IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාළඹේ - කොටුව සැහැල්ලු දුම්රිය මග ඉදිකිරීමේ ණය ගිවිසුමට අත්සන් තැබේ

(ඩයනා උදයංගනී)

මාළඹේ සහ කොළඹ කොටුව අතර ඉදිකිරීමට නියමිත සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේදී අද (11) සිදු කෙරිණි.

මේ යටතේ  ඇමරිකානු ඩොලර් මිලියන 1850ක ණය මුදලක් ජපානයේ ජයිකා ආයතනය විසින් මෙරට රජය වෙත ලබාදෙන අතර, එහි පොලිය සියයට දශම එකකි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා මේ සඳහා අත්සන් තැබීය.

දිනෙන් දින ඉහළ යන මාර්ග තදබදයට විසඳුමක් ලෙස මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිකෙරේ.

මෙහි ඉදිකිරීම් 2024 වසර වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, එම මාර්ගය දුම්රිය නැවතුම් පොළවල් 16කින් සමන්විතය.

මාළඹේ සිට කොටුව දක්වා විනාඩි 32කින් ගමන් කිරීමට මගීන්ට මෙමගින් අවස්ථාව සැළසෙනු ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.



අදහස් (37)

මාළඹේ - කොටුව සැහැල්ලු දුම්රිය මග ඉදිකිරීමේ ණය ගිවිසුමට අත්සන් තැබේ

ranjith Monday, 11 March 2019 03:35 PM

හොද වැඩක්

:       87       321

sirimal Monday, 11 March 2019 03:51 PM

පන්සල් ගානේ ගිහින් "මේ ආණ්ඩුව කෝටි ගණනක ණය ගත්තට කරපු දෙයක් නැහැ " කියලා දේශපාලන වොයිස් කට් දෙන අයට මේකවත් පෙන්නන්න කෙනෙක් නැද්ද?

:       1062       1439

Kumar Monday, 11 March 2019 04:31 PM

මාලබේ සිට කොළඹට ගමන් කරන අතිවිශාල සෙනගක් ඉන්නවද? එසේ ඉන්නවනම් ඒ සෙනග ගැන කරන්නේ උදයේ පැය දෙකක කාලයක් තුල සහ සවස පැය දෙකෙක තුලයි. ඉතිරි පැය 20 තුල ලැබෙන්නේ ඉතාම සුළු ආදායමක් පමණයි. මේක ආණ්ඩුවේ තව සුදු අලියෙක්ද?

:       640       92

chinthakaMonday, 11 March 2019 05:05 PM

කුමාර් ඔයා මාලඹේට ලඟකදී ඇවිත් තියෙනවද. ලංකාවේ වැඩිම ජනගහනය ඉන්නේ කඩුවෙල ආසනයේ (මාලබේ ඇති කඩුවෙලට). මාලබේ අපි උදේට කිලෝ මීටර් 12-14 ක් කොළඹට යන්න පැය 2 කට අසන්න කාලයක් ගත කරනවා. හම්බන්තොට ගුවන් තොටුපල හදනකොට ඔය කිව්වද සුදු අලියෙක් කියලා. පටු විදියට පාට කන්නාඩි ගෙන අදහස් දමන්න එපා.

:       197       862

siriMonday, 11 March 2019 07:15 PM

තරහ ගන්න එපා. ඔය වගේ අයගේ මොළ පාදන්න සක්කරයටවත් බැහැ. අදහන දේශපාලඥයින්ට මිස.

:       11       94

BamunuarachchiMonday, 11 March 2019 11:32 PM

උදේ 6.30 වෙනකොට පාර්ලිමේන්තු පාරේ සිට බොරැල්ල දක්වා පාර අවහිර වෙන්නේ මාලඹේ සිට බොරැල්ල, කොටුවට යන බස් මගීන්ගෙන්ම නොව මාලඹේට එහා සිට එන මගීන් සහ අනිකුත් වාහන නිසා. මාලඹේට එහා සිට බස්වල පැමිණෙන මගීන් මාලඹේදී බස් එකෙන් කෝච්චියට මාරුවෙයි කියා බලාපොරොත්තු වෙනවාද? වෙනත් වාහනවල පැමිණෙන මිනිස්සු ඒ වාහන ගෙදර තියා කෝච්චියේ යයි කියා සිතනවාද. රාජගිරියේ ගුවන් පාලමින් වාහන තදබදය නැති උනාද? ගුවන් පාලම උඩ තිබෙන වාහන තදබදය කොහොමද?

:       220       8

diasTuesday, 12 March 2019 09:20 AM

නගර සංවර්ධනය කල යුත්තේ රටට දැරිය හැකි පමනින්ය. සමහරෙක්ගේ අදහසට පරිදි, දැනට ඇති තදබදය ඇතිවන්නේ මාලඹේට එහා සිට පැමිණෙන මගීන් නිසයි. එසේ නම් මෙම දුම්රිය මීපේ හෝ පාදුක්ක පැත්තෙන් පටන් ගත්තා නම් වඩා හොඳයි නමුත්, එවැනි ව්‍යාපෘතියක් සඳහා රටට විශාල ණයක් දැරිය හැකිද? මේ ව්‍යාපෘතියෙන් මාළඹේ සහ කොළඹ කොටුව අතර වාසය කරන මගීන් හට පුද්ගලික වාහනයක් බාවිතා නොකර රැකියාවට පැමිණිය හැකි වෙන බැවින් මාර්ග තදබදය අඩුවෙනවා නියතයි.

:       0       3

Daily MagiyaTuesday, 12 March 2019 03:29 AM

බමුණු මයා, රාජගිරියේ ගුවන් පාලම හිරවෙන්නේ පාලමෙන් පසු සියලුම වාහන නැවත මන් තීරු තුනකට සීමා වන නිසා. නමුත් හතර මන් හන්දියේ වන හිරවීම දැන් නැහැ. එයට පිළියම වන්නේ (තවත් මන් තීරු වැඩි කල නොහැකි නම්) තදබදය පවතින කල් සීමාවට, පමණක් අමතර මන් තීරුවක් විරුද්ද දිශාවෙන් වෙන් කිරීමයි. දුම්රිය දැමු පසු වාහන වලින් යන විශාල පිරිසක් දුම්රිය තොරා ගනු ඇත (කාලය ඉතුරු වීම, මුදල් ඉතුරු වීම). අපි හොඳ දෙයට හොඳයි කියමු නේද ? .

:       1       72

BamunuarachchiTuesday, 12 March 2019 06:06 AM

මම කලිනුත් කීවා පන්නිපිටිය පැත්තේ සිට එන සියලුම වාහන බොරැල්ල පාරට වැටෙන්නේ දියත උයන හන්දියෙන්. ඔබ හිතනවාද පන්නිපිටිය පාරේ ගෙදරින් කාර් එකේ එන මිනිස්සු මාලඹේට ඇවිත් මාලඹේන් කෝච්චියට නගී කියලා. නැතිනම් මීගොඩ පැත්තේ සිට කොටුවට බස් වල එන අය මාලඹේන් බැහැලා කෝච්චියේ නගී කියලා. 6.30 පටන්ගන්න ඔය ට්‍රැෆික් එක ටිකක් අඩුවෙන්නේ 11.30 පමණ. ගේ දොරකඩ කෝච්චිය නවත් වනවානම් මිනිස්සු කාර් එක ගෙදට තියලා කෝච්චියේ යාවි. කෝච්චිය නවත්වන්නේ කොතනද යනාදී විස්තර නොදැන මේ ගැන කතා කිරීම වැරදී දලවශයෙන් ගත්තාම ඉහත කී ප්‍රශ්න ඇතිවෙනවා.

:       40       10

BamunuarachchiTuesday, 12 March 2019 06:14 AM

හොඳ දේකට හොඳයි කියන එක තමයි විය යුත්තේ. නමුත් හොඳයි කියන පුද්ගලයෝ නොවෙයි වැඩේ පටන් අරගෙන තිබෙන්නේ. යහපාලනය කොරනවයි කියලා බලයට ඇවිත් ඉස්සෙල්ලාම කෙරුවේ මහා බැංකුව කොල්ල කාල මුකුත් නොදන්නා වගේ ඉන්න සැහැල්ලු දුම්රියට ණය අරගෙන ඒක බෙදා ගත්තොත් ජනතාවට හුලන් තමයි. අපි දන්නවානේ රැකියා 10 ලක්ෂය, ෆොක්ස්වැගන් කාර් පැක්ටේරිය , රත්තරන් චෙන් දීපු හැටි. මොවුන්ව සතේකට විස්වාස කොරන්න එපා.

:       10       9

BamunuarachchiTuesday, 12 March 2019 06:27 AM

මහත්තයෝ කොළඹට කාර්වලින් යන මිනිස්සු ඔක්කොම මාලඹේ මිනිස්සු නොවෙයි. මම ඉන්නේ තලවතුගොඩ මම නොදන්නවාද වාහන තදබදය ගැන. පන්නිපිටිය පැත්තෙන් පිටකෝට්ටේ පැත්තෙන් එන වාහන ජපන් මිත්‍රත්ව පාරෙන් ඇවිත් වැටෙන්නේ දියත උයන හන්දියට. එතන ඉඳන් වාහන තදබදය. ඔය කියන මාලඹේ හන්දිය පලාතෙවත් නැත.

:       4       12

SathyaTuesday, 12 March 2019 07:41 AM

අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක්. නමුත් කුමාර් කියනවා වගේ මේකේ ආරම්භක ස්ථානය පිළිබඳ නැවත සිතා බැලිය යුතුයි. කොට්ටාවේ ඉදි කරන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයද මොකද්ද කියන එක ලගින් මේක පටන් අරන් මාලඹේ පැත්තට ගමන් ගත්තනම්, මීට වඩා ලොකු ප්‍රතිඵලයක් ගන්න තිබ්බ. මම දන්නා විදියට එතන වාහන නැවැත්වීමේ පහසුකම් එහෙම තිබෙන නිසා, අගනුවරට රථවාහන ඇතුළුවීම පාලනයක් දකින්න පුළුවන් වෙයි. සල්ලි මදි වගේනම් ඒ විදියට සලසුම්හරි හැදුවනම්, අනාගතේ දවසක ක්‍රියාත්මක කරන්න පුළුවන්.

:       0       62

BamunuarachchiTuesday, 12 March 2019 04:50 PM

අන්න කොට්ටාවෙන් පටන් ගන්නවානම් මිනිසුන්ට පහසුකමක් තියේවි. එත් කාර්වල යන අය කාර් ගෙදර තබා කෝච්චියේ යාවී හිතන්න බැහැ. කෝච්චියෙන් බැහැලා තමන් රාජකාරී කරන ස්ථානයට යන්නේ කොහොමද?

:       2       0

chandana Monday, 11 March 2019 04:44 PM

පොහොට්ටුවේ ඉන්න කිහිප දෙනෙක් නිතරම කියන්නේ මේ ආණ්ඩුවට වැසිකිලියක්වත් හදාගන්න පුළුවන් වුනාද කියල. 2024 මේක ජනතාවට ලැබෙනකොට හැමෝටම අමතක වෙලා තියනවා නියතයි පටන් ගත්තේ කව්ද කියල. එදාට විපක්ෂය බලයේ හිටියොත් කියනවා අපි තමයි මේක පටන් ගත්තේ , ඒජාපෙ මේක පටන් ගන්නවට විරුද්ද වුනා කියලත් නොකිව්වොත් පුදුමයි කොහොම කිව්වත් ජනතාවගේ සල්ලි. හොඳ දේට හොඳ කියමු,දේශපාලන කුහකකම ඉවත දමලා.

:       136       448

GamageMonday, 11 March 2019 11:30 PM

මේ 2019 ඉවර කරන්න හිතාන ඉන්නේ 2024. පහුගිය වසර 4ම කොලේ මොනවද?

:       38       40

sanju Monday, 11 March 2019 04:56 PM

රන්ජිත් හදවතින්ම මේක හොඳ වැඩක් කියලා කියනකොට ඒකට හොඳ ප්‍රතිචාර ගන්නට සමාන නරක ප්‍රතිචාර තියනවා කියන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ කුහකකම නොවේද. මේ ව්‍යාපෘතිය එයාලගේ දෙයක් කරගන්න විපක්ෂය ඕනෑම ජරා වැඩක් කරාවී දැන්. බැරි වෙලාවත් ලගදි ආණ්ඩුව වෙනස් උනොත්, මේකට මුල් ගල තියලා මුළු ලෝකෙටම කියාවී අපි තම මේක පටන් ගත්තේ කියලා.

:       135       409

BamunuarachchiMonday, 11 March 2019 11:49 PM

වැඩේ ඉවර වෙනකම් හොඳයිද නරකයිද කියා කියන්නේ මොන කෙනාද? ණයට සල්ලි අරගෙන වතුදෙමලුන්ට ගෙවල් හැදුවොත් මොකද කොරන්නේ?

:       244       4

ගොන් වස්සාTuesday, 12 March 2019 06:32 AM

අපට ලොකු අදායමක් ලබාදෙන ඒ අහිංසක මිනිස්සුන්ට ගෙවල් හදල දුන්නම මක් වෙනවද?

:       2       70

BamunuarachchiTuesday, 12 March 2019 07:56 AM

"අපට ලොකු අදායමක් ලබාදෙන ඒ අහිංසක මිනිස්සුන්ට ගෙවල් හදල දුන්නම මක් වෙනවද?" නමටම ගැලපෙන කතාව.

:       25       1

Nihal Monday, 11 March 2019 06:54 PM

වැඩේ කවුරු කෙරුවත් ණය ගෙවන්නේ අපිනේ. එක කට්ටියක් බාගයක් කරන්න අනිත් කට්ටිය බාගයක් කරන්න.

:       192       136

Bamunuarachchi Monday, 11 March 2019 11:45 PM

සිංහල කියමනක් තිබෙනවා මුහුද හත්ගව්වක් තියා අමුඩ ගහනවා කියා පත්තරේ කියන විදිහට ණයකට අත්සන් කළා පමණයි. ඒ ණය සල්ලිවලින් ලක්ෂ 3000 කාර් ගෙන්නුවොත් ඔක්කොම හබක් නේද? මේ අයව සතේකට විස්වාස කොරන්න පුළුවන් ජාතියක් නොවෙයි කියලා මේ අවුරුදු 4 දී ඔප්පු කරලා හමාරයි.

:       244       5

ගොන් වස්සාTuesday, 12 March 2019 08:14 AM

මේකට සල්ලි දෙන්නේ ජයිකා එකෙන්. එවාගෙන් වෙන වැඩ කරන්ඩ බැහැ. නිකන් කමෙන්ට් දාණ්ඩ එපා.

:       0       32

mendisTuesday, 12 March 2019 08:53 AM

කලින් හිටපු කට්ටිය ණය අරගෙන ගුවන් තොටුපළවල්, වරායවල්, සම්මන්ත්‍රණ ශාලා, තමන්ගේ ගේ පිළිකන්නෙන් යන අධිවේගී මාර්ග හදල, දැන් ගත්ත ණය ගෙවන්ට ඒවායින් අදායමක් නැතිව උඩ බලාගෙන ඉන්නවා. නමුත් මා දන්නා පරිදි ජයිකා ආයතනය දෙන මේ ණය, වියදම් කල හැක්කේ ඉල්ලක කරගත් ව්‍යාපෘතිය සඳහා පමණි.

:       0       1

BamunuarachchiWednesday, 13 March 2019 06:22 AM

ගාල්ල මාතර තිබෙන්නේ පිළිකන්න පැත්තේ නම් මාතර යන පාර යාපනේ පැත්තෙන් හදන්නය. ගාල්ල මාතර තිබෙන්නේ කොහෙද කියා දන්නවාද? මෙයත් අලිමංකඩ පාමංකඩ තිබෙනවා කියලා හිතපු කෙනෙක් වගේ.

:       2       25

sam Tuesday, 12 March 2019 01:45 AM

ගෙදර ඉඳලා කෝච්චි පාරට මහපාරට ඉක්මනින් එන්න වෙන රටවල වගේ ඇතුලත මාර්ග වල යන සැහැල්ලු බස් රථ සේවයක් පාරවල් වල යොදන්න නියමිත වෙලාවක් එක්කම. බොහෝ විට ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර ඉඳලා බස් එකට එන්න මිනි 20-30 යනවා. බස් එකට එන්නම පැය භාගයක් වෙන්කරනවට වඩා කාර් තියෙන අයට කාර් එකෙන්ම එන එක ලේසි

:       1       1

janis Tuesday, 12 March 2019 03:02 AM

කුමාරගේ මෝඩ කතාව අහලා මට මතක් වුනේ අලුතින්ම දාපු දුම්රියට ගල් ගහපු ජාතියේ කෙනෙක් වගේ

:       0       34

w.k.n. Tuesday, 12 March 2019 03:06 AM

කොල්ලුපිටිය සහ කඩුවෙල බස් වලට පුදුම තදබදයක්නේ. මේ දුම්රිය කොල්ලුපිටිය හරහා යනවනම් මේ මාර්ග තදබදයට හොදම විසදුම. එහෙම නැත්නම් කැලණි වැලි දුම්රිය මාර්ගය හරියට හැදුවනම් ගොඩම තමයි.

:       0       31

saman Tuesday, 12 March 2019 03:15 AM

ඩොලර් මිලියන 800 ක වියදමින් මේක කරන්න සැලසුම් කරලා තිබුනේ පසුගිය පිරිස. ගාන වැඩි නිසා මේ අය අපු ගමන් හොද වෙලාවට ඒක අවලංගු කලා. දැන් වසර 5 කට පස්සේ ඩොලර් මිලියන 1850 කට වැඩේ පටන් අරගෙන.

:       58       32

Rohana Tuesday, 12 March 2019 03:54 AM

මාර්ග තදබදය අවම කිරීමට කොළඹට මෙවැනි මාර්ග කීපයක්ම අවශ්‍ය වෙනවා.

:       0       2

මෝඩයා.com Tuesday, 12 March 2019 04:40 AM

ඩොලර් මිලියන 1850ක ණය මුදලක් ජපානයේ ජයිකා විසින් පොලිය සියයට දශම එකකි. මේ දක්වා ගත් නය, පොලි අනුපාතය, ගත් වර්ෂය ලිස්ට් එකක් දෙන්න බැරි ඇයි මේ මෝඩ රජයට ? පොලි අනුපාත බලපුවම හිටපු මහදනමුත්තගේ තරම තේරේවි.

:       37       56

Janaka Tuesday, 12 March 2019 05:08 AM

හොද ගසා කෑමක්. රුපියල් කොටි 33000 ක්.

:       6       6

Sarasi Tuesday, 12 March 2019 06:09 AM

මීට දශක ගණනාවක සිටම අපි පාසල් යන කාලයේ පටන් මේ ප්‍රදේශයේ විශාල මාර්ග තදබදයක් තිබෙනවා. පාර්ලිමේන්තු හන්දියේ සිට කොටුවට යන්න විතරක් හුස්ම හිරවෙනතෙක් මිනිස්සු බස් එකේ මග හිරවුන ගමන්. තලවතුගොඩ සිට කොටුවට වැඩට යන්නේ මාතරට හදිස්සි ලෙඩෙක් බලන්න යනවා වාගේ. මොකක් හරි පිලියමක් යොදනකොට හැමෝම සන්තෝෂ කරන්න බැහැ. සමහරුන් නිකන් අර හැම මගුල් ගෙදරම වැරද්දක් පේන වයසක ඇන්ටිලා වගේ .

:       0       9

Bamunuarachchi Tuesday, 12 March 2019 06:19 AM

"මාර්ග තදබදය අවම කිරීමට කොළඹට මෙවැනි මාර්ග කීපයක්ම අවශ්‍ය වෙනවා." ඉතින් ගම්වල ඉන්න ගොයියෝ කාර් අරන් කොළඹ එනවා කියලා කොළඹ ඉන්න මිනිස්සු තමන්ට අයිති පර්චස් 10 -15 ඉඩම් වලින් කොටසක් පාරට දෙන්න කියලද කියන්නේ. මම ඔයටික ප්‍රාදේශීය සභාවෙන් ඇසුවා.

:       9       15

Hasitha Tuesday, 12 March 2019 07:27 AM

මැදමුලන සංවර්ධන ව්‍යාපෘති ඇරෙන්න මොන ව්‍යාපෘතියත් අරහං . එහෙ කවුරුහරි බත්තරමුල්ල මංසන්දියේ පාරමැද පොදු වැසිකිලියක් හැදුවත් බොහොම හොඳයි.

:       0       3

Tony Tuesday, 12 March 2019 09:18 AM

චීන ණය නොමැතිව ඉතා අඩු පොලියට මෙවැනි ජනතාවාදී ව්‍යපෘති ආරම්භ කිරීම සතුටට කරුණක්, මහින්ද රජයේ මෙන් මේවට මාධ්‍ය සංදර්ශන නැත්තේ ඇයි?

:       0       43

Bamunuarachchi Wednesday, 13 March 2019 06:31 AM

මේ සංවර්ධන ව්‍යාපෘතියක්ද? අවුරුදු 4 ක් හොරකම් කරලා දැන් වැඩක් කරන්න යනවාලු. මහින්ද අවුරුදු 4 කින්, රටේ අවුරුදු 25 තිබ්බ යුද්දය නැවැත්වුවා අවුරුදු 8 කින් ව්‍යාපෘති 45 පමණ කළා. එකට මේ අය. මේ අයට ඇහැරෙන්න අවුරුදු 5 ගියා.

:       2       37

athuraWednesday, 13 March 2019 08:39 AM

බමුණා ඉන්නේ හෝකන්දරනේ. අර කටවාචාල කෙනාගේ ගෝලයෙක් නේද?

:       12       4

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 609 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 114 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 837 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 862 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1236 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1124 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site