(නිමල කොඩිතුවක්කු)
මැතිවරණ සඳහා පවත්නා නඩු විභාග කිරීමට වෙනමම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අද (14) පැවසීය.
මැතිවරණ සම්බන්ධයෙන් වන නඩු තීන්දු කඩිනම් කිරීම සඳහා මෙම පියවර ගත යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල ගජනායක මහතා මෙසේද කීය.
‘‘පළාත් සභා අටක් මේ වනවිට විසුරුවා හැර තිබෙනවා. පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඉදිරියේදී ලැබීමට නියමිතව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව ගන්නා කවර තීරණයක් වුවත් පිළිගැනීමට අපි බැඳී සිටිනවා.
ඡන්ද කල් නොදැමීමේ සංස්කෘතියක් අපි ඇති කර ගත යුතුයි. ඒ වෙනුවෙන් අපිත් අවස්ථා කිහිපයකදීම අධිකරණයට ගොස් තිබෙනවා. නමුත් මේවායේ තීන්දු ලබාදීම සඳහා යම්කිසි කාලයක් ගතවෙනවා.
ඒ නිසා මැතිවරණ සඳහා පවත්නා නඩු විභාග කිරීම සඳහා මේ රටේ වෙනමම අධිකරණයක් ස්ථාපිත කළ යුතුයි. යම් තීරණාත්මක මැතිවරණ පෙත්සමක් සැලකිය යුතු කලක් ප්‍රමාද වීම ඉතා අවාසනාවන්ත තත්වයක්
ජනාධිපතිවරණයට තවත් කෙටි කලක් තිබියදීම වියදම් කිරීම අරඹා ඇත. දේශපාලන පක්ෂ මේ සඳහා දිනපතා රුපියල් මිලියන ගණන් වියදම් කිරීම අරම්භ කර තිබෙනවා.
මැතිවරණ සඳහා වැයවන අනවශ්‍ය වියදම් නතර කිරීම සඳහා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය හා පැෆ්රල් සංවිධාන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතක් හා සමාන ලේඛනයක් සකස් කර තිබෙනවා.
මැතිවරණ කොමිසන් සභාවත් පනත් කෙටුම්පතක් සකස් කොට ඇති අතර එය දැනටමත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් නීතිපතිවරයා වෙත ලැබී තිබෙනවා. මෙය කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සොරකමට විරුද්ධ දියුණු දේශපාලන සංස්කෘතියකට ලැදි දේශපාලන නායකයන්ගේ වගකීම විය යුතුයි.
මේ රටේ මැතිවරණ වියදම් ගැන දත්ත හා සංඛ්‍යා ඇත්තේ ඉතා අවම වශයෙන්. මැතිවරණ කොමිසන් සභාව වෙත රජයෙන් ලබා දෙන මුදල් පිළිබඳ නිල වාර්තා වලට අනුව ජනාධිපතිවරණය 2005, මුලු වියදම මිලියන 715 ක්, ජනාධිපතිවරණය 2010, මුලු වියදම මිලියන 1856 ක්, ජනාධිපතිවරණය 2015 මුලු වියදම මිලියන 2706 ලෙස සටහන් වෙනවා.
එළඹෙන ජනාධිපතිවරණය 2020, මුලු වියදම මිලියන 4,000 කට ආසන්න වේ. මේ මුදල් මැතිවරණ කොමිසන් සභාව නිල වශයෙන් වැය කල මුදල් පමණයි.
මෙයට අමතරව මැතිවරණ ප්‍රචාරය, ගමනාගමන , ප්රචාරක රැලි පැවැත්වීම, තම ආධාරකරුවන්ට විවිධ වරප්‍රසාද මෙන්ම ආහාරපාන ආදිය ලබා දීම සඳහා වැය කර ඇති මුදල බිලියන 5 කට ආසන්න විය හැකියි. මේවා පිළිබඳ කිසිඳු නිල සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් වන්නේ නැහැ.
මෙවර ජනාධිපතිවරණයේ බොහෝ වියදම් පිළිබඳ දිවයිනම ආවරණය වනසේ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් සමීක්ෂණයක් සිදුකෙරේ. මැතිවරණය අවසන්ව මසක් ඇතුළත අදාළ වාර්තාව ජනගත කිරීමට අපේක්ෂා කරනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිවරණ සඳහා වෙනමම අධිකරණයක් ඉල්ලයි
ලුම්බිණි Thursday, 15 August 2019 01:14 AM
මැතිවරණ සඳහා වෙනමම අධිකරණයක් දෙනවා කියන්නේ අනවශ්‍ය වියදමක්. තිබෙන උසාවි වලින් මේ නඩු වලට ප්රමුඛත්වයක් දීල ඇහුවම ප්‍රශ්නේ ඉවරයි.
Mahee Thursday, 15 August 2019 02:27 AM
ඕන තීන්දුවක් මං ලියලා දෙන්නම් කියපු වර්ගයේ නඩුකාර උත්තමයන් කීපදෙනෙකුත් ඒකට දාගම්මු.
මුණසිංහ Thursday, 15 August 2019 02:33 AM
ඊට කලින් ඡන්ද පැවැත්වීමට නියම කරන්න අධිකරණයක් දාන්න.
ගල්කටස් Thursday, 15 August 2019 03:33 AM
සාමාන්‍ය ජනතාවගේ නඩු කල් ගියාට කමක් නැහැ. ඔවුන්ගේ නඩු ඉක්මනට අහගන්න ඕනෑ. අවු 10 -15 විසඳුමක් නැතිව අැදෙන නඩු ඉක්මනට ඉවර කරන්න ක්‍රියාමාර්ගයක් ගන්න. නැතිව එක එකාට ඕනෑ විදිහට උසාවි හදන්නේ නැතිව නැත්නම් ඉස්සරහට තව තව මොනවා එ්විද දන්නේ නැහැ..