(නිමල කොඩිතුවක්කු)
ධීවර කටයුතුවලදී අනතුරට පත්වන ධීවර යාත‍්‍රාව වෙනුවට නව යාත‍්‍රාවක් මිලදී ගැනීමට වැය වන මුදලින් 50% ක මුදලක් සහනාධාරයක් ලෙස ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.
අඩි 55 ක ධීවර යාත‍්‍රාවක් මිලදී ගැනීම සඳහා ලබාදෙන 50% සහනාධාරයට අමතරව මෙම සහනාධාරය ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ධීවර පවුල් වෙනුවෙන් සහන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී අද (22) පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය.
ධීවර පවුල් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවත් සඳහන් කළ ඒ මහතා ඉදිරියේදී ධීවරයන්ට සහන සැලසීමට විධිමත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවද එහිදී පැවැසීය.
මෙම වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නව ධීවර යාත‍්‍රා මිලදී ගැනීමේදී රජයෙන් සහනයක්