IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ත‍්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කරන්න විද්වත් කමිටුවක්

(නිමල කොඩිතුවක්කු)

ථෙරවාදී පාලි ත‍්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් එම කමිටුව පත් කර ඇත.

මහාචාර්ය මැදගම්පිටිය විජිත නන්ද ස්වාමින් වහන්සේ, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජී. විජිත නන්ද කුමාර්, ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් පේ‍්‍රමලාල් රත්නවීර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල, මහාචාර්ය කේ.ඞී. පරණවිතාන, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය පී.බී. නන්දදේව, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුථ විද්වත් පිරිසකගෙන් එම කමිටුව සමන්විත වේ.



අදහස් (19)

ත‍්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කරන්න විද්වත් කමිටුවක්

sirimal Wednesday, 20 March 2019 03:31 PM

"අතකින් ත්‍රිපිටකය අතකින් පෝරකය" කියනවා ඇහුනා.

:       281       119

ravi Wednesday, 20 March 2019 03:57 PM

ත්‍රිපිටකය කියන්නේ අපේ ආගම.. පෝරකය කියන්නේ නීතිය.. තේරුණා නේද? සිරිමල්...

:       22       251

sirimalWednesday, 20 March 2019 06:18 PM

මේගැන අන්තර්ජාලයේ මෙසේ තිබෙනු දුටුවෙමි." ත්‍රිපිටකය එහෙම පිටින් උල්ලංඝනය කරන්නවුන් සිටියදී කරන කිසිවකින් ශාසනයට වැඩක් වෙන්නේ නැත. මේ පිරිස් අතරේ පංසලට දානය ගෙනා උපාසක අම්මලා දූෂණය කිරීම, දහම් පාසල් දරුවන්ට ලිංගික අතවර කිරීම, උසාවියෙන් දඩ නියම වූවන් බේරාගැනීමට සල්ලිපාතේ යාම, උසාවිය අපහාස කිරීම, පොලිස් නිලධාරීන් මරා දැමීම,නිදන් හෑරීම, මත්ද්‍රව්‍ය පරිහරණය, අඹුවන් සේවනය,පංසල් කුලියට දීම,හින්දු පූජකයන් මෙන් යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් අණ වින වශී ගුරුකම් කිරීම, ටියුෂන් පන්ති පවත්වාගෙන යාම,ගිහියන්ට වෙන් වූ රැකියාවන්හි නිරත වීම, දේශපාලකයන්ගේ අන්තේවාසිකයන්වීම ඇතුළු තවත් දුශ්සීලකම් කරන්නවුන් බොහෝය. සිදුහත් කුමරුන් බුද්ධත්වයට පත්වූයේ එය උන්වහන්සේගේ එකම චේතනාව වූ නිසාය. මහත්මා ගාන්ධි, නෙල්සන් මැණ්ඩෙලා වැනි ජනනායකයන් මෙන්ම අපේ රටේ සිටි මහා පරාක්‍රමබාහු, දුටුගැමුණු වැනි නරපතියන්ද වර්තමාන ජාතික දියුණුවේ සියළු නිර්මාතෘ වරුන්ද සාර්ථක පුද්ගලයන් වූයේ ඔවුන්ගේ චේතනාවන් නිසාය. එසේ නොමැතිව ඔවුන් නිකම්ම නිකම් කයිවාරු ගසුවානම් නම් අද අපට කථාකරන්නට තරම් යමක් ඉතුරු නොවනු ඇත."

:       374       1207

raviThursday, 21 March 2019 07:40 AM

අද ලංකාවේ ජීවත්වෙන චීවරධාරීන් සහ බෞද්ධ ආගම සමග මේ චීවරධාරීන්ගේ ඇති සම්බන්දයකුත් නැහැ .. අද හැම චීවරධාරියෙක්ම බෞද්ධ දර්ශනය එයාලට ඕනේ ..ඕනේ විදිහට හදාගෙනයි තියෙන්නේ .. එයාලට චීවරය කියන්නේ අනුන්ගෙන් කන්න බොන්න අඳින්න හදාගත්ත ජීවත්වීමේ මාර්ගයක් .. සිරිමල් .. ඔයා මෙතන ලියල තියන හැම දෙයක්ම අපේ පන්සලේ සිද්දවුනා .. අපි ඒවා දැකල මේ චීවරදාරීන් ගැන කලකිරිලා .. ඒ පැත්ත පළාතේ වත් නොගිහින් ඉන්න තීරණය කෙරුව .

:       0       39

KapWednesday, 20 March 2019 06:54 PM

බුදු හාමුදුරුවො දරුනු අපරාධකාරයොන් හට ආගම දේශනා කරලා හරි මගට ගත්තා මිසක් මරන්න කිව්වෙ නැ නේද?

:       15       4

කැකිරාThursday, 21 March 2019 06:19 AM

බුද්ධාගම විශ්ව උරුමයක්

:       0       2

.පහන් Thursday, 21 March 2019 07:09 AM

බුදුහාමුදුරුවෝ කිසිම දිනක රාජ්‍ය පාලනයට අතපොවන්න ගියේ නැහැ .විපාකය පෙන්නලා දුන්න විතරයි. උන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් උල තැබිම, හිසගසා දැමීම වගේ දඩුවම් තිබුණ.....

:       0       28

chandima Wednesday, 20 March 2019 05:45 PM

ඔය විදියට යනකොට තව කාලෙකින් අපට ත්‍රිපිටකයේ කොටසක් උපුටා ගන්නත් වුනොත් එකේ අයිතිය වෙනුවෙන් පිටරටකට ගානක් ගෙවන්න වෙයි. ඔය තියෙන විදියටම ත්‍රිපිටකය තිබුනොත් හොඳයි කියලයි මගේ හිතේ. බලන්න ඕන කෙනෙකුට, කියවන්න ඕන කෙනෙකුට, මෙහෙ ඇවිත් කියවල යන්න කියන්න. පහුවෙලා ධර්ම සංගායනාවක් තියල ත්‍රිපිටකයට කිසිම සංශෝධනයක් ගෙනෙන්නවත් බැරුව යනවා ඔය වැඩෙන්.

:       20       0

Aris Wednesday, 20 March 2019 07:46 PM

ඊට පස්සේ හාමුදුරුවරුන්ගේ විනය පිළිබද සොයා බලන්න යුනෙස්කෝවට බලය ලැබෙනවා. විදෙස් රටවල වාසය කරන ස්වාමින්වහන්සේලා සංඝ විනය අකුරටම පිළිපැදිය යුතුයි. ලංකාව තුලත් එහෙමයි. නැත්නම් විනය කඩකරන හාමුදුරු කෙනෙක් අහුවුණාම ඔවුන් ලේසියෙන් අත අරින්නේ නැහැ. දැක්කනේද සිංහරාජ අලි ඉවත් කරන්න ගිහින්, ගාලු කොටුවේ ගොඩනැගිලි ගහන්න ගිහින් වුනුදේ.

:       24       1

sisira Wednesday, 20 March 2019 10:29 PM

ඔය ත්‍රිපිටකය ලෝක උරුමයක් කරලා මහා ලොකු තැනක් ගන්න දඟලනවාට වඩා එය හැමෝටම පරිශීලනය කරන්න හැකිවන අන්දමේ වැඩ පිළිවෙලක් යොදන එකයි කරන්න තියෙන හොඳම ප්‍රඥාගෝචර වැඩේ. ඔය කියන පන්සල් ඔය ත්‍රිපිටකයේ රතු පොත් 57 කිසිවෙකුටත් ගත නොහැකි සේ පොත් රාක්ක තුල දොරගුළු දමා තිබෙන හැටි බොහෝ පන්සල්වලට ගිය විට දැකගත හැක. ඒ තථාගතයන් වහන්සේ වදාළ උතුම් ධර්මය අඩංගු ත්‍රිපිටකය ලෝක උරුමයක් කරමින් සෝබන වැඩ නොකර එහි තව තවත් පිටපත් මුද්‍රණයකර මහා ජනතාව අතර බෙදා හැරීමයි කල යුත්තේ.

:       0       38

rocky Thursday, 21 March 2019 01:48 AM

ත්‍රිපිටකයේ තිබෙන පරස්පර විරෝධතා සහ බුදු සමයට නොගැලපෙන තැන් රාශියක් අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් පෙන්වා දී තිබෙනවා. එතුමාගේ "පාලි සාහිත්‍යය " සහ අටුවා පරීක්ෂණ" යන පොත් බලන්න. චන්ද පරිත්ත, සුරිය පරිත්ත යන සුත්‍ර අද්භූතයි. ඒවා සියමේ සංඝනායක තුමාගේ මැදිහත්වීමෙන් සියම් ත්‍රිපිටකයෙන් ඉවත් කල බවත් කියා තිබෙනවා. සමහර සුත්‍රවල කියවෙන්නේ "සත් බුදුවරයන්" ගැන පමණයි. "සුවිසි" බුදුන් ගැන තවත් සුත්‍රයක තිබෙනවා. එක සුත්‍රයක "චත්තාලිස සමා දන්තා - කේසා ලොමාච සබ්බ සෝ/ දේවෝ හරින්සු එකෙකන් - චක්කවාල පරම්පරා" කියා තිබෙනවා. එහෙම නම් දන්ත දාතුන් වහන්සේලා මේ ලෝකේ තියෙන්න බැහැනේ! ත්‍රිපිටකය ගැන දැනුමක් නැති අපේ බෞද්ධයන් එයට ධාතු කරඬුවකට මෙන් වන්දනා මාන කලාට බටහිර විද්වතුන් එය කියවනවා. ඒ ගැන අදහස් ප්‍රකාස කරනවා! ත්‍රිපිටකය කියන්නේ මොකද්ද කියලා තරමක් හෝ දන්නා බෞද්ධයින් මේ රටේ කී දෙනෙක් ඉන්නවාද කියන එකත් සැකයි!

:       104       33

ප්‍රසා Thursday, 21 March 2019 02:07 AM

මේ තාක්ෂණික ක්‍රියාවලිය මොකක්ද දන්නෙ නෑ. හැබැයි ජොන්ස්ටන්ගෙ නඩු 4ක් ම අයින් කරගෙන තාක්ෂණික පහසුකම් නෑ කියල.

:       0       31

Cisco Thursday, 21 March 2019 02:52 AM

කාලයක් ත්‍රිපිටකය තිබුනේ අල්මාරිවල අගුලු දාලා. ත්‍රිපිටකය කියවා එහි තිබෙන කරුණු තමන්ගේ ජීවිතයට ඉවහල්කරගෙන මේ සංසාරයෙන් ගොඩයන්න මිසක මේවා ලස්සනට තබා ගන්න හෝ ලෝකයට ප්‍රදර්ශනය කර කර ඉන්න නෙවෙයි.

:       0       23

Manoj Ranawaka Thursday, 21 March 2019 03:05 AM

ත්‍රිපිටකය තියෙන්නේ ජාතික උරුමයක් කරන්නවත්, ලෝක උරුමයක් කරන්නවත්, වදින්නවත් නෙවෙයි. කියවලා බලලා බුද්ධ දේශනාව තේරුම් අරගෙන ඊට අනුව යමින් අරි අට මග වඩමින් නිවන් දකින්න. මේ කරන කිසිවක් බුද්ධ දේශනාව නෙවෙයි. ත්‍රිපිටකය කියවා නැතිකමින් මිත්‍යා මත කරපින්නාගෙන කරන දේවල් .

:       0       22

මංජුල බිරැට් Thursday, 21 March 2019 06:00 AM

ත්‍රිපිටකය ලොක උරුමයක් කරලා වැඩක් නැ ලංකාවේන් බුදුදහම තුරන් වෙන විදියට වැඩ කරලා පසුව කියයි බදු දහම නැති උනාම මොකද අපි ත්‍රිපිටකය ලොක උරුමයක් කරා කියලා දුශ්කර පලාත් වල තියන පන්සල් දියුණු කරල වැඩ සිටින ස්වාමීන් වහන්සෙලාට අඩු පාඩු සකස්කර දිලා මිනිසුන්ව දහමට යොමුකළ යුතුයි. මිනිස්සු අමාරුවෙන් ජිවත් වෙන්නෙ. බදු බර ඔලුවටත් උඩින්. නිකාය වල මහානායක හිමිවරු සමාන්‍ය මිනිහෙක් දකින්නෙ රූපවාහිනියෙන් විතරයි. එහෙම රටකට ඇති එකම අඩුපාඩුව මේක විතරයි. යුනිස්කො එකෙන් ලොක උරුම හැටියට පිලිගන්නෙ මොනවද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද අසරණ මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනිය නරන්න කලින්.

:       1       45

harimaga Thursday, 21 March 2019 06:49 AM

වර්තමානයේ ත්‍රිපිටකය පරිශීලනය කරන ගිහි පැවිදි පිරිස වැඩි වෙලා තියනව. ඒක බොහොම හොඳ දෙයක්. ත්‍රිපිටකය කියවන්න පොත් 57 මුදලට ගන්නම ඕන නෑ. ත්‍රිපිටකය ඔන්ලයින් තියනව. ත්‍රිපිටකය සාහිත්‍ය ග්‍රන්ථයක් සේ හදාරා නොගැලපීම්, පරස්පරයන් හොයන්න නොගිහින්, නිවන් මගට උපකාරයක් කර ගන්නට හැමට හිත් පහල වේවා. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු දේ ත්‍රිපිටක තුල කිසිම අඩුවක් නැතිව තියනවා.

:       0       72

duThursday, 21 March 2019 01:48 PM

100% හරි. අනුන් ගැන සොයනවාට වඩා බඹයක් පමණ වූ තමන් වටා තිබෙන ලෝකය පිලිබඳ සොයා ගැනීම ඉතා වටිනවා.

:       0       0

sisira Thursday, 21 March 2019 08:58 AM

ත්‍රිපිටකය හරි හැටි දකින්නනම් නිරපෙක්ෂත්වයේ මග වෙබ් අඩවියේ තියෙන ධර්ම දේශනාවලට සවන් දෙන්න.

:       0       3

rocky Sunday, 24 March 2019 02:40 AM

වැඩේට කෝටි 57 ක් වියදම් වෙනවා කියලා වෙබ් අඩවියක කියලා තිබුනා. ඒකෙන් කී දෙනෙකුට සෙතක් සලසෙනවද? "බහු ජන හිතාය, බහු ජන සුඛාය .. ලෝකානුකම්පාය"!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1520 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 736 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 620 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 328 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 559 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 512 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site