(තිළිණි ද සිල්වා)
මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම විෂයෙහි තවදුරටත් ප‍්‍රගතිය අත්කර ගැනීම සඳහා 2021 මාර්තු දක්වා වසර දෙකක දිගුවක් ලබාදීම ලංකාවේ දේශපාලනික කැපවීමත්, 2015 වසරේ සිට රජය විසින් දැනටමත් ගෙන ඇති ප‍්‍රගතිශීලී පියවරත් පිළිගැනීමේ සළකුණක් වශයෙන් ශ්‍රී ලංකා රජය සළකන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කර සිටී.
ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව පෙරේදා (21) මානව හිමිකම් කවුන්සිල 40 වැනි සැසිවාරයේ දී සම්මත වීමෙන් පසුව එහි සාමාජික රටවල් අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
මානව හිමිකම් සම්බන්ධයෙන් බිම් මට්ටමේ ඇති කරුණු තහවුරු කරගැනීමට දේශීය ආයතන සහ ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන ආයතන සමඟ සමීපව කටයුතු කරන්නැයි ද මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට ඇරයුම් කරන බවද විදේශ අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
එහිදී අමාත්‍ය තිලක් මාරපන මහතා මෙසේ ද පැවසීය.
‘‘මෙම කවුන්සිලයේ වැඩකටයුතු කෙරෙහි ශ්‍රී ලංකාව සතු විවෘත සහ ඵලදායී ප‍්‍රවේශය ඉතා හොඳින් හඳුනාගනු ලැබ තිබෙනවා. අපි ප‍්‍රධාන මානව හිමිකම් ගිවිසුම් සංවිධාන හතක් සහ විශ්ව කාලාන්තර සමාලෝචනය සමඟ සහසම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා. මානව හිමිකම් විශේෂ නියෝජිතයන් සහ ස්වාධීන විශේෂඥයන් විසින් කරන ලද ශ්‍රී ලංකා සංචාර අටකට ද පහසුකම් සපයා දී තිබෙනවා. එමගින්, ශ්‍රී ලංකාව කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු 1000 කට අධික නිර්දේශ සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.
මා ඉකුත් 20 වැනි දින ප‍්‍රකාශ කළාක් මෙන්, අප අපගේ ප‍්‍රමුඛතාවන් නිවැරදිව සකස් කරමින් රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවෙන් සැපයෙන ප‍්‍රතිපාදන වලින් මාර්ගෝපදේශනය ලැබ, රටේ ජාතික අභිලාෂයත් එක හා සමානව සියලූ ලාංකිකයන්ගේ සුබ සාධනයත් ආරක්ෂා කිරීම පිණිස නව්‍ය හා ප‍්‍රායෝගික විසඳුම් සෙවීමට කැපවී සිටිනවා.
ලංකාව අත්කරගෙන ඇති ප‍්‍රගතිය පිළිබඳවත්, එය මුහුණදෙන සැබෑ අභියෝග පිළිබඳවත් යථාර්ථවාදී තක්සේරුවක් ඊළඟ වසරේ මෙම කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට ඉන් රුකුලක් ලැබේ.
පොදු එකඟත්වයෙන් මෙම යෝජනාව සම්මත කරගැනීමට සහයදීම සම්බන්ධයෙන් මෙම කවුන්සිලයේ සියලූම සාමාජිකයන් වෙත ස්තූතිය පළ කරන්නටත් ශ්‍රී ලංකාව මෙය අවස්ථාවක් කර ගන්නවා යැයි ද විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මානව හිමිකම් - සංහිඳියාවට - වගවීමට තවත් වසර දෙකක්
Bamunuarachchi Friday, 22 March 2019 08:53 AM
කාටද සංහිඳියාවක් ඕනේ... අපිට නම් එපා... දමිලයින් පිට සුළුජන වාර්ගිකයක් පමණයි...
senaFriday, 22 March 2019 09:33 AM
බමුණුආරච්චි මහත්තයා නිතරම 2ක් දාගෙන ඉන්නේ කිව්වට, මට පේන්නේ හයක් විතර දාගෙන ලියන්නේ සුළු ජන කොටසක් වුණාට ඒ මිනිස්සුන්ටත් ස්වාභිමානයෙන් යුතුව ජීවත් වෙන්න අයිතියක් නැද්ද? ලෝක ජනගහනයෙන් සිංහලයින් වන අපි කොයිතරම් සුළු ජන කොටසක්ද? ඉතින් මුළු ලෝකයාම සුළු ජන කොටසක් හැටියට අපිව නොසලකා හැරියොත් අපි කොච්චර අසරණ තත්වයකට වැටෙනවාද?
diasFriday, 22 March 2019 10:00 AM
දූපත් මානසිකත්වයෙන් සිටින උදවියට මෙවැනි දේ සාමාන්‍යයෙන් පෙනෙන්නේ නැහැ...
BamunuarachchiFriday, 22 March 2019 01:07 PM
අනේ අපේ සිංහල කොල්ලෝ බුරුතු පිටින් මැරුනේ මේ සිංහලයින්ට මේ රට බේරා දෙන්නද? අනේ පව්! මට නම් දෙමල්ලු මුසල්මානුවන් ගැන කියන්න දෙයක් නැහැ.
BamunuarachchiMonday, 25 March 2019 10:56 AM
නුඹලාට අපිට බලෙන් සංහිදියාව පටවන්න බැහැ. එක වෙනස් කොරන්න සක්කරයාගේ පුතා වයිමාට බැරිනම් කොහොමද කරන්නේ?
Wasudewa Friday, 22 March 2019 10:56 AM
මේ රජයේ විදේශ ප්‍රතිපත්ති සැලසුම් ඉතාම හොදය.එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී රටේ යහපත සදහා යහපාලනයෙන් වුන හොද ප්‍රතිපත්ති පැසසුමට ලක්වුණා.එකෙන් පේනවා මේ රජයේ විදේශ ප්‍රතිපත්ති ලෝකය පිළිගන්නා බව.විදේශ ඇමතිතුමාට අපේ ගෞරවය
BamunuarachchiFriday, 22 March 2019 02:55 PM
ලෝකෙට පරකාසේ ගෙදරට මර ගාතේ... සිංහලයා දෙමළාට පාවා දීලා යුද්ධය දිනන රණවිරුවන් යුද අපරාධ කරුවන් කරලා ලෝකේ පැසසුම අගය කරනවා. 2020දී රිටර්න් එක ලැබෙනවා... ඒකේ කතා දෙකක් නැත.
Aris Friday, 22 March 2019 11:01 AM
අවුරුදු දෙකක්? ඒ කියන්නේ යුද්දේ මහින්ද මහත්මයාගේ කර පිටින් ඇරියා වගේ සංහිදියාවත් එතුමාගේ කර පිටින්ම අරින්න නේද හදන්නේ ?
Bamunuarachchi Friday, 22 March 2019 02:51 PM
සිංහලයා තමන්ගේ කර පිටට නොගත්තාම හරි. දැන් ඉන්න පාලකයින්ගේ කරපිටින් වලපල්ලට යවමු.
Deepal Nirosh Saturday, 23 March 2019 10:03 AM
ප්‍රතිඵල කුමක් වුනත් තිලක් මාරපන විදේශ ඇමතිවරයා එදා මානව හිමිකමි කමුටුව ඉදිරියේ රට වෙනුවෙන් කළ කරුණු දැක්වීම ඉතා අගය කළ යුතුයි. රටට අවශ්‍ය මෙවැනි අමාත්‍ය මණ්ඩලයක්.