IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රන්ජන්ගේ හඬපට වලට ඇමැතිවරුන්ගේ කටහඬවල් සම්බන්ධ කිරීමේ කුමන්ත්‍රණයක්

(දසුන් රාජපක්ෂ)

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරුන්ගේ කටහඬට සමාන ව්‍යාජ හඬපට රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලානාත්මක හඬපට සමඟ සම්බන්ධ කිරීමේ කුමන්ත්‍රණයක එක්සත් ජාතික පක්ෂය යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ එම ව්‍යාජ හඬ පට උප්පරවැට්ටියට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී  පැවසීය.

අන්‍ය ආගමිකයකු වන රන්ජන් රාමනායක මහතා  බුදු දහම අවමානයට ලක්වන අයුරින් කළ ප්‍රකාශය නිසා ආගමික ගැටුම් පවා ඇති වීමේ අවදානමක් ඇති වී තිබෙන බව ද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

බුදු දහම සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් සිදුකළ රන්ජන් රාමනායක මහතා මැදපෙරදිග රාජ්‍යක ජීවත් වූයේ නම් අද වන විට ඔහුගේ ජීවිතය පවා නොතිබෙන්නට ඉඩ තිබුන බව ද ඒ මහතා කියා සිටියේ ය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ  පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා කියා සිටියේ රන්ජන් සමඟ හඬ පටයක කතා කරන තරුණ කලාකාරිනියක් එම කතා නිසා තමාට සිදු වූ අවමානය ඉවසා ගැනීමට නොහැකිව  නිදි පෙති බී ජීවිතය තොර කර ගැනීමට උත්සාහ කර ඇති බවයි.

වාසනාවකට ඇයගේ ජීවිතයට හානියක් සිදු වී නොමැති බව පැවසූ  මධුමාධව අරවින්ද මහතා අනුන්ගේ ජීවිත සමඟ රන්ජන්රාමනායක කරන  මේ සෙල්ලම  නැවැ වීමට එක්සත් ජාතික පක්ෂය පියවර නොගන්නේ නම් නුදුරේදීම  සිරිකොත වටලන  බව කියා  සිටියේය.

 

 



අදහස් (14)

රන්ජන්ගේ හඬපට වලට ඇමැතිවරුන්ගේ කටහඬවල් සම්බන්ධ කිරීමේ කුමන්ත්‍රණයක්

mihira Tuesday, 14 January 2020 01:34 PM

ශබ්ද කරන්නත් කරලා තියෙන්න ඕනේ නේද ඇමතිතුමනි..?

:       0       1

Champa Tuesday, 14 January 2020 01:54 PM

බොරුවක්!

:       0       1

සරදියෙල් Tuesday, 14 January 2020 02:56 PM

පැන්නා බළලා මල්ලෙන් එළියට.. පැනලා තිබ්බ කෙහෙල්කැන වැටට එළියෙන්... ඊට පිටිපස්සෙන් හොර බළලා...

:       0       1

Bamunuarachchi Tuesday, 14 January 2020 03:14 PM

එහෙම කළාට ඔරිජිනල් පොලිසිය බාරේ.... ඔය මොන බොරුව කළත් ඒවා අල්ලන්න පුළුවන්...

:       1       0

Mahee Tuesday, 14 January 2020 03:43 PM

වරදකට නීතියෙන් දඬුවම් දිය යුතුමයි. නමුත් නඩුහබවලට පැටලිලා ඉන්න කෙනෙක් තව කෙනෙකුව නඩුවලට පැටලෙනවා දකින්න මේ තරම් වලිකනවා මං දැකලා නෑ. පුදුම වෛරයකින් කතා කරන බවයි මට නම් පෙනෙන්නේ.

:       0       1

lankasri Tuesday, 14 January 2020 07:33 PM

ලොකු ලොක්කන්ගේ කතාවල් වහගන්න කියපු කතාවක් මේක. මේකේ කුමන්ත්‍රණ කරන්න දෙයක් නැහැ.. ලස්සනට ඇති කටහඬවල් ටික ඔක්කොගේම. අනික මේ කියන නිළියට එතකොට අනෙක් අයගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හොඳද?

:       0       1

Ado Tuesday, 14 January 2020 08:33 PM

පුහුල් හොරා කරෙන් දැනේ...

:       0       1

denin Tuesday, 14 January 2020 11:50 PM

දැනට සංසරණය වන වීඩියෝ පටිත් ඔබ ඔය එනවා කියන වීඩියෝ පටි වගේම ව්‍යාජ බොරු ඒවා වෙන්න බැරිද?

:       0       1

mahesh Wednesday, 15 January 2020 12:47 AM

කවුද මේ වගේ අය පාර්ලිමේන්තුවට යෑව්වේ..? ඡන්දය දෙන අය ඈ. මේක හොඳ පාඩමක් ඊළඟ පාර දෙපැත්තෙම ඉන්න ගොනුන් පරාද කරන්න. අවාසනාවට ලාංකික හරක් හැමදාම එකම ගොන්කම කරනවා.

:       0       1

Sarath R Wednesday, 15 January 2020 01:10 AM

1971 කළුදිය දහර චිත්‍රපටියේ අධ්‍යක්ෂක විසින් කළ වරදක් නිසා එම චිත්‍රපටිය තහනම් කරා. ඔහු රටින්ද පිටිවහල් කරන ලදී. එබැවින් රන්ජන් හා සම්බන්ද සියලුම චිත්‍රපටි, ටෙලිනාට්‍ය සහ ලංකා වෙළඳපලේ විකිණීමට ඇති ඔහු හා සම්බන්ධයක් සියලුම දේවල් වහාම තහනම් කළ යුතුයි..!

:       0       1

ruwan Wednesday, 15 January 2020 01:31 AM

මෙයත් කතා කරලා වගේ...

:       0       1

Nimal Wednesday, 15 January 2020 01:37 AM

ගම්මන්.., ඔයා කට දානකොට අපි දන්නවා මොකද කියලා...? බයවෙලා වගේ නේද?

:       0       1

Wijebahu Wednesday, 15 January 2020 02:08 AM

එහෙනම් ශුවර් එකට මෙයත් කෝල් දීලා ඇතිනේද?

:       0       1

Gemunu Wednesday, 15 January 2020 03:14 AM

බළලා මල්ලෙන් එළියට පැන්නද මන්දා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 440 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1089 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 610 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 125 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 496 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 310 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site