IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මිනුවන්ගොඩ සිද්ධියට අදාළ නැති පිරිස නිදහස්කරන්නැයි මව්පියවරු ඉල්ලති

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ටෝනි කරුණානායක)
 
මිනුවන්ගොඩ නගරයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රදේශයේ තරුණ පිරිස අතර ඊට කිසියම් ආකාරයක හෝ දායකත්වයක් නැති තම දරුවන් නිදහස් කරදෙන ලෙස අද(21) මව්පියවරු  පිරිසක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියහ.
 
මෙම ඉල්ලීම කරනු ලැබුයේ විදේශ ගතව සිටි මන්තී‍්‍රවරයා  ලංකාවට පැමිණි පසු අද(21) මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ සංචාරය කරනු ලැබූ අවස්ථාවේදීය. එහිදී ප‍්‍රහාරයට ලක්වූ මිනුවන්ගොඩ මුස්ලිම් පල්ලිය හා ව්‍යාපාරික ස්ථානද ඒ මහතා නිරීක්ෂණය කළේය.
 
රණතුංග මහතා මිනුවන්ගොඩ රජමහා විහාරයට පැමිණ එහි විහාරාධිපති හැවලතැන්නේගම සීලරතන හිමියන් ඇතුළු ජනතාව සමඟ සාකච්ඡාවක නිරතවූයේය. එහිදී  දරුවන් සිව්දෙනකු නිකරුණේ අත්අඩංගුවට ගෙන ඇති බව මව්පියවරු  පැවසූහ.
 
අනතුරුව මන්තී‍්‍රවරයා හීනටියන පොත්ගල් රාජ මහා විහාරයේදී හීනටියන නන්දතිස්ස අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශවයේ මහානාහිමියන් බැහැ දුටුවේය. එම විහාරයේ චෛත්‍ය ඉදිකිරීමේ නිරතව සිටි නිර්මාණ ශීල්පියා ඇතුළු 24 දෙනෙකු පොලිසිය විසින් නිකරුණේ අත්අඩංගුවට ගත් බව එහිදී හෙළිකෙරිණි. අදාළ තරුණයින් සම්බන්ධව දිවුරුම් ප‍්‍රකාශ ලබාගෙන පොලිසියට හා අධිකරණයට ඉදිරිපත් කර නිකරුණේ අත්අඩංගුවේ සිටින පිරිස මුදා ගැනීමට මැදිහත් වන බව මෙහිදී රණතුංග මහතා සඳහන් කළේය.
 
මෙම අවස්ථාවට මිනුවන්ගොඩ නගර සභාපති  නීල් ජයසේකර, මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාපති කුමාර අරංගල්ල යන මහත්වරුන් ඇතුලු මන්තී‍්‍රවරු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (6)

මිනුවන්ගොඩ සිද්ධියට අදාළ නැති පිරිස නිදහස්කරන්නැයි මව්පියවරු ඉල්ලති

sarath Tuesday, 21 May 2019 08:24 AM

දේශපාලනය කරන හරක් කරපු හරියක් !

:       0       217

බද්රානි Tuesday, 21 May 2019 08:28 AM

ජාතිය හා ආගම කුමක් උවත්, මොවුනුත් මුස්ලිම් ත්‍රස්තයින්ට දෙවැනි වන්නේ නැහැ. එම ත්‍රස්තවාදීන් යැවිය යුතු තැනටම යැවිය යුතු මොවුන් කාගේ හෝ සරණින් නිදහස් උවත්, මොවුන් පණපිටින් අපා ගතවෙන එක නම් කාටවත් වලක්වන්න බැහැ.

:       99       240

විජිත් Tuesday, 21 May 2019 09:54 AM

ඔබගේ කතාව බොහොම හරි... මුස්ලිම් ත්‍රස්තයාව දාන්න පුලුවන් දෙකට. මොවුන් ඇවිල්ලා ලෝකෙටම ත්‍රස්තවාදය, හොරකම, මැරකම, දූෂණය ඔක්කොම බෙදාහරින නරි රැලක්. ගම්පහ මැතිවරණයකදී මැතිවරණ කාර්යාලයට පැනලා කුළුගෙඩියකින් ඡන්ද පෙට්ටිවලට පහරදී අමුඅමුවේ ඡන්ද කොල්ලකාපු අයත් මෙතන ඉන්නවා. මේ රටේ මීළඟට එන පළමු මැතිවරණයෙන්ම ඉතිහාසය වෙනස් කරමු. අවුරුදු 70ක් රට කාපු එකම එක නරියෙක්වත් ජයග්‍රහණය නොකරවීමට හෙවත් පැරදවීමට අපි කැපවෙමු.

:       0       0

sagaya Tuesday, 21 May 2019 08:53 AM

වැඩේ ප්‍රතිඵල බලනවා. මෙයා තාම හරියටම දන්නෑ මේවා කරපු කට්ටිය..

:       0       0

gotta Tuesday, 21 May 2019 12:23 PM

රටේ නීතිය කොතරම් බලු වී ඇත්ද? මන්ත්‍රී හොරුන්ට උසාවි තීරණය වෙනස් කළ හැකි බව මේ මිනිස්සු විශ්වාස කරයි...

:       0       0

Kumar Tuesday, 21 May 2019 02:16 PM

අහිංසක අයගේ දේපළවලට පහරදෙන අවස්ථාවේ එතැන සිටියේ මොනහේතුවක් නිසාද? සමහර අය කියන්නේ සිංහල ගමකට පහරදුන්නේ නිසා කුලියාපිටිය ප්‍රදේශයේ පහරදීම් සිදුවුණා වගයි. පහරදුන් සිංහල ගමේ නම ඇසුවිට එයට පිළිතුරක් ලැබුනේ නැහැ. එය කෙසේවෙතත් නීතිය තම අතට ගත්තොත් වෙන්නේ ඔයටිකම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 14 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 6 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1388 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 290 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1406 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1393 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site