IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලිස් නිලධාරින්ට බැන්න මන්ත්‍රීවරිය රිමාන්ඩ්

(රවින්ද්‍ර ලියනගේ)

පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරිය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල දිසා මහේස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා අද (21) නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරියගේ පියා සහ නැගණිය මාරවිල අධිකරණයට  ඉදිරිපත් කිරිමෙන් පසුව ඇයගේ පියා හා නැගණිය  රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය‍

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ තුම්මෝදර ලුණුවිල පදිංචි 21 හැවිරිදි  දුලක්ෂි චමෝදරි ප්‍රනාන්දු  නැමැති මන්ත්‍රීවරිය වේ.

පසුගිය 19 දා ලුණුවිල සිරිගම්පොල තුම්මෝදර මාර්ගයේ යතුරුපැදියකින් යමින් සිටියදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක්  ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරිය නතර කර පරික්ෂා කිරීමේදී රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන තිබේ.

 

(වීඩියෝ අනුග්‍රහය  - පොලිස් මාධ්‍ය ඒකකය)



අදහස් (41)

පොලිස් නිලධාරින්ට බැන්න මන්ත්‍රීවරිය රිමාන්ඩ්

jayath Wednesday, 21 August 2019 11:22 AM

මේ මෝඩ, තකතීරුවන් කවදාවත් හැදෙන්නේ නැහැ. සමහර ප්‍රාදේශීය දේශපාලකයෝ ස්ත්‍රී දූෂණවලට හිරේ, සමහරු මිනී මැරුම්වලට, තවත් සමහරු සෙල්ලම් පිස්තෝලවලට. ඒවායින්වත් පාඩමක් ඉගෙන ගන්න මේ හැතිකරේට බැහැ. හැබැයි ඔතැන තියන අපූරුම දේ තමයි මොවුන් හිරේ ඉඳන් ඡන්දෙ ඉල්ලුවත් අපේ අය පැනලම දෙනවා...! මේක හැදෙන රටක් නෙමෙයි.

:       2       507

RaveendraWednesday, 21 August 2019 12:21 PM

ජගත් මයා වෙත, ඔබ සඳහන් කර ඇත්තේ සත්‍ය කරුණු බැවින් අප එය අගය කරන්නෙමු. " පොඩි දේශපාලක සිට ලොකු දේශපාලුුවා" දක්වා ඇත්තේ එකම චරිතාප්‍රදානයකි. එබැවින් මෙවන් තිරිසනුන් හට ඉදිරියේදීත් පාදඩ වැඩ කිරීමට ඉඩ දෙනවාද? නැද්ද? යන්න අප සැම මධ්‍යස්ථව සිතිය යුතු නොවේද?

:       15       396

Raveendra Wednesday, 21 August 2019 11:24 AM

මොන පක්ෂේ වුනත් කිසිදු අදාලත්වයක් නොමැත. මෙවන්නන් සදහටම ඇතුළට දැමීමට හැකිනම් මොනතරම් අගේද?

:       0       607

ශ්‍රී Wednesday, 21 August 2019 11:35 AM

විශිෂ්ඨයි.. හොඳ ප්‍රවණතාවයක්..

:       0       253

Janaka Wednesday, 21 August 2019 12:19 PM

මේ අය 3 දෙනෙක් ඉන්නවා.. කටවල් නම් කටවල් තමයි මේ දරුවන් නෙවෙයි වැරදි.. මොවුන්ගේ දෙමාපියන් තාත්තා අරක්කු විකුණනවා. හැදියාවක් කියලා එකක් ගෑවිලාවත් නෑ. සම්පූර්ණ වැරැද්ද දෙමව්පියන්ගේ...

:       0       177

sharm warnWednesday, 21 August 2019 01:04 PM

එහෙම කියන්නත් බැහැනේ.. දේශපාලන චරිතයක් වුණාම මහජන සේවකයෙක් කියලා මතක තියාගන්න ඕනෑනේ.. එව්වා දැනගන්න තරම් වයසක කෙනෙකුත් නෙමෙයිනේ බලනකොට. ඉතින් පණ යනකල් ආදර්ශයට අරගෙන ඉන්නවා ඇත්තේ අර 225ක් වෙච්ච හැතිකරේ වෙන්න ඇති.. ඒ නිසා ඒ තාලේටම හැසිරෙන්න ඇති.. අනාගතේ පාර්ලිමේන්තු යන්නත් බලාගෙන.. අම්මලා තාත්තලා විතරක් නෙමේ ඔය රස්සාවට ආවම ඉතින් ජනාධිපතිගේ, අගමැතිගේ ඉඳලාම ආදර්ශ තියෙනවානේ...

:       0       161

DDMonday, 26 August 2019 01:25 AM

මොකද කරන්නේ. එක රජයක්වත් මේ වගේ එන අයට කොහොමද වැඩ කරන්නේ කියල උගැන්විය යුතුයි. ඇමෙරිකන් ජනාධිපතිටත් එහෙම ඉගෙන ගත්තට අපේ අය එයිටත් ඉහලින් නිසා අවශ්‍ය නෑ වෙන්ඩැති. මොකද හරකුන්ට එළදෙනුන්ට අනින්න පරුදු කරන්න ඕන නැනේ.

:       0       0

ධම්ම Wednesday, 21 August 2019 12:50 PM

225ම ගෙදර යවන්නම වෙනවා. එතකොට මෙයාලා නිකම්ම ගෙදර යනවා.

:       3       207

Bamunuarachchi Wednesday, 21 August 2019 12:55 PM

දත්ටික බඩට යන්න ගහන්න තිබුණනේ. එතකොට බැන්න කතාව නොවෙයි එන්නේ රනිල් පාර්ලිමේන්තුවේ කියන්නේ අසරණ එජාප මැතිණියකට පොලිස් නිලධාරීන් වටවෙලා පහරදීලා කියලා...

:       8       158

Chanak los angelesWednesday, 21 August 2019 09:59 PM

සාටකයින්ගේ කාලේ නම් දත් ටික බඩට යන්න නොවෙයි කරේ ඔලුවට යකඩ බටයෙන් ඇනපු එකයි. කොහොමද වෙනස දැන්?

:       1       19

BamunuarachchiFriday, 23 August 2019 02:13 AM

"කොහොමද වෙනස දැන්" රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට බැනලා යනවා. හාමුදුරුවරුන්ට අපහාස කරනවා. පන්සල් ඇතුලේ දෙමල්ලු කෝවිල් හදනවා. රටේ මහජාතිය වන සිංහලයා ශ්‍රී ලාංකික කරලා සුළු ජාතිකයාගේ ලෙවල් එකට ගෙනෙනවා. ඕක නේද වෙනස..? හරිම අපූරුයි අපිට එහෙම වෙනසක් එපා. අපිට ඕනේ රටේ නීතියට යටත්වෙන මිනිසුන් සිටින රටක් නිර්මාණය වීමේ වෙනස. එ්කට කෙනෙක් අකුල් හෙලනවා නම් ඔහු හෝ ඇය යායුතු ලෝකෙට ගියාට කමක් නැත.

:       13       11

Anti-BamunaThursday, 22 August 2019 04:03 AM

ඔයා ඔක්කොම දන්නවනේ ...

:       0       117

BamunuarachchiThursday, 22 August 2019 06:51 AM

රටේ මිනිසුන්ගේ දැනීම හෝ නොදැනීම ඔබට ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබේ දැනීම දියුණු කර ගන්න. අනුන්ගේ දැනීමට, රැකියාවට, ධනවත්කමට ඊර්ෂ්‍යා කරන්න එපා. එ්ක ඔබේ නොහැකියාව පෙන්නුම් කීරීමක්...

:       128       1

Anti-BamunaThursday, 22 August 2019 10:04 AM

දැනුම ඇති කෙනා දිහා බලලා ඊර්ෂ්‍යා කරන්න පුළුවන් එක ඉතින් ඔයාට අදාළ වෙන්නේ නැහැ. ඒකෙන් කළඳක්වත් නැති නිසා...

:       0       88

BamunuarachchiFriday, 23 August 2019 01:47 AM

" ඔයා ඔක්කොම දන්නවනේ ..." ඔයා නේද මගේ දැනීම ගැන කතා කලේ. මා ගැන කතා කොරන්න එපා මගේ අදහස් වැරදිනම් ඒවා පෙන්වන්න. කියනදේ තේරුම් ගැනීමටත් බුද්ධියක් තිබිය යුතුයි.

:       0       5

Bamunuarachchi Wednesday, 21 August 2019 12:58 PM

ඔන්න දේශපාලනයට උගත් තරුණ මන්ත්‍රීවරියක් යවලා.

:       3       194

RaveendraThursday, 22 August 2019 02:04 AM

උගත් කිව්වේ " වාචාලකම " පිලිබදව උපාධියට ද නැත්නම්..... ??

:       0       22

රනිල් Wednesday, 21 August 2019 01:27 PM

පරණ රජය යටතේ වුණා නම් පොලිස් නිලධාරීන් ටික මෙලහකට යාපනේට මාරුකරලා. මේ අාණ්ඩුවේ අගය කළයුතු එක දෙයක් මේ දෙයයි. පිස්තෝල සෙල්ලම් දාපු කට්ටිය වසර ගාණක් බේරිලා හිටියේ රජ උණුසුමෙන් තමයි.

:       582       559

බද්රානි Wednesday, 21 August 2019 01:28 PM

අවුරුදු විසිඑකේ දීම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ලෙස ප්‍රදේශවාසීන් පත්කර ඇත්තේ, සමහරවිට පියාගේ ගණන්කාර කැරැට්ටුව හෝ කසිප්පු ව්‍යාපාරයක ප්‍රගතිය සලකලා වෙන්න ඇති. මව්පියන්ගේ වරදින් පුනරුත්ථාපනය කළයුතු දරුවන් මන්ත්‍රීවරියන් බවට අභිෂේක කිරීමද සමාජය කළ යුත්තේ? ගරු අධිකරණය මේ තැනැත්තිය ගැලපෙන තැනකට යවා තිබෙනවා. අඩුතරමේ එය මාස තුනකට වත් දීර්ඝ වෙනවා නම්, එය සමාජයට ආදර්ශයක්...

:       0       198

leel gunawardena Wednesday, 21 August 2019 03:05 PM

නීතිය ක්‍රියාත්මක වන්නට කලින් ටිප් එක ලැබුණු නිසා අරක්කු වලින් බේරුණා. දැන් නීතිය අතට ගන්නත් හදනවා. හොඳ වැඩේ මාස 3කට විතර යවන්න, මම නම් කියන්නේ.

:       0       171

siri Wednesday, 21 August 2019 06:06 PM

මෙවන් අයව මින් ඉදිරියටවත් මෙවැනි තනතුරු වලට පත් නොකරන්න ජනතාව වග බලාගත යුතුයි.

:       0       75

චමින්දThursday, 22 August 2019 12:52 AM

ලැයිස්තුවෙන් පත්වූ කෙනෙක් වෙන්න ඇති. මේවාට පත්වුන එවුන් හිතන්නේ තමා ජනාධිපති කියලයි. හරියට අධ්‍යාපනයක්වත් නැතුව ඇති. අපි බලා සිටිනවා එක්සත් ජාතික පක්ෂය විනයක් සහිත පක්ෂයක් නම් විනයක් නැති මෙවැන්නියන්ට ජනාධිපතිවරණයට පෙර නිසි දඬුවමක් දේවි කියලා...

:       0       4

BamunuarachchiThursday, 22 August 2019 02:05 AM

ජනතාවගේ හැටියට තමා දේශපාලකයෝ පත් වෙන්නේ. මේ ගොල්ලෝ දිහා බලලා අපිට ඒ පළාතේ මිනිස්සු ගැන හිතා ගන්න පුළුවන් . 225 දිහා බලල රටේ මිනිස්සු ගැන හිතා ගන්න පුළුවන්. ඒ ගොඩට අයිති නැති මිනිස්සු රට අත්හැර යනවා. යන කෙනෙක් කියන්නේ තමන් යන රට හොඳයි කියලා නොවෙයි මේකේ ඉන්න හිතෙන රටක්ද කියලා ?

:       0       21

Kakiyana Lea. Thursday, 22 August 2019 01:07 AM

වියයුතු දෙය මෙයවේ. ප්‍රාදේශීය දේශපාලකයින්ට සහ සට්ටම්බියන්ට ඕනෙවිදිහට නටන්ඩ දුන්නු එක මහින්ද මහත්තයා කරපු එක හරි නැති වැඩක්... ගෝඨාබය මහත්තයා එම වරද නොකර ඉඳීවි කියලා විශ්වාස කරනවා.

:       0       9

dasa Thursday, 22 August 2019 03:10 AM

මෙයාට එන වාරේදී පළාත් සභාවටද ඊට පසු පාර්ලිමේන්තුවටද ආදී වශයෙන් ඉහළට යාමට සුදුසු කම් තිබේ.

:       0       0

amila Thursday, 22 August 2019 03:31 AM

නාගනන්දගේම පිහිටයි !

:       0       105

Sugath Premalal Thursday, 22 August 2019 04:31 AM

ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන අයගෙන් 95% නූගත් සහ මැර බලයෙන් ඉදිරියට පමණ සිටින්නවං.. සමහර නළු නිළියෝ, රූප සුන්දරීලා... ඉතින් කොහොමද ඔවුන් රට පාලනය කරන්නේ...?

:       0       15

Bandula. Thursday, 22 August 2019 05:34 AM

වැස්සකටවත් පාසල් නොගිය අය ..

:       0       9

RIHAN Thursday, 22 August 2019 05:56 AM

උසස් පෙළ හරි තිබුනොත් තමා හොඳ ....

:       0       5

RIHAN Thursday, 22 August 2019 05:59 AM

උසස් පෙළ හරි තිබුණොත් තමයි හොඳ...

:       0       0

Bamunuarachchi Thursday, 22 August 2019 06:55 AM

පළාතේ මිනිස්සු ඔයවගේ අයව ප්‍රාදේශීය සභාවල යවලා කියන්නේ අපි උගත් බුද්ධිමත් තරුණ දේශපාලුවෙක් අපිට වැඩකරන්න යැව්වා කියලානේ. අපිට ඒ පළාතේ මිනිස්සු ගැන හිතාගන්න හොඳ සාධකයි.

:       0       1

S.wickramao Thursday, 22 August 2019 01:42 PM

මට පහසුවෙන් ‘‘විජය සතුට‘‘ බලන හැටි කියාදෙන්න.

:       0       0

BamunuarachchiFriday, 23 August 2019 01:55 AM

පත්තර දෙකම එකවර පහසුවෙන් බලන්න නම් පත්තර දෙකම පත්තර වෙළෙන්දෙකුගෙන් ලබාගන්න. නැතිනම් අපිට ආවේනික ක්‍රමය වන " පත්තරේ චුට්ටකට දෙනවාද" කියා ඉල්ලාගෙන පත්තර දෙකම ඉඩ තිබෙන මේසයක හරි බිම හරි එලාගෙන කියවන්න. එක එක පත්තරය බලන්න ඕනෙනම් පත්තර අරගෙන හොඳ හාන්සිපුටුවක වාඩිවෙලා කලුල් දෙක පත්ත උඩට දාගෙන අර කොහාටද හුලන් වැදී වැදී පහසුවට කියවන්න.

:       0       0

pakeer Thursday, 22 August 2019 03:34 PM

මේකේ මහා ලොකුවට අදහස් දාන අයත් ඡන්දෙ කාට හරි මෝඩයෙකුටම තමයි දෙන්නේ.

:       0       155

BamunuarachchiFriday, 23 August 2019 01:57 AM

කොහොමද? ඡන්ද අපේක්ෂකයා මෝඩයෙක්ද? නැද්ද? කියා තෝරන්නේ...

:       0       0

ප්‍රීති Thursday, 22 August 2019 08:07 PM

වෙන්නප්පුවේ කුඩු චමින්දත් මේ වගේම ප්‍රාදේශීය සභාවට පත්වෙන්න සුදුසුකම් ලබලයි හිටියේ... හොඳ වෙලාවට ඒ පුද්ගලයා මේ මන්ත්‍රී තුමියලගේ ගෙවල් පැත්තේදීම ගහලා මැරුවා. අනුන්ගේ ඉඩම් බලෙන් අත්පත් කරගෙන ඉන්නවා තවමත්...

:       0       0

vidya Friday, 23 August 2019 02:17 AM

කුරුසෙකුත් කරේ එල්ලගෙන, ජේසුස් වහන්සේට අගෞරව කරන්න එපා. උන්වහන්සේ ලෝකයට කරුණාව ඇති වෙන්නට ධර්මය දේශනා කලේ. හිරේ ඉන්නකොටවත් බයිබලය කියවන්න... මුළු ගමටම ඇහෙන්න. නැතිනම් පන්සලකට ගිහින් ධර්මය ඉගෙන ගන්න. පොලිස් නිලධාරීන් අව්ව, වැස්ස බලන්නේ නැතිව පොඩි දරුවෝ ගෙදර දාලා ඔය රාජකාරිය කරන්නේ උඹගේ පව්ලේ අයගෙයි, මගේ පව්ලේ අයගෙයි ආරක්ෂාවට. ඕකට හවුල් වෙච්ච ඔක්කොම ගිහිල්ලා වැඳලා සමාව ගන්න... පොලිස් නිලධාරින්ගෙන්...

:       0       1

SISIRA Friday, 23 August 2019 02:49 AM

කොහොමද ? මෙයාලව පත් කරපු ජනත්වයි මෝඩ ?

:       0       1

sampath Friday, 23 August 2019 10:45 AM

මෙහෙම නිලධාරීන්ට තර්ජනය කරන්න කාටවත් හැකියාවක් නැහැ. එහෙම වුනොත් රටට යන කල මොකක්ද?

:       0       1

de silva Friday, 23 August 2019 04:24 PM

නියෝජ්‍ය ඇමතිට දඩකොල දීලා තමයි... වාහනය ගිනිබත් කරගෙන ගුටිකාපු පොලිස් නිලධාරීනුත් හිටියා.

:       0       1

ana Monday, 26 August 2019 12:52 AM

ඔය පළාත් සභා , ප්‍රාදේශීය සභා වලින් හා පාර්ලිමේන්තුවෙන් තේරී පත්වෙන අය නියම පාලකයින් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 255 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 335 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 1037 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 382 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 369 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 181 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1482 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site