IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දෙමළ සන්ධානයට මෝදිගෙන් පොරොන්දුවක්

(එෆ්.අස්ලම්)

උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙමළ ජාතික සන්ධාන පිරිවර හමුවේ අද (9) පොරොන්දු වී තිබේ.

මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරු 2.00ට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින් හමුවිය.

ඉන්දීය තානාපතිවරයාගේ නිල නිවසේ මිනිත්තු 8 ක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ධර්මලිංගම් සිද්ධාර්ථන්,එම්.ඒ.සුමන්තිරන්,සෙල්වම් අඩෙයිකලනාදන්,මාවෙයි සේනාධිරාජා යන මහත්වරු ද සහභාගී වූහ.

ජනවාර්ගික අර්බුදයට ස්ථිර විසදුම් ගෙන ඒමේ අරමුණින් 1987 ඉන්දු ලංකා ගිවිසුමට අනුකූලව පුළුල් බලතල විමධ්‍යගත කිරීමක් සිදුකර නැති බවත් ඉන්දීය රජයේ මැදිහත්වීම මත නොබෙදුණු එක්සත් ලංකාවක් තුළ වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල දේශපාලන විසඳුමක් ජාතික ගැටළුවට ස්ථීර විසදුමක් වශයෙන් ලබාදිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබිණි.

තමන් ඒ බව දන්නා බවත් දේශපාලන විසඳුම් ගෙන ඒම වෙනුවෙන් තමන් දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගන්නා බවත් මෝදි මහතා දෙමළ ජාතික සන්ධානයට මෙහිදී පොරොන්දු වී තිබේ.

එමෙන්ම පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් නවීකරණය කර ඉන්දියාව හා පලාලි අතර ගුවන් සේවයක් අරඹන ලෙසට දෙමළ ජාතික සන්ධානය කරන ලද ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කරන බවද මෝදි මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මීට අමතරව උතුරේ ජාතික ගැටළුව ඇතුළු දෙමළ ජනතාවගේ ගැටළු හා ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් නව දිල්ලියේ දී  හමුවී සාකච්ඡා කළයුතු බවට දෙමළ ජාතික සන්ධානය මෙහිදී ඉන්දීය අගමැතිවරයා හමුවේ අවධාරණය කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ එම ඉල්ලීම පිළිගනිමින් ඒ සඳහා කඩිනමින් අවස්ථාවක් සලසා දෙන බවට ඉන්දීය අගමැතිවරයා මෙහිදී  පොරොන්දු වී තිබේ.



අදහස් (35)

දෙමළ සන්ධානයට මෝදිගෙන් පොරොන්දුවක්

ශ්‍රී Sunday, 09 June 2019 11:11 AM

මේ රටේ එහෙම ජනවාර්ගික ගැටලුවක් නෑ. තිබුණත් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලබාදෙන්න ඔහේ කවුද? බලයෙන් උමතු වෙලා අදාල නොවන ප්‍රශ්නෙකට අතදාලා නිකන් නැහෙන්න එපා...

:       5343       5086

RohanSunday, 09 June 2019 11:53 AM

ඔයගොල්ලන්ට බලය කියන සංකල්පය තේරෙන්නේ නැහැ. ඉන්දියාව ඇවිල්ලා මේ කලාපයේ බලවතා. ඔවුන්ට පුළුවන් ඕවා කරන්න...

:       1102       610

සේනක Sunday, 09 June 2019 03:18 PM

එතකොට මෙයා විතරද මේ කලාපයේ බලවතෙකුට ඉන්නෙ. ඔය කියන විදිහට කරන්න ගියොත් කලාපයේ අනිත් බලවත්තුත් කියයි අපි කියන එකත් කරන්න කියලා. එහෙනම් අපේ රටට පාලකයෝ අවශ්‍යය නැහැ. පිට අයට කර ගන්න කියලා අපි බලාගෙන ඉදිමු නේද?

:       102       406

ධනුෂ්කSunday, 09 June 2019 02:05 PM

කවුරු පිළිගත්තත්, නැතත් අැත්ත දේ තමා. ලංකාවේ කටයුතුවලට ඉන්දියාව විශාල බලපෑමක් කරනවා. එ් නිසා තමා වැඩකට නැති. වියදම් අධික මේ රටේ ජනතාවත් පාලකයනුත් අකමැති වූ පළාත් සභා බලෙන් මෙරට ස්ථාපිත කලේ. එ් වගේම ලංකාවට අවාසි ඉන්දියාවට වාසි වෙළඳ ගිවිසුම් අත්සන් කලේ. අපේ පාලකයන් සිංහයෝ වගේ කෑ ගැහුවට ඔවුන් අැත්තටම සිංහයන් නෙමේ සිඟාලයෝ. හොඳම දේ තමා මේ රටේ ගැටළු වලට පිටරැටියන්ට මැදිහත් නොවන තැනට රටේ ජනතාව බුද්දිමත්ව කටයුතු කිරීම. මේ තමා පාලකයන් බලය උදෙසා ජාතිවාදය යොදා ගැනීමේ ඵල විපාක. නිදහසෙන් පසු අැති වූ සුළු සිදුවීම් සරලව විසඳා නොගෙන පාලකයෝ තම බලවාදී අභිමාර්ථ වෙනුවෙන් ජනතාවගේ අාවේගයන් උද්දීපනය කිරීමේ ඵලවිපාක තමා මේ. එක් සැනසීමක් පමණක් තියනවා. එ් තමා ඉන්දියාව අපේ කැමැත්තෙන් වුවත් කෙදිනකවත් මේ රටේ තවත් ස්වාධීන රටක් බිහිවීමට අකමැති වීම. එ්ත් එ් අපට අාදරේට නොවේ...

:       39       428

ShehanMonday, 10 June 2019 03:02 AM

ශ්‍රී, කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ කතාවක්නේ කියන්නේ. දන්නැතුව අදහස් දක්වන්න එපා.

:       13       147

Karu Sunday, 09 June 2019 11:39 AM

එයා ලංකාවෙත් රාජ්‍ය නායකයාද?

:       57       573

sam Sunday, 09 June 2019 11:55 AM

ලංකාව ස්වාධීන රටක්... අපේ ප්‍රශ්නවලට කාගෙවත් මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. එහෙමනම් ඉන්දියාවේ තියෙන කාෂ්මීර ප්‍රශ්නෙට අපිත් මැදිහත් වෙන්න වෙනවා. සම්බන්ධන් ඇතුළු ඔය ජාතිවාදීන් ටැමිල් නඩුවට අරගෙන යනවානම් අපේ රටට කරන ලොකු උදව්වක්..

:       228       1126

Sisil Sunday, 09 June 2019 12:04 PM

විද්දේ හාවට වැදුනේ පඳුරට!

:       0       9

nisar Sunday, 09 June 2019 12:33 PM

අර ජාතිමාමක උදවිය රට, ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැද්ද?

:       321       143

වීරවිජේMonday, 10 June 2019 06:02 AM

ඔය කටින්ම එලිවුනේ.. ඒකනේ කියන්නේ... ඔය ජාතිය කවද්ද ජාතිමාමක... ‌කිව්වට ‌බ‌ොහොම ස්තූතියි..

:       0       1

nisarMonday, 10 June 2019 01:54 PM

ඇඳිරි නීතිය දාලා ගම් පිටින් දිගට හරහට ගිනිතියලා කපලා කෙටුවම ජාතිමාමක හැගීම් අහසෙන් තමයි එන්න ඕනෑ..

:       0       0

වීරවිජෙTuesday, 11 June 2019 02:02 AM

nisar කවුද එතකොට කඩු තියං හිටියෙ... ආ නෑ මුස්ලිම් විද්වත්තු කිවේ ඒව තණකොළ කපන්න ගෙනාපුව කියලනෙ...

:       0       0

Dayan Sunday, 09 June 2019 12:35 PM

මේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. රටේ කාටත් සමානව හා සමාන බලය සහිතව ජීවත්වීමේ නිදහස තිබිය යුතුයි. අලුත් ව්‍යවස්ථාවක් ගේන්ට මූලික කටයුතු කරලා මග ඇරියා මේ ආණ්ඩුව...

:       411       306

shan Sunday, 09 June 2019 12:58 PM

මේ රටේ එහෙම ජනවාර්ගික ගැටලුවක් නෑ. තිබුණත් ඒ දේශපාලන බලය ලබාගෙන රජවීමේ උමතුවක් මිස සිවිල් ජනතාවට බලපාන කිසිම ගැටළුවක් නෙවේ. අනෙක මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න... මෝඩි කවුද? එයා අපේ රටේ බාරකරයාවත්, අයිතිකාරයාවත් නෙවේ. මෝදිට නෙවේ.. ට්‍රම්ප්ට කීවත් මේ යන විදිහ වෙනස් කරන්න බැහැ. උන්නු විදිහට රටේ සාමයෙන් හා සමගියෙන් ඉන්නවා මිස වෙන කිසිම දෙයක් වෙන්නෙත් නැහැ. අපේ රටේ පාලනයට එන කිසිම පාලකයෙකුට ඔවුන්ට ඕනේ විදිහට නටන්න දෙන්නෙත් නැහැ. ඒක මෝදිත්, දෙමළ සංධානෙත් අපේ රටේ ඉන්න හා එන්න බලාඉන්න නායකයිනුත් හොඳින් මතක තබා ගත යුතුයි. මේක සිංහල රට... ඉන්න හැමෝටම සමාදානව තමන්ගේ ආගමක් අදහන්න පුළුවන්...

:       118       775

සෙනෙවි Sunday, 09 June 2019 01:02 PM

තමන්ගේ රටේ ජනවාර්ගික ප්‍රශ්ණ විසඳගන්න බැරි හාදයා අනුන්ගේ රටවල ප්‍රශ්න විසඳන්නේ කොහොමද?

:       71       805

chamath Sunday, 09 June 2019 01:10 PM

අනේ ඔබතුමා ඔය කට්ටියම අරන් යන්නකෝ... මොකද එයාලගේ රට ලංකාව නෙමෙයි, තමිල්නාඩුවේ...

:       108       565

Nishantha Sunday, 09 June 2019 01:18 PM

අපිත් දෙනවා කාෂ්මීරයට හොඳ විසඳුමක්.. තමන්ගේ අතේ තියන පොල් පරාලය පේන්නේ නැහැ. අනුන්ගේ අතේ තියන පොල්කෙන්ද පේනවා. එයා හිතාගෙන ඇති ලංකාව ඒ ගොල්ලන්ගේ අන්තිම ප්‍රාන්තය කියලා...

:       2       330

lanka Sunday, 09 June 2019 01:59 PM

ආයෙත් නොමිලේ පුහුණු වීම් දෙන්ටද දන්නේ නැහැ පොරොන්දු වුනේ.

:       0       239

dayan Sunday, 09 June 2019 02:17 PM

ඉන්දියාව අපෙන් ණය සහ ආධාර ගන්නේ නෑනේ. ඒක නිසා අපිට කාශ්මීර ප්‍රශ්නයට මැදිහත් වෙන්න දෙන්නේ නෑ. හිඟන්නන්ට මොන බලයක්ද සෑම් මහත්තයෝ...?

:       3       137

Lakmal Sunday, 09 June 2019 02:27 PM

ජනාධිපති, අගමැති හමුවුණා, ගහක් හිටෙව්වා, දිව්‍ය භෝජන තිබ්බා. කොච්චිකඩේ පල්ලියට ගියා ඒත්... හයිලයිට් කරන්නේ සම්බන්ධන්ට දුන්නු පොරොන්දුව.. අපි කොච්චර පව් කරලා ඇතිද?

:       1       311

ස්නේහා Sunday, 09 June 2019 03:32 PM

දැන් ‌මොකක්ද දන්නෑ ඔය ජනවාර්ගිය අර්බුදය. ඔච්චරටම ආද‌‌රෙයි නම් උතුරු නැගෙනහිර ඉන්දියාවෙ ‌කොලනියක් ‌කරලා ලියලා ‌දෙන්න‌ෙ තියෙන්නෙ.

:       0       34

Rasika Sunday, 09 June 2019 06:29 PM

ඉන්දියාව බලවත් වෙන්න පුළුවන් ඒ වගේම ඉන්දියාව ඉතාම දුර්වල රාජ්‍යයක්. ඉන්දියාවේ හැම පළාතකම දරුණු ප්‍රශ්න තියෙනවා. ඉන්දියාවෙන් පිටත් ඉන්දියාවට බලපාන නොයෙක් ප්‍රශ්න තියෙනවා. ඉන්දියාවේ පකිස්තානෙත් එක්ක ප්‍රශ්න, ඉන්දීය චිනේත් එක්ක ප්‍රශ්න, ඇසෑම් ප්‍රාන්තේ ගැටුම්, නගලන්තේ වෙනම ගරිල්ලා සටන්, මාවෝ වාදීන් වෙනම කොටසක් ඉන්දියාවෙන් ඉල්ලලා සටන් කරනවා. කාශ්මීරේ මුස්ලිම් අන්තවාදී ගැටුම්.. ඉන්දියාවට ඕනේ තරම් ප්‍රශ්න තියෙනවා විසදගන්න. ඒ අතරේ එයාලට ලංකාවත් එක්කත් ප්‍රශ්න හදාගන්න ඕනේ නැහැ. මෙතන ඔය කියන තරම් ඉන්දියාව බලවත් හෝ ඔවුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ.

:       0       564

sunil perera Sunday, 09 June 2019 09:11 PM

නෑ අපි පලාලි ගුවන් තොට පාවිච්චි කරන්නේ රට තුල සිදුකරන අභ්‍යන්තර ගුවන් තොටක් ලෙසට මිස මෝදීගේ උවමනාවට හෝ වෙනත් ජන කොටසකගේ ඉල්ලීමකට නොවෙයි. ඒ තීරන ගන්නේ රජයේ ආරක්ෂාව පිළිබද කරුණු සැලකිලිමත් ලෙස සලකා බලා. මත්තල හදලා දුවන්න බැරිව විකුණන කතා මැද්දේ පලාලි හදල ඉන්දියාවට විකුණන එක ගැන අහන්න දෙයක් නැහැ. ආගමන විගමන කටයුතු එක තැනකින් නොකොළොත් කොරේ පිටට මරේ ....

:       0       39

de silva berlin Sunday, 09 June 2019 10:50 PM

ගිවිසුමක් ආරක්ෂා කරන්න ගිවිසුම අත්සන් කරපු පාර්ශව කිහිපයම බැදී සිටිනවා ,ගිවිසුම අත්සන් කරලා කෙටි කලකින් කොටි සංවිධානය විසින් මුලින්ම ලංකාවේ සාමාන්‍ය මනුෂ්‍යයන් ඝාතනය කලා , ඉන්පසුව ඉන්දියන් සම සාධක හමුදාවට පහරදී භටයන් ගාතනය කලා ඉන් පසුව ගිවිසුමේ පාර්ශව කරුවෙකු ලෙස ක්‍රියා කළ රජිව් ඝාන්දී මර දැම්ම , කොටි සංවිධානය මේ විදිහට එම ගිවිසුම කඩ කරලා තිබෙන්නේ දශක තුනකට පමණ පෙර , එම නිසා ඉන්දුලංකා ගිවිසුමක් ගැනත් බලය බෙදීමක් ගැනත් දැන් කතාකිරීම විහිළුවකි , ලංකාවට පළාත්සභා වැනි ආයතන වලින් වැඩක් නැත නමුත් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම වියවස්තාවට අනුව සෑම පුර වැසියෙකුට එක හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතුය සුළු ජාතිකයන් නිසා ඔවුන්ට යම්කිසි අයිතිවාසිකමක් අඩු වෙන් හෝ වැඩියෙන් ලැබිය යුතු නැත , නිතිය හැමට එකහා සමාන විය යුතුය , මුස්ලිම් මනුෂ්‍යාට වෙන නීතියකුත් , උතුරේ දෙමල මනුෂ්‍යය්ට වෙන නීතියකුත් , සිංහලයට තව නීතියකුත් තිබෙන තුරු මේ රට අවුල් වියවුල් වලින් පිරි පවතිනු ඇත . දෙමල මුස්ලිම් මිනිස්සු කොළඹ වියාපාර කරනවා , ආගම නිදහසේ අදහනවා නම් , නිවාස සාදාගෙන පදිංචි වෙලා ඉන්නවා නම් , සිංහල අපිටද එම කටයුතු උතුරු නැගෙන හිර කිරීමට නිදහස තිබිය යුතුය ,

:       0       28

maraya Monday, 10 June 2019 02:07 AM

සිංහල සංවිධාන එකක්වත් යනවද හම්බවෙන්න?

:       0       0

Nuwan Monday, 10 June 2019 02:32 AM

උතුරු නැගෙනහිර දෙකම මෙයාලට කතා කරන්න බෑ. උතුරේ ප්‍රශ්නය දෙමළ සංධානය එක්ක. නැගෙනහිර ප්‍රශ්නය මුස්ලිම් දේශපාලකයන් එක්ක නේද?

:       0       0

තිලකනායක Monday, 10 June 2019 03:45 AM

හැබැයි මතක තියාගන්න. කව්රු දේශප්‍රේමය කටේ ගාගෙන ආවත් මේවා සිදු වෙනවා. බලයට ආවාට පස්සේ මේවා වෙනස් කරන්න යන්නෙත් නෑ. ඡන්දය දුන්නු මිනිස්සු මෝඩයෝ වෙනවා. මේකයි ඇත්ත.

:       1       1

shan Monday, 10 June 2019 04:44 AM

මොකක්ද දන්නේ නැහැ දුන්න පොරොන්දුව දකුණු ඉන්දියාව දමිල රාජ්‍යක් කරලා ලංකාවේ දමිල ජනතාවත් එහෙට ගෙන්න ගන්නවා කීවද නැතුව වෙන මොකක් කරන්නද මෝදී ලංකාවේ

:       0       2

shan Monday, 10 June 2019 04:47 AM

මොකක්ද දන්නේ නැහැ දුන්න පොරොන්දුව දකුණු ඉන්දියාව දමිල රාජ්‍යක් කරලා ලංකාවේ දමිල ජනතාවත් එහෙට ගෙන්න ගන්නවා කීවද නැතුව වෙන අහවල් මගුලක් කරන්නද මෝඩි ලංකාවේ

:       0       0

Shamila De Mel Monday, 10 June 2019 05:42 AM

මෙතන කට්ටිය චන්ඩි වගේ කතා කලට , අපි ඉන්දියාව එක්ක බැලුවම නොන්ඩි !

:       43       80

Roshan Monday, 10 June 2019 05:56 AM

කොලබ හැමෝම ඉන්නවා වගේ, යාපනෙත් මුස්ලිම් ජනතාව පදින්චි කරන්න ඔනේ. එතකොට ඔය ප්‍රශ්නෙ විසදෙනවා.

:       0       22

Suranga perera Monday, 10 June 2019 06:17 AM

අපිට ජනාධිපති කියලා කෙනෙක් ඉන්නවාද? එයාව දැන් එක එක ජාතීයේ උන් ඇවිල්ලා පාවිච්චි කරලා යනවා..

:       0       15

Nana Monday, 10 June 2019 07:48 AM

ඔව්... අපිට නම් නැහැ. දෙමළ ජනතාවට යම් ප්‍රශ්න තිබේ. අපිට ඒවා තේරුම් ගැනීමට නොහැක. ගණන් ගන්නෙත් නැත. එතකොට අනිත් රටවල්වලට අපිට අතදාන්න පුළුවන් වෙනවා. අපේ ප්‍රශ්න අපිම විසඳන්නේ නැති නිසා...

:       0       81

sampath Tuesday, 11 June 2019 09:49 AM

තමාගේ රටේ ජනතාවට වැසිකිලි යන්න පහසුකම් නැතිව අප‍ ඒ රටේ ජනවාර්ගික ප්‍රශ්න විසඳන්න හදනවට තමයි කියන්නේ ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියලා... ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විකෘති සංශෝධන ඉවත් කරලා 78 මුල් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළා නම් හරි... ඕනෙනම් 72 ජනරජ ව්‍යවස්ථාවෙන් කොටස් එකතු කළාට කමක් නැහැ.

:       0       2

thilakasiri Wednesday, 12 June 2019 06:35 AM

ධනුෂ්ක, පළාත්සභා ඉන්දියාවේ බලපෑමක් නොවේ. ජේ.ආර් 1977 බලයට එන්නෙම ආහාර හිගය නිසා හැමට ධාන්‍ය රාතල් අටක් දෙන බව හා උතුරු නැගෙනහිර ඊලාම් යුද්ධයට විසදුමක් ලෙස පළාත්සභා පිටුවා මුළු රටේම බලය විමධ්‍යගත කරන බව මැතිවරණ ප්‍රකාශනහි මුල්ම ප්‍රකාශ ලෙස සදහන් කරමිනි. මේ ප්‍රකාශය කර අමිර්තලිංගම් ඉන්දියාව රැජින ඇතුළු ලෝක බලවතුන් ග්‍රහණය කරගෙන 1975 ඇරඹු ඊලාම් යුද්ධය 1977 දී බලයට ආ දවසෙම නවතා ලෝක ධනවතුන්ගේ ආයෝජන තුලින් විවිධ දේ හා ඇගලුම් විවිධ ජාත්‍යන්තර ව්‍යාපාර තරු-හොටෙල් හා නවීන පහසුකම් සහිත රෝහල් ඇතුළු ලෝකෙ හැම තරාතිරමක අයෙකුට අවශ්‍ය පහසුකම් හා ආනයන අපනයන ප්‍රවාහාන හා රැකියා ඇතිකළ කල වීවෘත ආර්ථිකය ඇතිකර, පැවති රජය රූකඩයක් කරගන ඊලාම් යුද්ධය හා ආහාර ඇතුළු සියලු භාණ්ඩ හිගයක් ඇතිකල දෙමල හා මුස්ලිම් ආර්ථික එකාධිකාරයෙන් මිදී ඊලාම් යුද්ධයෙන් මිදෙන්ට අවශ්‍යව තිබු විධායක ව්‍යවස්ථාදායක හා අධිකරණමය මෙන්ම ජාත්‍යන්තරව ගතයුතු තීන්දු තීරණ ගෙන ක්‍රියාවට නගත්දී අන්තවාදීන් කල 1983 කලුජුලිය නැවත ඇතිකල ඊලාම් යුද්ධය නිසා ඇතිවූ ඉන්දීය බලපෑම ඉදියාවටම වියදම්යන යුද්ධයක් කරත්දී ලගම හිටි බල ලෝභීන් ජේ.ආර්. අක්‍රීයකළහ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 427 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 829 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 888 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 145 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2472 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි
2024 අප්‍රේල් මස 22 2639 0

මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ ච


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site