IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නියම කළ බෙහෙත දෙන්න නොසිටි හෙදිය මරණ පරීක්‍ෂණයට කැඳවයි

විනීතා එම් ගමගේ

හෙද වර්ජනයක් අතරතුර වෛද්‍යවරයා නියම කළ ඖෂධ ලබාදීමට හෙදියන් නොමැති වීමෙන් නිසි පරිදි ප්‍රතිකාර නොලැබ තම බිරිඳ මියගියේ යැයි කාන්තාවකගේ මරණ පරික්ෂණයේ දී සැමියා සාක්ෂි දීමෙන්  පසු කොළඹ නාගරික හදිසි මරණ  පරික්ෂක මොහමඩ් අෂ්රොෆ් රූමි මහතා එකී කාන්තාවගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක් දෙමින් අදාල වාට්ටුව භාර හෙද නිලධාරිනිය පරික්ෂණය සඳහා කැඳවන ලෙස පොලිසියට නියෝග කළේය.

ගම්පහ අකරවිට ජාඇල පාරේ කුණමා හැන්නැදිගේ ඉරෝෂා දිල්රුක්ෂි නමැති 45 හැවිරිදි පෙර පාසල් ගුරුවරියගේ මරණය පිලිබඳ  පරික්ෂණයේ දී මෙසේ විවෘත තීන්දුවක් දෙනු ලැබීය.

ඇය රෝහල් ගතකර සිටිය දී හෙද වර්ජනයක් ආරම්භ වූ බවත් 26 වැනිදා සවස හෙද වර්ජනය අවසන් බව නිවේදනය වුවත් හෙද හෙදියන් වැඩ ආරම්භ කරනු ලැබුයේ පසුදින උදෑසන බවත් ඇගේ මරණය පිළිබඳව කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂන උසාවියේ ඉකුත් 28 දා පැවැති පරික්ෂණයේ දී මියගිය අයගේ සැමියා වන යාපා අප්පුහාමිලාගේ දොන් සුමිත් ප්‍රියන්ත තුෂාර යාපා (49) මහතා කියා සිටියේය.

සුමිත් ප්‍රියන්ත මහතා සාක්ෂි දෙමින් මෙසේ ද කියා සිටියේය.

“ ගියවසරේ අගෝස්තු මාසයේ දී බිරිඳගේ ඇස් පෙනෙන්නෙ නැතිව ගියා. ඒ ගැන වෛද්‍යවරු බොහෝ දෙනෙකුගෙන් ප්‍රතිකාර ගත්තා. අසනීපයක් නැති බව කිහිපදෙනෙක් කිව්වා.

අවසානයේ ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතාට පෙන්නුවා. සැත්කමක් කළ යුතු බව එතුමා කිව්වා. ඒ අනුව ආසිරි සෙන්ට්‍රල් රෝහලේ දී සැත්කමක් කළා. 20 දා ගෙදර ගියා. 21 ඇවිත් රිපෝට් පෙන්වන්න කී නිසා ඇවිත් වෛද්‍යවරයා වෙත වාර්තා පෙන්නුවා. එවිට එතුමා කීවේ එදිනම රෝහල් ගත කරන්න කියලයි. නමුත් ලක්ෂ 20 ක් විතර යන බව කී නිසාත් එතරම් මුදලක් මා සතුව නැති නිසාත් එහි නතර කරන්න බැරි බව මා කීවා.

එවිට වෛද්‍ය සෝමසුන්දරම් මහතාට කථා කොට එතුමා ගෙන් ලිපියක් ලබා දී ජාතික රෝහලේ වාට්ටුවකට ඇතුල් කරන්න  කටයුතු කලා. ඒ 21 වැනිදායි.

ඇය දිගටම රෝහලේ සිටියා. හෙද වර්ජනය නිසා බෙහෙත් හරි ආකාර ලැබුණේ නැහැ. බෙහෙත් තිබුණෙත් නැහැ. දොස්තර මහතා නියම කළ බෙහෙත සොයා ගන්න හම්බවුණේ නැහැ. දවස් දෙකක් වර්ජන තිබුණා. එය අවසන් වුණේ 26 හවස. නමුත් හෙදියන් වැඩට ආවේ 27 උදේ. එතකල් ක්‍රමානුකූලව ඇයට ප්‍රතිකාර සහ බෙහෙත් ලැබුණේ නැහැ. ඇය 28 පාන්දර මිය ගියා. ”

මේ පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි දිල්හානි අමරසිංහ මහත්මිය  විසින් සිදුකළ අතර ඇය වැඩිදුර පරික්ෂණ කරන බව සඳහන්ව තිබිණි.

ඉදිරිපත්වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සළකා බැලූ මරණ පරික්ෂකවරයා වැඩිදුර පරික්ෂණය මේ මස 25 වැනිදාට කල් තැබු අතර අදාල වාට්ටුව භාර හෙද නිලධාරිනිය එදිනට ගෙන්වන ලෙස නියම කළේය.

 



අදහස් (14)

නියම කළ බෙහෙත දෙන්න නොසිටි හෙදිය මරණ පරීක්‍ෂණයට කැඳවයි

ජයරත්න Friday, 12 April 2019 09:01 AM

වර්ජනය සංවිධානය කළඅය සහ හෙදිය වසර දහයක් වත් හිරේ විලංගුවේ වැටේවා!

:       156       1655

Nuwan Friday, 12 April 2019 02:03 PM

බල ලෝභී මෝඩ පාලකයෝ සහ මොට්ට වෘත්තීය සමිති මේවාට වග කියන්න ඕනෑ. තියෙන ලොකුම කණගාටුව හෙද සංගමේද කොහෙද? ස්වාමීන් වහන්සේ නමක් සිටීම.. බෞද්ධ දර්ශනයට පටහැනි දේවල් එළිපිට කරනකොට අන්‍යාගමිකයෝ හූ තියන එක අහන්නත් දෙයක්ද...?

:       0       0

sarath perth Friday, 12 April 2019 02:04 PM

අනියම් මිනීමැරුමකට සහසම්බන්ධ වූ හෙදියන්ට සිපිරිගේ ලගින්න වෙයිද?

:       0       236

ආර්.එම.එල් රත්නායක Friday, 12 April 2019 02:36 PM

මේ වර්ජනය මෙහෙයවපු චීවර ධාරියාගේ සිවුර ගලවලා දාන්න ඕනෑ. මිනිස් ජීවිතවල වටිනාකම් නොදන්නා අය. බුද්ධාගමත් එපා වෙන්නේ මේ නිසයි. මරණයට මුහුණ දුන් අය තමා ඒකෙ වේදනාව දන්නේ...

:       82       1408

Sapumal.Saturday, 13 April 2019 02:09 AM

රත්නායක මහතාගේ කතාව සහතික ඇත්ත. මේවා ගැන වගකිවයුතු අය තද නින්දේ.

:       0       120

ගිහාන් Friday, 12 April 2019 03:25 PM

මොන පරීක්ෂකවරයා මොනවා කීවත් අප රටේ වෛද්‍යවරු සහ අනිකුත් වෘත්තිකයන්ගේ නොසැලකිල්ල නිසා මිය ගිය කිසිවෙක් සඳහා වන්දියක් වත් ගෙවා නෑ. අර්සකුලරත්න නැමැති නීතිඥ මහතා විතරයි එහෙම වන්දි ලබාගත්තේ. තම මියගිය දියණිය වෙනූවෙන් .

:       56       247

සනාSaturday, 13 April 2019 05:59 AM

එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභා කලා.

:       23       110

ලසන්ත Saturday, 13 April 2019 12:49 AM

මෙවැනි සිද්ධිවලදී හෙදිය අසරණයි. ඇය එයට මෙහෙයවූ සංවිධානය වැරදි බවයි මම හිතන්නේ කවුරු වැරදි වුනත් එයට සම්බන්ධ සියලුම දෙනා ජාතිජාතිත් ඒවාට වන්දි ගෙවාවි

:       87       178

රුවන් Saturday, 13 April 2019 03:24 AM

වෘත්තිය සමිති නායකයත් කැඳවන්න ඕන

:       0       174

de silva Saturday, 13 April 2019 05:54 AM

උතුරේ අවා කල්ලිය මෙවැනි අසාධාරණ වැඩ වර්ජන, නවක වදය වැනි දේවල් වලට මැදිහත් වෙනවා. රජයට මේවා මර්ධනය කරන්න බැරිනම් පගා ගහන නිලධාරීන්ට, දුෂිත පොලිස් නිලධාරීන්ට, හොර දේශපාලකයන්ට විරුද්ධව සටන් වැදීමට අපිටත් මෙවැනි කල්ලියක් හදාගන්න කාලය පැමිණ ඇත

:       0       511

BamunuarachchiSaturday, 13 April 2019 09:37 AM

සිංහලයින්ට එවැනි දෙයක් කිරීමට බැරිය.

:       130       74

ruwanMonday, 15 April 2019 02:10 AM

සහතික ඇත්ත. මුලින්ම කරන්නේ ඕකේ නිල තල වලට මරා ගන්නවා. ඊට පස්සේ නිල තල ගත්ත උදවිය දේශපාලකයින්ගේ හෙන්චයියෝ වෙනවා. එතනින් සංවිධානය ඉවරයි.

:       0       4

BamunuarachchiSaturday, 13 April 2019 09:45 AM

ආවා කල්ලිය එල්ටීටී දෙවන පියවරයි. ඔවුන්ගේ පළමු පියවර දෙමල ජනතාවගේ සිත්දිනා ගැනීමයි. ඔවුන් දැන් කාර්ය කරගෙන යනවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමයට

:       263       52

ruwanSunday, 14 April 2019 08:23 AM

මමත් එකගයි ඔබේ තීරණයට එහෙම දෙයක් දැන් දැන් අවශ්‍යයි අපටත්

:       1       9

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 62 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 25 3 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 96 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 505 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 426 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 152 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site