IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මොරටු පුරපති ඇතුළු පිරිස ආරම්භ කළ උපවාසය අවසන්

 (රේඛා තරංගනී ෆොන්සේකා)

වඩු මඩු තහනම් කරන බවත් අවුරුදු පහක කාලයක් ඇතුළත වෙනත් රැකියා සොයා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා කළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළකරමින් මොරටුවේ පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ වඩු කාර්මිකයෙක් ආරම්භ කළ උපවාසය අද (12) අවසන් කළහ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් තැබිලි වතුර බීමෙන් පසු පුරපති ඇතුළු පිරිස උපවාසය අවසන් කළහ.

ඉල්ලීම් ඉටු කර වඩු කාර්මිකයාට සහන දෙන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන්  වික්‍රමරත්න මහතාගේ අත්සනින් යුතු ලිපිය මොරටුව මහ නගර සභාවේ විපක්ෂ නායක සේනක දමයන්ත මහතා විසින් මොරටුව පුරපතිවරයාට ලබාදුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන්  විමරත්න මහතා සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම විසඳුමට එළඹ තිබේ.

 



අදහස් (17)

මොරටු පුරපති ඇතුළු පිරිස ආරම්භ කළ උපවාසය අවසන්

Nandalal DE SILVA - France Wednesday, 12 June 2019 04:50 PM

හොඳ වෙලාවට මහින්ද මාමා තැඹිලි වතුර පොවා උපවාස අවසන් කිරීමට දායක වෙන්නේ... නැත්නම්, තුන්මුල්ලේ විමලේ ඇතුළු කී දෙනෙක් අඩි හයක් පොළොව යට ගිහින් තිබෙනවද? මහින්දගේ පරණ බොස් වඩුමඩු වසා දමා දැව ආනයනය කිරීමට ගත් තීරණය නිසා මිනී පෙට්ටියක්වත් ගන්න බැරිය කියා මුලින්ම බය වුනෙත් අපේ මැදමුලන වීරයා බව අපට අමතක වීමට තව කලක් යාවි! ජනපති ගන්නා තීරණ අවසන් කිරීමට විපක්ෂ නායක ඉදිරිපත්වීම දෙපැත්තෙන්ම හිනා යන ලෝක විහිළුවක් නොවේද?

:       1557       1455

parakkrama Wednesday, 12 June 2019 05:26 PM

මෙම උපවාසයද හිටපු ජනපති අතින් පිරිනැමුණු තැඹිලි වතුර පානයෙන් අවසන්වූ තවත් සංදර්ශනයක් වූ වග නොකියාම නොහැක්කේ ය.

:       925       846

shan Thursday, 13 June 2019 01:01 AM

රගපෑම අවසන් මතු සම්බන්ධයි..

:       0       5

මෙලන් Thursday, 13 June 2019 01:16 AM

මේ රට විනාශ කරන්නෙ මහ ජනතාවම තමයි. පුදුම අවාසනාවක්!

:       0       4

jim kuru Thursday, 13 June 2019 02:01 AM

රඟපෑමක්

:       0       3

sarath Thursday, 13 June 2019 02:16 AM

ජනාධිපති කියපු වඩු මඩු වහන කතාව ආරම්භයක් ලෙස අරගෙන රටේ වන පද්දතිය ආරක්ෂා කරන්න ප්‍රතිපත්තිමය, නීතිමය තීරණ අරගෙන දැනට විනාශ කරලා තියෙන කඳු කර වනාන්තර ටික නැවත වගා කරලා වඩු කර්මාන්තයට වෙනමම වන වගාවක් කරලා ගම්මාන හදනවා වෙනුවට තට්ටු නිවාස සංකල්පයවත් ගෙනල්ලා යෝජනා ඉදිරිපත් කරලා ප්‍රශ්නේ විසඳනවා වෙනුවට මේ දේශපාලකයෝ උද්ගෝෂණය කරා

:       0       4

theshan Thursday, 13 June 2019 03:09 AM

ටෙලිනාට්‍යයේ තිරපිටපත සහ අධ්‍යක්ෂණය කරපු තැනැත්තාම ඇවිල්ලා, උපවාසය අවසන් කරලා. මේවා බලන අපිට දැන් හිනා

:       0       4

PA - RA Thursday, 13 June 2019 04:03 AM

කතාවේ වැරැද්ද , වඩු "මඩු" කියන්නේ වඩු කාර්මිකයාගේ සේවය කරන ස්ථානය, ලි මඩු / ලී මෝල් කියන්නේ ලේ ඉරණ, ලී විකුණන ස්ථාන.

:       2       75

කළුපහන Thursday, 13 June 2019 04:56 AM

මටත් මාළු බාන්න ආසයි.

:       31       128

රජින්ද Thursday, 13 June 2019 05:01 AM

මම හිතුවා දැන් මෙවැනි මෝඩ වැඩ වලට දායක වෙන එක නතර කරලා තියෙන්නේ කියලා. පස්සේ මට මතක් උනා ඔහුත් අනික් අය වගේම දේශපාලුවෙක් නේද කියලා.

:       0       125

මොහමඩ් Thursday, 13 June 2019 06:06 AM

ඔයාලා දැන් අපිට වඩා උපවාස කරනවා. ලගදීම අරාබියට නෑකම් කියන්ඩ පුළුවන්.

:       2       37

Ananda Thursday, 13 June 2019 06:08 AM

විමල්ගේ නාඩගමේ දෙවෙනි කොටස .

:       0       7

Rata Perata Thursday, 13 June 2019 06:28 AM

අපෙන් පඩි අරගෙන මෙන්න මෙයාල කරන සංදර්ශන.

:       0       0

isuru Thursday, 13 June 2019 07:16 AM

දැන් පේනවා නේද මේවා පසුපස ඉන්නේ කවුද කියලා

:       0       0

kaanthi Thursday, 13 June 2019 07:22 AM

මේවා තනිකර සිනමා

:       0       8

thilakaa Thursday, 13 June 2019 07:43 AM

බොරදියේ තල්මසුන් බානවා වගෙයි නේද ...?

:       0       17

Ranga Monday, 17 June 2019 08:49 AM

මං හිතන්නේ මේකේ කමෙන්ට්ස් දාපු අය මහින්ද මහත්තයා තැඹිලි වතුර දීපු එක විතරයි දැකල තියෙන්නේ... මොරටුවේ ජනතාව වසර සිය ගණනක් පරම්පරාවෙන් තමයි මේ වඩු වැඩ කරන්නේ... මුලු රටේම මිනිස්සු හොඳ ලී බඩු තෝරන්න එන්නේ මොරටුවට.. මොරටුමුල්ල වගේ පැතිවල ඉන්න ජනතාව දන්න එකම රස්සාව ඒකයි.. මේ රටේ වන ගහනය වැඩි කරන්න ක්‍රියා මාර්ග නොගෙන මිනිස්සුන්ගේ බඩට ගහන්න කරන මේ වගේ මෝඩකම් වලට කොච්චරකල් මේ රටේ මිනිස්සු වන්දි ගෙවන්න ඕනෙද..? එතකොට විල්පත්තුව බදුර්දීන් සුද්ද කරේ වඩු මඩු නිසාද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 37 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 645 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 537 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 503 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 260 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 706 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site