IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නැගෙණහිර ආණ්ඩුකාරයා මල්මාලා - උපහාර සළු එපා කියයි

(අමදෝරු අමරජීව)

නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත තුළ පවත්වනු ලබන රාජ්‍ය උත්සව වලදී ආණ්ඩුකාරවරයා පිළිගැනීම සඳහා මල්මාලා පැලදවීම, උපහාර සළු පැලදවීම හා සමරුතිලිණ ලබාදීම නවතාලමින් ආණ්ඩුකාර කාර්යාලය පළාත් රාජ්‍ය ආයතන වෙත නිවේදයක් නිකුත් කර තිබේ.

නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්,අමාත්‍යාංශ සියලු ලේකම්වරු ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ආණ්ඩුකාර ලේකම් අසංක අබේවර්ධන මහතාගේ අත්සනින් යවා ඇති ලිපියේ මේ බව දන්වා තිබේ.

අදාල නිවේදනයෙන් තවදුරටත් දැක්වෙන්නේ ආණ්ඩුකාර ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ලබාදුන් උපදෙස් අදාල පිළිගැනිමේ උත්සවවලදී මල්මාලා පැලදවීම,උපහාර සළු පැලදවීම හෝ සමරු තිලිණ ලබාදීම නොකරන ලෙසය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ආණ්ඩුකාර ලේකම් අසංක අබේවර්ධන මහතා පැවසුවේ ආණ්ඩුකාරවරයා ලබාදුන් උපදෙස් මත අදාල නිවේදනය සියලු පළාත් රාජ්‍ය ආයතන වෙත දැනුම් දුන් බවයා.

අදාල උපදෙස් අනුව කටයුතු කරන්නැයි විශේෂ නිවේදනයේ දන්වා ඇති බවද ආණ්ඩුකාර ලේකම්වරයා කීය.



අදහස් (14)

නැගෙණහිර ආණ්ඩුකාරයා මල්මාලා - උපහාර සළු එපා කියයි

smn Friday, 15 February 2019 04:48 PM

ආයෙත් කොච්චර කාලයකට කියලා ඔතැන වැජඹෙන්නද?

:       94       92

Raveendra Friday, 15 February 2019 04:55 PM

ඇති යාන්තම් එක්කෙනෙක් හෝ වැඩේ පටන් ගත්තා. ඇත්තෙන්ම මෙය වියයුතුව තිබුනේ දශක ගණනකට පෙරයි. පමාවී හෝ මෙම මහජන මුදල් නාස්තිය අඩුතරමින් එක් අයෙකුවත් තේරුම් ගැනීම ඉතා අගනේය. "දියවන්නා ඔය පිස්සන් කොටුවේ පිස්සන් 225ටත් " මෙය ආදර්ශයක් වේවා...!!! මෙම අදහස් කියවීමට වාසනාව ලැබේවා...!!!

:       1543       1228

chandima Friday, 15 February 2019 05:52 PM

ඡන්දෙ ළඟයිනේ. එ්කයි. ඡන්දෙ ඉවර වුණාම පහුගිය එව්වටත් එක්කල අල්ලයි.

:       91       2517

hesa Friday, 15 February 2019 08:36 PM

එහෙම තමයි කලෙත් රට භාර ගත් දවසෙත්

:       0       78

nihal Friday, 15 February 2019 11:10 PM

එතකොට සිංහ කොඩියක්වත් එපාද...?

:       0       86

BamunuarachchiSaturday, 16 February 2019 11:07 AM

සිංහ කොඩිය උස්සන්නේ දේශපාලකයා පිළිගන්න නොවෙයිනේ හලෝ. එතෙන කෙරෙන කටයුත්ත රාජ්‍ය කටයුත්තක් බව පෙන්වීමටනේ.

:       5       9

රවින් Saturday, 16 February 2019 03:08 AM

පිස්සුද? මේ බයට... දේශපාලකයන් කරන ජඩවැඩ හින්දා මැරෙන්න බයයි. ලෝකයේ හැමතැනම තියනවා ඔය කියන මල්මාලා, සළු සමරු තිළිණ එක්ක වසවිස එවලා...

:       0       104

Hafeel Saturday, 16 February 2019 03:21 AM

නිකම් බොරු සෝබන එපා. මෙයාගේ පුතාට එරෙහිව නඩුවක් යනවනේ... වාලච්චේන පූනානේදී ඉදිකරන විශ්ව විද්‍යාලයෙන් යන්ත්‍ර, උපකරණ පැහැර ගෙන ගියා කියලා. මල්මාලා නොවේ කතාව... බොරු නිරීක්ෂණ චාරිකා, නිල නිවාස ඇතුළු අනවශ්‍ය වියදම් සීමා කරන්න.

:       0       99

BamunuarachchiSaturday, 16 February 2019 11:04 AM

හලෝ අදාළ පොයින්ට් එකට කතා කරන්නකෝ... අපිටත් මේ සම්බන්ධව ඔබේ වටිනා අදහස් දැනගන්න.

:       25       2

sandy123 Saturday, 16 February 2019 05:10 AM

මේවා හොඳ වැඩ. නමුත් මේවා හුදු දේශාපලන රඟපෑම් විතරමයි. රුපියලක් අඩුකර රුපියල් සියයක් වැඩි කර ගනීවි. අපි දන්නේ නැත්ද අම්බරුවන්ගේ තරම...? වන්දි භට්ටයොත් "ෂා" නියම ආණ්ඩුකාරවරයා කියන්න එපාද? කුහකත්වයෙන් කියනවා නොවෙයි. මේවා ජනමාධ්‍යයේ ප්‍රචලිත කරන්න තරම් දේවල් නොවෙයි.

:       0       36

Bamunuarachchi Saturday, 16 February 2019 11:01 AM

ඇත්තටම මොන බම්බුවකටද මේ රටේම ඉන්න දේශපාලකයින්ව අපි මල්මාලා දාලා පිළිගන්නේ? උන්ටම තේරෙන්නේ නැද්ද ඒක ගොනාට අන්දීමක් කියලා. අනික රජයේ සේවකයින් වගේ ඔවුනුත් කිසියම් ස්ථානයකට යන්නේ තමන් කිරීමට නියමිත කාරියක් කිරීමටය. එසේනම් මොන බම්බුවකටද බෙර ගහලා නැට්ටුවෝ සමග වඩම්මාගෙන යන්නේ? ඉස්ලාම් ආගමට අනුව මෙවැඩ "හරාම්" නිසා මේ ආණ්ඩුකාරයාට මෙවැනි පිළිගැනීම් ලෙහෙසියෙන් ඉවත දමන්න පුළුවන්. සිංහල දෙමල දේශපාලක ගොයියෝ තමයි මෙහෙම ලෙහෙසියෙන් අන්දන්න පුළුවන්...

:       0       20

විනිතා Saturday, 16 February 2019 04:12 PM

කවුරුහරි හොඳ වැඩක් කරනවා නම් පිළිගන්න, බොරුවට කෑගහන සමාජයක් මේ සමහර අදහස් දාන අය

:       1       3

චිත්‍රානන්ද Sunday, 17 February 2019 12:04 AM

යමක් කිරීමට උත්සහ කිරීම කිසිවක් නොකර සිටීමට වඩා අගනේය. මේ බව නොදන්නා අය විවේචනය පමණක් තම ස්ලෝගනය බවට පත්කරගෙන සිටින අයුරු දැක ගත හැක.

:       0       0

sandy123 Sunday, 17 February 2019 05:12 AM

විනිතා, ඔබ හරි. හොද වැඩක් නම් අපි ප්‍රශංසා කල යුතුයි. ඒකේ දෙකක් නැහැ. නමුත් අපේ රටේ දේශපාලකයන් ගැන දශක ගණනාවක් තිස්සේ සාමාන්‍ය ජනතාව වන අපිට ඇති වැටහීම සුළුවට තකන්න බැහැ. දේශපාලකයෙක් කිව්වම අපිට මුලිකවම මතක් වෙන්නේ කුමක්ද? හොර කම හෝ අනුබල දීම, කපටි කම, මැරකම්, චන්ඩිකම යන එකී නොකී දෑ සමග ගෙවන සුපිරි ජීවිතය ගැන නොවේද? හොද දෙයක්, හොද ක්‍රියාවක් නිකමටවත් මතක් වෙනවද? කීයෙන් කී දෙනාද දේශපාලනය ගැන කතා කරන්න කැමති. ජනතාවට එතරම්ම දේශපාලනය එපා වෙලා. අපිටත් මටත් එපා වෙලා තියෙන්නේ. නමුත් අපි අපේ රටට ආදරය කරන නිසා යම් කිසි අදහසක් දානවා. එය වැරදි කෝණයෙන් බලන්න එපා. ඕනෙම දෙයක විවේචන කරන තරමටම එයට තියෙන ජනතා ආකර්ෂණය වැඩියි. අපි අපේ රටට තියන ආදරය සහ හැගීම මේ දේශපාලකයන්ටත් තිබුනානම් අපේ රට ගොඩක් ඉස්සරහට ගිහිල්ල. අපේ කරුමයට ඔවුන්ට නැත්තෙත් එයමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 1 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 17 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 199 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1520 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 181 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 568 4

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site