(චමිල් රූපසිංහ)
වාර්ෂික ඇසළ මංගල්‍යය පැවැත්වෙන දිනයන් හි දී පවතින ආරක්ෂක තත්ත්වය මත කිසිඳු අයෙක් මහමළුව තුළ රඳවා නොගන්නා බවත් පෙරහර නැරඹීම සඳහා මෙවර දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුව වෙන් නොකරන බවත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
පෙරහැර සංවිධාන කටයුතු පිළිබඳව අද (18) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ බහු කාර්යය ගොඩනැගිල්ලේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව පැවැසීය.
අගෝස්තු මස 2 වන දින අලුයම 5.10 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම සිදු කිරීමෙන් මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වන බවත් එතැන් සිට අභ්‍යන්තර පෙරහර පහක් සිව්මහා දේවාලයන්හි සිදුවන බවත් අගෝස්තු මස පස්වන දින සිට එම මස නවවන දින දක්වා පුරා දින පහක් කුඹල් පෙරහර වීදි සංචාරය කරන බවත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.
අගෝස්තු මස 10 දින සිට 14 වන දින දක්වා රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීම සිදුවන අතර අගෝස්තු මස 15 වැනි දින අලුයම යෙදෙන සුබ මොහොතින් දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමෙන් අනතුරුව දහවල් පෙරහර පවත්වා පෙරහැර සාර්ථකව නිමාවට පත්වූ බව සඳහන් සංදේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බවද ඒ මහතා කීය.
පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා පැමිණෙන සියලුම සැදැහැවතුන් පරීක්ෂාවට ලක්වන බවත් එහිදී ජනතාවගේ සහයෝගය අවශ්‍ය වන්නේ ඒ සියල්ල සමස්ත ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීමට දායක වන නිසා යැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දළදා පෙරහර නැරඹීමට පැමිණෙන සියලු බැතිමතුන් විශේෂ පරීක්ෂාවකට