IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මඩකලපුව සරසවිය රජයට පවරාගැනීමේ ඇති හැකියාව බලන්නැයි අගමැති කියයි

(අංජුල මහික වීරරත්න)
 
මඩකලපුව ප්‍රදේශයේ පිහිටුවා ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාල පනතේ 70 (F) වගන්තිය යටතේ රජයට පවරා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ලිවේරා මහතා වෙත ලියා දන්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට අද  (12) උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
 
අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ අයිතිකරුවන් දිගින් දිගටම පසුගියදා කළ ආකාරයේ ජනවර්ග සහ ආගමික කොටස් අතර අසමගිය ඇතිවන සුළු ප්‍රකාශ ප්‍රචාරය කරන්නේ නම්, විශ්වවිද්‍යාල පනතේ 70 F වගන්තිය යටතේ එකී හිමිකරුවන් විසින් පාලනය කරනු ලබන උසස් අධ්‍යාපන ආයතනය රජයට පවරා ගත හැකිදැයි සොයා බලන ලෙස මෙහිදී නීතිපතිවරයා විමසා ඇතැයි වාර්තා වෙයි. 
 
ඊයේ (11) සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමග අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදීද නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේ දි කර තිබු ප්‍රකාශ රජය තරයේ හෙළා දකින බව අගමැතිවරයා විසින් ප්‍රකාශ කර තිබිණි. ජාතිවාදී කතා දැන්වත් නතර කළ යුතු බවත්, ඒවායින් සිදු වන්නේ විශාල හානියක් බවත් එහිදී ඔහු පැවසීය.

"අප කටයුතු කළ යුත්තේ, ශ්‍රී ලංකිකයින් වශයෙනුයි. මේ රටේ උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණයි.ඒ නිසා නැගෙනහිර අරම්භ කිරීමට යන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා" යැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබිණි. 



අදහස් (7)

මඩකලපුව සරසවිය රජයට පවරාගැනීමේ ඇති හැකියාව බලන්නැයි අගමැති කියයි

Buddika Wednesday, 12 June 2019 03:47 PM

අගමැතිතුමනි, මෙය කළ හැකි නම් විශිෂ්ඨ තීරණයක්. මේ ආයතනය සයිටම් එකක් කරන්න සියලු ඉඩකඩ දීලා අවුල් කළේ මහින්දගේ රජයෙන්.. එහෙම කරපු මිනිස්සු අද බලයට ඇති මළ පෙරේතකම නිසා උන්ම කරපුවා උන්ම අවුලුවනවා. මේවට විරුද්ධව අද උපවාස කරපු අද එදා ආණ්ඩුවේ ඉඳලා බිහිරන් වගේ හිටියා.

:       855       962

janahitha Wednesday, 12 June 2019 05:22 PM

මුට්ටිය කොහාටද අල්ලන්නේ කියන එක තමා ප්‍රශ්නේ. දකුණේ සයිටම් වසා දමනවා හේතුව කිසිවෙක් නොදනී. නමුත් නැගෙනහිර සයිටම් හදනවා ෂරිය නීතිය යටතේ ඡන්ද ගණන බලලා කිසි විරෝදයක් නැහැ.

:       27       246

පුරවැසිය Wednesday, 12 June 2019 04:32 PM

ජාතිවාදී කතා දැන්වත් නතර කළ යුතු බවත්, ඒවායින් සිදුවන්නේ විශාල හානියක් බවත් එහිදී ඔහු පැවසීය. "අප කටයුතු කළ යුත්තේ, ශ්‍රී ලංකිකයින් වශයෙන් සහ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මේ රටේ උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණයි. එම රජයට පවරා ගන්නා ආයතනය සියලු ජාතීන්වල ශ්‍රි ලංකික සහ විදේශීය සිසුන්ට තාක්ෂණික හෝ "IT " පුහුණු ආයතනයක් බවට පත් කළහොත් සෑම ජාතියකටම අයත් සිසුන්ට පොදු "පරිගණක විද්‍යාව " ඉගෙනීමට හැකියාවක් පවතී. හිස්බුල්ලාගේ හිස් කතාවක්ද නොඑසේනම් එය හිතාමතාම කරනලද කතාවක්ද කියා කිසියම් හෝ මුස්ලිම් නායකයකු මෙතෙක් ප්‍රතික්ෂේප කර නොමැත.

:       0       141

chandima Wednesday, 12 June 2019 05:42 PM

කමිටුවක් දාන්නේ නැතිද?

:       54       217

PerakumThursday, 13 June 2019 02:34 AM

නෑ අපි තේරීම් කාරක සභාවක් පත් කරමු.

:       0       0

ranjith Wednesday, 12 June 2019 09:22 PM

ජනතාව මුලා නොකර මේ වගේ සෘජු තීන්දු ගන්නවානම් නායකත්වයට හොදයි

:       0       0

සංජීව Thursday, 13 June 2019 04:43 AM

කාදිනල් හිමිනම් කියනවා මේක අනාගමික වෙන්න ඕනේ නෑ කියලා එත් මුස්ලිම් අය කෝ දැන් ?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 286 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 998 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2437 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1652 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 966 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2237 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site