(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක රදගුරුතුමෝ අද (17) පැවසූහ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයකින් කරුණු හෙළිදරව් කිරීම මගින් මහජනතාවගේ විශ්වාසය වඩාත් තහවුරුවනු ඇතැයිද රදගුරුතුමෝ සඳහන් කළහ.
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී රදගුරුතුමෝ මේ බව පැවසූහ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ සහ තේරීම් කාරක සභාවේ පරීක්ෂණ වාර්තාවන් තවම ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කළ රදගුරුතුමෝ කිසිඳු දේශපාලන පක්ෂයකට සම්බන්ධයක් නොමැති ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් ඒ සඳහා පත් කරන්නැයිද ඉල්ලා සිටියහ.
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාස්කු ප‍්‍රහාරය ගැන හොයන්න ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්න
විජිත් Wednesday, 17 July 2019 05:29 PM
ස්වාධීන පරීක්ෂණ මණ්ඩල කොහෙද මෙහෙ? මෙහෙ ඉන්නේ එක එක හොර දේශපාලකයන්ගේ බත් බැලයන් පමණයි.
සේන Thursday, 18 July 2019 05:53 AM
දැන් අර එක පරීක්ෂණ මණ්ඩලයක් මාධ්‍ය ඉදිරියේම සියලු ත්‍රස්තවාදීන්ට සුදුහුණු ගානවනේ... මේ පරීක්ෂණ මණ්ඩලයෙන් අන්තිමට සහරාන් ඇතුළු ඒ තිරිසනුන් ටිකට ජීවිත වන්දියක් අනුමත කරාවි...