(මනෝජ් හර්ෂික සහ තිලකරත්න දිසානායක)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා සිටින මාකඳුරේ මධුෂ් සඟවා තිබූ බව කියන අවි ආයුධ කිහිපයක් ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ දී අද (16) සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
සැකකාර මධුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ වූ තොරතුරු මත රහස් පොලිසියේ විශේෂ කාණ්ඩායමක් මෙම ආයුධ සොයා වැලිවේරිය ප්‍රදේශයට ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මාකඳුරේ මධුෂ්ගේ මඟ පෙන්වීම මත සොයා ගත් බව කියන මෙම ආයුධ සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.
ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ත්රස්ත්රවාදය වැළැක්මේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය මත විශේෂ සිර මැදිරියක රඳවා මේ වන විට ප්‍රශ්න කරයි.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මධුෂ් සඟවා තිබූ ආයුධ වැලිවේරියෙන් සොයාගනී
isurandi Thursday, 16 May 2019 06:58 PM
මේ අයට විරුද්ධව මෙච්චර චෝදනා ගොනුවෙද්දී එක්කෝ මෙයාව ආයුධ පෙන්නන්න එක්ක යන්න ඕනේ නැත්තම් දියවන්නාවට පාවඩ පිටින් එක්ක යන්න ඕනේ.
Bassa Thursday, 16 May 2019 09:14 PM
රංගජීව මහත්තයා කරලියට දාන්න. එතකොට තමයි මිනිස්සුන්ගේ විශ්වාසය වැඩි වෙන්නේ... එතුමා තමයි මේ වනතුරු සහ පෙර සිදුවිම් ගැන විමර්ශනය කළ නිලධාරියා...
සමන්- ඔමනය Friday, 17 May 2019 12:37 AM
අයියෝ, අපිත් බලගෙන හිටියේ ආයුධ හොයන්න එක්ක යනකන්. කෝ ඒත් මිනිහා තාම ඉන්නවනේ.
ගොන් වස්සා Friday, 17 May 2019 02:10 AM
අපරාදේ මදුෂ් වත් අරන් යන්ඩ තිබ්බේ ආයුධ පෙන්නන්ඩ !
varuna Friday, 17 May 2019 06:00 AM
මොහු ලංකාවට ගෙන ඒම සමහර බලවත් පුද්ගලයින් හට හිසරදයක් වී තිබීමට හැක. ආයුද පෙන්නන්න යද්දී ප්‍රහාරයක් එල්ලකර පැන යාමට උත්සාහ කිරීමේදී ඩුම් ... ඩුම්.....ඩුම් .. කියයද දන්නේ නැහැ .
පිටිගල මිලානෝ Friday, 17 May 2019 08:47 AM
සැඟවුණු ආයුධ පෙන්නන කොට මේ පාතාලයා පොලිසියට වෙඩි තියන්න ගියේ නැද්ද?