IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මිලියන තුනක විදෙස් සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්

( තිළිණි ද සිල්වා )

මෙම වසර තුළදී මිලියන 3ක විදෙස් සංචාරකයින්  ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය යැයි  සංචාරක හා වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටී.

 “විදේශ විනිමය ඉපයීම සඳහා ශ්‍රී ලංකාව වැඩි වශයෙන් සංචාරක කර්මාන්තය හරහා යැපෙනවා.

මේ වෙලාවේ අපි තමයි ශ්‍රී ලංකාවේ තෙවැනියට විශාල වශයෙන් විදේශ විනිමය උපයන්නා. අපේ ඉලක්කය මේ වසර අවසානයේ දී අංක 2 ට පැමිණීම යැයි ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“අවාසනාවන්ත විදියට පසුගිය වසරේ අවසාන මාස 3 දී දේශපාලන අර්බුදකාරීත්වයකට අපට මුහුණ දෙන්න වුණු නිසා අපිට අපේ ඉලක්කය කරා යන්න නොහැකි වුණා.කෙසේ වෙතත් මේ වසරේ දී අපේ අරමුණ සාර්ථක වේවි. මිලියන 3 ක සංචාරක ඉලක්කයක් සමඟින් 2019 වසර නිමා කරන්න අපි බලාපොරොත්තු වෙනවා යැයිද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුයේය.



අදහස් (19)

මිලියන තුනක විදෙස් සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්

සංචාරක Friday, 18 January 2019 02:29 AM

සංචාරකයෝ වැසිකිලි යනවා කියලා මේ ඇමති දන්නවාද?

:       76       245

kim Friday, 18 January 2019 07:50 AM

මේ නහින දෙහින කාලේ ඉන්න මේ වගේ අය ට කතන්දර විතරයි කියන්න පුළුවන්. නිර්මාණාත්මක ජාත්‍යන්තර ප්‍රවර්ධන, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු වෙන වැඩ පිළිවෙලවල්, පහසුකම් වැඩිදියුණු කිරිම වගේ දේවල් එකක්වත් පහුගිය අවු 4 ට කලාද? කළා නම් මෙලහකට ඒ ගණන ඇවිල්ලා

:       26       59

LalFriday, 18 January 2019 12:35 PM

නහින දෙහින කාලේ කියන්න එපා, මෙතුමා හොඳ සෞඛ්‍යයෙන්...

:       31       10

Ranjan Friday, 18 January 2019 09:55 AM

එන සංචාරකයන්ට තිබෙන පහසුකම් ගැන මුලින් නොබලා මේ මොන කතාද? සංචාරකයන්ට තියා ලාංකිකයින්ටවත් මහමගක, නගරයක නොමැරී යන්න මගක් තිබෙනවද? පදිකයින්ට යන්න තිබෙන ඉඩකොටසක් වෙන්කර තිබුණොත් එ්කේ ත්‍රී වීල් එකක්, නැත්නම් බික් එකක් යනවා.. නැතිනම් එකදිගට පාර්ක් කරලා මින්සුන් යන්නේ මහා පාරේ.. මේවා මුලින් විසඳන්න...

:       16       37

himalFriday, 18 January 2019 03:28 PM

දැනට ලෝකේ සංචාරකයින් රොද බැඳගෙන යන රටවල් හා ස්ථාන පරිපූර්ණ ඒවා නොවෙයි. බැංකොක්වල පේමන්ට් එකෙත් බයික් යනවා පිඹගෙන...

:       39       56

[email protected] Friday, 18 January 2019 02:23 PM

මොන සැලැස්මක් පදනම් කරගෙනද සංචාරකයින් ගෙන්වන්න හදන්නේ..? මොකක්ද තියෙන සැලැස්ම අපේ රට, කොළඹ නගරය මධ්‍යස්ථානයක් විදිහට ප්‍රවර්ධනය කරන්න.

:       0       13

chandima Friday, 18 January 2019 04:25 PM

එහෙනම් හෝටල් කාමර විතරක් වැඩි කරලා වැඩක් නැහැ. ඩෙංගු ඉස්පිරිතාලත් වැඩි කරන්න වෙනවා. එතකොට තවත් ඩොලර් ටිකක් එකතු කරගන්න පුළුවන්...

:       0       25

vidya Friday, 18 January 2019 05:26 PM

මොනව කළත් කමක් නෑ... අර උප ඇමතිව ටිකක් මේච්චල් කර ගත්තොත් හොඳයි නේද? නැත්තම් අලි වැඩක් තමයි වෙන්නේ...

:       27       4

anura Friday, 18 January 2019 06:28 PM

දෙක මිලියන තුනක්ද ?

:       0       16

athula Saturday, 19 January 2019 03:43 AM

සුළු දෙයක්නේ, චපාති කාරයෝ මිලියන් එකයි, චීන්නු මිලියන් එකයි, පරණ ආපු සුද්දෝ ටිකයි, ඔක්කොම තුන් මිලියන් එකයි.

:       87       31

Lal Saturday, 19 January 2019 07:12 AM

මාස 3 දේශපාලන, අර්බුදකාරීත්වය ගැනම කියකියා ඉන්නවා මිස මොනවද මේ උන්නැහේ සංචාරක.. කර්මාන්තයේ දියුණුවට කරලා තියෙන්නේ?.. රටට කිසිම ප්‍රයෝජනයක් නැති තවත් එක්කෙනෙක් තමයි මෙයා.

:       48       80

Jehaan Saturday, 19 January 2019 01:07 PM

ඔක්කොටම කලින් මෙහෙට එන බවලත් සංචාරකයාගේ හිරි ඔතප් ආරක්ෂා කරගෙන ආපසු යන්න සලස්වන්න. අසහනකාරයන් වැහි වැහලා. සමහර මිනිස්සු හිතන්නේ ඒ විදේශ කාන්තාවන් මෙහෙ එන්නේ ලෝකේ පරණම රැකියාව කරන්න එහෙම නැතිනම් මෙහෙන් සහකරුවකු සොයා ගන්න කියලා. දැනටම අතවර සිද්ධි කියක් වාර්තා වුණාද ? එක මිනිහකු විදේශීය කාන්තාවක් වැසිකිලියට යනකන් ඉඳලා එබිලා බලලා. මොන විලි ලජ්ජා නැති වැඩද ?

:       24       24

එරික් Sunday, 20 January 2019 06:14 AM

ඉස්සෙල්ලාම සංචාරකයන් සූරාකනඑක නවත්වන්න. සීගිරිය ගනන් හින්දා සීගිරිය පාමුලට ගිහිල්ලා හැරිලා යන සංචාරකයෝ කොච්චර ඉන්නවද?

:       56       33

shanaka Sunday, 20 January 2019 10:19 AM

එන්න එන්න... සියල් සපිරි සිරි ලංකාව බලන්න. පිටිපස්සට පොරෝප්ප ගසාගෙන මුත්‍රාශය තම රටේ තබා සිරි ලංකාව නැරඹීමට පැමිණෙන්න....

:       27       68

JANAHITHA Sunday, 20 January 2019 12:35 PM

ගුවන් තොටුපොළේ පස්ස හෝදගන්න අපිට වතුර නැහැ. ඇඹරි ඇඹරි ගැහැණු පිරිමි වැසිකිළියෙන් එලියට එන්නේ.. මේවා දන්නේ නැහැ. සංචාරකයින් ගැන කියනවා අපිට කෝ අර ජේ.ආර්. ගේ කාලේ තිබුණු ගාම්භීරත්වය වැඩ පිලිවෙලවල් අලුත් අලුත් නව නිර්මාණ?

:       13       24

ANURA Sunday, 20 January 2019 12:38 PM

අනිවාර්යයෙන්ම දළඹුවෝ වෙන්නැති ඔය ගෙන්නන්න හදන්නේ...

:       0       4

de silva Sunday, 20 January 2019 04:59 PM

මොන බොරු කාරයෙක්ද? වැඩ බැරි මේ වයසක මිනිස්සු ගෙදර යවලා වැඩ කරන්න පුළුවන් තරුණ කෙනෙකු මේ තනතුරු වලට පත්කරන්න ඕනේ... සංචාරක කර්මාන්ත දියුණු කරන්න නම්

:       72       51

de silva Monday, 21 January 2019 02:50 AM

සංචාරක ව්‍යාපාරය විශාල අවුල් ජාලාවක්.. එක පැත්තකින් කුඩා පරිමාණයෙන් කරන පොඩි හෝටල්වලට මත්පැන් බලපත්‍ර ගන්න බැරි විදිහට විශාල නීතිමලාවක් සහ මුදලක් නියම කරලා තිබෙනවා. ඒවායේ මත්පැන් විකුණන්න වෙලා තිබෙන්නේ සුරාබදු නිලධාරීන්ට , පොලිසියට ජරාව දෙමින් අනිත් පැත්තෙන් පිටරට සුද්දෝ ඇවිත්, ඉන්ටර්නෙට් වලින් තවත් සුද්දෝ 5000-10000 ගෙන්වාගෙන දින 2-3 නොනවතින බීච් පාර්ටි දමාගෙන එක ඇතුලේ, මත්පැන්, කුඩු, පෙති ගසමින් තවත් නොයෙකුත් දුරාචාර කරමින් විශාල ව්‍යවසනයක් කරනවා. පොලිසිය එළියේ ඉඳන් ඒවාට ආරක්ෂාව දෙනවා.

:       62       58

vidya Saturday, 26 January 2019 04:03 PM

සීගිරියේ වැසිකිලියක් නෑ, උඩට ගිහාම බොන්න පිරිසිදු වතුර ටිකක් නැහැ. වැඩ කරන මිනිසුන්ට කස්ටමර් සර්විස් කියලා දෙයක් උගන්වලා නැහැ. ත්‍රිවීල් කාරයෝ කාක්කෝ වගේ ගසා කන්න හදනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 17 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 29 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 365 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 463 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 979 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 905 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site