IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


තෙඹුවන පොලිස් සැරයන්ට ජනපතිගෙන් දස ලක්ෂයක්

තෙඹුවන නගරයේ දී පසුගියදා සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා අද (16) දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
 
ඒ මහතා මුහුණ දී ඇති ආර්ථීක දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා පොලිස් සැරයන්වරයාට   රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.
 
තමන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ නීති විරෝධී වැලි ලොරියක් පොලිස් ස්ථානාධිපතිවරයා මුදා හැරි බව කියමින් පොලිස් සැරයන්වරයා ගිනි අවියක් රැගෙන තෙඹුවන නගරයේදී විරෝධතාවය පළ කළේය.  ඉන් පසු පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කරනු ලැබීය.

ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (30)

තෙඹුවන පොලිස් සැරයන්ට ජනපතිගෙන් දස ලක්ෂයක්

tommy Tuesday, 16 October 2018 03:06 PM

ලක්ෂ 400 වාහන මැති ඇමතිවරු ගනිද්දී, මෙවැනි දෙයක් කිරීම සැබවින්ම මහගු කාර්යයක් යැයි සිතමි.

:       90       27

Sanath Kandy Tuesday, 16 October 2018 03:32 PM

ගිනි අවියක් අතින් අරන් ආවේගශීලිව, විනයක් නැතිව කටයුතු කරන්න බෑ පොලිස් නිලධාරියෙක්ට. මානුෂිකව සීතා බලා දඬුවම් නොකර සිටීම වෙනම දෙයක්. මේක වැරදි පුර්වාදර්ශයක්. ඔහුගේ ක්‍රියාව අගය කිරීම නොකළ යුතු දෙයක්.

:       115       392

Adam Tuesday, 16 October 2018 05:12 PM

හොද වැඩක්

:       167       15

Ajith Gamage Tuesday, 16 October 2018 05:43 PM

ඉතා හොඳ වැඩක්. අපේ උත්තමාචාරය

:       129       31

Abaran Tuesday, 16 October 2018 08:47 PM

ගොඩක් දෙනෙක් මේක යහපත් ක්‍රියාවක් හැටියට දැක්කත් මට නම් කරකවලා අතෑරියා වාගෙයි...නීතිය සහ අවනීතිය එකම තැන ...

:       35       43

somapala Tuesday, 16 October 2018 09:36 PM

සාජන්ට් මහත්තයට අසාධාරණයක් වෙලාද කියන එකට පරීක්ෂණයක් තිබිය යුතුයි. එහෙත් ජනාධිපති තීරණ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීරණවලට සමානයි...

:       1       153

රවින්ද්‍ර Tuesday, 16 October 2018 10:05 PM

මේක සම්පූර්ණ වැරදි පූර්වාදර්ශයක්.. මොනවා හරි වරදක් වුණා නම් මේ පොලිස් නිලධාරියා ඒකට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගය කිසිසේත්ම අනුමත කරන්න බෑ.. ඒක රාජ්‍ය නිවේදිත නිලධාරියෙකු ලෙස විනය කඩ කිරීමක්. ඒ නිසා වැඩ තහනමක සිටින මේ නිලධාරියාව ගෙනැවිත් මිලියනයක් සල්ලි දීම අනෙකුත් විනයානුකූල වැඩ කරන නිලධාරීන්ට දුන්නේ කනේ පාරක්.. දැන් ලක්ෂ 10 ක් ගන්න හැම පොලිස් නිලධාරියාම ටී 56 අරගෙන පාරට බහීවි.. මේ ජනාධිපති කළොත් කරන්නෙ මෝඩ තකතීරු වැඩක්..

:       209       43

අර්ජුන Wednesday, 17 October 2018 11:12 AM

මෙයා වැරදි වැඩක් කළා.නමුත් එයාගේ ලොක්කා ඊටත් වඩා ලොකු වැරැද්දක් කරපු නිසා මෙයට විශාල අසාධාරණයක් සිදුවුණා.....මම මෙයානම් තුවක්කුව තියාගෙන කෑ ගගහා ඉන්නේ නැහැ. අසාධාරණ ලෙස ( පගාව අරන් ) වැලි ලොරිය නිදහස් කල පොලිස් ලොක්කට වෙඩි තියනවා එතනදීම.

:       39       9

අසංක Thursday, 18 October 2018 06:07 AM

අනෙකුත් වින්‍යානුකූල වැඩ කරන නිලධාරීන්ට දුන්නේ කනේ පාරක්..... හැබැටම ? අනෙකුත් වින්‍යානුකූල වැඩ කරන නිලධාරීන්ට දුන් ආදර්ශයක් මේක. පර්මිට් නැති වැලි ලොරි අල්ලපු එක වැරද්දක්ද ?

:       7       0

ප්‍රේමතිලක පෙරමුණ Wednesday, 17 October 2018 12:44 AM

ඉහළ පොලිස් නිලධාරීන් බොහෝ අවස්ථාවලදී යම් යම් අඩුපාඩු සම්බන්ධයෙන් පහල නිලධාරීන්ට ඉවක් බවක් නැතිව බැනවදින අයුරු මා අනන්තවත් දැක ඇත. මේ සැරයන්වරයා ද ඒ තත්වයට පත්වූයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් කල එවැනි ක්‍රියාමාර්ගයක් නිසා බව මේ සැරයන්වරයා අප හා පැවසුවා. ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය එවැනි නොහික්මුුණු ඉහළ නිලධාරීන්ට පාඩමක් ලෙසයි මා දකින්නේ...

:       59       38

lal Wednesday, 17 October 2018 12:52 AM

මෙය නම් ඉතා හොඳ ගුණයහපත් ක්‍රියාවක්, ජනපති තුමනි.

:       21       56

maraya Wednesday, 17 October 2018 01:15 AM

වැරදි ආදර්ශයක්. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ අයවලුන් යම්කිසි නීති පටිපාටියකට යටත්වෙලා වැඩකරන අය. ඉහල නිලධාරීන් දෙන තීන්දුවට, වැරදි හෝ නිවැරදි, ඒවා ක්‍රියාත්මක කරන්න පහල තල වල අය බැඳිලා ඉන්නවා. ප්‍රශ්න කරන්න බැහැ. මේ නිලධාරියා කරේ වැරද්දක්. විරෝධය පෑම ලොකුම වරදක්. අනිත් නිලධාරියා කරපු එකත් ලොකු වැරද්දක්. දෙන්නම දඬුවම් විඳිය යුතයි. නැත්නම් මේක මුළු පොලිසියටයි, හමුදාවලටයි ලොකු පැල්ලමක්.

:       24       34

Janahitha Wednesday, 17 October 2018 01:20 AM

ඔබතුමාට ස්තුති කිරීමට වචන මා ළඟ නැහැ. ඒ විතරක් මදි නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක නොකළ අයට දඩුවම් කර අර පොලිස් නිලධාරියාට උසස්වීමක් ලබාදීම ගැන සලකා බැලුවොත් අගනේය.

:       16       0

Indika Wednesday, 17 October 2018 02:20 AM

නීතිය හරියට කරන කෙනාට යුක්තිය ඉටු වේවා. ජනපතිතුමාට අපගේ ආචාරය. වැරදි කරුවන්ට දඩුවම් කෙරෙන්නත් ඕන.

:       10       2

PA -; RA Wednesday, 17 October 2018 02:41 AM

මෙවන් සාධාරණ ක්‍රියාවකට ජනාධිපති කෙනෙකුගේ අවධානය යොමු වීම පිළිබඳව මා නම් දහස් වතාවක් නොව අනෙක වාරයක් ස්තුති කරනවට වඩා පින් දෙමි.

:       20       2

සුසන්ත Wednesday, 17 October 2018 02:42 AM

ඉතාම ආදර්ශමත් ක්‍රියාවක්. අවංක රජයේ නිලධාරින්ට හොද ගැම්මක්.

:       13       10

පිටිගල මිලානෝ Wednesday, 17 October 2018 02:45 AM

එකී නිලධාරියා සහ පවුල ආර්ථික ප්‍රශ්න වලින් පෙළේ නම් ඊට උදව් කළ යුතුය. නමුත් ඒ ක්‍රමවේදය මෙය නොවේ.

:       0       7

yahoo Wednesday, 17 October 2018 02:53 AM

ඇත්තම කියනවනම් මේ රට හදන්න පොලිස් කොස්තාපල්වරුන්ට පුළුවන්. මෙන්න මේ වගේ කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ රාජකාරිය නීත්‍යනුකුලව ඉෂ්ට කරා නම් පොලිසියේ කොස්තාපල් සාජන්වරුන්ට මේ රට හදන්න පුළුවන්. ප්‍රධාන ප්‍රශ්නේ නීතිය හරියට ක්‍රියාත්මක නොවන එකනේ, මේක ආදර්ශයක් කරගෙන අනිත් පොඩි පොලිස් නිලධාරීන් ඔබගේ රාජකාරිය හරියට ඉෂ්ට කරලා මේ රට බේරගන්න. අභිමානයෙන් තමන්ගේ රාජකාරිය කරන්න. නීතිය ක්‍රියාත්මක කරන්න ඔයගොල්ලන්ට තියන බලතල හොඳටම ඇති. වෙන රාජ්‍ය සේවකයන්ට ඔහොම නැහැ. අපි ඔබ සමගයි. දේශපාලනීකරණය වෙන්න එපා. බය නැතුව රාජකාරිය කරන්න

:       10       4

upali Wednesday, 17 October 2018 03:00 AM

ලංකාව නැවතත් ක්‍රීඩාවෙන් පුබුදුවාලු පාරමී වසන්තිට ගෙයක් හදාගන්න ඔබතුමාගේ අරමුදලෙන් මේගමන්ම උදව්වක් කලොත් හොදයි නේද..???

:       4       2

ramesh Wednesday, 17 October 2018 03:07 AM

අගය කරමි

:       0       0

Sugath Wednesday, 17 October 2018 04:03 AM

මේවා ඉතාමත් ප්‍රශංසනීයයි. නීතිය හරියටම ක්‍රියාත්මක කල ඔබටත් ජනාධිපති තුමාටත් අපේ ආචාරය.

:       1       4

Deepal Nirosh Wednesday, 17 October 2018 04:05 AM

රාජ්‍ය නිලධාරීන්ගේ බලය හා දූෂණය ඉදිරියේ මේ වගේ අසාධාරණයට ලක්වන නිලධාරීන් පිළබඳව සෘජුව සොයා බලා පිලිසරණ වීම රාජ්‍ය නායකයකුගේ උතුම් ගුණාංගයක්. හැබැයි වඩා වැදගත් වන්නෙ මේ වගේ තම බලය අනිසි ලෙස යොදා ගැනීමට ආයතන ප්‍රධානීන්ට ආයතන සංග්‍රහයෙන් ඇති ලබා දී ඇති බලතල සංශෝධනයට ලක් කිරීමයි. මොකද මේ වගේ පීඩාවට ලක්වන අවංක රාජ්‍ය නිලධාරීන් බොහොමයක් රාජ්‍ය සේවය තුළ සිටිනවා. ඒ වගේම මේ අත්තනෝමතික තීරණය ගත් පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව ද නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ කර්තව්‍ය සියල්ල ඉටු වුණොත් යහපාලනයක් වේවි.

:       0       3

OMG Wednesday, 17 October 2018 04:22 AM

සහෝදරයා ඔබට සුභ පැතුම්....

:       0       6

upul Wednesday, 17 October 2018 04:31 AM

හොද වැඩක්

:       0       0

chandana Wednesday, 17 October 2018 05:31 AM

අගය කරමි !!!

:       0       7

මහේෂ් Wednesday, 17 October 2018 05:35 AM

මේවා නම් අගය කලයුතු දේවල්...

:       0       3

Shan Wednesday, 17 October 2018 05:58 AM

මේ දෙන්නේ අපේ සල්ලි.

:       5       2

Nuwan Wednesday, 17 October 2018 05:59 AM

වගකිව යුතු රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඉහත කී සාජන්ට් වරයාගේ විරෝධය පෑමේ ක්‍රමවේදය නීතියට ගරු කරන පුද්ගලයන්ට කිසිසේත්ම අනුමත කළ නොහැකි ය. ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුට තම උසස් නිලධාරීන් අතර ගැටුමක් තිබිය හැක. නමුත් ඒවා විසඳා ගන්නා ක්‍රමවේද ඒ රාජ්‍ය පරිපාලනය තුළම වෙති. ජනාධිපතිට පොලිස්පතිවරයා සමග ප්‍රශ්න තිබෙනවා විය හැකිය. එසේ කියා පොලිස් කොමිසම විසින් වැඩ තහනමකට ලක් කර අධිකරණයේ නඩු පවරා ඇති විනය විරෝධී පොලිස් නිලධාරියෙකු කැඳවා දහසින් බැඳි පියල්ලෙන් පිදීම පිස්සුවකි දැන් ජනාධිපතිගෙන් මිලියන ගණන් ත්‍යාග ලබා ගැනීම සඳහා අනෙකුත් පොලිස් නිලධාරීන්ද තම ගිනි අවියද රැගෙන පාරේ පිස්සු කෙළියහොත් එහි වගකීම ජනාධිපති බාර ගන්නවාද?

:       10       33

SAMITHA KUMARA Wednesday, 24 October 2018 08:26 AM

සුබ පැතුම් !!!

:       6       0

සෙනෙවි Wednesday, 24 October 2018 06:08 PM

ජනාධීපතිතුමාට මෙවන් ආකාරයට මෙයට මැදිහත් නොවි ඉන්නට තිබුණා . සාධාරණ පරික්ෂණයක් සිදු කිරිම මගින් එය කල හැකිව තිබුණා........

:       0       36

ඔබේ අදහස් එවන්න

දියත

කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 10 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 274 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 320 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 458 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1246 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 679 1

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1423 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1348 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site