IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නිශ්ශංක සේනාධිපතිගේ ඇප අයැදුම ප‍්‍රතික්ෂේප වෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට ඇප ලබාදීම ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (08) ප‍්‍රතික්ෂේප කළහ.

නිශ්ශංක සේනාධිපති මහතා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටින හෙයින් එම නියෝගය ප‍්‍රතිශෝධනය කිරීමට තරම් කරුණු ඉදිරිපත්ව නැති බව තීරණය කරමින් සේනාධිපති මහතාට ඇප ලබාදීම විනිසුරු මඩුල්ල විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී.

මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුට ඇප ලබාදීම ඒකමතිකව ප‍්‍රතික්ෂේප කරන ලදී.

නීතීපති දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරන ලදී.

චෝදනා 7573 ක් යටතේ විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක මෙවැනි අධිචෝදනා ප‍්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත්තේ ප‍්‍රථම වතාවටය.

මෙම සිද්ධිය හේතුවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

2014 අපේ‍්‍රල් 07 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ලඟ තබාගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැතිව ලඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප‍්‍රවාහණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් විසින් සිදු කොට ඇති බව නීතීපතිවරයා විසින් චෝදනා පත්‍රයේ සඳහන් කොට ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ‘ඇවන්ට් ගාඩ්’ සහ ‘රක්නා ලංකා’ සමාගම්, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 නොවැම්බර් සිට 2015 ජනවාරී) හිටපු සභාපති පාලිත ප‍්‍රනාන්දු, ‘රක්නා ලංකා’ සමාගමේ (2007 ජුලි සිට 2015 මැයි) හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කරුණාරත්න බණ්ඩා එගොඩවෙල, ‘රක්නා ලංකා’ සමාගමේ සමුද්‍ර ආරක්‍ෂණ අංශයේ සාමාන්‍යධාරීකාරි පොන්නතුරෙයි බාලසුබ‍්‍රමනියම් පේ‍්‍රමචන්ද්‍රන්, ‘රක්නා ලංකා’ සමාගමේ (2015 මැයි සිට) සභාපති වික්ටර් සමරවීර, ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ සිටි ‘රක්නා ලංකා’ සමාගමේ නියෝජිත දොන් ඇල්බට් තිලකරත්න, ‘ඇවන්ට් ගාඩ්’ සමාගමේ සභාපති යාපා හෙට්ටි පතිරැන්නැහැලාගේ නිශ්ශංක සේනාධිපති, ‘ඇවන්ට් ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමේ වාණිජ නෞකා ආරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අංශ ප‍්‍රධානි විශ්වජිත් නන්දන දියබලනගේ, ‘එම්.වී. ඇවන්ට් ගාඩ්’ නෞකාවේ සිටි ‘ඇවන්ට් ගාඩ්’ සමාගමේ නියෝජිත නිලූපුල් ද කොස්තා, ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ කපිතාන් ගෙනඩි ග‍්‍රැව්රිලෝන්, ආරක්‍ෂ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (2015 සැප්තැම්බර් සහ ඔක්තොම්බර්) සමන් දිසානායක සහ සුජාතා දමයන්ති ජයරත්න ආරක්‍ෂ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (2014 අපේ‍්‍රල් සිට 2015 ජනවාරී) නමැති විත්තිකරුවන් 13 දෙනාය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ‘ඇවන්ට් ගාඞ්’ සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර නඩුවේ සෙසු විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ 07 වැනි විත්තිකාර ‘ඇවන්ට් ගාඞ්’ සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා ඇතුළු මෙම නඩුවේ කිහිපදෙනෙකු විදේශගත වන විට අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් පසුගිය ජුලි මස 08 වැනිදා නියෝගයක් නිකුත් කොට ඇතත් මහෙස්ත‍්‍රාත්වරයාගේ නියෝගය වැරදීමකින් සටහන් වීම නිසා තම සේවාදායකයා ලංකාවට පැමිණීමේදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කීය.

තම සේවාදායකයා ලංකාවට පැමිනීමේදී රහස් පොලිස් නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගැනීම නිතීවිරෝධී බවත් කොදු නාරටියේ ආබාධයක් ඇතුළු රෝගී තත්වයන් කිහිපයකින් පෙළෙන තම සේවාදායකයාට ප‍්‍රතිකාර ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලට නිතිපතා ගෙන යෑම නිසා ඔහුගේ රෝගී තත්වය වැඩිවී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා රිමාන්ඞ් බාරයට පත් කොට සිටින තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරු සම්බන්ධයෙන් කරුණු ඇතුලත් පිටු 529කින් යුත් මෝෂන් පත‍්‍රයක් තමන්ට ලබා දී ඇතැත් එහි කිසිදු තැනක පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදා නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරු රිමාන්ඞ් බාරයට පත් කිරීම පිළිබඳව කරුණු ඇතුලත් කොට නැතැයි කීය.

නඩුවේ 07 වැනි විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදා අළුයම ලංකාවට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන මෙම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා  විනාඩි 50කට අධික කාලයක් පුරා කරුණු ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටියත් මෙම අධිකරණය ඒකමතිකව එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කොට නඩු විභාගය අවසන් වනතුරු ඔහු රිමාන්ඞ් බාරයට පත් කළේ යැයි කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එසේ තිබීයදී අද මෙ විත්තිකරු වෙනුවෙන්ම වෙනත් නීතීඥවරයකු ඉදිරිපත් වී පැයකට අධික කාලයක් පුරා කරුණු ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටින්නේ යැයි පැවසීය.

නීතීඥවරු මාරූ කරමින් එකම කරුණු පැවසීම මෙම නඩුවේ විභාගයට බාධාවක් බවත් එය කාලය කා දැමීමක් බවත් මේ වන විට නඩුවේ 07 වැනි විත්තිකාර නිශ්ශංක සේනාධිපති නමැත්තා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඞ් බාරයට පත් කිරීමේ තීරණය විනිශ්චිත බවත් පැවසු දිලීප පීරිස් මහතා සෑම දිනකට එකම කරුණු වලට අවධානය යොමු කිරීම අධිකරණයේ වටිනා කාලය කා දෑමීමක් යැයිද එම කරුණු වලට අවධානය යොමු නොකොට දැන් ඇත්තේ නඩුවේ ඉදිරි කටයුතු කරගෙන යෑම යැයිද පැවසීය.

මේ අවස්ථාවෙදී යළිත් වරක් අධිකරණය ඇමතූ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතීපති දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය ඇමතීමට තමා ගත් කාලය ප‍්‍රශ්න කරන්නේ කෙසේදැයි විමසීය.

අධිකරණය ඇමතීමට මා ගත් කාලය ප‍්‍රශ්න කිරීමට මොහු කවුරුන්දැයි විමසු ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ක‍්‍රියාකලාප පිළිබඳව නීතීපතිවරයාට දැනුම් දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නඩුවේ විත්තිකාර පාලිත ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් නේපාලයේ කත්මන්ඩු නුවර ලබන 30 වැනිදා සිට දෙසැම්බර් මස 11 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු මළල කී‍්‍රඩා උළෙලට සහභාගී වන ලෙස තම සේවාදායකයාට ඇරයුම් ලැබී ඇති හෙයින් ඒ සඳහා සහභාගී වීමට ඔහුට විදේශගත වීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

මෙම නඩුවේ විත්තිකරුවකු වන ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ කපිතාන් ගෙනඩි ග‍්‍රැව්රිලෝන් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් රෝගී තත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහුගේ මව්රට වන යුක්රේනයට යෑමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

සියළු පාර්ශවයන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල සවස 5.10ට පමණ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතාට ඇප ලබාදෙන්නැයි කළ ඉල්ලීම ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළේය.

එමෙන්ම විත්තිකාර පාලිත ප‍්‍රනාන්දු මහතා ආසියානු මළල කී‍්‍රඩා උළෙලට සහභාගී වීමට විදේශගත වීමට කළ ඉල්ලීම මෙන්ම විත්තිකාර ගෙනඩි ග‍්‍රැව්රිලෝන් නමැත්තාට ප‍්‍රතිකාර ගැනීමට යුක්රේනයට යෑමට අවසර ඉල්ලීමද විනිසුරු මඩුල්ල ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළේය.

මෙම නඩුව ලබන දෙසැම්බර් මස 03 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල රිමාන්ඞ් බාරයට පත් කොට සිටින විත්තිකරු එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජේෂ්ඨ රජයේ නීතීඥ නදී සුවඳුරුගොඩ, ශක්ති ජාගොඩආරච්චි, තිවංක ආටිගල, ප‍්‍රභාත් දිසානායක යන මහත්ම මහත්මීන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.

 

 

 



අදහස් (9)

නිශ්ශංක සේනාධිපතිගේ ඇප අයැදුම ප‍්‍රතික්ෂේප වෙයි

Mahee Friday, 08 November 2019 02:52 PM

ඒ වගේ දේවල්වලදී සල්ලි විසි කළ හැකිවීම හෝ වාචාලකම පමණක් ප්‍රමාණවත් නැහැ කියලා හොඳටම තහවුරු වුණා...

:       84       777

බද්රානිFriday, 08 November 2019 09:30 PM

ඔවුන්ට දේශපාලන වාසියක් ගන්න මොහුව පාවිච්චි කළා. මොහු කොහොමත් දක්ෂයෙක්. රටකට මෙවැනි පුද්ගලයෙකුගෙන් සේවයක් ලබා ගැනීම වෙනුවට, මොහුට සොච්චමක් දී, රාජ්‍ය බලය අනිසි ලෙස යොදාගෙන මුදල් හම්බ කළ පුද්ගලයා තවමත් නිදැල්ලේ... මොකක්ද මේ රටේ නීතිය?

:       2       618

GotaSaturday, 09 November 2019 10:40 PM

මේකෙන් මෙයාට ලැබුනේ සොච්චමලු. හොයලා බලන්න.

:       0       0

Cisco Friday, 08 November 2019 03:54 PM

දිල්රුක්ෂි මැඩම්ගේ දුරකථන සංවාදය මේකට අදාළම නැතිද?

:       58       191

ranjith Saturday, 09 November 2019 02:01 AM

රටේ නාවික හමුදාව කරන්න තිබුණු දේවල් පුද්ගලික සමාගම කරන එක හරිද? සල්ලි නිසා මේ ඔක්කොම ජනතාව ගොනාට අන්දවාගෙන කරපු දේවල් තමයි මේවා..

:       95       494

Lion Saturday, 09 November 2019 03:39 AM

නඩු ඔක්කොම ඇහෙනවා නියම විදියට අරයා පැරදුණොත්... නැත්තම් නිදොස්කොට නිදහස් කරමි. තීන්දුව 16 වැනිදා...

:       37       1044

suranjith Saturday, 09 November 2019 06:35 AM

රටේ නාවික හමුදාව මෙය මෙහෙය වනවිට ඉපැයූ ධනය යන්නේ රටේ ජනතාවටයි. මේ හොරු රැල කරේ එය පුද්ගලයන් දෙතුන් දෙනෙක් සමග එකතු වී පුද්ගලික සමාගමක් ඇති කර තමන්ගේ සාක්කු වලට දමා ගැනීමයි.

:       66       465

sena Saturday, 09 November 2019 09:15 AM

තව එක සුමානයක්නේ... ඔන්න ඔහේ ඇතුළට වෙලා ඉන්න සර්

:       1       3

NaheeSaturday, 09 November 2019 12:55 PM

ඒ කියන්නේ රටේ ජනතාවට හිමිවිය යුතුව තිබුණු ජාතික ධනය පුද්ගලික සාක්කුවට දා ගැනීමේ ක්‍රමය සකස්කළ මහමොලකරු ඇවිත් මෙයාව නිදහස් කරනවා කියන එකද, සේන? මට දුක ඔබ වගේ හිතන අය ඉන්න තාක් කල් අනේ අපේ රට කවදාවත් ගොඩ එන්නේ නෑ නේද කියලා හිතෙනකොටයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 52 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 155 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 731 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 82 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 251 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 240 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site