IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මත්ද්‍රව්‍ය - ජීව අත් බෝම්බයක් සමඟ පාතාලයෙක් අත්අඩංගුවට

 

 ( දිල්රුක්ෂි ග්‍රේරු සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ ) 

 

පාතාල සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද වන ‘චාමර‘ හෙවත් ඇන්ඩෘෘගේ වත්තේ චාමර නැමැත්තා  මට්ටක්කුලිය, මාදම්පිටිය පල්ලියක්  අසළදී අත්අඩංගුවට ගෙන   තිබේ.

පොලිස්  විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක්  මාදම්පිය ප්‍රදේශයේ කළ විශේෂ වැටලීමකදී  මොහු අත්අඩංගුව ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  ඔහු පැදවු මෝටර් රියෙහි  තිබී හොරායින් ග්‍රෑම් 23 යි මිලිග්‍රෑම් 460 ක්  සොයාගෙන ඇති අතර, අනතුරුව ඔහුගේ නිවෙස් කිහිපයක් පරීක්ෂා කිරීමේදී  අල්මාරියක සඟවා තිබු  ජීව අත්බෝම්බයක්ද  සොයගෙන තිබේ.
 
කොළඹ ,මහවත්ත මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් සුඛෝපභෝගී අයුරින් ජීවත් වන පුද්ගලයෙකි. 

මොහුට විරුද්ධව අධිකරණයේ නඩු රැසක් පවතින අතර, කිහිප විටක්ම බන්ධනාගාරගත වුවෙකි.

එමෙන්ම  මොහු  2015 වසරේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී  රවි කරුණානායක මහතා සහභාගීවු දේශපාලන රැස්වීමකට වෙඩි තැබීමේ සිද්ධියටද  සම්බන්ධ සැකකරුවෙක් බව පොලීසිය කියයි.

සැකකරු, දැනට බන්ධනාගාර ගතව සිටින දෙමටගොඩ චමින්දගේ  සහ  මේ වන විට ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ්ගේ  ප්‍රධානතම ගෝලයකු බවද  ඔවුන්ගේ සහය ඇතිව සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද විශේෂ කාර්ය බළකාය  සඳහන් කරයි .

මහාපරිමාණ ලෙස හොරොයින්,කොකේන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් ඒවා බෙදාහැරීමට කටයුතු කරන මොහු කොන්ත්‍රාත් පදනම මත මනුෂ්‍ය ඝාතන ද සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම නිලධාරීහු පවසති.

පොලිස්  විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  එම් ආර් ලතීෆ් මහතාගේ උපදෙස් මත කළ විමර්ශනයකින් පසුව විශේෂ බළකා නිළධාරීන් පිරිසක් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

 

 (සැකකරු අත්අඩංගුව ගැනීමෙන් පසු හා පෙර ඡායාරූප )

 

 

 

 



අදහස් (7)

මත්ද්‍රව්‍ය - ජීව අත් බෝම්බයක් සමඟ පාතාලයෙක් අත්අඩංගුවට

sandy123 Monday, 11 February 2019 07:36 AM

ලතීෆ් මහතාණනි, ඔබට මගේ උත්තමාචාරය පුදන ගමන් ඔබට අවැසි ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඒ වගේම ඔබතුමා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. වගකිව යුතු පුද්ගලයන්ට කියන්නේ මෙතුමාට අවශ්‍ය ආරක්ෂාව උපරිමයෙන්ම ලබාදෙන්න. මේවා ජාතික අවශ්‍යතා වගේම මෙවන් අයව රැකගැනීම අප කාගේත් පරම යුතුකමකි. ඔබට ජය...!!!

:       0       465

Sapumal.Monday, 11 February 2019 09:03 AM

සැන්ඩි මහතාණෙනි, ඔබතුමාගේ අදහස නිවැරදියි. ඔබ අපද පරිස්සම් විය යුතුයි. " මම සපුමල් " යනුවෙන් බොරුවට නම්ගත් කෙනෙකු මාගේ විස්තර මාගෙන්ම ගැනීමේ උත්සාහයක් ඊයේ පෙරේදා දිනවල යෙදී තිබුණි. කෙසේ වෙතත්, අයුක්තියට, අසාධාරණයට විරුද්ධව හඬ නගන අප සැමදා පරිස්සම් විය යුත්තේමය. මන්ද යත්, ශරීර කූඩුව නැතිවුනොත්, අපගේ හඬද නැත්තේමය. එබැවින් ගැලවිජ්ජාව ඉතා වටිනා දෙයකි. මෙය ශ්‍රී ලංකාවයි.

:       0       186

kap Monday, 11 February 2019 07:39 AM

කුඩු විකුනලා මිනී මෑරුවට, ධර්ම චක්කරේ බෙල්ලෙ

:       0       102

sandy123 Monday, 11 February 2019 07:59 AM

ලතීෆ් මහතාණනි, ඔබට මගේ උත්තමාචාරය පුදන ගමන් ඔබට අවැසි ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමි. ඒ වගේම ඔබතුමා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. වගකිව යුතු පුද්ගලයන්ට කියන්නේ මෙතුමාට අවශ්‍ය ආරක්ෂාව උපරිමයෙන්ම ලබා දෙන්න. මේවා ජාතික අවශ්‍යතා වගේම මෙවන් අයව රැක ගැනීම අප කාගේත් පරම යුතුකමකි. ඔබට ජය.

:       0       60

Athula Monday, 11 February 2019 09:22 AM

නමෝ බුද්ධාය කියල ගහගෙන යන ලොරියේ හොර හරක් පටවාගෙන යන්නේ පලකයොත් එහෙමනේ මල්වට්ටිය අරගෙන දවල්ට පන්සල් ගානේ රාත්‍රියට අපරාද හොරකම්

:       0       64

canada dissa Monday, 11 February 2019 10:11 PM

ඔබලාගේ අදහස් මම අගය කරමි .

:       0       0

rizwan Tuesday, 12 February 2019 04:04 AM

අපිට හිතාගන්න බැරි මොන හේතුවකට මේ වගේ අපරාද කාරයන්ගේ පින්තූර දානකොට මූණ කවර් කරන්නේ කියලා. මෙයාලව ප්‍රසිද්දියේ පෙනන්න ඕනේ. එතකොට තමයි අනිත් අයටත් බලාගන්න පුළුවන් වෙන්නේ කව්ද මේ පුද්ගලයෝ කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 27 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 210 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 36 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 708 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 194 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 232 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site