයේ නම් කිසිම මහත්මා ගතියක්, සීලාචාර ගතියක් නෑ. මම හිතන්නේ තමන් හරහට යන ගමන් අනික් අයට කෙලින් යන්න කියන, තමන්ගේ අැහේ තියන පොල් ගහ නොපෙනි අනෙක් අයගේ අැහේ තියන පොල් කෙන්ද හොයන මේ රටේ ඔබ ඔය කියන ගොඩට නිරායාසයෙන්ම වැටෙනවා අදහස් දැක්කම...

:       51       1

කරුණාපාලMonday, 04 March 2019 09:50 AM

ධනුෂ්ක, බල්ලෝ ඉස්සරහ මොන මහත්මා ගතිද? ඔහේලා මේ කරන ප්‍රෝඩාවට අත පිහාගෙන ඉන්න කියලද කියන්නේ? මෙතන ලියන අවංක අව්‍යාජ වැදගත් මිනිස්සු කවුද? හරි අය කවුද කියලා අපට අමුතුවෙන් උගන්වන්න ඕනෑ නැහැ. සමාජය හදන්න කලින් අසුචිවලේ බැහැලා ඉන්න ඔහෙලවයි නාවන්න ඕනෑ.

:       0       55

වෙබ් බුවා Saturday, 02 March 2019 05:10 PM

ජවිපෙ විනය ක්‍රියාමාර්ග ගැනීමේදී විජිත හේරත්ට එක නීතියකුත් ලාල් කාන්තට එක නීතියකුත් අනුගමනය නොකල යුතුයි

:       22       61

prabha Saturday, 02 March 2019 09:45 PM

මම ජ.වී පි මුල් අකුරු ඉගෙන ගත්තේ 1988 මුල් කාලයේ අදට ඉන්න නායකයන්ට අමතරව ඉවත් වෙච්ච නායකයන්වත් හදුනමි. මේ මිනිස්සු අතර හිටපු කුහක නොවූ එකම මිනිසා ලාල් කාන්ත. කන බොන හිතහොද මනුස්සයෙක්

:       1       3

Jehaan Saturday, 02 March 2019 10:40 PM

කලකට පෙර ඇමති පුතෙක් ලයිසන් නැතිව රිය පදවා කහ ඉර උඩදී ජීවිතයක් නැති කළා. ඒ ඇමති පුතා අද දඬුවම් නොවිඳ යහතින්. තව පුතෙක් බීමතින් රිය පදවා තාප්පයක් කැඩුවා. මේක දෙයියෝ සාක්කි කියමින් කට වසාගෙන ඉන්න කියලා පොදු මහජනතාවට තීන්දු වෙච්චි යුගයක්.

:       0       103

ලුම්බිණි Saturday, 02 March 2019 11:04 PM

බීලා රිය පදවපු එක ඇත්ත තමයි. ඒක වැරදියි. නමුත් මෙතන කිසිවෙක් මැරිලා නැහැ. වෙනත් 'ප්‍රභූ' ගනයේ කෙනෙක් මේ වැරැද්ද කළා නම් ඒක 'බරපතල' වැරද්දක් නොවෙන්න ඉඩ තිබුණා. ජවීපෙ එකේ දේශපාලනය හෝ ප්‍රතිපත්ති මෙතන කතා කිරීම විහිළුවක්.

:       0       4

Chanak Los angeles Saturday, 02 March 2019 11:23 PM

කෝ මේ බමුණු ? ඔහු අහලා තිබුනා නේද ලාල්කාන්ත බීලා කියලා කොහොමද ඔප්පු වෙන්නේ කියා? දැන් ඉතින් මොකක් හරි කෙප්පයක් ලියයි ...

:       0       52

Chanak Los angeles Sunday, 03 March 2019 12:40 AM

සමාජවාදය කතාකර කර සමාජ විරෝධී වැඩ කරන මොවුන්ට තමයි ඉහලම දඬුවම් දෙන්න ඕනේ ..

:       3       53

Kalani withanage Sunday, 03 March 2019 12:50 AM

බීමතින් රිය පැදවීම වැරදියි. දඬුවම් ලැබිය යුතුයි. නමුත් ජවිපෙ වැනි නීතිගරුක පක්ෂයකට අවමන් කිරීම ප්‍රකාශ කිරීම තරම් නොවේ. ලාල්කාන්ත යනු ජවිපෙ සිටින සක්‍රිය මිනිසෙක්.

:       0       23

ගලබොඅ ඇත්තේ චමින්ද Sunday, 03 March 2019 01:24 AM

ඔහු දේශපාලන හයිය පෙන්නන්නේ නැතුව නීතියට ඉඩදීම ප්‍රසංසනීයයි, මගේ ප්‍රණාමය

:       0       28

ලසන්තMonday, 04 March 2019 06:41 AM

මොන හයියක්ද. අඩුගානෙ අගමැතිට කෝල් එකක්වත් දීගන්න බැරිවුනානේ. පාස්පෝට් කේස් එකෙදී වගේ.

:       0       25

rocky Sunday, 03 March 2019 02:30 AM

කොහොම බැලුවත් ඒ.ජා.පක්ෂයටත් පොහොට්ටුවන්ටත් වඩා ජ.වී.පෙ. ට විනයක් තිබෙනවා.

:       0       28

මංගල Sunday, 03 March 2019 03:04 AM

බොරු මවාපෙන්වීම් නැතිව බොරු කයිවාරු නැතිව සාමාන්‍ය මිනිස්සු විදිහට ජීවත් වෙනවානම් මේ සිද්ධිය මෙච්චර ලොකු එකක් වෙන්නේ නෑ. තමන් හැර අනිත් හැමෝම වැරදිකාරයෝ කියලා පෙන්නන්න හදන හැමෝටම වෙන්නේ විළි වහගන්න අමුඩේවත් ඉතිරි නොවන එකයි.

:       15       9

Amith Sunday, 03 March 2019 05:32 AM

වැරැද්දක් කලොත් දඩුවම් ලැබිය යුතුයි අර පොලිසියේ නිළධාරි මහතා යටකළ කොල්ලන්ට හරියට නිතිය ක්‍රියාත්මක නොකිරීම බරපතල ගැටලුවක්.

:       0       26

sukiri Monday, 04 March 2019 05:59 AM

රටේ ජනතාව රවට්ටන්න රූපවාහිනිවල කතන්දර කියන මේ අය ගැන මොන කථාද. මහ ලොකුවට රටේ පාලන බලය අල්ලන්න මේ අය බොරුව කරන්නේ, අර මහා ලොකුවට කථා කරන අනුර දිසානායක, බිමල්රත්නායකලා කියෙව්වට මේ අයගේ යට තියන බොරුව රටම දැක්කා.

:       1       26

de silva Monday, 04 March 2019 02:14 PM

මත්පැන් පානය කරලා වාහන පැදවීම අනුමත කරන්න බැහැ. නමුත් ඊයේ කොළඹ කථිකාචාර්යවරයෙක් බීලා වාහන පදවල ගැහැණු මනුස්සයෙක් එ්කට යටකරලා මරලා, තව වාහන කිහිපයකට සහ මනුස්සයින්ට තුවාල කරලා ඇප ලබා ගෙදර ගිහින්... ලාල්කාන්ත අනතුරට පත්කර කාන්තාව මියගොස් නැත. මේ දෙන්නට නීති දෙකක් මොකද?

:       0       254

Dhanuka Thursday, 14 March 2019 02:09 AM

ජවිපෙ කියල නෑ දේශපාලනයේ ඉන්න හැම ඇමති කෙනෙක්ම මන්ත්‍රී කෙනෙක්ම කරන්නෙ ඔය වැඩෙ තමයි

:       0       0

සෙනෙවි Tuesday, 19 March 2019 03:20 PM

මේකෙ ජවිපෙට ඡන්දයක් දීපු අයෙකුට හැර වෙන කිසිම කෙනෙකුට ජවිපෙට දොස් තැබීමට අයිතියක් නැත. හේතුව වසර හැත්තෑවක් රට කාබාසිනියා කිරීමට සෘජුවම මැදිහත් කරුවන් ඔවුන් බැවිනි. තමන් කළ එම වරදට මානසික සහනයක් ලබාගැනීමට මෙවන් අපහාස කර ජවිපෙත් එම ගොඩටම අැද දමයි... එය එසේ නොවන බව මොවුන්ගේ සිත දනී. කුණුවූ මාධ්‍ය අායතන දෙකක් කළ ප්‍රචාරයට මෙතරම් උඩුබිරිම් කුමකටද? ප්ලාස්ටික් පුටුවට, ටකරං ටිකට, කරට අත දැමීමට, පියන් රස්සාවට මල ගෙදර නිදි මැරුවාට වසර පහ හයකට තම රටේ අනාගතය වෙනුවෙන් තීරණ ගැනීමට ඡන්දය දෙනුන් සිටන රටක වෙන කුමන කතාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 80 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 62 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 54 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 267 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 291 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 590 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site