(බිඟුන් මේනක ගමගේ)
මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න මහතාට එල්ල වූ ප්‍රහාරය හෙළාදකින්නේ යැයි ද එම සිදුවීම සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලා සිටින්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජයමාන්න මහතාට මෙම පහරදීම සිදු වී ඇති මුන්දලම පොලිස් බල ප්‍රදේශයේදී මේ ආකාරයෙන්ම මීට මාසයකට පමණ පෙරදී ද මෙබඳුම ප්‍රහාරයක් එල්ල වී ඇති නමුත් එම අවස්ථාවේදී ද පොලිසිය සාධාරණ පරීක්ෂණයක් කර නැතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චෝදනා කරයි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වන අන්දමට වෙන්නප්පුව ප්‍රදේශයේ විධිමත් අවසරයකින් තොරව වෙල්යායක් ගොඩ කිරීම පිළිබඳ සිදුවීමක් වාර්තා කිරීමට එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුවි ඇතැයි ද මෙම වෙල්යායට තමාට හිමිකමක් ඇතැයි කියන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගෙන් එම ඉඩම පිරවීම බාර ගත් තවත් හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයකු ඇතුඵ පිරිසක් තමාට පහර දුන් බව ජයමාන්න මහතා පවසන්නේ යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
මහජනතාවට සත්‍ය වාර්තා කිරීමේ වගකීමෙන් බැඳි සිටින වෘත්තීය මාධ්‍යවේදීන්ට අඩන්තේට්ටම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි ද මාධ්‍යවේදීන්ට හිංසනයෙන් තොරව සිය කටයුතුවල නියැලීමේ පරිසරය පවත්වා ගැනීම රජයේ වගකීමක් යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො
කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මාධ්‍යවේදී ජයමාන්නට එල්ල වූ ප්‍රහාරයේදී පොලිසියට චෝදනාවක්