IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොලිස් ඩමියට අල්ලස් දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)
 
වවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු වව්නියාව පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

පොලිස් රථවාහන අංශය මගින් වවුනියාව යාපනය පාරේ මෙම ඩමිය ස්ථාපිත කරන ලද්දේ රියදුරන්ගේ වේගය සීමා කිරීමේ හා රියදුරන්ගේ අවධානය යොමු කරවීමේ පියවරක් වශයෙනි.

එහිදී අදාළ පොලිස් ඩමිය ඉදිරියට ගිය එක් තරුණයකු පොලීසියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් ඩමියට උසුළු විසුළු කරමින් හැසිරෙන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලය වෙත යොමු කර තිබිණි. 

මේ පිළිබඳව අවධානය යොමු කළ වවුනියාව පොලීසිය මෙම සිද්ධිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැන්වීමෙන් පසුව එම දර්ශන වීඩියෝ ගත කරණ ලද පුද්ගලයාත් දර්ශන වලට පෙනී සිටි පුද්ගලයාත් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

පොලීසිය සමච්චලයට ලක් කිරීම, පොලීසියට අපහාස කිරීම, මහජනතාව තුළ පොලීසිය පිළිබදව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම හා පොලීසියට අල්ලස් ලබාදීම සදහා ජනතාව පෙළඹවීම යන චෝදනා ඔවුන් දෙදෙනා වෙත ඉදිරිපත් කරමින් වවුනියාව පොලීසිය එම තරුණයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන වවුනියාව දිසා අධිකරණය ඉදිරිපත් කිරීමට පියවර ගැණිනි.



අදහස් (31)

පොලිස් ඩමියට අල්ලස් දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

විදු Friday, 04 January 2019 05:15 AM

මෙය තනිකර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට කරන ලද බාදාවක්. පොලිසිය සමච්චලයට ලක් කිරීමේ ගැටලුව කුමක්ද? ඔනෑම පුරවැසියෙකුට අදහස් ප්‍රකාශ කරීමේ අයිතිය තිබෙන අතර එයින් මහජනයාට පිඩාවක් නොවේ නම් පොලිසිය ක්‍රියාත්මක වී ඇත්තේ කුමන නීතියක් යටතේද? පොලිසියට අල්ලස් දීමට මෙම වීඩියෝව තුලින් ජනතාව පොළඹවා ඇත්තේ කෙසේද? මෙම අත්අඩංගුවට ගැනීම නියම කල නිලධාරින් එම තනතුරට සුදුසුද යන්න සොයා බැලිය යුතු අතර පොලිසියට බඳවා ගන්න නිලධාරීන්ට අනිවාර්යෙන්ම මානව හිමිකම් ඇතුලි නිතිය ඉගැන්විය යුතුයි. මෙම නිලධාරීන්ට විරුද්ධව අනිවාර්යෙන්ම උසාවියේ නඩු පැවරිය යුතුයි.

:       160       1549

RaveendraFriday, 04 January 2019 10:59 AM

විදු මයා වෙත, ඔබගේ අදහස්වලට අප ගරු කරන්නෙමු. අපට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය තිබූ පමණින්ම කෙනෙකුට හෝ ආයතනයකට හෝ මොනයම්ම දේකට පරිභව කිරීම, අපහාසාත්මක ලෙස හැසිරීම, උසුළු විසුළු කිරීමට කිනම් නීතියක් යටතේ අයිතියක් තිබේද? මා නොදන්නා නිසා ඔබගෙන් මෙසේ ඇසීමට හෝ විමසීමට කැමැත්තෙමි. අප සරල උදාහරණයක් ගමු. හැම අතින්ම නිදහසක් තියෙනවා යයි කියන මහා බ්‍රිතාන්‍යයේ මහරැජින ඉදිරියේ ඇයගේ මෑණියන්දාට පිං අනුමෝදම් කිරීමට කෙනෙකුට හැකියාවක් තිබේද? ඔබගේ අදහස් අනුව නම් එසේ කිරීමට හැක. ඕනෑම අායතනයක " ඉතාමත්ම අවංකව සේවය කරන නිලදරුවන් " සිටින අතර ඉතාමත්ම නිහින ලෙස ක්‍රියා කරන ජඩ, පාදඩ නිලධාරින්ද සිටිනා බව අප අමුතුවෙන් කිවයුතු නැත යන්න අපගේ හැඟීමයි. ඔබ පුලුවන්නම් ගරු අධිකරණය ඉදිරියේ ඔබගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්න. එවිට ඔබටම තේරුම් ගැනීමට හැකිවේ යයි අප විශ්වාස කරන්නෙමු.

:       263       132

විදුFriday, 04 January 2019 01:57 PM

එංගලන්තයේ රැජින යනුවෙන් කියූ විට එයින් අදහස් කරන්නේ ඔටුන්න යැයි සලකමි. මන්ද රැජින යනු ඔටුන්නට හිමිකම ඇත්තා මිස නීති අත්සන් කරනු ලබන්නේ ඔටුන්නෙන් හිමි බලයෙන් බැවිනි. ඔටුන්නට අපහාස කිරීම අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම වැන්නකි. එයද ඔබ එංගලන්තයේ පුරවැසියෙකුද නැද්ද යන්න මත තීරණය වන කරුණකි. කෙසේ වුවත් ඕනෑම අයෙකුට යමක් සමච්චලයට ලක් කිරීමේ නිදහස ඕනෑම ශිෂ්ඨ සමාජයක තිබෙන නිදහසකි. එවැනි නිදහසක් නැත්තේ පහත් ම්ලේච්ඡ සංස්කෘතීන් හා දැනුම් පද්ධතින් පවතින සමාජ තුල පමණි. සිනහ දනවන අයුරින් සමච්චලයට ලක් කිරීමද කලාවකි. ඔබව සමච්චලයට ලක් කිරීමට අනෙකුකට නිදහස ඇත්තා සේම ඊට විරෝධය පෑමේ නිදහස ඔබටද ඇත්තේය. නමුත් අනෙකෙකුගේ සමච්චලය හේතුවෙන් ඔවුන්ව ශාරීරික වද හිංසා පැමිණවීමට හෝ ඔවුන්ගේ නිදහස අහිමි කිරීමට ඔබට අයිතියක් නැත්තේය. ඕනෑම කෙනෙකුගේ නිදහස තවකෙකුගේ නාසය කෙලවරින් නතර වන බව කියවේ. තවකෙකුගේ භාෂණය හේතුවෙන් කෙනෙකුට අවැඩක් සිදුවේ නම් ඊට එරෙහිව නීති මගින් ක්‍රියා කල හැකියි. එය කළ යුත්තේ උසාවිය මිස පොලිසිය නොවේ. පොදු සේවාවන් ගත් කළ ඒවා සම්බන්ධව මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට දන්නා තරමින් නීතියක් කොහෙවත් නැත.

:       193       328

BamunuarachchiFriday, 04 January 2019 04:52 PM

"සමච්චලයට ලක්කිරීමේ ගැටලුව කුමක්ද?" අහනවා. මේ කෙනා නැවත ඉස්කෝලේ යැවිය යුතුයි. සමච්චලයට ලක්වූ තැනැත්තාගෙන් හොඳ කනේ පහරක් හම්බ වුණාම තේරේවි.

:       443       24

BamunuarachchiSaturday, 05 January 2019 12:28 AM

කතෘතුමනි චූදිතයින්ට අධිකරණයෙන් දීපු තීන්දුවත් පලකරන්න මෙතන පළවූ අදහස් කෙතරම් නිවැරදිද? බලාගන්න. එතකොට සදාචාරය ගැන තමන්ගේ දැනීම තමන්ටම තක්සේරු කර ගන්න පුළුවනි. එ්ත් හබැයි බුද්ධිය තිබෙනවා නම්. නිශ්ප්‍රභා කළානම් මොවුන් කල ක්‍රියාවේ වැරද්දක් නැත. අධිකරණයෙන් අවවාදයක් හෝ කළානම් මොවුන්කර ඇත්තේ වරදකි.

:       2       1

Raveendra Friday, 04 January 2019 05:18 AM

ඕනෑම ආයතනයක " අවංක නිලදරුවන් " සිටිනවා මෙන්ම" වංක නිලදාරීන්" සිටීම නොරහසකි. නමුත් මෙම ක්‍රියාව හිතාමතාම ශ්‍රීලංකා පොලිසියට අපහාස කිරීමක් බැවින් මේ අයට උපරිම දඩුවම් ලැබෙවා !! මෙමගින් පොලිසියේ සිටින " ඉතාමත්ම අවංකව සේවය කරන නිලදරුවන්හට" අපහසුවක් උවානම් අප පුරවැසියන් හැටියට කනගාටු වන්නෙමු.

:       508       258

Dilan Friday, 04 January 2019 05:42 AM

මේ වනේ රටේ සිද්ධවෙන ලොකුම අපරාධ.

:       67       122

කොඩ්ඩා Friday, 04 January 2019 05:46 AM

"මහජනතාව තුළ පොලීසිය පිළිබදව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම"

:       138       105

ලුම්බිණි Friday, 04 January 2019 05:54 AM

පොලිසියට විහිළුවක් තේරුම් ගන්න බැරි හැටි.

:       114       145

vihanga Friday, 04 January 2019 05:54 AM

ඇත්ත කියනකොට පොලිසේ මහත්තරුන්ට අමාරුයි වගේ

:       277       404

karthini Friday, 04 January 2019 06:39 AM

දඩ කොලයක් ලියලා දුන්නනම් හරි !

:       35       10

wimal Friday, 04 January 2019 06:55 AM

ශ්‍රී ලංකා පොලිසිය නැතිනම් අපට වෙන දේ සිතීම වටී. අනික් රැකියා මෙන් නොව ඉතාම දුෂ්කර සේවයක් තමයි මේ අය කරන්නේ. ඔවුන්ගේ මේ සේවය ඇගයීමට ලක් කිරීම කාගේත් යුතුකමක්.

:       169       145

මධුර Friday, 04 January 2019 07:24 AM

මොන මල විකාරයක්ද ? ඩමියක් තිබ්බොත් මිනිස්සු ඔහොම කරනවා තමයි! ඒක බලාපොරෝත්තුවෙන් තමයි තියන්නත් ඕනෙ.

:       145       156

sam Friday, 04 January 2019 08:31 AM

මේ නඩුව උසාවියට ගෙනිහිල්ලා අනාගන්නවා සිකුරුයි. පොලිසිය කියන්නේ නීතිය හා සාමය රැකීමට තියන රාජ්‍ය ආයතනය මිසක් පාරවල් දිගේ රූකඩ අටවන්න හෝ නටවන්න තියන ආයතනයක් නොවේ. මහජන යහපත සඳහා ලිඛිත දැන්වීම් පලකිරීමට (උදා ; 'ප්‍රවේශමෙන් රිය පදවන්න වැනි' වැකි) පාරවල් අයිනේ සවි කලාට මෙවැනි නාඩගම් නීතියට අනුකුල යැයි පෙන්වීම ලේසි වෙන්නේ නැහැ. ඒ විතරක් නොවේ, මේවා නීතියට පටහැනි බවත්, මේ රූකඩ ඉවත් කලයුතු බවටත් තීන්දුවක් නොලැබුනොත් පුදුමයි. පොලිස් රූකඩයක් පාර අයිනේ තබා 'මහජනයා රැවටීමට ලක් කිරීම' මොන චේතනාවකින් කලත් නීතිය ඉදිරියේ එය සාධාරණීකරණය කළ නොහැකි බව මගේ හැඟීමයි

:       21       612

Indre Friday, 04 January 2019 08:45 AM

පොලිසිය කරන්නේ මහ එවුන්ගේ කටු කන එක. නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ කීයෙන් කීදෙනාද? පොලීසියේ පගා ගැහිල්ල හොඳට දන්නවා බස් හිමියෝ... පොඩි වාහන විතරයි එයාලට පේන්නේ වැරදි කරනවා. අනිත් ඒවාට නොදැක්කා වගේ ඉන්නවා. ලංකාවේ පොලීසිය පොලිස් නමටත් නින්දාවක්...

:       1       131

Bandula. Friday, 04 January 2019 09:27 AM

එහෙම පගාව ගන්නේ නැහැනේ නේද? එ් නිසා එ්ක වරදක්..., කාට කියන්නද මේ අවනඩු?

:       1       33

Anura Friday, 04 January 2019 09:33 AM

දැන් එතකොට පොලිසිය අල්ලස් ගන්නෙම නැද්ද?

:       0       48

පිටිගල මිලානෝ Friday, 04 January 2019 09:41 AM

අපෝ... පුදුම රටක්, විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ...

:       92       80

මිලින්ද Friday, 04 January 2019 01:06 PM

නිකමට අහන්නෙ. ඩමියකට නෙවෙයි කෙලින්ම පොලිස් නිලධාරියෙක්ට ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහ කනට ගැහුවම පොලීසියට අපහාස වෙන්නෙ නැද්ද?

:       0       16

anura Friday, 04 January 2019 02:19 PM

පාරේ ඉන්න බල්ලෙක් ඔතැනින් ගියා නම් අනිවාර්යයෙන් එ්කා කරන දෙය අපි දන්නවා. එතකොට මොකක්ද බල්ලට කරන්නේ...?

:       1       53

Nihal Friday, 04 January 2019 07:10 PM

සුළු දෙටක් ,අවවාද කර නිදහස් කරනවා

:       0       3

නාත් රණසිංහ Friday, 04 January 2019 08:21 PM

දැන් එතකොට චිත්‍රපටි, ටෙලිනාට්‍ය, නාට්‍ය වැනි කලා කටයුතු වල තියෙන දේවල් වලටත් නඩු දානවද?

:       0       2

nihal Friday, 04 January 2019 09:52 PM

අහිංසක ජීවිත ලක්ෂ ගණන් බිලිගත් තිස්වසරක කුරීරු ත්‍රස්තවාදී යුද්ධය නිමාකළ මහින්ද මැතිතුමාගේ රුවකට දෙමල ත්‍රස්තවාදීන් සෙරෙප්පු වලින් ගහපු වෙලාවේ එහෙම නීතියක්වත්, විරෝධයක්වත් තිබුනේ නෑනේ..

:       1       14

chandima Saturday, 05 January 2019 02:31 AM

පොලිස් රූපයක් අන්දපු කාඩ්බෝඩ් කෑල්ලකට පොලිසිය කියන්න තරම් අපේ පොලිසියේ ඉන්නේ ගොන්නුද? මේ විදියට ගියොත් අර නාට්‍ය වල ඉන්න පොලිස් නළුවෝ සේරම හිරේ දාන්න වෙනවා. උසාවිය ගැනනම් කියලා වැඩක් නැහැ. කරන දේවල් බලපුවම කින් කැකිල්ලේ මතක් වෙනවා. අපි තවම ඉන්නේ ගල් යුගයේ... ලෝකය ඉන්නේ අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන්. වෙන රටවල නීතිය කියන්නේ සම්මත කර ඇති පනවා ඇති නීතියට විතරයි. කෙනෙක් නීතිය කියා හිතන දේට නීතිය කියන්නේ නැහැ. ඒ නිසා සම්මත වී නොමැති නීති පොතේ නැති දෙයකට කෙනෙකු වරද කරුවකු සේ අත්අඩංගුවට ගන්නේ මොන ම්ලේච්ඡයින්ද? පොලිස්පති අරහේ බයිලා ගහනවා, ගෝලයෝ මෙහෙ පිස්සු කෙලිනවා.

:       0       5

chathura Saturday, 05 January 2019 02:37 AM

නිකන්ද පොලිසියේ ඉන්නේ හරක් කියන්නේ? ...

:       0       4

isurandi Saturday, 05 January 2019 05:38 AM

වැඩේ කැතයි ඔය කියන නිදහස, අයිතිය මොන දේ තිබ්බත් නැතත්...

:       0       0

chathu Monday, 07 January 2019 06:53 AM

එහෙනම් කොස්තාපල් පුඤ්ඤසෝම වගේ චිත්‍රපට වලටත් නඩුදාන්න ඕනෑ..

:       0       2

Kumar Tuesday, 08 January 2019 05:45 PM

දැන් ඉන්න පොලිස්ලෝක්කො ඉස්සර හිටියානම් අර " සර්ගොයිය හරිමිනිහ " කියාන සින්දුව චිත්‍ර පටිගතකල අයට හිරේ යන්න වෙන්නෙ.

:       0       0

SUSA Saturday, 12 January 2019 08:44 AM

ලංකාවේ කෝලම් සම්ප්‍රදායේ පොලිස් කෝලම කියල එකකුත් තියනවා දැන් එක නැටුවත් හිරෙදානවද?.

:       0       0

ajith Sunday, 13 January 2019 03:35 PM

අපේ රටේ නීතිය බල්ලට ගිහිල්ලා. පොලිසිය බල්ලට ගිහින් නෙවේ... බල්ලා පොලිසියට ගිහින්... ලෝකේ අනිත් රටවල ඔය වගේ දේවල් කරන්න ඕන තරම් නිදහස තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ට ඒකවත් නැහැ. මේවට වග කියන්න ඕනෑ ගොන් දේශපාලකයින්...

:       1       0

GayanTuesday, 15 January 2019 12:34 PM

එතකොට රටේ ජනාධිපතිට අපහාස කරන කී දෙනෙක් මේ වනවිට අත්අඩංගුව ගත්තාද කියා අහන්න කැමැති

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 96 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 59 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 143 2

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 20 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1845 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 524 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site