(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය පරිපාලන චක්රලේඛනයට අනුව නිල මට්ටමින් වාහන හිමිකම් ඇති නිලධාරීන්ට එක් වාහනයක් වන පරිදි වෙන්කර තියෙන වාහන හැර රජයේ අනෙකුත් සියලුම වාහන ඡන්ද විමසීමේ කටයුතු සඳහා ලබාදිය යුතු යැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ඉකුත් 30 වැනිදා විශේෂ චක්‍රලේඛයක් යවමින් මෙම දැනුම් දීම කර තිබේ.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සතු මනා ධාවන තත්ත්වයකින් යුත් සියලුම වාහන පිළිබඳ විස්තර චක්‍රලේඛය ලැබී සති දෙකක් ඇතුළත ලබා දෙන්නැයි එම චක්‍රලේඛය මගින් උපදෙස් දී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන මහනගර සභා බල ප්‍රදේශවල සහ සෙත්සිරිපාය 1 හා 11 සුහුරුපාය යන කාර්යාල සංකීර්ණයන්හි පිහිටි කාර්යාලවල වාහන පිළිබඳ විස්තර මැතිවරණ කොමිසන් සභාවේ අධ්යක්ෂ ලේකම්වරයා වෙතද කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවල පිහිටි රජයේ කාර්යාලයන්හි වාහන පිළිබඳ විස්තර කොළඹ මැතිවරණ කාර්යාලයන්ට ද අනෙකුත් දිස්ත්‍රික්කවල පිහිටි රජයේ කාර්යාලයන්හි වාහන පිළිබඳ විස්තර අදාළ දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවලටද ලබාදෙන්නැයිද එම චක්රලේඛයෙන් උපදෙස් දී ඇත.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නිලධාරියකුට එක් වාහනයක් තියාගෙන අනෙක් වාහන මැතිවරණ රාජකාරිවලට ඉල්ලයි
Raveendra Wednesday, 11 September 2019 04:55 PM
පිස්සුද? එතකොට කොහොමද ගෙදර උන්දැලා, භාර්යාව.. නැහැ.. නැහැ සමාවෙන්න "ආර්යාව...ආර්යාව " පොල්ගෙඩියක්, සීනි 100 ග්‍රෑම් තේ කොල 50 ග්‍රෑම් වගේ බඩු ගේන්න කඩේ යන්නේ. පයින් යන්නද කියන්නේ? නැත්නම් පාරේ බස් එකේ යන්නද කියන්නේ... පොඩ්ඩක් කල්පනා කරන්නකෝ අපේ තත්වේ..? එහෙම පාරේ බස්වල යන්න පුලුවන්ද අපේ ආර්යාවන්ට හලෝ...
chandima Wednesday, 11 September 2019 10:40 PM
ඔන්න ඡන්දෙ තියෙන ගුනේ පේනවා නේද? දැන් ඉඳන් ඡන්දෙ ඉවර වෙනකල්, වැවක් කඩාගෙන ගියත් නිලධාරීන් එවන්නේ නැහැ,... වාහන නැති නිසා. ඊට වැඩියෙන් රටට ප්‍රයෝජනවත් මේ මැතිවරණේ..
සිරිබිරිස් Friday, 13 September 2019 01:37 AM
නිලධාරියෙකුට එක් වාහනයක් තියාගෙන අනෙක් වාහන මැතිවරණ රාජකාරි වලට ඉල්ලයි. බලන්නකෝ කාර්යාලයක නිලධාරීන් කොපමණ ඉන්නවද කියලා. එ් නිසා අපිට වාහන තියෙන්නේ ටිකයි.. නිලධාරීන් මෙපමණයි. තව වාහන දෙන්න නොකිව්වොත් තමයි පුදුමේ...